Showing posts with label KP. Show all posts
Showing posts with label KP. Show all posts

Thursday, May 29, 2025

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kuliyapitiya depot


This photo was taken on June 29, 2017, in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 1510/52 bus (KP 43 / 63-4875) at the Kuliyapitiya bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2000. This photo was taken in June 2017 while it was allocated on a local route between Galpola and Kupiyapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කුලියාපිටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්පොල හා කුලියාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. 

Friday, April 16, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 29, 2017, in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (KP 77  / NB-8725) at the Kuliyapitiya bus stand. Acquired to the SLTB fleet in 2014. This photo was taken in June 2017 while it was allocated for the services between Kuliyapitiya and Colombo under the route number 92. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කුලියාපිටිය බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2017 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 92 යටතේ කුලියාපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, May 17, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 29, 2017 in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 909/36 bus (KP 26 / 63-0681) at the Panduwasnuwara (Hettipola) bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් පඬුවස්නුවර (හෙට්ටිපොල) බස් නැවතුමේ දී . ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මෙම බස් රථයේ පැති ජනේල  සහ ප්‍රධාන ලාම්පු වෙනස් වී ඇති බව නිරීක්ෂනය වේ. රථය හෙට්ටිපොල සිට මණ්ඩපොළ හරහා කොබෙයිගනේ දක්වා ධාවනයට යොදවා තිබුණි.

Wednesday, September 20, 2017

SLTB supply division (Kuliyapitiya depot)

This photo was taken on June 29, 2017 in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Ashok Leyland Comet Minor supply division service vehicle (62-6047) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 62-6047 වේ.

Tuesday, July 4, 2017

AZAD bodied Ashok Leyland Viking bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 29, 2017 in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ashok Leyland Viking AZAD bodied bus (KP 28 / 63-1775) at the Panduwasnuwara (Hettipola) bus stand. Playing on a locale route to Hathalawa and Boraluwewa.   -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පඬුවස්නුවර (හෙට්ටිපොළ) බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථ වල බඳ (body) නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හාතලව හා  බොරළුවැව බලා ධාවනයට සූදානමින්.

Wednesday, June 8, 2016

Ashok Leyland Viking BRIJ bodied bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Ashok Leyland Viking BRIJ bodied bus (63-3342) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුලියාපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථ වල බඳ Brij Associates සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල්  පෙනුම තරමක් වෙනස් වී ඇත.

Saturday, July 11, 2015

Ruby bodied TATA LP 1510/42 Turbo SLTB edition bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 23, 2013, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 1510/42 Turbo SLTB edition bus (KP 145 / NA-7116) at Anuradhapura with a special tour. Body built by Ruby coach builders according to the SLTB specifcations and aquired to the SLTB fleet in 2008. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 turbo වර්ගයේ බස් රථයක් අනුරාධපුර දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා 2008 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් කර ඇත. ඡායාරූපය ලබාගත්තේ විශේෂ චාරිකාවක් යටතේ ධාවනය වන අවස්ථාවකය.
This photo was taken on June 23, 2013, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.


Saturday, September 27, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Latec TATA LP 1510/52 bus (63-4409) at the Colombo central bus stand. The bus acquired to the fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක්, කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ බඳ නිමවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 92 යටතේ කුලියාපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 24, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Latec TATA LP 1210/52 bus (KP 73 / 61-9556) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ සකසා ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

Saturday, October 5, 2013

SLTB breakdown service - Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Mercedes-Benz LP1113 Breakdown Service vehicle (28ශ්‍රී1231) in the depot premises. Classic Mercedes-Benz LP1113 CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1965 වසරේ ධාවනයට එක් වූ ලංගම බඳ සැකසු මර්සිඩීස් බෙන්ස්  LP1113 වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, September 25, 2013

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitya depot, Bharat bodied Ashok Leyland Viking bus (61-5251) at Kuliyapitiya. The bus acquired to the PTS Homagama depot in 1993. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Bharat බඳ සහිත බස් රථයක් කුලියාපිටියේ දී.  1993 වසරේ දී එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ හෝමාගම ඩිපෝවට ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. හෝමාගම ඩිපෝවෙන් ධාවනයන් සීමා කර තිබියෙදී කුලියාපිටිය ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ජනතා සේවයට සපයා ඇත. පාසල් ධාවන වාරයක හොරහැපොල බලා ධාවනය වෙමින්.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, June 30, 2013

Latec TATA LP 1510/52 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Latec TATA LP 1510/52 bus (GK-4147) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මුල් බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ මෙරටදී එකලස් කර ඇත. 2001 වසරේ එවකට කළුතර  බස් සමාගමේ හොරණ ඩිපෝව හා එකතු වී ඇති මෙම බස් රථය, පසුකාලීනව මෙලෙස කුලියාපිටිය ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී බසයේ පැති වීදුරු හා ඉදිරිපස ප්‍රධාන ලාම්පු වෙනස් වී ඇත.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මුල් කාලීනව කළුතර බස් සමාගම මගින් පින්තාරු කල වැකි තවමත් රථය තුල දැකගත හැක.
This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, May 16, 2013

Ashok Leyland Lynx D type bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ashok Leyland Lynx D type bus (KP 74 / NB-5644) coming out from the depot premises. --   ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන ආකාරය. රථය මාර්ග අංක 998 යාටතේ මාදම්පේ හා කුලියාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, April 10, 2013

SLTB breakdown service - Kuliyapitiya depot

This photo was taken on March 31, 2013 in Kuliyapitiya, Wayamba, LK, using a SONY ST26i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Mercedes Benz LP 322 breakdown service vehicle (23ශ්‍රී0630) at Kuliyapitiya. Mercedes Benz LP 322 CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 322 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලං.ග.ම. බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් LP 322 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. (ඡායාරූපය ඉන්දික වික්‍රමසිංහ)