Showing posts with label gajamatics. Show all posts
Showing posts with label gajamatics. Show all posts

Thursday, March 7, 2019

ගැජමැටික්ස් - ලිපි අංක 14 - ශ්‍රම ශක්තියෙන් ක්‍රියා කරන ඉන්ධන පොම්පය - උඩුගම ඩිපෝව

This photo was taken on February 26, 2019 in Udugama, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
මෙවර අපි ඔබ වෙත ගෙන එන ගජමැටික්ස් ලිපිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු ප්‍රාදේශිකයේ උඩුගම ඩිපෝව සතු වූ අපූරු මෙවලමක් පිලිබඳවයි. ඒ ඩිපෝවේ තිබෙන ශ්‍රම ශක්තියෙන් ක්‍රියා කරන ඉන්ධන පොම්පයයි. විදුලි බලයෙන් තොරව ලීවරයක් හරහා ලබා දෙන ශ්‍රම ශක්තියෙන් මෙම ඉන්ධන පොම්පය ක්‍රියාත්මක වේ. මෙවැනි පොම්ප අතලොස්සක් ලංගම සතුව පැවති අතර ඒවායින් ද අද ක්‍රියාකාරී මට්ටම පවතින්නේ මෙයම පමණක් විය හැකිය. මෙය 1970 දශකයේ එංගලන්තයේ නිෂ්පාදිතය. මේ වන විට උඩුගම ඩිපෝව සතුව නවතම ඉන්ධන පොම්පයක් පවතින හෙයින් මෙය භාවිත වන්නේ අඩුවෙනි. 

පොම්පයට ජවය සැපයෙන ලීවරය. මෙය දෙපසට එහා මෙහා කිරීම මගින් පොම්පයට අවශ්‍ය ශක්තිය ලැබේ. 
This photo was taken on February 26, 2019 in Udugama, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Saturday, March 3, 2018

ගැජමැටික්ස් - ලිපි අංක 13 - ගියර් පෙට්ටි හා ඩිපරන්සල් පද්ධති ගලවන උපකරණය- උඩදුම්බර ඩිපෝව (Gearbox removal tool - Udadumbara depot)

This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
මෙවර අපි ඔබ වෙත ගෙන එන ගජමැටික්ස් ලිපිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශිකයේ උඩදුම්බර ඩිපෝව සතු වූ අපූරු මෙවලමක් පිලිබඳවයි. ඩිපෝවේ ඉංජිනේරු අංශය යටතේ ඇති මෙම උපකරණය මගින් එක් පුද්ගලයෙකුට බසයක ගියර් පෙට්ටිය හා ඩිපරන්සල් පද්ධතිය ගලවා ඉවතට ගැනීමේ හැකියාව ලැබෙනවා. ඩිපෝවෙන් ලබාගත් දෑ සහ ට්‍රැක්ටරයක කොටස් යෝදාගමින් මෙය ඩිපෝ ඉජිනේරු අංශය විසින්ම නිමවා තිබෙනවා. ඉංජිනේරු අංශයේ අවශ්‍යතා වෙනුවෙන් මෙය භාවතා කෙරෙන බවයි ඩිපෝ ඉංජිනේරුතුමන් අප සමඟ පැවසුවේ. ඩිපෝවන්හි ඉංජිනේරු අංශ පිරික්සීමේදී ලංගමටම ආවේනික මෙවන් අපූරු උපාංගයන් අපට දැකගත හැකියි.
This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Tuesday, January 16, 2018

ගැජමැටික්ස් - ලිපි අංක 12 - විදුලි ජනන යන්ත්‍රය - රත්නපුර ඩිපෝව (Electric generator - Ratnapura depot)

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
මෙවර අපි ඔබ වෙත ගෙන එන ගජමැටික්ස් ලිපිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශිකයේ රත්නපුර ඩිපෝව සතු වූ විදුලි ජනන යන්ත්‍රය පිලිබඳවයි. ඩිපෝවේ ඉංජිනේරු අංශය යටතේ ඇති මෙම විදුලි ජනන යන්ත්‍රය ඔබ වෙනත් ස්ථාන වලදී දකින විදුලි ජනන යන්ත්‍ර මෙන් නොව වෙනස්ම මුහුණුවරක් ගන්නවා. බස් රථයක එන්ජින් පද්ධතියක් ආධාරයෙන් බල ගැන්වෙන මෙය එන්ජිමේ භ්‍රමණ ශක්තිය ඩයිනමොවක් හරහා යැවීම මගින් විදුලිය උත්පාදනය කරනවා. ඉංජිනේරු අංශයේ අවශ්‍යතා වෙනුවෙන් මෙය භාවතා කෙරෙන බවයි ඩිපෝ ඉංජිනේරුතුමන් අප සමඟ පැවසුවේ. ධාවනයෙන් ඉවත් කරන ලද 23ශ්‍රී8800 දරණ බස් රථය තුල මෙම පද්ධතිය සවි කර තිබීමද විශේෂත්වයක්. ඩිපෝවන්හි ඉංජිනේරු අංශ පිරික්සීමේදී ලංගමටම ආවේනික මෙවන් අපූරු උපාංගයන් අපට දැකගත හැකියි.

Saturday, December 16, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 11 - ලේලන්ඩ් Metrobus එන්ජින් පද්ධතිය (Leyland Metrobus Engine)

This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
2005 වසරේ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ලංගම හා එක් වූ MCW බඳ සහිත ලේලන්ඩ් Metrobus වර්ගයේ දෙමහල් බස් රථයක එන්ජින් කට්ටලය. අලුත්වැඩියාව පිණිස බසයෙන් ඉවත් කල එනිජින් කට්ටලය ඡායාරූපයට ගැනුනේ රත්මලාන ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

එන්ජින් පද්ධතිය බස් රථය තුල පිහිටන ආකාරය
This photo was taken on April 10, 2017 in Mount Lavinia, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 24, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 10 - ඉන්ධන විදින සකසන යන්ත්‍රය (Fuel Injection Pump and Common Rail Injector Test Bench)

This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
මෙවර අපි ඔබ වෙත ගෙන එන ගැජමැටික්ස් ලිපිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු ප්‍රාදේශිකයේ මල්ලාක්කම් වැඩපොළ සතු වූ අපූරු යන්ත්‍රයක් පිලිබඳය. එම යන්ත්‍රය භාවිතා කරනුයේ වාහන වල ඉන්ධන විදින නොහොත් "injector" සකස් කිරීමටය. රථයක එන්ජිමක් වඩාත් හොඳ ඉන්ධන පිරිමැස්මක් හා ක්‍රියාකාරීත්වයක් ලබා දීමට නම් ඒවයේ ඉන්ධන විදින, නිසි පරිදී පිහිටා තිබීම ඉතා වැදගත්ය. එහෙයින් එන්ජින් අලුත්වැඩියාවේ දී එම විදින නිසි පරිදි සැකසිය යුතුය. එම සැකසීම සඳහා පරීක්ෂාව මෙම යන්ත්‍රය මගින් සිදු කල හැකිය. 

This photo was taken on September 22, 2017 in Mallakam, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
පරිගණක පරිගණක පද්ධතියක් මගින් ක්‍රියාත්මක වන මෙම යන්ත්‍රය මේ වන විට මේ සඳහා හඳුන්වා දී ඇති නවීනතම යන්ත්‍රයකි. බස් රථ වල පමණක් නොව වෙනත් ඕනෑම වාහන මාදිලියක ඉන්ධන විදින පරීක්ෂාව මෙම යන්ත්‍රය මගින් සිදු කල හැකි බව උතුරු ප්‍රාදේශිකයේ ඉංජිනේරුතුමන් අප වෙත පැවසීය.

Saturday, July 8, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 09 - ටාටා 1510 එන්ජින් කට්ටලය (TATA 1510 Engine)

This photo was taken on March 09, 2017 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 09, 2017 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
2000 වසරේ ධාවනයට එක් වූ ටාටා 1510 වර්ගයේ බස් රථයක එන්ජින් කට්ටලය. බස් රථයකට සවි කිරීම පිණිස අලුත්වැඩියා කල එනිජින් කට්ටලය ඡායාරූපයට ගැනුනේ හලාවත ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Friday, June 16, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 08 - ලේලන්ඩ් MCW වායු අවලම්බන පද්ධතිය (Air suspension unit of the MCW Metro bus)

This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
1986 වසරේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත MCW මෙට්‍රෝ වර්ගයේ දෙමහල් බස් රථයක වායු අවලම්බන (Air suspension unit) පද්ධතිය ඉහත රූපයේ දැක්වේ.  එම දෙමහල් බස් රථ වල ඇක්සල හා තට්ටුව අතර පිහිටන මෙවන් ඒකක හතරක් මගින් රථයේ කම්පන උරා ගැනීම සිදුවේ. මගීන්ට, වඩා සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදීම මේවායෙහි අරමුණයි. රථයේ එන්ජින් පණ ගන්වා නොමැති අවස්ථාවල දී මේවා හැකිලී පවතින අතර රථයේ එන්ජිම පණ ගැන්වීම සමඟ ස්වයන්ක්‍රීයව මේවාට වාතය පිරී බඳ ඉහලට එසවේ. මෙයට පිටතින් තවත් ඝන රබර් ආවරණයක් පිහිටන අතර එමගින් මෙයට ආරක්ෂාව සැපයේ. ටොන් ගණනක් බර දෙමහල් බස් රථයේ බඳ ඉහලට එසවීමට, මෙම පද්ධති සතු ජවය විශ්මයජනකය. වසර 30 ක් පමණ පැරණි මෙම බස් රථ වල පවතින මෙම අවලම්බන පද්ධතිය තරම් දියුණු අවලම්බන පද්ධතියක් අද ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන නවතම බස් රථයකවත් දක්නට නැත. 2005 වසරේ සුනාමි ආධාර ලෙස අප රටට ලැබුණු MCW වර්ගයේ බස් රථ 15 න් 5ක් පමණ දැනට රත්මලාන ඩිපෝව සතුව ධාවන මට්ටමේ පවතින අතර ඒවා වෙනුවෙන් විශේෂයෙන් ආනයනය කර ඇති මෙම ඒකකය රත්මලාන ඩිපෝ ගබඩා පරිශ්‍රයේ දී ඡායාරූප ගත කර ගැනීමට ලැබුණි. විශේෂ ස්තූතිය: රන්ජන් මහගෙදර මහතා (රත්මලාන ඩිපෝව)

වායු අවලම්බන පද්ධතියේ ආරක්ෂාවට ඇති ඝන රබර් ආවරණය
This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
ඒකකයට වාතය පිරෙන සිදුර
This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
ඒකකය බස් රථයක් තුල පිහිටන ආකාරය
This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.

Sunday, April 9, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 07 - අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ එන්ජින් කට්ටලය (Ashok Leyland Viking Turbo Engine)

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
2017 එන්ජින් 500  ව්‍යාපෘතිය මගින් දිවයින පුරා පිහිටි ඩිපෝවන් වෙත බෙදා දීම සඳහා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ (H-Series) එන්ජින් කට්ටල 500ක් ගෙන්වීමට නියමිත අතර එහි මුල් අදියරේ එන්ජින් 95ක් මේ වන විටත් ඩිපෝවන් වෙත බෙදා දීමට කටයුතු කර ඇත. ඒ යටතේ බලංගොඩ ඩිපෝවට ලැබුණු එන්ජින් කට්ටලයක් මෙලෙස, ඩිපෝ  එන්ජින් අලුත්වැඩියා ඒකකයේ දී ඡායාරූපගත කර ගැනීමට ලැබුණි. මෙම එන්ජින් කට්ටලය දුර සේවා සඳහා යොදවා ඇති නව බස් රථයකට බද්ද කිරීමට නියමිත බවත් එම නව බස් රථයේ පෙර පැවති ටර්බෝ එන්ජින් කට්ටලය මේ වන විට NA-4099 බස් රථයට බද්ධ කර එම බස් රථය ධාවනයට සූදානම් කර ඇති බවත් ඩිපෝ ඉන්ජිනේරුතුමා පැවසීය.

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ටර්බෝ ජවයෙන් ධාවනයට සූදානම්ව සිටින NA-4099 ඩිපෝ ඉංජිනේරු අංශයේදී.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, March 22, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 06 - අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් එන්ජින් කට්ටලය (Ashok Leyland Viking Hinopower Engine)

This photo was taken on March 09, 2017 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 09, 2017 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක එන්ජින් කට්ටලය. බස් රථයකට සවි කිරීම පිණිස අලුත්වැඩියා කල එනිජින් කට්ටලය ඡායාරූපයට ගැනුනේ හලාවත ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Saturday, March 4, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 05 - ඩීසල් විදින පරික්ෂා කරන උපකරණය (Diesel Injector Tester)

ඩීසල් විදින පරික්ෂා කරන උපකරණය. ඩීසල් විදින (Diesel Injector) වල පීඩනය මැනගැනීම මෙම උපකරණය මගින් සිදුකල හැකිය. 2014 වසරේ ශ්‍රී ලංගම ඩිපෝවන් අතරින් හොඳම එන්ජින් තෙල් (Engine oil) ක්‍රියාකාරිත්වයක් වාර්තා කර ගත් ශ්‍රී ලංගම තෙල්දෙණිය ඩිපෝව වෙත, ශ්‍රී ලංගම, කාර්මික, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන් විසින් එවකදී ලබා දෙන ලද තිළිණයකි.

Friday, September 23, 2016

ගැජමැටික්ස් - ලිපි අංක 04 - ගියර් පෙට්ටි ඔසවනය

මෙවර ගැජමැටික්ස් ලිපිය කුරුණෑගල උතුර ඩිපෝවේ ඉංජිනේරු අංශයේ  දී දැක ගැනීමට ලැබුණු අපූරු මෙවලමක් ගැන. බස් රථයක ගියර්  පෙට්ටියක් ගැලවීමෙදීත්, අලුත්වැඩියා කරන ලද ගියර් පෙට්ටියක්  නැවත සවි කිරීමේදීත් එය නියමිත ආකාරයන් ඔසවා තැබීම සඳහා මෙම ගියර් පෙට්ටි ඔසවනය නිර්මාණය කර ඇත. ඩිපෝවෙන්ම සපයා ගත් දෑ එකතුකොට මෙම නිර්මාණය කර ඇත්තේ කුරුණෑගල උතුර ඩිපෝවේ ඉංජිනේරු අංශයේ ටී. එම්. ජී. විජේරත්න සහ එම්. ඩී. ජයතිලක යන මහත්වරුන් විසින්. ඩිපෝ සේවක මහත්වරුන්ගේ මෙවැනි නිර්මාණ මගින්  ඩිපෝවේ එදිනෙදා ක්‍රියාවලිය කාර්යක්‍ෂම කර ගැනීමට විශාල පිටිවහලක් ලැබෙන බව ඩිපෝ ඉන්ජිනේරුතුමාගේ අදහසයි.

Saturday, August 8, 2015

ගැජමැටික්ස් - ලිපි අංක 03 - පැරණි ඩීසල් පොම්පයක ඇතුලත

ඉන්ධන පිරවුම් පොම්පයක අභ්‍යන්තරය. 1974 වසරේ වලපනේ ඩිපෝවට (එවකට වතුමුල්ල ඩිපෝව) ලැබී ඇති මෙම ඉන්ධන පිරවුම් පොම්පය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිතය. මෙය වලපනේ බස් නැවතුමේ පිහිටුවා ඇත. මීට පසුව සවි කරන ලද පොම්ප ක්‍රියා විරහිත වී තිබුනද මෙම පොම්පය ඉතා හොඳින් තවමත් ක්‍රියාත්මක වන බව ඩිපෝ සේවක මහතුන් අපට පැවසීය. ආවරණය ඉවත් කර ඡායාරූපය ලබාගැනීම සහය වූ ඔවුනට අපගේ ස්තූතිය..

Friday, May 22, 2015

ගැජමැටික්ස් - ලිපි අංක 02 - එන්ජින් ඔසවනය

එන්ජින් ඔසවනය (ඩිපෝ ව්‍යාවහාරයේ දී ඇතා) යොදාගෙන, අලුත්වැඩියා කරන ලද එන්ජිමක් බස් රථයකට බද්ද කරන ආකාරය ගාල්ල ඩිපෝවේ ඉංජිනේරු අංශයේ දී.

Tuesday, April 2, 2013

ගැජමැටික්ස් - ලිපි අංක 01 - බස් රථයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පෙන්වන ආකෘතිය

This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුනෑගල දකුණ ඩිපෝවට අයත්, බස්රථයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වට පෙන්වන ආකෘතියකි. බස් රථයක් ධාවනය වන විට එහි එන්ජිම, ගියර් පද්දතිය ඇතුළු අනෙකුත් උපාංග ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම මෙම අපූරු මෙවලම පරික්ෂා කරන්නෙකුට හැකියාව ලැබේ. මෙය විදුලි මෝටර මගින් චලනය වෙමින් ධාවනය වන අවස්ථාවේ උපාංග ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මනාව පෙන්වයි. වාහනයක අභ්‍යන්තර ක්රියාකාරිතව පිලිබඳ හදාරන්නෙකුට ඉතා වටිනා මෙවලමක් ලෙස දැක්විය හැක.

රෝද සවිකර, කාර්මික සේවා රථයක් යොදාගෙන ඕනෑම තැනකට ඇදගෙන යා හැකි පරිදි මෙම උපකරණය නිර්මාණය කර තිබීම නිසා දිවයින පුරා ඇති කාර්මික ප්‍රදර්ශන වලට ගෙනයාමේ හැකියාව මෙම ආකෘතිය සතුය. ලංගම ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය මනාව පිළිඹිබු කරන මෙම ආකෘතිය,  කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාගේ මූලිකත්වයෙන් ඉංජිනේරු අංශයේ සේවක පිරිස විසින් නිර්මාණය කර ඇත.




ආකෘතිය පිටුපසින් දිස් වන ආකාරය.
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ආකෘතියෙන් පිළිඹිබු වන එන්ජිමේ හරස්කඩ (චලනය වෙමින් ක්‍රියාකාරිත්වය පෙන්වයි)
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

නරඹන්නන් හට ක්‍රියාකාරිත්වය පැහැදිලි කරදෙන කු. ද. ඩිපෝවේ ඉංජිනේරු අංශයේ මහත්වරුන්. (2013 දැයට කිරුල ප්‍රදර්ශයෙදී)
This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.