Showing posts with label 1313. Show all posts
Showing posts with label 1313. Show all posts

Sunday, January 26, 2025

Wesco TATA LPO 1313/55 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Wesco TATA LPO 1313/55 bus (DP 02 / 62-8179) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1998. This photo was taken in January 2018 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1998 වසරේ එවකට ගම්පහ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගත් 2018 ජනවාරි මස වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Sunday, March 24, 2024

Dimo TATA LPO 1313/47 bus from SLTB Udahamulla depot

This photo was taken in 2009 in Pitakotte,Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot, Dimo TATA LPO 1313/47 bus (UM 108 / 62-1475) at Kotte road. The bus acquired to the PTS Udahamulla fleet in 1995. This photo was taken in 2009 while it was allocated for the services between Beddagana and Dehiwala under route number 118. The photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් පිටකෝට්ටේ දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2009 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 118 යටතේ දෙහිවල සිට බැද්දගාන බලා ධාවනය වෙමින් පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, September 16, 2022

Dimo TATA LPO 1313/47 bus from SLTB Yatinuwara depot

This photo was taken on December 09, 2011, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, Dimo TATA LPO 1313/47 bus (YT 26 / 62-1800) in Kandy. The bus acquired to the PTS Yatinuwara fleet in 1995. This photo was taken in December 2011 while it was allocated for the services Kadugannawa and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට සීමා සහිත යටිනුවර ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කඩුගන්නාව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

A photo of this bus taken at the depot premises in 2013 -- මෙම බස් රථය 2013 වසරේ අගෝස්තු මස ඩිපෝ පරිශ්‍රයේ දී 
This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Technical Specifications
Make :- Tata Motors
Model :- LPO 1313/47
Coach Builder :- Dimo Lanka Auto Assembly Ltd in Sri Lanka
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 4725 mm
Seating Capacity :- 40
Steering type :- Power
Year of Manufacturing :- 1994
Date of Registration :- 08.03.1995
SLTB type :- B
Status :- Withdrawn

Information as at 16.09.2022

Sunday, January 24, 2021

Wesco TATA LPO 1313/55 bus from SLTB Ratnapura depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Wesco TATA LPO 1313/55 bus (RP 10 / 62-5937) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1997. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1997 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. මේ වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය වේ.

Friday, September 27, 2019

Wesco TATA LPO 1313/55 bus from SLTB Wariyapola depot

This photo was taken on July 14, 2016 in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Wesco TATA LPO 1313/55 bus (WR 28 / 62-5539) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) වාරියපොල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1997 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු හා පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගත් අවධියේ අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Saturday, August 24, 2019

Wesco TATA LPO 1313/55 semi luxury bus from CMBC Moratuwa depot

This photo was taken on April 20, 2000 in Colombo 06, Western, LK, using a KODAK DC280.
Click for the full size picture.
Colombo Metropolitan Bus company (CMBC / Now SLTB) Moratuwa depot, Wesco TATA LPO 1313/55 semi luxury (MR 88 / 62-7814) at Colombo 06 while playing to Galle under the route number 02. The image is copyright to the respective photographer -- ක. මෙ. බ. ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ වැල්ලවත්තේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 02 යටතේ කොළඹ සිට ගාල්ල බලා ධාවනයට යොදවා ඇති බව පෙනේ. ධාවනය අතරතුර සිදු වූ සුළු අනතුරක් හේතුවෙන් රථය අතර මැද නවතා පරීක්‍ෂාවකට ලක්වෙමින් ඇති බව පෙනේ . ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Thursday, November 1, 2018

Wesco TATA LPO 1313/55 bus from UBCo Badulla depot

This photo was taken in 2004, in Badulla, Uva, LK.
Click for the full size picture.
Uva bus company (U.B.Co.), Badulla depot Wesco TATA LPO 1313/55 bus (62-7835) at the Badulla bus stand in 2004. Awaiting to leave for Passara. Photo by: Malcolm Chase. -- ඌව බස් සමාගමේ (ඌ.බ.ස.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා  LPO 1313/55 වර්ගයේ බස් රථයක් 2004 වසරේ බදුල්ල බස් නැවතුමේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. රථය බදුල්ල සිට පස්සර ලබා කෙටි ධාවනයක යොදවා තිබුණු අවස්ථාවකි.  ඡායාරූපය: මැල්කම් චේස් මහතා

Friday, October 19, 2018

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Wesco TATA LPO 1313/55, modified bus (62-6298) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) නුවරඑළිය ඩිපෝව  යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණතට වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගත් අවධියේ අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Thursday, September 27, 2018

Ruby bodied TATA LPO 1313/47 special bus from SRILANGAMA Badulla depot

This photo was taken in 1987 in Wewessa Ella, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SRILANGAMA) Badulla depot, Ruby bodied TATA LPO 1313/47 special bus (60ශ්‍රී5417) near the Wewessa Ella waterfall in 1987. The bus having a specially built body according to the requirements of the  Badulla - Colombo "Laksiri" service.  Photo taken form a SLTB 30th anniversary pocket calendar.  Special Thank goes to Mr. Kavissara Sanjeewa for the valuable photo and the information. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LPO 1313/47 වර්ගයේ විශේෂ බස් රථයක් (60ශ්‍රී5417) 1987 වසරේ දී  වේවැස්ස දිය ඇල්ල අසල දී. 1987 වසරේ මෙම වර්ගයේ විශේෂ බස් රථ දෙකක් බදුල්ල - කොළඹ "ලක්සිරි" සේවය වෙනුවෙන් විශේෂයෙන්ම ආනයනය කර ඇත. අනෙක් බසය වන්නේ 60ශ්‍රී5411 බස් රථයයි. ඩිපෝව මගින් රුබී සමාගමට ලබාදුන් අවශ්‍යතා අනුව මෙම විශේෂ බස් රථ ද්විත්වය නිමවා එවා ඇත. මෙම බස් රථ 2 x 3 ආසන සැකැස්මට සකසා ඇති අතර ඉදිරිපස තනි දොරටුවකින් යුක්තව තිබී ඇත. උස් ඇන්ද සහිත ආසන 52කින් සමන්විතව තිබී ඇති රථයේ සෑම ආසන දෙකක් අතරම විදුලි පංකා සවි කර තිබී ඇත. කම්පන උරා ගැනීමට සමත් දැවමුවා පොළවක් රථය සතුව තිබී ඇති අතර රථයේ ජනේල තිර රෙදි මෙන්ම ලක්සිරි වර්ණ රටාවද ඉන්දියාවෙන්ම නිමවා එවා ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ 1988 වසරේ ශ්‍රීලංගම ට 30 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නිකුත් කරන ලද සාක්කු දින දර්ශණයකිනි. ඡයාරූපය සහ වටිනා තොරතුරු සමූහය වෙනුවෙන් කවිස්සර සංජීව මහතාට විශේෂ ස්තූතිය.

Saturday, September 8, 2018

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Kelaniya depot

This photo was taken on October 08, 2012 in Colombo Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Wesco TATA LPO 1313/55, modified bus (KE 15 / 62-9327) at the Colombo central bus stand. Awaiting to leave for Dekatana on the route number 224/3. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කැලණිය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණතට වෙනස්කම් සිදු කොට තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 224/3 යටතේ දෙකටන බලා ධාවනයට යොදවා තිබුණි.

in the depot premises in August 2014 -- 2014 වසරේ අගෝස්තු මස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 23, 2018

Modified Wesco TATA LPO 1313/55 open-top single-decker bus from SLTB Moratuwa depot

This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Modified Wesco TATA LPO 1313/55 open-top single-decker bus (62-6846) in the depot premises. Modified by the depot workers in August 2018 for special tours. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්, වෙස්කෝ ටාටා  LPO 1313/55 වර්ගයේ බස් රථයකි. 1997 වසරේ දෙසැම්බර් මස එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2014 වසරේ ජුලි මස මොරටුව ඩිපෝව විසින් රැගෙනවිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කොට තිබුනේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි. මෑත කාලීනව නව බස් රථ ලැබීමත් සමඟ මොරටුව ඩිපෝව යටතේද රථය ධාවනය වී ඇත්තේ අඩු වශයෙනි. එහෙයින් ශ්‍රී ලංගම විශේෂ බස් රථ ව්‍යාපෘතිය යටතේ මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස නවීකරණයකොට රථයට නව වටිනාකමක් ලබා දී ඇත.

මෙම රථයේ වහලයේ කොටසක් විවෘත්ත කර මෙලෙස විශේෂ සංචාරයන්ට ගැලපෙන ලෙස බඳ සකසා ඇත්තේ ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ විසිනි. අනෙකුත් වැඩ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදුකොට ඇත. ඉදිරියේදී හැකිලිය හැකි වහළයක් රථයට ඒක කිරීම ඩිපෝවේ අරමුණයි. ඉන් පසු විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා දීමට ඩිපෝව සූදානමින් සිටී. මෙම රථය කුලී පදනම මත ලබා ගැනීම සඳහා 077 1 05 63 95 / 077 9 92 21 72 යන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.

This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

මෙම රථය 2015 වසරේ මෙම බස් රථය සාමාන්‍ය ධාවනයේ පැවති අවධිය පිලිබඳ අප පල කල ලිපිය

Friday, March 9, 2018

Dimo TATA LPO 1313/47 bus from PTS Anuradhapura depot

This photo was taken in 1995 in Hunnasgiriya, Central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Anuradhapura depot, dimo TATA  LPO 1313/47 bus (62-1184) at Hunnasgiriya with a special tour in 1995. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 බස් රථයක් 1995 වසරේ හුන්නස්ගිරියේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ මෙරටදී එකලස් කර ඇත්තේ ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගිනි. රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවකි.

Monday, January 29, 2018

Wesco TATA LPO 1313/55 bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Wesco bodied TATA LPO 1313/55 bus (KLW 20 / 62-5410) in the depot premises. Rehabilitated and modified by depot workers (2009) to celebrate the former president's induction. Withdrawn from the services in 2017. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කලවාන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ පළමු පදවිප්‍රාප්තියේ දෙවන වන වසර සැමරීම නිමිත්තෙන් (2009 වසරේ) ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවන් වලදී රථයේ  පැති ජනේලද වෙනස් කොට ඇති  බව දක්නට ලැබේ.  එම අලුත්වැඩියාවෙන් වසර 08 කට පසු 2017 වසරේ මෙම බස් රථය ධාවනයෙන් ඉවත් කොට වෙන්දේසිය සඳහා නිර්දේශ කර ඇත.

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

රථයේ ඇතුලත -- Interior of the bus
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, October 17, 2017

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Balangoda depot

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Wesco bodied TATA LPO 1313/55, modified bus (62-7450) at Balangoda bus stand. This bus rehabilitated and modified by depot workers (2013) to celebrate the former president's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) බලන්ගොඩ ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් බලන්ගොඩ බස් නැවතුමේ දී. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වන වසර සැමරීම නිමිත්තෙන් (2013 වසරේ) ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණත, පැති ජනේල, ඉදිරි දොරටුව ආදියට වෙනස්කම් සිදු කොට තිබේ. මෙහි මුල් බඳේහි ඉදිරියෙන්ම පැමිණි ඉදිරි දොරටුව ඉදිරි රෝදයෙන් පිටුපසට වන්නට නැවත සකසා තිබීම විශේෂය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පින්නවල පාර හරහා නෙල්ලිවල බලා ධාවනයට යොදවා තිබුණි.

Rear side of this bus (at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (කතරගම දී) 
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, September 27, 2017

Wesco TATA LPO 1313/55 bus from SLTB Kilinochchi depot

This photo was taken on Septemer 23, 2017 in  Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot Wesco TATA LPO 1313/55, modified bus (63-3090) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොචිච්ය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ පැති වීදුරු  සහ ප්‍රධාන ලාම්පු ආදිය වෙනස් වී ඇත. පැති වීදුරු සපයාගෙන ඇත්තේ ධාවනයෙන් ඉවත් කරන ලද ග්‍රේට්වෝල් බස් රථයකිනි.

Friday, July 14, 2017

Wesco TATA 1313 bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Wesco TATA 1313 bus (AT 49 / 62-7448) in the depot premises. Body built by Wesco (Werahara Engineering Corporation Ltd.) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව වෙස්කෝ සමාගම මගිනි.

Monday, May 29, 2017

Ruby bodied TATA 1313 bus from SLTB Hatton depot

This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LPO 1313 / 37 bus (HT 02 / 61-1309) at Ginigathhena bus stand. Acquired in 1991 in PTS service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  LPO 1313 / 37 රුබී බඳ සහිත බස් රථයක් ගිනිගත්හේන බස් නැවතුමේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකවී ඇති මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී සමාගම මගිනි. මෙම වර්ගයේ බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ලංගම රථ ඇණිය සතුව පැවතී ඇති අතර ඒවායින්ද බොහොමයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබේ.  රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගිනිගත්හේන හා කලවැල්දෙණිය අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇත)
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Friday, March 24, 2017

Modified Wesco TATA 1313 bus from SLTB Bandarawela depot

This photo was taken on July 25, 2016 in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot Wesco TATA 1313 modified bus (BW 30 / 62-5133) at Bndarawela town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලං.ග.ම. මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ ප්‍රධාන වීදුරු ඇතුළු මුහුණත මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබී ඇත.

Thursday, November 24, 2016

Modified Wesco TATA 1313 Padaviprapthi bus from SLTB Jaffna depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Wesco TATA 1313 modified bus (JF 80 / 62-7592) at Kararagama. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the former President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් කතරගම දී. පසු කාලීනව විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් යාපනය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන ලාම්පු, පැති ජනේල ආදිය වෙනස් වී ඇත. පැති ජනේල සපයාගෙන ඇත්තේ ධාවනයෙන් ඉවත් වූ ග්‍රේට්වෝල් වර්ගයේ බස් රථයකිනි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, August 16, 2016

Modified Wesco TATA 1313 bus from SLTB Rambukkana depot

This photo was taken on August 14, 2016 in Polgahawela, North Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Wesco TATA 1313 modified bus (RB 69/ 62-6885) at Polgahawela bus stand. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී අත. රථය පොල්ගහවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)