Wednesday, June 26, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot,  54 seater Ashok Leyland Viking Turbo Inter-cooler bus (PL 136 / NA-8964) at the depot service center. Allocated for the services under the route No. 276 between Polonnaruwa and Nuwara-Eliya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 කින් යුත් බස් රථයක් ඩිපෝවේ සුළු සේවා අංශයේ දී. රථය මාර්ග අංක 276 ඔස්සේ පොලොන්නරුව හා නුවරඑලිය අතර ධාවනයට යොදවා තිබුණි. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝවේ බස් සේදුම් අංගනයේ දී.
This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

12 comments:

  1. Polonnaruwa depot eka lankawe thiyena hondama saha profit wadima depo eka kiyanne aththada?

    highway eka duwana Polonnaruwa depot eke bus e depot ekema salli walin gaththu ewa kiyala mama ahala thiyena.

    good job saho..... keep it up. hamadama me blog eka aniwa balanwa mama :D

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තම කිව්වොත් දැන් ලංකාවේ හොඳම ඩිපෝව වගේ. දවසකට ධාවන 136 ක් පවත්වාගෙන යනවා. අධිවේගී මාර්ගයේ මෙන්ම වෙනත් මාර්ග වලත් ධාවනය වන සුඛෝපභෝගී බස් රථ 7 ක් ඩිපෝව සතුයි. එයින් ඒවා ලීසිං පදනම මත ඩිපෝවෙන් ගෙවමින් තමයි ලබාගෙන තියෙන්නේ. අපි ඩිපෝවට යන වෙලාවේ අලුත් බස් එකකට කියල අලුත්වැඩියා වෙමින් තබුනේ NA-0773 කියල තට්ටු දෙකේ බස් එකක් විතරයි. අනිත් ඔක්කොම ධාවනයේ. අනිත් ඩිපෝ වලට ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් ඩිපෝවක් විදිහට දකිනවා. :)

      Delete
    2. 2012 හොඳම ඩිපෝව විදියට තෙරුණේ තලංගම ඩිපෝව නේද ?

      Delete
    3. ලොල්. තලංගම ඩිපෝවට හොඳම ඩිපෝව දුන්නොත්... 2008 හොඳම ඩිපෝව උනේ කැස්බෑව. ඒත් ඊටපස්සේ තේරීමක් කරල නැහැ. නමුත් දැන් හොඳම තත්වෙක තියෙන්නේ පොලොන්නරුව ඩිපෝව. :)

      Delete
    4. ඔබ නිවැරදිවිය හැකියි. තලංගම ඩිපෝව ගැන තිබුනේ දිවයින පත්තරේ ගිය ලිපියක. තලංගම වගේ ඩිපෝවකට හොඳම ඩිපෝව දෙන්න වටින්නේ නෑ. බොහොම අසතුටුදායකයි. තලංගම ඩිපෝවෙ වැඩි හරියක් බස් කොට උඩ. අර සුනාමි බස් නිකං දිරනවා. තලංගම ඩිපෝවේ බස් මදි බවක් දැනෙනවා. සමහරවිටක 170/190 බස් එකක් එනකන් විනාඩි 45ක්/පැයක් විතර බලන් ඉන්න ඕනේ. රෑට නම් 170/190 බස් හොඳටම අඩුයි. බොහොමයක් බස් හොඳ තත්වයේ නැහැ.අලුත් ලේලන්ඩ් බස් නම් ටිකක් හොඳයි. මට කියන්න තියෙන්නෙ තලංගම කියන්නේ බස්නාහිර පලාතේ හද්ද පජාත ඩිපෝවක් කියලා තමයි. පොළොන්නරුව ඩිපෝව බලලාවත් මුන් හැදෙනවානං ...

      Delete
  2. මේ බ්ලොග් සයිට් එකේ එකම ඡායාරූපයක්වත් නෑ මර්සිඩීස් බෙන්ස් 1113 අළුත් වර්ෂන් එකේ බස් එකක. ඒ බස් තිබුනෙ මට මතක හැටියට මහනුවර දකුණ, මාතලේ, මාවනැල්ල, කෑගල්ල, අවිස්සාවෙල්ල, රත්නපුර වගේ සීමිත ඩිපෝ සංඛ්‍යාවක විතරයි. 23ශ්‍රී3624, 23ශ්‍රී3625, 23ශ්‍රී3945, 23ශ්‍රී3952 ඒ සීරීස් එකේ.
    ඉස්සරහ පැත්තෙ ෂෙල් එක හදල තිබුනෙ අළුත් ටාටා1210 බස්වල වගේ ලයිට් දෙකත් වට කරගෙන යන රාමුවක් සහිතව. ලයිට් හතරැස්. එන්ජිම කවර් කරල තිබුනෙ හතරැස්, දාර සහිත පෙට්ටියක් වගේ එකකින්. එන්ජිම සහ ඩ්‍රයිවින් සීට් එක තියෙන ප්‍රදේශය අඟල් අටක් විතර උස්සලා තිබුනා. ඒ නිසා, එන්ජිම උස අඩුවටයි පෙනුනේ. ගියර් ලීවර් එක හරි‍ කෙළින් (කාර් එකක වගේ) හෑන්ඩ් බ්‍රේක් එකත් අමුතුම ක්‍රමයකට තිබුනෙ, එක පාරටම අදින්න බැරිද කොහෙද. ඩීසල් කට් කරන්න පැඩල් එකක් තිබුනා පාගන්න. පරණ 1113 බස් වල ඩීසල් කට් කරන්න තිබුනෙ ස්ටියරින් වීල් එකට යටින් ලීවර් එකක්, හරියට ස්ටියරින් එකත් එක්ක තියන ගියර් ලීවර් එක වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ තොරතුරට. අපේ අඩවියේ නැති බස් වර්ග ගොඩක් තියෙනවා. අපි උත්සහ කරනවා ඒවා ගැන විස්තර පළකරන්න. ඔබ කියන මේ බස් වර්ගය ගැන සොයා බලන්නම්. :)

      Delete
    2. මම කියන වර්ගයේ බස් දෙකක විදේශීය ඡායාරූප මෙතන තියනවා. ඉස්සරහ ෂෙල් එක බලන්න.
      http://t3.gstatic.com/images?q=tbn:ANd9GcRWHcyafv8op6TT76iQauWN46USbLpxkhVAG2yyWb22M_3UW0NMMA

      http://i0.wp.com/www.sportscardigest.com/cars-for-sale/wp-content/uploads/MBTrans1.jpg

      Delete
    3. ස්තූතියි තොරතුටරට.

      Delete
  3. මේ බස් එක දැන් PL - MH අතර ධාවනය වෙනවා

    ReplyDelete
  4. 23ශ්‍රී3636 මාතලේ ඩිපෝවේ තිබුනා...ඒකේ හෝ වෙන බෙන්ස් 1113
    මාවනැල්ල හෝ මහ/දකුණේ ..photo එකක් තිබුනා...

    ReplyDelete
  5. Mercedes benz veritas එකේ තියෙනවා ..

    ReplyDelete