Saturday, October 3, 2026

Foton BJ6123C bus from LMT Makumbura (temporary) Depot

This photo was taken on September 01, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
A Foton BJ6123C bus operated by Lanka Metro Transit (LMT), bearing registration NE-6546, is seen operating on the CM 01 Makumbura - Pettah service. The bus is one of the 104 new Foton buses purchased for Lanka Metro Transit, which, together with seven Japanese-donated buses, were officially launched on 29 September 2026. At the time of this photograph, the Metro Drive - Homagama and Metro Base – Kasbewa depots had not yet commenced operations. Consequently, services assigned to the Metro Drive area were still being operated from the Makumbura Temporary Depot. The photograph was taken on 1 October 2026 at Castle Hospital Junction, Colombo 08, as NE-6546 was travelling from Pettah towards Makumbura on the CM 01 service. -- ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ මාකුඹුර (තාවකාලික) ඩිපෝව යටතේ ධාවනය වන ෆෝටන් BJ6123C වර්ගයේ බස් රථයක් කාසල් රෝහල මංසන්ධියේ දී. ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම වෙත මිල දී ගත් මෙම නව බස් රථ 104, සැප්තැම්බර් මස 29 වන දින සිට ධාවනයට එක් කර ඇත. මෙම ඡායාරූපය ගන්නා අවස්ථාව වන විටත් හෝමාගම පදනම් කරගත්  Metro Drive ඩිපෝව සහ  කැස්බෑව පදනම් කරගත් Metro Base යන ඩිපෝවල මෙහෙයුම් කටයුතු ආරම්භ වී නොතිබුණි. ඒ හේතුවෙන්, Metro Drive ප්‍රදේශයට අයත් සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක කෙරුණේ මාකුඹුර තාවකාලික ඩිපෝව මගිනි. CM 01 සේවාව ඔස්සේ පිටකොටුවේ සිට මාකුඹුර දෙසට ගමන් කරමින් තිබූ NE-6546 දරන මෙම බස් රථය, 2026 ඔක්තෝබර් 1 වන දින කොළඹ 08, කාසල් රෝහල් මංසන්ධියේ දී ඡායාරූපයට නගන ලදී.

Friday, October 2, 2026

Foton BJ6129C bus from LMT Makumbura (temporary) Depot

This photo was taken on September 01, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
A Foton BJ6129C bus operated by Lanka Metro Transit (LMT), bearing registration NE-5236, is seen operating on the CM 01 Makumbura - Pettah service. This bus was among the first 10 Foton buses introduced to Lanka Metro Transit under the “Clean Sri Lanka” project. At the time of this photograph, the newly established permanent Metro depots had not yet commenced operations. Therefore, these initial 10 buses were being operated from the Makumbura Temporary Depot, serving the initial routes from Makumbura. The photograph was taken on 1 September 2026 at Palam Thuna Junction, as NE-5236 was travelling from Pettah towards Makumbura on the CM 01 service. -- ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ මාකුඹුර (තාවකාලික) ඩිපෝව යටතේ ධාවනය වන ෆෝටන් BJ6129C වර්ගයේ බස් රථයක් පාලම් තුන මංසන්ධියේ දී. 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට ලැබුණු ප්‍රථම Foton බස් රථ 10 න් එක් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට ස්ථීර මෙට්‍රෝ බස් රථ ඩිපෝ පිහිටුවා නොතිබුණු අතර මෙම බස් රථ 10 පමණක් මාකුඹුර තාවකාලික ඩිපෝව යටතේ ධාවනය විය. 2026 වසරේ සැප්තැම්බර් මස 01 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක CM01 යටතේ පිටකොටුවේ සිට මාකුඹුර බලා ධාවනය වෙමින් පැවතුණි.

Wednesday, September 30, 2026

Latec TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola Depot Latec-bodied TATA LP 1210/52 bus (WR 23 / 61-8389) is seen parked near a rest house in Kataragama. The bus was built by Latec with a Duple Metsec (UK) body and was added to the fleet in 1993, during the Peoplized Transport Service (PTS) era. In 2012, the bus underwent a rehabilitation carried out by the depot's own workers as part of a year-end rehabilitation project. Several modifications can be observed following the rehabilitation, including the modified headlight arrangement and replacement of the side shutters with shutters obtained from a Dimo-bodied bus. The photograph was taken on 31 December 2012 in Kataragama, while the bus was parked near a rest house. The bus is no longer in service and has since been withdrawn from active operations.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොල ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව (ලංගම පුද්ගලීකරණය කළ) වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 2012 වසරේ, වර්ෂ අවසාන බස් රථ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ඇති බස් රථය මෙලෙස අදාළ වැඩසටහන වෙත සහභාගී වීම සඳහා කතරගම වෙත පැමිණ තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු මෙන්ම පැති ජනේලද වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. මේ වන විට රථය ධාවනයෙන් ඉවත්ව ඇත.

Sunday, September 13, 2026

MG Alma bodied Ashok Leyland Leera luxury bus from SLTB Aambalantota depot

This photo was taken on August 29, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota Depot MG Alma-bodied Ashok Leyland Leera luxury bus (NE-3617) is seen at the Makumbura Multimodal Center (MMC), moments before departing for Hambantota. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Hambantota via Agunukolapelessa. The bus was specially painted in a “Senkadagalapura” themed livery, featuring artwork inspired by the Sri Dalada Maligawa, traditional Kandyan elephants, and other cultural motifs associated with the heritage of Kandy. The photograph was taken on 29 August 2026 at the Makumbura Multimodal Center, shortly after the bus commenced its journey towards Hambantota. -- ශ්‍රී ලංකා ගමනානගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන MG Alma බඳ සහිත අශෝක් ලේලන්ඩ් ලීරා වර්ගයේ බස් රථයක් මාකුඹුර බහිවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් (පොදු) සමාගම මගින් තාවකාලික කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථය මාකුඹුර හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවා සඳහා යොදවා තිබුණි. ශ්‍රී දළදා මාලිගාව, සාම්ප්‍රදායික මහනුවර ඇත් රූප සහ මහනුවර උරුමය හා බැඳුණු වෙනත් සංස්කෘතික අංග ඇසුරෙන් නිර්මාණය කළ සිතුවමක් සහිතව, "සෙංකඩගලපුර" තේමාවට අනුකූලව මෙම බස් රථය විශේෂයෙන් වර්ණ ගන්වා තිබුණි. මෙම ඡායාරූපය 2026 අගෝස්තු මස 29 වන දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී, බස් රථය හම්බන්තොට බලා සිය ගමන ආරම්භ කර මද වේලාවකට පසු ලබා ගන්නා ලදී.

Thursday, September 3, 2026

Lanka Metro Transit Receives 7 Nissan Diesel PKG-RA274KAN Space Runner Buses from Japan

This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a  Canon SX420 IS.
Click for the full-size picture.

Lanka Metro Transit (LMT) has taken delivery of seven re-conditioned Nissan Diesel PKG-RA274KAN Space Runner buses, donated to Sri Lanka by the Japanese Government and the people of Yokohama, Japan. The official handover ceremony took place on 02 September 2026, with Japanese Ambassador to Sri Lanka, HE Akio Isomata, formally presenting the vehicles to the Sri Lankan Government. The buses are currently parked at the Thalangama depot premises, before entering passenger service. -- ජපන් රජයේ හා යොකොහාමා නගර ජනතාවගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු නිසාන් ඩීසල් PKG-RA274KAN ස්පේස් රනර් වර්ගයේ බස් රථ හතක්, 2026 සැප්තැම්බර් මස 02 වන දින නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී. එහිදී ජපන් තානාපති අකියෝ ඉසොමටා මහතා විසින් මෙම බස් රථ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම වෙත නිල වශයෙන් බාරදෙන ලදී. දැනට තලංගම ඩිපෝ පරිශ්‍රයේ ගාල් කර ඇති මෙම බස් රථ, නුදුරේ දීම මගී සේවයට පිවිසීමට නියමිතය.

Sunday, August 16, 2026

Ashok Leyland Viking 222 Hino Power bus from SLTB Horowpothana Depot

This photo was taken on July 28, 2026, in Horowpothana, North Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana Depot Ashok Leyland Viking 222 Hino Power bus (HP 21 / NA-3474) photographed in Horowpothana town on 28 July 2026. This bus was fully manufactured in India and was acquired by Horowpothana Depot in 2006. At the time of this photograph, the bus was operating a local service from Kiwlekada to Anuradhapura via Horowpothana. The bus is painted in the distinctive yellow colour scheme used for buses assigned to school transport services under the Sisu Seriya programme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හොරොව්පොතාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් 2026 ජූලි මස 28 දින හොරොව්පොතාන නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිව්ලේකඩ සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබුණි. සිසු සැරිය වැඩසටහන යටතේ පාසල් ප්‍රවාහන සේවා සඳහා යොදවා ඇති බස් රථ සඳහා භාවිතා කරන සුවිශේෂී කහ පැහැති වර්ණ පටිපාටියෙන් බස් රථය වර්ණාලේප කර ඇත.