Showing posts with label Eastern. Show all posts
Showing posts with label Eastern. Show all posts

Sunday, March 15, 2026

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kaluwanchikudy sub depot

This photo was taken on February 27, 2026, in Kaluwanchikudy, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluwanchikudy sub depot Ashok Leyland Viking 222 Hinopower bus (KWK 06 / NA-4010) parked inside the depot workshop area. This bus was added to the SLTB fleet in 2007. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුවන්චිකුඩිය උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ වැඩපොළ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Saturday, March 14, 2026

SLTB breakdown service - Kattankudy depot

This photo was taken on February 27, 2026, in Kattankudy, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy Depot – Ashok Leyland Comet Minor breakdown service vehicle (GE-0491) parked at the depot premises. This vehicle is a converted Comet Minor bus used for breakdown and recovery operations. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස සකසා ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.  

Saturday, May 10, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Valaichchenai depot

This photo was taken on December 30, 2017, in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichchenai depot, 54 seater Ashok Leyland Viking 210 bus (VC 25 / NC-0497) in the Meethotamulla depot premises. The bus acquired to the SLTB Valaichchenai depot fleet in 2015. The bus, operating under route number 48, was parked like this in the Meethotamulla depot premises until its night shift began, at the time the photo was taken in December 2017. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාලච්චේන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2017 වසරේ දෙසැම්බර්  මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණේ එහි රාත්‍රී ධාවන වාරය ආරම්භ වන තුරුය. රථය මාර්ග අංක 48 යටතේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, February 22, 2025

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Ashok Leyland Viking 222 Hinopower bus (SMT 07 / NA - 4163) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. In late 2022, the Sammanthurai sub-depot was closed and all buses were assigned to its main depot, the Kalmunai depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ (සමන්තර) උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. පසු කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වූ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබුණි. 2022 වසරේ අග භාගයේ සම්මාන්තුරේ උප ඩිපෝව වසා දමන ලද අතර බස් රථ සියල්ල එහි ප්‍රධාන ඩිපෝව වූ කල්මුණේ ඩිපෝව වෙත අනියුක්ත කරන ලදී. 

Sunday, June 23, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Ampara depot

This photo was taken on February 22, 2018, in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, 54 seater Ashok Leyland Viking 210 bus (AM 60 / NB-8862) in Kandy. The bus acquired to the SLTB Ampara depot fleet in 2014. This photo was taken in February 2018 while it was allocated for the services between Ampara and Kandy under route bumber 22. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 2014 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2018 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අම්පාර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 22 යටතේය.

Sunday, March 31, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Batticaloa depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, 54 seater Ashok Leyland Viking 210 bus (NC-1584) at Trincomalee bus stand. The bus acquired to the SLTB Batticaloa depot fleet in 2015. This photo was taken in September 2023 while it was allocated for the services between Akkaraipattu and Trincomalee under route bumber 76. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය බස් නැවතුමේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අක්කරපත්තුව හා ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 76 යටතේය.

Monday, December 25, 2023

Ruby Bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Kattankudy depot

This photo was taken on September 08, 2023, in Trincomalee, Eastern, LK, using a Canon SX420.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot, 54 seater, Ruby Bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (KKY / NB-4236) at the Trincomalee bus stand. The bus acquired to the SLTB  Kattankudy depot fleet in 2013. This photo was taken in September 2023 while it was allocated for the services between trincomalee and Kalmune under route bumber 76. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය බස් නැවතුමේ දී. 2012 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කල්මුණේ හා ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 76 යටතේය.

Thursday, September 21, 2023

SLTB Supply division - Trincomalee depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot Ashok Leyland Viking 193 supply division service vehicle (60ශ්‍රී5603) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රීකුණාමලය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී5603 වේ.  1988 වසරේ ධාවනයට එක්වූ සුන්දරම් බඳක් සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සේවා රථය  සකසාගෙන ඇත.

මෙය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය. 


Monday, October 31, 2022

Alma bodied Ashok Leyland Viking 210 bus from SLTB Kantale depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, 54 seater Ashok Leyland Viking 210 bus (KNT 23 / NB-9166) in the Colombo central bus stand. Acquired to the depot fleet in 2014 under a special leasing scheme. This photo was taken in July 2020 while it was parked in the CBS premises while waiting for the turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් ප්‍රරිශ්‍රයේ දී. 2014 වසරේ අග භාගයේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2020 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් ම.බ.කා. පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මාර්ග අංක 49 යටතේ ත්‍රීකුණාමලය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- M.G. Alma Motors in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
No of Buses :- 1816
SLTB type :- B+
Status :- In Service

Information as at 31.10.2022

Sunday, October 9, 2022

Alma bodied Ashok Leyland Viking 210 bus from SLTB Mutur depot

This photo was taken on December 30, 2017, in Meethotamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mutur depot, 54 seater Ashok Leyland Viking 210 bus (MU 21 / NC-1239) in the Meetotamulla depot premises. Acquired to the depot fleet in January 2015 under a special leasing scheme. This photo was taken in December 2017 while it was parked in the Meethotamulla depot premises while waiting for the turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මුතූර් ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ ප්‍රරිශ්‍රයේ දී. 2015 වසරේ ජනවාරි මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2017 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මාර්ග අංක 49 යටතේ මුතූර් හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- M.G. Alma Motors in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
Date of Registration :- 15.02.2015
No of Buses :- 1816
SLTB type :- B+
Status :- In Service

Information as at 09.10.2022

Monday, March 1, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-2825) at Kataragama. Acquired to the NEBC fleet in 1999. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. The bus was on its way to the President's induction ceremony at Kataragama when the photo was taken in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ උප ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බුත්තල කතරගම මාර්ගයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට නව නැගෙනහිර බස් සමාගම (නිව් ඊස්ටර්න් බස් කම්පැනි) යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් උප ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස අළුත්වැඩියා කර ධාවනයට සපයා තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම පැවතී ජනපති පදවිප්‍රාප්ති සැමරුම් උත්සවය වෙත ධාවනය වෙමින් තිබුණි.

Friday, February 5, 2021

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLCTB Trincomalee depot

This photo was taken in 1981 in Trincomalee, Eastern, LK.
Click for the full size
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Trincomalee depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (TM 51 / 23ශ්‍රී9327) playing to Anuradhapura on route number 835 at Trincomalee in 1981. Body built by SLCTB and acquired to the depot fleet in 1979. Photo courtesy: Ape Langama -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ත්‍රිකුණාමලයේ දී. මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 835 යටතේ ත්‍රිකුණාමලයේ සිට අනුරධපුර බලා (තාවකාලික ධාවන වාරයක) ධාවනය වී ඇත. ඡයාරූපයේ අයිතිය මුල් ඡායාරූප ශිල්පියා සතුය. උපුටා ගැනීම: අපේ ලංගම

Tuesday, January 19, 2021

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (GE-0530) at the Galle face green. Body built by Utkal coach builders in India and acquired to the fleet in 2001. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ Utkal සමාගම මගින් බඳ සකසා 2001 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 

Monday, January 4, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Trincomalee depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, Ashok Leyland Viking 222 Hinopower bus (TM 04 / NA-3647) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2006. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Monday, August 3, 2020

SLTB supply division - Ampara tyre workshop

This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara Tyre workshop, Ashok Leyland Viking 193 supply division vehicle (63-4584) near the SLTB head-office, Narahenpita. Ceymo bodied Colombo Rider bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ටයර් වැඩපොළට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය අසල දී. සිමෝ ලංකා සමාගම මගින් බඳ නිමවා 2000 වසරේ ධාවනයට එක් වූ කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලීය ගබඩාවට පැමිණි අවස්ථාවකි.

This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.

Tuesday, July 28, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kalmunai depot

This photo was taken on March 28, 2013, in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Ruby bodied TATA LP 1510/52 bus (KM 18 / 63-4888) at the Ampara old bus stand. The bus acquired to the NEBC fleet in 2000. Allocated for the Deyata Kirula 2013 special services between Kalmunai and Ampara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුණේ ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අම්පාර පැරණි බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ නිමවා ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට නිව් ඊස්ටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ විශේෂ ප්‍රදර්ශනයේ සේවා යටතේ කල්මුණේ හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, June 25, 2020

Wesco ISUZU MT 111 L semi luxury bus from NEBC Kattankudy depot

This photo was taken in 2000 in Colombo, Western, LK.
Click for the full size picture.
New Eastern Bus Company Ltd. (N.E.B.C./ Now SLTB) Kattankudy depot, Wesco ISUZU MT111L bus (KKY 05 / 62-4657) at the Colombo central bus stand in 2000. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. Allocated for the services between Kattankudy and Colombo under the route number 46. The photo is copyright to the respective photographer. -- නව නැගෙනහිර බස් සමාගමේ (න.නැ.බ.ස., වත්මන් ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1997 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2000 වසරේ දී, මාර්ග අංක 46 යටතේ කාත්තාන්කුඩි හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, June 6, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Ampara depot

This photo was taken on February 14, 2020 in Nuwara-eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on February 14, 2020 in Nuwara-eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9740) at the Nuwara-Eliya town. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Nuwara-Eliya and Ampara under the route number 77. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් අවස්ථා දෙකක දී නුවරඑළිය නගරයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 77 යටතේ නුවරඑළිය හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, May 3, 2020

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Akkaraipattu depot

This photo was taken on December 03, 2014 in Meetotamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akkaraipattu depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-8848) in the Meetotamulla depot premises. Awaiting for it's runtime from the Colombo central bus stand. Allocated for the services on the route no 98, between Akkaraipattu and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අක්කරපත්තුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් තම ධාවන වාරය පැමිණෙන තෙක් මෙලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට ඇත. මාර්ග අංක 98 යටතේ අක්කරපත්තුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, April 27, 2020

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Kalmunai depot

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Utkal bodied Ashok Leyland Viking bus (KM 13 / 63-3184) at the Kalmunai bus stand. Acquired to the fleet in 1999 under the NEBC (New Eastern Bus Company) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුනේ ඩිපෝවට අයත්, UTKAL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. 1999 වසරේ එවකට නිව් ඊස්ටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට වසර දාහතරක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබුණි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි.