Showing posts with label ISUZU. Show all posts
Showing posts with label ISUZU. Show all posts

Saturday, June 15, 2024

ISUZU U-LV324K bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, ISUZU U-LV324K bus (NA-1725) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. This photo was taken in August 2014 while it was allocated for the services between Kawarakkulama and Anuradhapura under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ISUZU U-LV324K වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් මෙරටට ලැබී ඇත. 2014 වසරේ අගෝස්තු මස 28 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කවරක්කුලම හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණි. මැදවච්චිය ප්‍රාදේශීය වැඩපොළේදී සිදු කරන ලද බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස එවකට සිසු සැරිය වර්ණය යටතේ වර්ණ ගන්වා ධාවනයට සපයා තිබුණි.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, December 2, 2023

Wesco ISUZU MT111 L bus from SLTB Maharagama depot

This photo was taken on April 26, 2013, in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Wesco ISUZU MT111L bus (62-4293) at Homagama. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the PTS fleet in 1996. This photo was taken in April 2013 while it was allocated for the services between Maharagama and Avissawella under route bumber 122.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් හෝමාගම දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට, බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ, වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය  1996 වසරේ  අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. 2013 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ මහරගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබුණි.

Wednesday, March 1, 2023

Wesco ISUZU MT111 L bus from SLTB Kandy North depot

This photo was taken on April 28, 2016, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot Wesco ISUZU MT111 L bus (KN 52 / 62-4604) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. This photo was taken in April 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ඉසුසූ MT111 L බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයේ නිමවූ තට්ටුවකට බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් සර්විසස් කෝපරේෂන් හෙවත් පුදගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) මගින් බඳ නිමවා 1996 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වූවකි. 2016 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Friday, March 5, 2021

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Thalangama depot

This photo was taken in 1989 in Battamulla, Western, LK.
Click for the full-size picture.
Srilangma (now SLTB) Thalangama depot, Kitamura bodied ISUZU ECR 500 bus (TL 07 / 60ශ්‍රී3351) in the depot premises. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This photo was taken in 1989 while it was allocated for the services between Battaramulla and Fort under route number 160. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිමවා ඇත්තේ කිතමුරා කොච් සමාගම මගිනි. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ බස් රථය මාර්ග අංක 160 යටතේ බත්තරමුල්ල හා කොටුව අතර ධාවනයට යොදවා තිබූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Thursday, June 25, 2020

Wesco ISUZU MT 111 L semi luxury bus from NEBC Kattankudy depot

This photo was taken in 2000 in Colombo, Western, LK.
Click for the full size picture.
New Eastern Bus Company Ltd. (N.E.B.C./ Now SLTB) Kattankudy depot, Wesco ISUZU MT111L bus (KKY 05 / 62-4657) at the Colombo central bus stand in 2000. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. Allocated for the services between Kattankudy and Colombo under the route number 46. The photo is copyright to the respective photographer. -- නව නැගෙනහිර බස් සමාගමේ (න.නැ.බ.ස., වත්මන් ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1997 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2000 වසරේ දී, මාර්ග අංක 46 යටතේ කාත්තාන්කුඩි හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, April 27, 2020

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Kadawatha depot

This photo was taken on 1989 in Galle Face Green, Colombo, Western, LK.
Click for the full size picture.
SRILANGAMA (now SLTB) Kadawatha depot, Kitamura bodied ISUZU ECR 500 bus (KW 31 / 60ශ්‍රී3167) at the Galle Face green with a special hire. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. Photo by Chandrarathne Rajapakshe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කඩවත ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටිය අසල දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිෂ්පානය කිතමුරා කොච් සමාගම මගිනි. එකල මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගෙන ඇති අතර කටුබැද්ද ඩිපෝවට මෙම වර්ගයේ බස් 28 ක ඇණියක් තිබී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ විශේෂ චාරිකාවක් සඳහා යෙදවුණු අවස්ථාවක දීය.

ඡයාරූපය: 1989 වසරේ ශ්‍රීලංගම කඩවත ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල, වසර 36 ක ලංගම සේවාව සම්පූර්ණ කර මේ වන විට විශ්‍රාම ලබා සිටින චන්ද්‍රරතන රාජපක්‍ෂ මහතා විසිනි. ඡයාරූපය අප වෙත ලබා දුන්නේ එතුමාගේ පුත් චතුර රාජපක්‍ෂ මහතාය.

Tuesday, April 14, 2020

ISUZU Cubic ULV324L city bus from SLTB Ambalatota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ISUZU Cubic ULV324L city bus (AT 75 / NA-0561) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Special received form the Thalangama depot for the Hambantota - Mattala Airport service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝවට අයත් ඉසුසූ කියුබික් ULV324L වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. මුලින් ශ්‍රී ලංගම උඩහමුල්ල ඩිපෝවටද දෙවනුව ශ්‍රී ලංගම තලංගම ඩිපෝවට අනියුක්ත වී ඇති බස් රථය, 2013 වසරේ මෙලෙස අම්බලන්තොට ඩිපෝවට අනියුක්ත කර ඇත්තේ හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපොළ සේවාවන් සඳහා යෙදවීමටය. එම සේවාව ක්‍රියාත්මක නොවීමත් සමඟ රථය මෙලෙස හම්බන්තොට හා බඳගිරිය අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථය තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළකල ලිපිය 

Saturday, March 14, 2020

Wesco ISUZU MT 111 L semi luxury bus from CMBC Ratmalana depot

This photo was taken in 2000 in Kandy, Central, LK.
Click for the full size picture.
C.M.B.C. (Colombo Metropolitan Bus Company Ltd. / Now SLTB) Ratmalana depot, Wesco ISUZU MT111L bus (RL 192 / 62-5265) at the Kandy good shade bus stand in 2001. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ක.මෙ. බ.ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ශේඩ් බස් නැවතුමේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1997 වසරේ ලැබී ඇති මෙම බස් රථ මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී බස් රථ ලෙස ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2000 වසරේ දෙසැම්බර් මාසයේ දී, මාර්ග අංක 01 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනයට යෙදවූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, July 8, 2019

ISUZU JCR 500 luxury bus from SRILANGAMA Katubedda tourist depot

This photo was taken in 1993 in Kandy, Central, LK.
Click for the full size picture.
SRILANGAMA Katubedda tourist depot, ISUZU JCR 500 luxury bus (30ශ්‍රී6607) in Kandy in 1993 with a Navy duty. Few buses imported from Japan in 1983 for the special tours. Photo by Alistair Douglas. Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ශ්‍රීලංගම කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝව යටතේ ධාවනයවූ ඉසුසූ JCR 500 වර්ගයේ බස් රථයක් 1993 වසරේ මහනුවර නගරයේ දී. 1983 වසරේ මෙම වර්ගයේ බස් රථ කිහිපයක් ජපානයෙන් ආනයනය කර ඇත්තේ විශේෂ සේවා වෙනුවෙනි. සුඛෝපබෝගී බස් රථයක් වී ඇති මෙහි ප්‍රධාන එන්ජිම රථයේ පිටුපස පිහිටුවා ඇති අතර වායුසමන පද්ධතියේ එන්ජිම ඉදිරිපස පිහිටුවා ඇත. ධාවනයට එක්වී වසර 10 කට පසු මෙම බස් රථය වායුසමනය නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදා සේවාවක් වෙනුවෙන් මහනුවරට පැමිණි අවස්ථාවකි. ඡායාරූපය ඇලිස්ටර් ඩග්ලස් මහතා. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Saturday, November 17, 2018

SLCTB bodied ISUZU BF40 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, SLCTB bodied ISUZU BF40 bus (YT 103 / 29ශ්‍රී4037) in Kandy. Acquired to to the SLCTB fleet in 1980. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF40 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ශ්‍රී ලං.ම.ග.ම මගින් බඳ එකලස් කර, 1980 වසරේ ධාවනයට එක් කර ඇත. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති අතර ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 651/2 යටතේ මුරුතලාව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Dave Spencer

Monday, May 14, 2018

Kitamura bodied ISUZU BF30 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, Kitamura bodied ISUZU BF 30 bus (YT 52 / 29ශ්‍රී4414) in Kandy. Aquired in 1981 in SLCTB service. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ ආසන 31කින් සමන්විතව තිබී ඇත. ඡායාරූපය: Dave Spencer

Thursday, April 19, 2018

Wesco ISUZU MT 111 L semi luxury bus from KLBC Panadura depot

This photo was taken in 2000 in Bambalapitiya, Western, LK.
Click for the full size picture.
Kalutara Bus Company (K.L.B.C. / Now SLTB) Panadura depot Wesco ISUZU MT111 L semi luxury bus (PN 151 / 62-4302) playing on the Galle road (under route no. 100 from Pettah to Panadura) at Bambalapitiya. The image is copyright to the respective photographer -- කළුතර බස් සමාගමේ (ක. බ. ස / වත්මන් ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ බම්බලපිටියේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පිටකොටුවේ සිට පානදුර බලා ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Tuesday, March 27, 2018

Wesco ISUZU MT111 L bus from SLTB Kesbewa depot

This photo was taken on March 27, 2018 in Kesbewa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Wesco ISUZU MT111 L bus (KB 37 / 62-4289) in the depot premises. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111 L බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් කෝපරේෂන් හෙවත් පුදගලීකරණය කරන ලද ලංගම මධ්‍යම වැඩපොළ) මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථය වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය.

Thursday, February 1, 2018

CTB bodied Isuzu BF 50 bus from SLCTB Thalangama depot

This photo was taken in 1981 in Maradana, Colombo, Western, LK.
Click for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Thalangama depot, CTB bodied ISUZU BF50 bus (TL 89 / 23ශ්‍රී7214) playing on the "Green Circle route no. 1" at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථයක් "කොළ කවය 1" සේවය යටතේ කොටුව බලා ධාවනය වන අවස්ථාවක මරදාන නගරය පසු කරමින්. මෙම කොළ කවය බස් සේවය කොළඹ නගරය වටා කවාකාරයෙන් ධාවනය ධාවනය වී ඇති අතර ඕනෑම ස්ථානයකට අයකර ඇත්තේ එකම ගාස්තුවකි. මෙම කොළ කවය සේවා මහනුවර හා කොළඹ නගර ආශ්‍රිතව එකල ක්‍රියාත්මක වී ඇති අතර එම සේවා කොළ කවය 1, කොළ කවය 2 ආදී වශයෙන් අංක කොට ඇත.   1970 දශකයේ මැද භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ එකලස් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ දීය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්.

Tuesday, December 19, 2017

Wesco ISUZU MT111L bus from SLTB Udahamulla depot

This photo was taken on October 05, 2012 in kohuwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot Wesco ISUZU MT111L bus (UM 67 / 62-4395) at Kohuwala. Playing on the route No 17 from Dehiwala to Kurunegala. Body built by Werahara Engineering Corporation (Wesco) with Duple Metsec (UK).  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව  යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් කොහුවල දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථය  1996 වසරේ සැප්තැම්බර් මස අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 17 යටතේ දෙහිවල හා කුරුණෑගල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Saturday, October 14, 2017

Wesco ISUZU MT111 L semi luxury bus from GBC Ja-Ela depot

This photo was taken in 1997 in Ja-Ela, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company Ltd.  (GBC / Now SLTB) Ja-Ela depot, Wesco ISUZU MT111 semi luxury bus (JL 106 / 62-4470) playing on the Ja-Ela - Moratuwa semi luxury service. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. / වත්මන් ශ්‍රී ලං. ග. ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 111 වර්ගයේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ජා-ඇල හා මොරටුව අතර ධාවනය වන අවස්ථාවකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථ අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. මනා ඉඩප්‍රස්ථාවෙන් යුතු පළල් හා සුව පහසු ආසන, ආසන අතර මනා ඉඩ, කම්පන උරා ගන්නා ලී හා රබර් මිශ්‍ර තට්ටුව හා ගැස්සීම් අවම කරන මනා දුනු පද්ධතිය "අර්ධ සුඛෝපභෝගී" යන වදනට මනා සාධාරණයක් ඉටු කල බව එකල මෙම බස් රථ වලින් ගමන් පහසුව සලසාගත් මගී ජනතාව සාක්ෂි දරයි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Thursday, September 7, 2017

Modified Wesco ISUZU MT 111 L bus from SLTB Aluthgama depot

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot Wesco ISUZU MT 111 L modified bus (AL 35 / 62-4481) at Aluthgama bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලං.ග.ම. මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ ප්‍රධාන වීදුරු ඇතුළු මුහුණත මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. රථයට ජවය සැපයෙන්නේද පසු කාලීනව බද්ධ කරන ලද අශෝක් ලේලන්ඩ් එන්ජින් කට්ටලයකින් වීම විශේෂත්වයකි.

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 17, 2017

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Polonnaruwa depot

This photo was taken on March 25, 2016 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Polonnaruwa depot, Kitamura bodied ISUZU ELR 500 bus (60ශ්‍රී6950) at Kaduruwela. Playing on a local route to Hingurakgoda via Minneriya and Girithale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් කදුරුවෙල දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිතය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මින්නේරිය, ගිරිතලේ හරහා හිඟුරක්ගොඩ හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූවකි.

රථය ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Builder's plate of the bus -- නිෂ්පාදක විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 12, 2017

Wesco ISUZU MT 111 L bus from SLTB Yatinuwara depot

This photo was taken on May 25, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Wesco ISUZU MT111L bus (YT 100 / 62-3684) in Kandy. Body built by Wesco with Duple Metsec. Playing on a local route to Pilimathalawa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ බස් රථයක් මහනුවර දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මහනුවර හා පිළිමතලාව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Sunday, October 30, 2016

Isuzu BF50 buses from SLCTB Mattakkuliya depot

This photo was taken in 1980's in Colombo, Western, LK.
Click on the image for full size picture
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Mattakkuliya depot, ISUZU BF50 buses (MK 67 / 23ශ්‍රී8631 & MK 33 / 23ශ්‍රී8231) playing on the route 167 at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථ දෙකක් මාර්ග අංක 167 යටතේ ධාවනයවන අවස්ථාවක මරදානේ දී. 1970 දශකයේ අග භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු (chassis) මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.