Saturday, July 27, 2013

Ketawatta Panadura Bus service from SLTB Panadura depot -- පානදුර කැටවත්ත බස් සේවය

This photo was taken on July 23, 2013 in Beragala, Badulla, Uva, LK
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura Depot Ashok Leyland Viking Brij body bus (PN 83 / NA-1124). The Bus running under route 64 Panadura- Ketawatta via Badulla. (Pic by: Naveen Darshana) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49 ක් පුරා අකණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත. එම කතා පුවත දිවයින පුවත්පතේ තිලක් පුෂ්පකුමාර සටහන් කර තිබුනේ මෙසේය.



ලංකාව හරහා යන අපූරු ගමන
වසර හතලිස්‌ නමයක් පුරා දිනපතාම ලංගම බස්‌ රථයක්‌ ගමන් කරන මාර්ගයක්‌ මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්‌තරා ආකාරයක පුදුමයක්‌ වනු ඇති.

එහෙත් මෙය සත්‍යයකි. ඇස්‌ පනා පිට අද ද සිදුවන්නකි. අපේ රටේ එක්‌ කෙළවරක ඈත මූදුකරේ සිට අනෙක්‌ කෙළවරේ ඈත බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හද්දා පිටිසර ගම්මානයක්‌ කරා දිවෙන ලංගම පානදුර ඩිපෝවට අයත් මේ රථය නම් පානදුරයේ සිට බදුල්ල හරහා කැටවත්තට යන බස්‌ රථයයි.

බැලූ බැල්මට මෙය සාමාන්‍ය දුර ගමන් සේවාවක්‌ ලෙස පෙනුනත් මෙම බස්‌ රථයත් එම ගමන් වාරයත් තුළ එය සැඟව ඇති අපූරු කථාන්තරයක සුලමුල සොයාගැනීමට හැකිවූයෙමි.

සුන්දර බදුල්ල නගරයෙන් ආරම්භ වී කථා නායකයෙකු සේ දඟර ගැසෙමින් දිවෙන දුන්හිඳ හරහා මහියංගන මාර්ගයේ සැතපුම් 20 ක්‌ ගෙවූ පසු "මීගහකිවුල" නගරය හමුවේ. මීගහකිවුල හන්දියෙන් හැරී යන කුඩා පටු තාර දැමූ මාර්ගයේ තවත් සැතැපුම් නවයක්‌ දුර ගිය තැන කැටවත්ත නම් වූ පුංචි ගම්මානය මුණගැසේ.

අප්පුහාමි ගම්පති තැන කැටවත්ත ගමේම ඉපදී හැදී වැඩුණු අයෙකි. ගමේ වැදගත් පරම්පරාවකින් පැවත ආ ඔහු එකල කැටවත්ත ගමට තිබූ එකම සිල්ලර කඩයේ හිමිකරු ද විය. වසර ගණනාවක්‌ තිස්‌සේම ගම්මුන්ට නායකත්වය දෙමින් කටයුතු කළ අප්පුහාමි මූලාදෑනි තැන හිත හොඳ එඩිතර ජවසම්පන්න නායකයකු විය. ගමනා ගමන පහසුකම් අල්ප වූ එකල මගී ප්‍රවාහන කටයුතු සිදුකෙරුණේ ප්‍රධාන මාර්ගවල පමණකි. මීගහකිවුල සිට කැටවත්ත දක්‌වා දිවෙන මාර්ගය ගුරු පාරක්‌ වූ ඒ අවධියේ එයද සෝදාපාළුවට ලක්‌වී දැඩි ලෙස අබලන්ව පවතින විට පිළිසකර කිරීමට පෙරමුණ ගත්තේද අප්පුහාමි මුලාදෑනි තැනය.

ඒ 1963 වසරයි. ගමට මගී ප්‍රවාහන සේවයක්‌ ලබා ගැනීමට මූලාදෑනි තැනට මෙන්ම ගම්මුන්ටද දැඩිව අවශ්‍ය වී තිබිණ. කැටවත්තට ආසන්නම ලංගම ඩිපෝ වූයේ මහියංගනය හා බදුල්ලයි. මහියංගන ඩිපෝව උප එකක්‌ වූ අතර එය සතුව තිබුණේ සීමිත බස්‌ රථ ප්‍රමාණයකි. ගමට බස්‌ රථයක්‌ ලබා ගැනීමට ගම් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තෝරා යෑවූ දේශපාලන නියෝජිතයන් හමුවේ කන්නලව් කොට ප්‍රථමයෙන්ම ගම්පති තැන ගියේ මහියංගන ඩිපෝවටය.

"හාපෝ අලුතෙන් බස්‌ දාන්න තරම් බස්‌ අපිට නෑ. අනික ඔය පාර හොඳටම අබලන්" අප්පුහාමිගේ ඉල්ලීම ගණනකට නොගන මහියංගන ඩිපෝ බලධාරීන්ගේ පිළිතුර එසේ විය. මෙසේ කීප වතාවක්‌ම මහියංගන ඩිපෝවට ඉල්ලීම් කළත් එය ප්‍රතික්‌ෂේප වුවත් පසුබට වූයේ ගම්පති තැන නොවේ. බලධාරීන් වෙත ලියූ ලිපි කබා සාක්‌කුවේ රඳවාගෙන ඉන්පසු ගම්පති තැන බදුල්ල ඩිපෝවට කකුල් ගෙවෙනතුරු ඇවිද ගියේය. බදුල්ල ඩිපෝවේ බලධාරීන් මහියංගන ඩිපෝවේ නිලධාරීන් තරමටවත් මේ අහිංසක ගැමියන්ට සවන් දුන්නේ නැත." එය හද්දා පිටිසරට මොකද බස්‌" ඔවුන් එසේ පවසමින් ඔලොක්‌කුවට සිනාසුනහ..

"මේ වැඩේ හරියන්නෙ නෑ. මෙන්න මෙහෙ වරෙල්ලා බං යන්න" මෙසේ ගිය එක්‌ දිනෙක ගම්පති තැන ඩිපෝ භූමියෙන් පිටවෙමින් තම සඟයනට පැවැසූයේ තරමක කේන්තියෙනි. කලකිරුණු සිතින් යුතුව එදා ගමන් කළ අප්පුහාමි මුලාදෑනි ඇතුළු ගම්වැසියන් කීප දෙනා නගරයේ ආපන ශාලාවට ඇතුළු වූයේ ගමන් වෙහෙස මඟහරවා ගැනීමට තේ කෝප්පයක්‌ පානය කිරීමේ අදහසිනි. එවකට ඉතා ප්‍රසිද්ධ හෝටලයක්‌ වූ මෙය බදුල්ල නගරයටම තිබූ විශාලතම එකද විය. රටේ පිට පළාත්වලින් බදුල්ල හරහා දිවෙන දුර ගමන් සේවා බස්‌ රථ තේ පානයට නතර කළේ ද මෙම ආපන ශාලාව අසලය. ගම්පති තැන ඇතුළු පිරිස එහි පැමිණෙන විට පානදුර සිට මඩකලපුව බලා යන බස්‌ රථයද තේ බීමට එහි නවතා තිබිණ. තේ පානය කරන අතර තුර මේසයේ කෙළවරේ පුටුවේ හිඳ තේ බොමින් සිටි අයකු සමඟ කථාවට වැටුණු අප්පුහාමි මුලාදෑනි තැන තමන්ට සිදුවූ අසාධාරණය ඔහු හා සමඟ පැවැසුවේ හිත සැහැල්ලු කර ගන්නට මෙනි. එහෙත් ඔහු නොදැනුවත්වම කථාවට වැටී තිබුණේ පානදුර, මඩකලපු බස්‌ රථයේ රියෑදුරා සමඟය. ඒ වන විට පානදුර ලංගම ඩිපෝව ද ලංකාවේ සතර දිග්බාගය සිට දුර ගමන් සේවා ඇරැඹූ කාලයයි. මේ නිසාම මඳ වේලාවක්‌ කල්පනා කළ රියෑදුරා ඒ ගම්පති තැන අමතමින් "ඔය ලියුම මට දෙන්න මම මේක අපේ ඩී. එස්‌. (ඩිපෝ කළමනාකාර) මහත්තයට දෙන්නම්." එදා එසේ බස්‌ රථයක්‌ ඉල්ලා ලියූ ලිපිය මඩකලපුව බස්‌ රථයේ රියෑදුරාට දී ආපසු ගමට යන අතරතුර තම සගයන්ට එම සිද්ධිය පැවැසුවත් තම ගමට ආසන්න ඩිපෝවලින් නොදෙන බස්‌ රථය ඈත මූදුකරේ පානදුරයෙන් නොලැබෙන බව ඔහු හො¹කාරවම දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුංචිම පුංචි බලාපොරොත්තුවක්‌ ඔහු සිත තුළ නොතිබුණාම නොවේ. මේ නිසාම දින කීපයකට පසු ඔහු බදුල්ලට ගියේ ලිපියට සිදුවූ දේ දැන ගැනීමටය.

එහෙත් සුන්වූ බලාපොරොත්තු සහිතව ගම්මුලාදෑනි තැනට ආපසු ගමට ඒමට සිදුවූයේ එදා පැමිණි රියෑදුරා එදින නොපැමිණි හෙයිනි. දුර ගමන් සේවා බස්‌ රථවල සේවය කරන රියෑදුරු, කොන්දොස්‌තර මහත්වරුන් දින 14 න් මාරුවන ක්‍රමයක්‌ පවතින බවත් ඒ අනුව අප්පුහාමි මුලාදෑනි තැනගේ ඉල්ලීම බාරගත් රියෑදුරා නැවත පැමිණෙන්නේ සති දෙකකින් බවත් එදා බස්‌ රථයේ රාජකාරී කළ රියෑදුරාගෙන් දැනගත් ගම්පති තැන හරියටම දින ගණන් බලා ඔහු මුණගැසීමට බදුලු ගියේය. "මම ඒ ලියුම ඩී. එස්‌. මහත්තයට දුන්න ගම්පති තැන හඳුනාගත් රියෑදුරා කීය.

මෙම සිදුවීමෙන් මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවීමෙන් පසුව නමුනුකුල කඳු අග්ගිස්‌සෙන් මලහිරු කහපාට වී තිබූ එක්‌ සවස්‌ ජාමයක කැටවත්ත වල ගොඩැලි මතින් උඩ පනිමින් ගොර ගොර ගා ගෙන පැමිණ පරණ පහේ ජීප් රථයක්‌ ගුරුපාර කෙළවර අප්පුහාමි ගම්පතිවරයාගේ වෙළෙඳසල අබියස නතර කෙරිණි. ඉන් බැසගත් කලිසම්කාර පුද්ගලයන් දෙදෙනකු වට පිට බලන්නට විය. ගමට අමුත්තන් වූ හෙයින් ගම්පති තැනද හෙමි හෙමින් එතැනට කිට්‌ටු කළේය. ඒ කාලයේ ගමට වාහනයක්‌ පැමිණීම ගම්මුන්ට ඉතා බරපතල කාරණයක්‌ විය. ඒ නිසාම දෝ ජීප් රිය අසලට රැස්‌වන පිරිසද ක්‍රමයෙන් වැඩිවන්නට විය. රැස්‌ව සිටි පිරිසට සිනාවකින් සංග්‍රහ කළ ජීප් රථයෙන් පැමිණි එක්‌ අයෙකු ගම්පති තැන දෙසට හැරී "අපි පානදුර ඩිපෝවෙන් ගමට බස්‌ එකක්‌ ඕන කියල ඉල්ලීමක්‌ කරලා තිබුණ. පාර තොට බලාගෙන යන්නයි ආවේ" ගම්පති තැනගේ හිසේ එකවර මල් දහසක්‌ පිපුනා සේ විය. අමුත්තන් දෙදෙනා පිළිගත් ඔහු ඔවුන් තම නිවෙසට කැඳවාගෙන ගොස්‌ ආගන්තුක සත්කාර ඉටුකළේය. පැමිණ තිබුණේ පානදුර ඩිපෝවේ සේවය කළ ධාවන කළමනාකරුවෙකු සහ ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ නිලධාරියෙකි. මගී ප්‍රවාහනය මුළුමනින්ම රජය සතුවූ ඒකාලයේ බස්‌ ධාවනය කිරීම ඩිපෝවකට අවසර ලැබුණේ පූර්ණ පරීක්‍ෂාවකින් අනතුරුවයි. එදිනම ආපසු යැමට නොහැකි හෙයින් පානදුරයෙන් පැමිණි නිලධාරීන්ට ගම්පති තැන සිය නිවසේ නවාතැන් සපයමින් සියලු සත්කාර කළේ ඉතා කැමැත්තෙනි. රෑ මැදියම තෙක්‌ම ගම්මුන් හා කථාබහ කරමින් සිටි ඔවුන්ට බස්‌ කථාවේ සියලු තතු ගම්පති තැන නොවලහා කීය. කැටවත්ත ගමේ වැඩියෙන් අද මෙන්ම එදාද ආගන්තුක සත්කාරයෙහි ලැදි සැබෑම ගැමියෝ වූහ. පසුදා උදේ නිලධාරීන් ආපසු යන විට කිතුල් හකුරු පැණි පට්‌ටා, කෙසෙල්, එළවළු ආදී තුටු පඬුරුවලින් ජීප් රිය පිරි තිබිණි. "හොඳයි අපි මේ ගැන ඉහළටම දන්වන්නම්" සමුගත් ඔවුන් ආපසු ගියහ.

තවත් තුන් මාසයක්‌ ගත විය. නිලධාරීන් ගියා ගියාමය. හාවක්‌ හූවක්‌ නැත. ඉනික්‌බිති එක්‌ දවසක එදා මෙන්ම හවස්‌ ජාමයක ගුරු පාර දිගේ නලාව හඬවාගෙන පැමිණ කුඩා ප්‍රමාණයේ තනි දොරේ බස්‌ රියක්‌ ගම්මුලාදෑනි තැනගේ වෙළඳසල අසල නතර කෙරිණි. බදුල්ල හරහා කැටවත්තට යන්න නාම පුරුවේ සටහන් වී තිබූ අතර පානදුර ඩිපෝව යන්න ඉදිරිපස සහ පසුපස කෙළවර පින්තාරු කොට තිබිණි. තමා වෙළඳ සලෙන් එළියට පැමිණියා නොව පිටතට විසිවූවාක්‌ මෙන් ගම්පතිතැනට දැනුණි. ගම්මු පැමිණ බස්‌ රථය වටකොට ගත්හ. කොහෙන්දෝ සොයාගත් රතිඤ්ඤා කරල් කීපයක්‌ චට පට හඬින් පිපිරී ගියේය. රියෑදුරු කොන්දොස්‌තර දෙපළ නිවසට කැඳවාගෙන ගිය අප්පුහාමි ගම්පති කෑම බීම පිළියෙල කොට දුන්නේය. ඔවුනට විවේක ගැනීමට එහිම කාමරයක්‌ වෙන් කළේය. ගම්වැසියන් පිරිසක්‌ වහ වහා බස්‌ රථය සෝදා පිරිසිදු කළේය. එදා මුළු ගමටම මඟුල්ය. පසුදා අලුයම 6.15 ට බස්‌ රථය ආපසු පිටත්වන විට එය පිරෙන්නට මගීන් සිටියහ. එදා හවස අනෙක්‌ බස්‌ රථය කැටවත්තට පැමිණියේය. එදා පටන් අද දක්‌වාම පානදුර කැටවත්ත බස්‌ රථය නොකඩවාම ගිරි දුර්ග හරහා ගමනේ යෙදේ. මෙම බස්‌ රථය නිසා අද වනවිට පානදුර හා කැටවත්ත අතර අපූරු සබැඳියාවක්‌ ගොඩනැගී ඇත. එය එක්‌තරා ආකාරයක උප සංස්‌කෘතියක්‌ ලෙසින් හැඳින්වුවහොත් අතිශයෝක්‌තියක්‌ නොවේ. කැටවත්ත ගමේ ඉපදෙන එළවළු පළතුරු පැණි හකුරු පානදුරට රැගෙන එන ගම්මු පානදුර පොළේදී ඒවා මුදල් කරති. පානදුරේ අලුත්ම අලුත් මූදු මාළු තැඹිලි ආදිය කැටවත්තට යති. කැටවත්තේ තරුණයන් පානදුර නගරයේ ව්‍යාපාරවල නිරත වේ. පානදුර හොරණ පාරේ කුරුස හන්දියේ පළතුරු අලෙවිසලක්‌ පවත්වාගෙන යන ඩී. එම්. ගාමිණී දිසානායක තරුණයා එවැන්නෙකි. කැටවත්තේ තරුණයන් පානදුරේ තරුණියන් හා අවාහ විවාහ වී සිටීම පානදුරයේ තරුණයන් කැටවත්තේ බින්න බැස හිඳිති. හොරණ, ඉංගිරිය, දෙහිවල, ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කම්හල්වල කැටවත්ත මීගහකිවුලේ තරුණියෝ ජුකී මසති. සිංහල අලුත් අවුරුදු සමයට මේ බස්‌ රථයේ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන්නේ නෑගම් යන්නටය.

පානදුරයෙන් දිනපතා හිමිදිරියේ ගමන් අරඹන කැටවත්ත බස්‌ රථය බදුල්ලට ළඟාවන විට පස්‌වරු 2 පමණ වේ. එතැනදී බස්‌ රථය මඳක්‌ හිස්‌ වුවත් එය විනාඩි ගණනකට පමණි හිමිදිරි පාන්දර කැටවත්තෙන් පිටත්වන බස්‌ රථයෙන් බදුල්ලට පැමිණ තම අත්‍යවශ්‍ය කරුණු කාරණා ඉටුකර ගන්නා ගම්වැසියෝ පානදුරෙන් පැමිණෙන බසය එනතෙක්‌ බලා හිඳිති. දවසේ කීයට හෝ පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන වග ඔවුහු දනිති. මේ සියලු දෙනාම රැගෙන පස්‌වරු 3 ට බදුල්ලෙන් පිටත්වන බසය මීගහකිවුල නගරයේ මඳ වේලාවක්‌ නතරකොට තබන්නේ මහියංගනය පැත්තේ සිට කැටවත්තට යන මගීන් පැමිණෙන තුරුය. සවස 5.30 ට පමණ බසය ඉහින් කනින් මගීන් එල්ලාගෙන කැටවත්තට පැමිණේ. අප්පුහාමි ගම්මුලාදෑනි තැන අද ජීවතුන් අතර නැත. ඒ අඩුව අද පිරවෙන්නේ ඔහුගේ වැඩිමහලු පුත් ධනපාල මුදලාලිගෙනි. එදා මෙන්ම අදත් බස්‌ රථය නතර කරන්නේ ගම්පති නිවස අසලය. රියෑදුරු, කොන්දොස්‌තර දෙපළට කෑම බීම නවාතැන් අදත් සැපයෙන්නේ ගම්පති නිවසෙනි. ගම්මු එකතුවී බස්‌ රථය සෝදා පවිත්‍ර කිරීම අද ද එලෙසම සිදුවේ. කැටවත්ත අවට උල්පත, සූරියගොල්ල, මොරහැල, මලාබඩගොල්ල, දිවුල්ගහගෙදර, මීගොල්ල ආදී ගම්මානවල සිට එළවළු පළතුරු ආදිය බස්‌ රථය අසලට අදත් රැගෙන එන්නේ ගොනුන් පිට තවලම්වලය. පානදුරයට, මීගහකිවුලට, බදුල්ලට මේවා රැගෙන යැමට එදා රාත්‍රියේම බස්‌ රථය තුළ අසුරා තැබේ.

ගෙවී ගිය හතලිස්‌ පස්‌ වසර ඇතුළත අනූව දශකයේ දී බදුල්ල ඩිපෝවෙන් ද බස්‌ රථයක්‌ බදුල්ල සිට කැටවත්තට ධාවනය කරනු ලැබිණි. එදා තමන් ප්‍රතික්‌ෂේප කළ අයට හොඳ පාඩමක්‌ ඉගැන්වීමට සිතූ කැටවත්ත ගැමියෝ බදුල්ල බස්‌ රථය වර්ජනය කළහ. අදත් එය එසේමය. කොපමණ වේලා ගතවූවන් පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන බව දන්නා ඔවුහු එය එනතුරු රැඳී සිටිති. ආදායමක්‌ නොමැති නිසා දින කිහිපයකින් බදුල්ල ඩිපෝවේ බස්‌ රථය නවතා දමා ඇත. මේ වනවිට ලංකාවේ ඕනෑම අහුමුල්ලකට දිවෙන පුද්ගලික බස්‌ රථ ඇතත් කැටවත්ත ගමට නැත.

පානදුර ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් පැවසුවේ කැටවත්ත බස්‌ රථය දිනපතාම ධාවනය කරවීමට ඩිපේව මගින් පියවර ගන්නා බවකි. එදා අප්පුහාමි ගම්මුලාදෑනි තැනගේ කාලයේ දී මෙන්ම අදත් ගම්මු මේ බස්‌ රථය රැක ගන්නේ තම දෑස්‌ මෙනි. මේවායේ සේවය කරන රියෑදුරු කොන්දොස්‌තර මහත්වරුන් හා ගම්වැසියන් අතර අදත් පවතින්නේ සහෝදර බැඳීමකි. කොටින්ම පානදුර බස්‌ රථය කැටවත්ත ගැමියන්ට තමන් බැලීමට දිනපතා පැමිණෙන නෑයෙකි. ඒ නෑකම දිවි හිමියෙන් සුරැකීමට කඳු, හෙල් ගිරි ශිඛර තරණය කරමින් පානදුර බස්‌ රථය හෙටද කැටවත්තට එනු ඇත.

(ඡායාරූපය: නවීන් දර්ශන)

2016 ජනවාරි 13 යාවත්කාලීනය: කැටවත්ත - පානදුර මාර්ගයේ වර්තමානයේ ධාවනය වන PN 95 / NB-9438 දරණ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථය කැටවත්ත බලා පිටත් වීමට  සූදානමින් පානදුර බස් නැවතුමේ දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)
This photo was taken on December 01, 2015 in Panadura, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.

1995 වසරේ දී කැටවත්ත බස් රථය, රියදුරු කොන්දොස්තර මහත්වරු හා ගැමියන් සමඟ (උපුටා ගත්තේ 1995 මැයි 07 ඉරිදා ලක්බිම පුවත් පතෙනි)
This photo was taken on 1995 in Katawatta, Badulla, Uva, LK
Click on the image for full size picture.

මෙම බස් සේවය පිලිබඳ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කල කෙටි වාරතා වැඩසටහනක්



34 comments:

  1. පානදුර-කැටවක්ත බස් එක මමත් බදුල්ලෙදි දකිනව.ඒත් මේ කතාව දන්නෙ අද.ගොඩක් රසවත් කතාවක්.මේ බස් එක ගැන දවසක් ජාතික රූපවාහිනියෙත් පෙන්නුව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්! ඒ වීඩියෝව මගේ ළඟ තියෙනවා. Youtube එකෙත් තිබුන. :)

      Delete
    2. ජාතික නාලිකාවේ වාර්තාවත් ඔන්න යටින් එල්ලුව! :D

      Delete
  2. mee kathawa meeta wasara ganakata kalin paththareka palavuna habai eyatath wada wisthara ada danagaththa meeka sevayakata wada pianak
    Manjula_Galle

    ReplyDelete
    Replies
    1. මේක බොහොම කතාබහට ලක් වුනු සේවයක්! අදටත් මිනිස්සු ලංගමට ආදරය කරන්නේ මේ වගේ සේවාවන් නිසා. :)

      Delete
  3. hoda wadak.. e wagema bus eka niyametama tiyanawa... NA 1xxx kandaye bus ekak welath dinapathama me route eke wada karalath bus eka maruwata tiyanawa... leyland wala pawathmata meka udaharanayak.... e wagema hodin pawichchi kireema gana sewaka mahathuntath nadaththuwa pilibada panadura depot ekatath sthuthiwantha wenna one.... meka Brij body nisa body eka hodai.. shakthimath....

    ReplyDelete
    Replies
    1. ow! aththa obe kathaawa. mamath BRIJ bus walata kamathi Ruby walata wada. :D

      Delete
  4. Me bas eke pics danne kawadda kiyala mama sehena kalayak balagena hitiya.

    Me kathawa sampoorna eththa. Navin ta mage thanks and bus kollatath thanks meka demmata .

    ReplyDelete
    Replies
    1. aah! ehemada? :D onna ehenam damma mulu kathaawama! :D

      Delete
  5. apith panadure minissu widiyata ape depot eken me wage agana sewayak labadena eka apitath adambarai, samantha ayyath hari hoda manussaya man ekath kiyanna oni

    ReplyDelete
  6. මේ වාර්තා වැඩසටහනින්ම ඔප්පු වෙනවා ලංගමයි,මින්ස්සුයි අතර සබැඳියාව.තාමත් මගීන්ගේ විශ්වාසය ලංගමටයි.

    ReplyDelete
  7. මමත් අත්දැකපු සත්‍යයක් තමයි පොල්පටවලා හිටියත් බදුල්ල මිගහකිවුල කැටවත්ත මිනිස්සු මේ බස්එකේ යන්නේ. ඉස්සරහාහිනි යන හා පිටිපස්සෙන් එන බස් දෙකට ඉස්කොල ළමයිනම් නගින්නෙම නැ

    ReplyDelete
    Replies
    1. ඔව්! බදුල්ල ගිය වෙලාවේ මටත් ඕක දැනගන්න ලැබුන :)

      Delete
  8. http://www.sltb.lk/route_time.php nisi akarayata vadakaranne natha. eya danum deemata SLTB ICT divission eke Email ekak da nomatha.

    ReplyDelete
  9. මෙම බස් රථයෙන් කීපවරක් ගමන් කර අැත්තෙමි... බදුල්ල ඩිපෝවෙන් බසයක් නැතිව පැය ගනනාවක් සිට අන්තිමේ සැතපුම් ගනනාවක් මග ගෙවා පානදුර සිට පැමිණි බසයෙන් ගෙදර යන්න ලැබුනෙ... 1975 -- 1977 කාලය හරිහැටි බස් ගමනා ගමනයක් නොතිබුනු කාලයේ මම පාසලට යන්න ඒන්න කන්දකැටිය - බදුල්ල අතර බස් ඒකක් බලාපොරොත්තුවෙන් පැය ගනන් බස් නැවතුමේ ගත කළා...
    ඉතිං ෙම් ලිපියෙන් කියවෙන විස්තරය දැක අපමන සතුටු කදුලු වැගුරුනි.. පානදුර කැටවත්ත බස් සේවය අාරම්භයට මග පෑදු පානදුර ඩිපෝවේ ඒ් රියදුර් මහතාටත් අප්පුහාමි මූලාදෑනි තුමාටත් අපගේ ගෞරවාදර කෘතවේදීතාවය පිරිනමමු.... ඒපමනක් නොව ඒතැන් පටන් මේ දක්වා මෙමම ගමනා ගමන සේවාව පවත් ගැනීමට අත හිතදෙන රියදුරු කොන්දොස්තර මහතුන්ටත් පානදුර ඩිපෝවේ සියළුම කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවාදර කෘතවේදීතාවය පිරිනමමු....

    ReplyDelete
  10. Tribute to the SLCTB specially to the Panadura Depot and humble people of the Ketawatte village.

    ReplyDelete
  11. Tribute to the SLCTB specially to the Panadura Depot and humble people of the Ketawatte village.

    ReplyDelete
  12. I salute the decision makers of the Panadura Depot from the time the decision to ply a bus to Ketawatte until now, all the drivers and conductors, and the village head and his family members for this great historic continuous deed. Namiz Musafer, originated from Badulla

    ReplyDelete
  13. apith PANADURA inne aththatama api adambara wenna oona me wage sewayak ketawaththa gamata ape depot eken wena eka gena .mama nam PANADURA DEPOT hemadama adarei garukaranawa.thawath mewage sewa athikaranna kiyalath kiyanawa.

    ReplyDelete
  14. School yanakale ketawattha bus eke yanna puduma asawak thibune issara apiwa dagena yan ne.ahamben dawasaka apita nega ganna puluwan una dawas nethuwa ma neme..den inna rejinila wage neme me bus eka herennawath be mekath ekka...denuy therenne ey kiyala issara apiwa bus eke dagena nogiye. kochchara nm kepa vimak karanawada horana town eke ehata api nodekka....adarey ketawaththa

    ReplyDelete
  15. Positive site, where did u come up with the information on this posting?I have read a few of the articles on your website now, and I really like your style. Thanks a million and please keep up the effective work. luxury coach with driver paris

    ReplyDelete
  16. Mata Panadura Katawatta bus eke time danaganna widiyak thiyeda?

    ReplyDelete
  17. මම දැකපු ආසම කරන බස් සවාරියක් මේක,
    මීගහකිවුල පහුකරද්දි මතක් වෙන්නෙම පානදුර කැටවත්ත බස් එක..😍
    හිතේ තියන ලොකු ආසාවක් තමා පානදුර ඉඳලා කැටවත්තට යන එක..😍😍

    ReplyDelete
  18. ආඩම්බරයි කියන්න,,,මගේ තාත්තත් අවුරුදු ගණනාවක් ඔය බස් එකේ රියදුරෙකු වශයෙන් සේවය කලා.දැන් එයා විශ්‍රාම ගිහින් ගෙදර ඉන්නව,වයස අවුරුදු හැට නවයක්. ඒත් තාමත් ඔය ගම ගැන කියනව.මමත් ඒ කාලෙ තාත්ත එක්ක ගිහින් තියෙනව කීප වරක්ම. ළඟදීම දවසක තාත්තව එක්කගෙන යන්න ඉන්නෙ කැටවත්තට, ගමේ දැන් දියුණුව බලන්න

    ReplyDelete
  19. විස්තරය අහලා යන්න හිතුණා ඒ බස් එකේ

    ReplyDelete
  20. Meka harima lassana kathawak.mama podi kale kiriella dakwa me bus eke pasal awa.dan wadihitiyek welat mata e kale Amma ekka giya hati matak wenawa.ithin me hangimbara sanwedi kathawa liyu e mahatha tat oba hamotamat thuthi...

    ReplyDelete