Sunday, June 30, 2013

Latec TATA LP 1510/52 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Latec TATA LP 1510/52 bus (GK-4147) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මුල් බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ මෙරටදී එකලස් කර ඇත. 2001 වසරේ එවකට කළුතර  බස් සමාගමේ හොරණ ඩිපෝව හා එකතු වී ඇති මෙම බස් රථය, පසුකාලීනව මෙලෙස කුලියාපිටිය ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී බසයේ පැති වීදුරු හා ඉදිරිපස ප්‍රධාන ලාම්පු වෙනස් වී ඇත.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මුල් කාලීනව කළුතර බස් සමාගම මගින් පින්තාරු කල වැකි තවමත් රථය තුල දැකගත හැක.
This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, June 29, 2013

ලංගම බස් අඩවියට ඔබේ දායකත්වය.

ඔබ සතු, ශ්‍රී ලංගමයට අදාළ තොරතුරු හා ඡායාරූප ලංගම බස් අඩවියේ පළ කර ඔබට සියලුදෙනා සමග ඒ තොරතුරු බෙදා ගත හැක.
ඔබ ආදරය කරන ලංගම බස් රථ, ලංගම බස් අඩවියේ පළ කරවාගැනීමට  ඔබ ලබාගත් හෝ ඔබ සතු  ඡායාරූප වල මුල් පිටපත්, දිය සලකුණු (watermark)නොයොදා, sltbbus@hotmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට අප වෙත එවන්න. ඒ සමඟ පහත සඳහන් විස්තරද හැකි අයුරින් ඇතුලත් කරන්න.

  1. ඡායාරූපයේ හිමිකරු (ඔබ ලබාගත්තේ නම් ඔබේ නම සඳහන් කරන්න. මුල් හිමිකරු නොදන්නේ නම් ඒ බව සඳහන් කරන්න.)
  2. ඡායාරූපය ලබාගත් දිනය 
  3. ඡායාරූපය ලබාගත් ස්ථානය 
  4. ඡායාරූපය ලබාගැනීමට භාවිතා කල කැමරාව.
  5. ලබා ගත් බස් රථය අයත් ඩිපෝව
  6. ලබා ගත් බස් රථයේ ලියාපදිංචි අංකය. 
  7. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බස් රථය ධාවනය වූ මාර්ගය.
සැලකිය යුතුය.
  • ඔබ ලබාගත් ඡායාරූප වල ගෞරවය ඔබට ලබා දේ. 
  • ඔබේ නොවන ඡායාරූපයක දී එහි ගෞරවය ඔබට මෙන්ම එහි මුල් ඡායාරූප ශිල්පියාට හෝ උපුටා ගත් මුල් අඩවියට ලබාදේ.
  • ඡායාරූප වලට ඔබේ නම සහිත දිය සලකුණු (watermark) යෙදීම අප විසින්ම සිදු කරනු ලබයි.
  • නිසි අවසරයකින් තොරව වෙනත් අඩවි වල ඇති ඡායාරූප එවීමෙන් වලකින්න.
  • ඔබ එවන ඡායාරූප pixels 1200 x 900 වඩා ප්‍රමාණයෙන් නොඅඩු විය යුතුය.
  • ඔබ එවන ඡායාරූප අඩවියේ පළකල හැකි ගුණාංග වලින් සමන්විත විය යුතුය.
  • ඔබ එවන ලද ඡායාරූප පළ කිරීම/නොකිරීම හා පළ කල  යුතු දිනය තීරණය කිරීම කතෘ වරුන් සතුය.
ඔබට ස්තූතියි!

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Avissawella depot

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Ashok Leyland Viking Turbo bus (NB-5753) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇති බස් රථය උස් ඇන්ද සහිත ආසන 42 කින් යුතුය.

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, June 28, 2013

Ashok Leyland Viking Hinopower bus from SLTB Kantale depot

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot Ashok Leyland Viking HinoPower bus (NA-4979) at Ampara bus stand (right side). Left one also the same model bus (NA-4780) from the Trincomalee depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කන්තලේ ඩිපෝවට අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී (දකුණු පසින්). 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. වම් පසින් ඇති බස් රථයද එම වර්ගයටම අයත් තිකුණාමලය ඩිපෝවට අයත් බස් රථයකි.

Thursday, June 27, 2013

SLTB Breakdown Service - Katubedda depot

This photo was taken on June 06, 2013  in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී0972) at Moratuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මොරටුව නගරයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Wednesday, June 26, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot,  54 seater Ashok Leyland Viking Turbo Inter-cooler bus (PL 136 / NA-8964) at the depot service center. Allocated for the services under the route No. 276 between Polonnaruwa and Nuwara-Eliya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 කින් යුත් බස් රථයක් ඩිපෝවේ සුළු සේවා අංශයේ දී. රථය මාර්ග අංක 276 ඔස්සේ පොලොන්නරුව හා නුවරඑලිය අතර ධාවනයට යොදවා තිබුණි. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝවේ බස් සේදුම් අංගනයේ දී.
This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 25, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, SLCTB bodied Ashok Leyland Viking bus (KD 77 / 23ශ්‍රී9379) in the dept premises. Acquired to the SLCTB fleet in 1979. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ආසන 36 කින් යුතු මෙම රථය 1979 වසරේ ජනවාරි මස ඩිපෝවට ලැබී ඇත.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 24, 2013

Ashok Leyland Viking HinoPower bus from SLTB Maho depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Ashok Leyland Viking HinoPower bus (MHO 63 / NA-5203) on the Malwathuoya bridge, Anuradapura. Plying on the rout No. 57 Anuradapura - Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝ පවර් වර්ගයේ බස් රථයක්  අනුරාධපුර මල්වතු ඔය පාලම මත දී.   ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 57 යටතේ අනුරාධපුර හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Anuradapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.  
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ruby bodied Ashok Leyland Comet Minior bus (GE-3880) at Anuradhapura. Allocated for the Poson poya day special services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් අනුරාධපුර දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ එකලස් කර ඇති අතර රථයේ බඳ රුබී සමාගම මගින් නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පොසොන් පොහොය විශේෂ සේවා යටතේ ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර නගරය බලා ධාවනය වෙමින් තිබුණි.

Friday, June 21, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Avissawella depot

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Ashok Leyland Viking AC luxury bus (NB-5547) in the depot premises. Allocated for the services on the southern expressway from Avissawella to  Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වන  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇති රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල හා ගාල්ල අතර ධාවනයට යෙදවීමට නියමිතය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
At the Avissawella bus stand in June 2013 (Photo by Thilina Subhashana) -- මෙම බස් රථය 2013 ජුනි මස අවිස්සාවේල්ල බස් නැවතුමේ දී ගාල්ල බලා ධාවනය වීමට සූදානමින්. (ඡායාරූපය: තිලින සුභාෂන)
This photos was taken on June 15, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Nokia C3.
Click for the full size picture.

2015 ජනවාරි 07 යාවත්කාලීනය: පසුකාලීනව මෙම බස් රථය ම. බ. ක. ඩිපෝව වෙත සපයා දී ඇත.

Thursday, June 20, 2013

Ashok Leyland Viking Turbo bus from SLTB Kalawana depot

This photo was taken on April 25, 2013 in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ashok Leyland Viking Turbo Intercooler bus (KLW 03 / NB-3328) at the Colombo Central Bus Stand. Allocated for the services under the route No. 120 between Kalawana and Colombo via Horana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයකක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය මාර්ග අංක 120 ඔස්සේ කලවාන හා කොළඹ අතර (හොරණ හරහා) ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Wednesday, June 19, 2013

SLTB breakdown service vehicle - CBS depot

This photo was taken on June 13, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS-Pettah) depot, Leyland Comet  breakdown service vehicle (CBS 02 / 23ශ්‍රී2737) in the depot premises. Recently body repaired by the  Lakdiwa Workshop, Ekala, Ja-ela -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් එම ඩිපෝ පරිශ්‍රයේ දී. මුල් කාලීනව අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්තනයෙන් සැකසා ඇති මෙය පසුකාලීනව මෙලස ඒකල ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර ඇත.

This photo was taken on May 02, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 17, 2013

JAY bodied TATA LP 909/36 buses from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, JAY bodied TATA LP 909/36 bus (61-5784) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ සකසා ඇත්තේ ජායි කොච් (Jay coach enterprises) සමාගම මගිනි. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ යටත් ධාවනයට එකතු වී ඇත.

Rear view of another Jay bodied  TATA LP 909/36 bus (61-5669)  -- බලන්ගොඩ ඩිපෝවට අයත් මෙම වර්ගයේ තවත් බස් රථයක (61-5669) පිටුපස පෙනුම
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Builder's plate of the bus -- නිෂ්පාදක විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, June 16, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot SLCTB bodied Ashok Leyland Viking bus (KTG 88 / 29ශ්‍රී0441) at the Kataragama bus stand. (Photo by: Ishara Koralage) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සකසන ලද අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුම්පොළේ දී. 1979 වසරේ ධාවනයට එක්වී ඇත රථය ඡායාරූප ලබාගත් අවසථාව වන විටත් වසර 37ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. ඡායාරූපය: ඉෂාර කෝරලගේ

Saturday, June 15, 2013

TVS bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on June 13, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, TVS bodied Ashok Leyland Viking bus (KD 59 /62-6455) in the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටී.වී.එස්. (IRIZAR TVS) සමාගම මගින් නිපදවා ඇත. කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ ධාවනය වූ මෙම බස් රථ 05ක් පසුව මෙලෙස ලංගම හා එක් වී ඇත. මෙම බස් රථයේ පිටුපස පෙනුම කිරිඳිවැල බස් නැවතුම්පොළේ දී ලබාගත් ඡායාරූපයක් පහතින් ඇත.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, June 13, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Mannar depot

This photo was taken on June 13, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar  depot, 54 seater Ashok Leyland Viking Turbo Intercooler bus (MN 51 / NB-2296) at the central bus stand, Pettah. Allocated for the services on the route No. 04 between Talaimannar and Colombo via Chilaw,  Puttalam, Anuradapura and Medawachchiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය මාර්ග අංක 04 ඔස්සේ තලෙයිමන්නාරම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුනේ හලාවත, පුත්තලම, අනුරාධපුර හා මැදවච්චිය හරහාය. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Wednesday, June 12, 2013

Mobile engineering service vehicle - Yatinuwara depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Mercedes-Benz LP 312/32 mobile engineering service vehicle (23ශ්‍රී5980) in Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් Mercedes-Benz LP312 වර්ගයේ ජංගම ඉංජිනේරු සේවා රථයක් මහනුවර දුම්රියපොළ පාරේ ශ්‍රී ලංගම ඉන්ධන පිරවුම්පල අසල දී. බස් රථ වල සුළු අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රථය භාවිතා වේ. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණතට ටාටා 1210 බසයක මුහුණුවරක් ලැබී ඇත.

Tuesday, June 11, 2013

Kureha bodied Mitsubishi Fuso MR620 bus from CTB Katubadda depot

This photo was taken on 1978  in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (SLTB) Katubadda depot, Kureha bodied Mitsubishi Fuso MR620 bus in Colombo. Acquired in 1977 in CTB service. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝව යටතේ ධාවනය වූ මිට්සුබිෂි ෆූසෝ MR620  වර්ගයේ බස් රථයක් කොළඹ දී. මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිත අතර බඳ (body) ජපානයේ කුරෙහා (Kureha Body) සමාගම මගින් නිපදවා ඇත. ලංගම හා එකතු වී ඇත්තේ 1977 වසරේ දීය.

Monday, June 10, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kandy north depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Dimo TATA LPO 1313/47 bus (KN 196 / 62-1501) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ඩිමෝ LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවට (chassis) ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර නිමවා ඇති මෙම බස් රථය, ලංගම රථ ඇණිය හා එකතු වන්නේ 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේය. මෙම බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු මුහුණත පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Sunday, June 9, 2013

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Badulla depot

This photo was taken on April 11, 2013 in Wevalhinna, Badulla, Uva, LK, using a Sony Ericsson st18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Utkal bodied Ashok Leyland Viking bus (63-2827) at Wevalhinna, Badulla. Playing to Wewalhinna on a local route. (Photo by: Daminda Prasangika)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් වේවැල්හින්න බලා ධාවනය වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාව් නිෂ්පාදිත රථයේ බඳ  Utkal සමාගම මගින් එකලස් කර ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Saturday, June 8, 2013

TVS bodied Ashok Leyland Viking modified bus from SLTB Yatinuwara depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, TVS bodied Ashok Leyland Viking modified bus (YT 48 / 63-2756) at Kataragama. This bus rehabilitated and modified by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ TVS සමාගම මගින් එකලස් කර ඇත. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය පසු කාලීනව ධාවනයෙන් ඉවත් වී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) යටිනුවර ඩිපෝ සේවක පිරිස විසින්  අලුත්වැඩියා කර මෙලෙස නැවත සේවයට යොදවා ඇත.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, June 7, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Nuwara-Eliya regional offiice

This photo was taken on June 06, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya regional offiice, Ashok Leyland Viking AC luxury bus (NB-5548) at the Colombo central bus stand . Ready to leave for Hatton under the Route no 18 Hatton - Colombo Luxury service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑලිය ප්‍රාදේශීය කාර්යාලය යටතේ මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC, සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී.

Wednesday, June 5, 2013

Ashok Leyland Comet tow truck from SLTB Colombo regional office

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo regional, Ashok Leyland Comet tow truck (28ශ්‍රී7950) in the Kasbewa depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් කැස්බෑව ඩිපෝ පරිශ්‍රයේ දී. පැරණි කලම්බෝ රයිඩර් බස් රථයක බඳ ඉවත් කර එම තට්ටුවට නව බඳක් බද්ධ කිරීම සඳහා පැරණි බඳ ඔසවා ඉවත් කිරීමට සූදානමින්.

මෙම රථය ඒකල ලක්දිව වැඩපොළේ පූර්ණ අලුත්වදියාවකට ලක්වීමෙන් පසු 2015 දෙසැම්බර් මස 16 දින කොළඹ දී.
This photo was taken on December 16, 2015 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 16, 2015 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 4, 2013

SRILANGAMA bodied Ashok Leyland Viking modified bus from SLTB Kalutara depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SRILANGAMA bodied Ashok Leyland Viking (KT 14 / 30ශ්‍රී3484) at Kataragama. Acquired in 1983 in services. Rehabilitated and modified (2012) by Kalutara depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1983 වසරේ ධාවනයට එක් වී ඇත. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස (2012) කළුතර ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ජනතා සේවයට එකතු කර තිබේ. ලංගම බඳ සැකසූ පැරණි බස් රථ රැසකට නැවත ජවය ලබා දුන් වත්මන් කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කෙරුණු තවත් බස් රථයකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 05, 2013  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 3, 2013

Wesco ISUZU MT 111 L bus from SLTB Angoda depot

This photo was taken on October 08, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Wesco ISUZU MT111 L bus (AG 08 / 62-4357) at the Central Bus Satnd. This bus rehabilitated (2011) by the Angoda depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත්, වෙස්කෝ ඉසුසූ MT111 L වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් (2011) අංගොඩ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. රථය මාර්ග අංක 152 යටතේ නව ගොතටුව බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on October 08, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, June 2, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Siyambalanduwa sub depot

This photo was taken on May 26, 2013  in Pettah, Colombo, Western, LK, using a Canon Powershot A2300.
Click for the full size picture. 
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-3335) in Colombo. Allocated for the services on the route no 98, between Athimale and Colombo. Photo by: Muditha Nakandala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාණ්ඩුව උප ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ දී. රථය මාර්ග අංක  98 යටතේ ඇතිමලේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. ඡායාරූපය: මුදිත නාකන්දල

Saturday, June 1, 2013

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from SLTB Pottuvil sub depot

This photo was taken on March 28, 2013  in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pottuvil sub depot Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (NB-3800) at the Kalmunai bus stand.  Ready to leave for Akkaraipattu. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුවිල උප ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් මේවයේ බඳ නිෂ්පාදිතය. රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ලැබුණු මෙම බස් රථ 120 ක් 2012 වසරේ ශ්‍රී ලංගම වෙත ලබාදෙන ලදී. මෙම බස් රථ ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිමවා ඇති අතර සාමාන්‍ය රුබී බඳ සහිත බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. ගමනාන්ත පුවරු කොටස් දෙකකින් යුතු වීම, ආසන වල ප්ලාස්ටික් අල්ලු සහිත වීම, බසය තුල සිරස් අධාරක පිහිටීම මෙන්ම මෙහි ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටුවා තිබීම ආදිය කැපී පෙනේ. ඒවාට අමතරව යම් යම් තාක්ෂණික වෙනස්කම් ද සිදුකර ඇත අතර ඒවා ශ්‍රී ලංගම අවශ්‍යතා මත සිදු කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ බස් රථය අක්කරපත්තුව බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on March 28, 2013  in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.