Showing posts with label PVL. Show all posts
Showing posts with label PVL. Show all posts

Friday, July 25, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Pottuvil sub depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pottuvil sub depot, Ruby bodied TATA LP 1510/52 bus (NA-2509) at Kataragama. Acquired to the SLTB fleet in 2006. Rehabilitated in 2013 by the Pottuvil depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුවිල උප ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියදී ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ දී පොතුවිල උප ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Tuesday, November 5, 2013

Antony bodied TATA LP 1510/52 bus from SLTB Pottuvil sub depot

This photo was taken in 2013 in Batticaloa, Eastern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pottuvil sub depot, Antony bodied TATA LP 1510/52 bus (NA-3784) playing to Pottuvil (Photo by: Sadushi Umanga) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුවිල උප ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක්, පොතුවිල බලා ධාවනය වෙමින්. 2006 වසරේ ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපය: සදුෂි උමංගා

Saturday, June 1, 2013

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from SLTB Pottuvil sub depot

This photo was taken on March 28, 2013  in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pottuvil sub depot Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (NB-3800) at the Kalmunai bus stand.  Ready to leave for Akkaraipattu. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුවිල උප ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් මේවයේ බඳ නිෂ්පාදිතය. රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ලැබුණු මෙම බස් රථ 120 ක් 2012 වසරේ ශ්‍රී ලංගම වෙත ලබාදෙන ලදී. මෙම බස් රථ ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිමවා ඇති අතර සාමාන්‍ය රුබී බඳ සහිත බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. ගමනාන්ත පුවරු කොටස් දෙකකින් යුතු වීම, ආසන වල ප්ලාස්ටික් අල්ලු සහිත වීම, බසය තුල සිරස් අධාරක පිහිටීම මෙන්ම මෙහි ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටුවා තිබීම ආදිය කැපී පෙනේ. ඒවාට අමතරව යම් යම් තාක්ෂණික වෙනස්කම් ද සිදුකර ඇත අතර ඒවා ශ්‍රී ලංගම අවශ්‍යතා මත සිදු කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ බස් රථය අක්කරපත්තුව බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on March 28, 2013  in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.