Showing posts with label Wayamba. Show all posts
Showing posts with label Wayamba. Show all posts

Wednesday, September 30, 2026

Latec TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola Depot Latec-bodied TATA LP 1210/52 bus (WR 23 / 61-8389) is seen parked near a rest house in Kataragama. The bus was built by Latec with a Duple Metsec (UK) body and was added to the fleet in 1993, during the Peoplized Transport Service (PTS) era. In 2012, the bus underwent a rehabilitation carried out by the depot's own workers as part of a year-end rehabilitation project. Several modifications can be observed following the rehabilitation, including the modified headlight arrangement and replacement of the side shutters with shutters obtained from a Dimo-bodied bus. The photograph was taken on 31 December 2012 in Kataragama, while the bus was parked near a rest house. The bus is no longer in service and has since been withdrawn from active operations.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොල ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව (ලංගම පුද්ගලීකරණය කළ) වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 2012 වසරේ, වර්ෂ අවසාන බස් රථ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ඇති බස් රථය මෙලෙස අදාළ වැඩසටහන වෙත සහභාගී වීම සඳහා කතරගම වෙත පැමිණ තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු මෙන්ම පැති ජනේලද වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. මේ වන විට රථය ධාවනයෙන් ඉවත්ව ඇත.

Thursday, May 29, 2025

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kuliyapitiya depot


This photo was taken on June 29, 2017, in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 1510/52 bus (KP 43 / 63-4875) at the Kuliyapitiya bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2000. This photo was taken in June 2017 while it was allocated on a local route between Galpola and Kupiyapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කුලියාපිටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්පොල හා කුලියාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. 

Sunday, May 4, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, 54 seater Ashok Leyland Viking 210 bus (GU 51 / NC-1110) at Giriulla. The bus acquired to the SLTB Giriulla depot fleet in 2015. This photo was taken in January 2018 while it was allocated for the services between Negombo and Kurunegala under route number 34. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ගිරිඋල්ලේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මීගමුව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 34 යටතේය.

Sunday, January 12, 2025

Latec TATA LP 1510/52 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Latec TATA LP 1510/52 bus (AW 30 / GK-3625) in the depot premises. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the WBC fleet in 2001. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ ලටෙක් සමාගම මගින් (පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී) බඳ එකලස් කර ධාවනයට එක් කර ඇති රථයේ පැති ජනෙල්, මුහුණත පියන ඇතුළු කොටස් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Sunday, October 20, 2024

Ashok Leyland Viking 222 Hino Power bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ashok Leyland Viking  222 Hinopower bus (NA-3877) at the Alawwa bus stand. Acquired to the depot in 2006. This photo was taken in August 2018 while it was allocated for the services between Metiyagane and Alawwa under route number 513/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් අලව්ව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2006 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 513/1 යටතේ අලව්ව හා  මැටියගනේ අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, July 6, 2024

Latec TATA LP 1510/52 bus from SLTB Kurunegala South depot

This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Latec TATA LP 1510/52 bus (KGS 92 / GD-8168) at the Kurunegala bus stand. Body built by Latec (Pvt) Ltd in collaboration with Duple Metsec (UK) Ltd. The bus acquired to the WBC Kurunegala South fleet in 2000. This photo was taken in July 2012 while it was playing to the depot at the end of its turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා LPO 1510/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. එක්සත් රාජධානිය පදනම් කරගත් ඩියුපල් මෙට්සෙක් සමාගමේ තාක්‍ෂණයෙන් ලටෙක් සමාගම  මගින් බඳ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය නිමවා ඩිපෝව බලා ගමන් කරමින් තිබුණි.
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, June 8, 2024

Dimo TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken in 2005 in Wariyapola, Wayamba, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Dimo TATA LP 1210/52 bus (61-8675) at the Wariyapola bus stand in 2005. This photo is copyrighted to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2005 වසරේ වාරියපොළ බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 12 කට පසු මෙලෙස දිස් වී ඇත. 2004 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංගම නැවත පිහිටවූවද, බස් සමාගම් යුගයේ පැවති කහ පැහැය ඡයාරූපය ලබාගන්නා අවස්ථාව තෙක්ම පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Wednesday, April 17, 2024

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019, in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ruby bodied TATA LP 1510/36 bus (PT 27 / GE-1494) at the Puttalam bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2001. This photo was taken in June 2019 while it was allocated for the services between Puttalam and Kaladiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් පුත්තලම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2001 වසරේ එවකට වයඹ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2019 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පුත්තලම හා කල්අඩිය  අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, February 16, 2023

Antony bodied TATA LP 1510/52 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Antony bodied TATA LP 1510/52 bus (GG 55 / NA-2813) at Galgamuwa bus stand. The bus acquired to the SLTB fleet in 2006. This photo was taken in June 2016 while it was Alloctaed for the services between Perakumpura and Galgamuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ගල්ගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ  ධාවනයට එක්වී ඇත. 2016 වසරේ ජුනි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පැරකුම්පුර හා ගල්ගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

The bus at depot premises -- බස් රථය ඩිපෝ පරිශ්‍රයේ දී 
This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, February 4, 2023

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Wariyapola depot

This photo was taken on July 14, 2016, in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, 54 seater Ashok Leyland Viking 210 bus (WR 57 / NB-8694) at the depot entrance. Acquired to the depot fleet in 2014. This photo was taken in July 2016 at the time of completion of its run and was entering the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ඩිපෝවේ පිවිසුම අසල දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2016 වසරේ ජුලි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය අවසන් කර ඩිපෝ පරිශ්‍රයට වෙත පිවිසෙමින් තිබුණි.

Monday, January 30, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Chilaw depot

This photo was taken on March 09, 2017, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Lanka Ashok Leyland Viking 193 bus (CL 36 / 63-2791) in the depot premises. The bus acquired to the WBC fleet in 1999. This photo was taken in March 2017 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 1999 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2017 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පිරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Saturday, January 28, 2023

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Kurunegala North depot

This photo was taken on July 14, 2016, in Badagamuwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (KGN 28 / NC-1041) at the depot entrance. The bus acquired to the depot fleet in 2014. This photo was taken in July 2016 while it was allocated for the services between Kurunegala and Matale under route bumber 556. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝවේ පිවිසුම අසල දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2016 වසරේ ජුලි ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 556 යටතේ කුරුණෑගල හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, September 15, 2022

Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Nikaweratiya depot

This photo was taken on June 29, 2017, in Nikaweratiya, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus (NK 69 / NA-4089) at the Nikaweratiya bus stand. The bus was acquired by the SLTB fleet in 2007. This photo was taken on 29th June 2017 while it was allocated for the services between Nugawela Junction and Nikaweratiya under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් නිකවැරටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2017 වසරේ ජුනි මස මස 29 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නුගවැල මංසන්ධිය හා නිකවැරටිය අතර ධාවනයට යොදවා තිබුණි. 

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2007
No of Buses :- 467
SLTB type :- B+
Status :- in service


Information as at 15.09.2022

Friday, February 4, 2022

Hino U-HT2MLAAKAI city bus from SLTB Kurunegala south depot

This photo was taken on July 17, 2014, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot Hino U-HT2MLAAKAI bus (KGS 103 / NA-1743) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2014.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ U-HT2MLAAKAI වර්ගයේ බස් රථයකි. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. 2014 වසරේ ජුලි මස ඡායාරූපය ලබාගත් අතර  එවකට ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ප්‍රමුඛ කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් අලුත්වැඩියා කොට ධාවනයට සපයා තිබුණි. ඡායාරූපය ලබාගන්නා අවසථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Friday, April 16, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 29, 2017, in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (KP 77  / NB-8725) at the Kuliyapitiya bus stand. Acquired to the SLTB fleet in 2014. This photo was taken in June 2017 while it was allocated for the services between Kuliyapitiya and Colombo under the route number 92. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කුලියාපිටිය බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2017 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 92 යටතේ කුලියාපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, March 14, 2021

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo bus (GU 31 / NA-6835) in the depot premises. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2008. This photo was taken in January 2018 while it was allocated for the services between Negombo and Kununegala under route number 34. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2008 වසරේ ඩිපෝවට ලබා දී ඇති රථය ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයට අයත්ය. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 34 යටතේ කුරුණෑගල හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, February 21, 2021

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ruby bodied TATA LP 1510/52 bus (AW 31 / NA-1626) at Alawwa. The bus acquired to the depot fleet in 2005. Allocated for the services between warakapola and Karawanella under route number 671. The bus was on its way to the depot when the photo was taken in 2018. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අලව්වේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 671 යටතේ වරකාපොල හා කරවනැල්ල අතර ධාවනයට යොදවා ඇති රථය 2018 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝව බලා ධාවනය වෙමින් තිබුණි.

Friday, January 8, 2021

Latec TATA LP 1510/52 bus from SLTB Puttalam depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot Latec TATA LP 1510/52 bus (PT 08 / GE-7691) at the Galle face green. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the WBC fleet in 2001. Here after a rehabilitation done by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2000 වසරේ එවකට වයඹ බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2020 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.

Monday, November 23, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, 42 seater Ashok Leyland Viking 193 Tubro bus (MHO 44  / NC-0236) at Maho. Acquired to the SLTB fleet in 2014. Playing on a local route between Maho and Kurunegala via Ibbagamuwa, Kumbukgate and Madagalla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහව දුම්රිය හරස් මාර්‍ගය අසල දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, September 27, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Ruby bodied TATA LP 1510/52 bus (CL 41 / 63-4040) at the Chilaw old bus stand. The bus acquired to the WBC fleet in 2000. Allocated for the services between Dummalasuriya and Chilaw. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හලාවත පැරණි බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ නිමවා ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දුම්මලසූරිය හා හලාවත අතර ධාවනයට යොදවා තිබුණි.