Saturday, June 29, 2013

ලංගම බස් අඩවියට ඔබේ දායකත්වය.

ඔබ සතු, ශ්‍රී ලංගමයට අදාළ තොරතුරු හා ඡායාරූප ලංගම බස් අඩවියේ පළ කර ඔබට සියලුදෙනා සමග ඒ තොරතුරු බෙදා ගත හැක.
ඔබ ආදරය කරන ලංගම බස් රථ, ලංගම බස් අඩවියේ පළ කරවාගැනීමට  ඔබ ලබාගත් හෝ ඔබ සතු  ඡායාරූප වල මුල් පිටපත්, දිය සලකුණු (watermark)නොයොදා, sltbbus@hotmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට අප වෙත එවන්න. ඒ සමඟ පහත සඳහන් විස්තරද හැකි අයුරින් ඇතුලත් කරන්න.

  1. ඡායාරූපයේ හිමිකරු (ඔබ ලබාගත්තේ නම් ඔබේ නම සඳහන් කරන්න. මුල් හිමිකරු නොදන්නේ නම් ඒ බව සඳහන් කරන්න.)
  2. ඡායාරූපය ලබාගත් දිනය 
  3. ඡායාරූපය ලබාගත් ස්ථානය 
  4. ඡායාරූපය ලබාගැනීමට භාවිතා කල කැමරාව.
  5. ලබා ගත් බස් රථය අයත් ඩිපෝව
  6. ලබා ගත් බස් රථයේ ලියාපදිංචි අංකය. 
  7. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බස් රථය ධාවනය වූ මාර්ගය.
සැලකිය යුතුය.
  • ඔබ ලබාගත් ඡායාරූප වල ගෞරවය ඔබට ලබා දේ. 
  • ඔබේ නොවන ඡායාරූපයක දී එහි ගෞරවය ඔබට මෙන්ම එහි මුල් ඡායාරූප ශිල්පියාට හෝ උපුටා ගත් මුල් අඩවියට ලබාදේ.
  • ඡායාරූප වලට ඔබේ නම සහිත දිය සලකුණු (watermark) යෙදීම අප විසින්ම සිදු කරනු ලබයි.
  • නිසි අවසරයකින් තොරව වෙනත් අඩවි වල ඇති ඡායාරූප එවීමෙන් වලකින්න.
  • ඔබ එවන ඡායාරූප pixels 1200 x 900 වඩා ප්‍රමාණයෙන් නොඅඩු විය යුතුය.
  • ඔබ එවන ඡායාරූප අඩවියේ පළකල හැකි ගුණාංග වලින් සමන්විත විය යුතුය.
  • ඔබ එවන ලද ඡායාරූප පළ කිරීම/නොකිරීම හා පළ කල  යුතු දිනය තීරණය කිරීම කතෘ වරුන් සතුය.
ඔබට ස්තූතියි!

2 comments:

  1. වෙනත් අයෙකුගේ ජායාරූපයක් ඔබ විසින් ඔබේ දියසලකුන යොදා පලකිරීම බුද්ධිමය දේපල මංකොල්ල කෑමකි.ජායාරූපයක අයිතිය එය ගත් අයට තහවුරු කරගත හැකි එකම ක්‍රමය තමන්ගේ දියසලකුන එම ජායාරූපයට යෙදීමෙන් පමනක් බව අමතක නොකරන්න

    ReplyDelete
    Replies
    1. අයියෝ! ඔයාට කියන එක තේරෙන්නේ නැහැ. දිය සලකුණට අපි දාන්නේ පින්තූරේ ගත්ත මනුස්සයාගේ නම, සහ අඩවියේ නම. අනිත් කෙනෙක් ගත්ත පින්තූරෙක ගෞරවය කවදාවත් අපි ගන්නේ නැහැ. :)

      Delete