Ideas - අදහස්


ලංගම බස් අඩවිය ගැන..

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු අපේ රටේ ජාතික ප්‍රවාහන සේවයයි. 1958 බස් රථ 7200 ක ඇණියකින් යුතුව ලෝකයේ ලොකුම පොදු මගී සේවා සපයන බස් සමාගම ලෙස ඇරඹී මේ දක්වා විවිධ හැලහැප්පීම් වලට ලක් වෙමින් අදටත් නිහඬව ජනතා සේවය සපයමින් සිටී. ආරම්භයේ සිට අද දක්වාම ශ්‍රී ලංගමයට ආදරය කල, ඒ හා සමඟ හදවතින් බැඳී සිටි පිරිස බොහෝය. ආයතනය තුල සේවය කල පිරිස, ආයතනයෙන් අත්දැකීම් ලබාගත් පිරිස මෙන්ම ආයතනයෙන් සේවය සපයාගත් මගී පිරිසද ඒ අතර වේ. අද දක්වාම කුමන බාධා පැමිණියද ශ්‍රී ලංගමය පතාක යොධයෙකු මෙන් ඒ සියල්ල දරාගෙන තවමත් ජනතා සේවයේ යෙදී සිටින්නේ ඒ ශක්තිය නිසාමය.

වර්තමානයේ බස් සේවා, පුද්ගලික බස් ව්‍යාපාරය විසින් ආක්‍රමණය කිරීමත් සමඟ ජනතාව ලංගමයෙන් ඈත් වේ යයි යමෙකු සිතුවද එය එසේ සිදුවී නැත්තේ, අදටත් බස් රථ අතර ජනහිතකාමීම බස් සේවය ලංගමයම වන නිසාය. විනාඩි 45 ක ගමනකට, පැය 2 ක් ගත කරමින් බස් තුල මගීන් තෙරපවන පුද්ගලීක බස් ව්‍යාපාරයෙන් මිදීමට මගියාට ඇති එකම විකල්පය ශ්‍රී ලංගමයයි. ඒ නිසා අදටත් මගියෙක් මහමග ලංගම බස් රථයක් දුවූ විට ඒ වෙත දිව යන්නේ සිත සතුටිනි.

කෙසේ වෙතත් අන්තර්ජාලය තුල ලංගම වෙනුවෙන් වෙන්කර තිබුණු ඉඩ ප්‍රමාණය කිසිසේත් ම ප්‍රමාණවත් නොවුණු බව අපට හැඟී ගියේ ඒ පිළිබඳව අන්තර්ජාලයේ පරිශීලනය කිරීමෙන් පසුවයි. ලාභ පාරෙන් ලාභය උපයා පාඩු පාරේ පාඩුවට බස් ධාවනය කරමින් ලාංකේය මගී ජනතාවට අතිමහත් සේවයක් කරන අපේ ලංගමට ඊට වඩා ඉඩක් අන්තර්ජාලයේ වෙන් විය යුතු බව සලකා එය අන්තර්ජාලයේ ප්‍රවර්ධනය කිරීමට ක්‍රමයක් සොයමින් සිටි අතරතුර බ්ලොග් අඩවියක අදහස පහල විය. ඒ අනුව sltbbus.blogspot.com යන නාමය ඇතිව බ්ලොග් අඩවියක් ආරම්භ කළෙමු.

ලංගම බස් අඩවියට දිනෙන් දින ලැබුණු යහපත් ප්‍රතිචාර මත එහි ඇති වටිනාකම අපටම මැනවින් පැහැදිලි වුන අතර ඒ පිලිබඳ ඉතා සතුටක් ඇතිවිය. ඒ නිසාම තව තව ඡායාරූප හා තොරතුරු එක්රැස් කරමින් එය යාවත්කාලීන කිරීමේ උනන්දුව ඇති විය. ඒ අනුව ලංගම බස් අඩවිය වර්තමාන තත්වයට යාවත්කාලීන කර ගැනීමට අපට හැකි විය. මේ වන විට මුළු ලිපි 880 කින් යුක්ත ලංගම බස් අඩවිය දෛනික පිටු නැරඹුම් 800 ක් පමණ ලැබීම සතුටට කරුණකි. තවද වර්තමානයේ ලංගම පිලිබඳ අන්ත්ජාලයේ පරිශීලනය කරන්නෙකුට ඡායාරූප ඇතුළුව තොරතුරු ගොන්නක් සැපයීමටද අපට හැකිව තිබේ. අනාගත පරපුරටද ලංගම පිලිබඳ සුභවාදී ආකල්පයක් ලබාදීම ඒ හරහා හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

ලංගම බස් අඩවිය පරිශීලනය කරන සියලුම දෙනාට ඒ පිළිබඳව ස්තූති කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නේ ලංගම බස් අඩවියේ නියම සාර්ථකත්වය ලැබෙන්නේ එය පර්ශීලනය කරන පාඨක ප්‍රජාව නිසාම බැවිනි. ඔබ සැමට ස්තූතියි!!

ලංගම බස් අඩවියේ  වැඩිම ලිපි ගණනක් වෙනුවෙන් ඡායාරූප වලින් දායක වී ඇති අයවළුන්


නම
දායක වී ඇති ලිපි ගණන
උත්පල දිල්හාන්

ප්‍රීමාල් මධුසංක
ඉෂාර චතුරංග කෝරළගේ

තරිඳු වික්‍රමරත්න

දමින්ද ප්‍රසංගික
අවසන් යාවත්කාලීනය: 2017 නොවැම්බර් 16


Please Comment your ideas here. E-mail to us : sltbbus@hotmail.com  -- මෙම අඩවිය පිලිබඳ ඔබේ අදහස් මෙහි පළකරන්න. ඔබ සතුව ලංගම පිලිබඳ වටිනා තොරතුරු තිබේ නම් sltbbus@hotmail.com යන ඊ මේල් ලිපිනයට අප වෙත එවන්න. 

ලංගම බස් අඩවියේ ලිපි පිලිබඳ සජීව යාවත්කාලීන ලබා ගැනීම සඳහා සහ පාඨක ප්‍රජාව සමඟ තවත් තොරතුරු බෙදා ගැනීම සඳහා ලංගම බස් අඩවියේ මිතුරු සමූහය සමඟ එක්වන්න: www.facebook.com/groups/sltbbus

Join with us on facebook-- අපේ facebook පිටුවට like එකක් දාන්න අමතක කරන්න එපා
www.facebook.com/Sltbbus


232 comments:

  1. නියමයි වැඩේනම්....මෙම පිටුව තුල පිළිවලට තොරතුරු තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ අගයකිරීමට.... :)

      Delete
    2. මමත් ලංගම තමයි.ඒත් ,තොරතුරක් හරියට දන ගන්න මාධ්‍යක් නැ.ඔබගේ උත්සාහය අතිවිශිෂ්ටයි.

      Delete
    3. මෙි බ්ලොග් එකට ඩිපෝ වල ඇමතුම් අංක ධාවන කාළසටහන් වගේ එවත් එකතු කරන්න එතකොට මේ බ්ගොග් එක අංගසමිපූර්ණ වටින එකක් වෙයි

      Delete
    4. නියමයි නියමයි. මුං රෑට බස් එකේ අන්තිම සීට් වල ඉන්න අයට ටිකට් දෙන්නෙ නෑ. 171 බොරැල්ල පාරෙ යන බස් එකක කොන්දෙක්ට මං සල්ලි දීල හතර සැරෙයක් ටිකට් ඉල්ලුව ඌ විරිත්තල අහක බලා ගත්ත. 154 බස් වල රු: 8 ටිකට් දෙන්නෙ නෑ. ඉල්ලුවොත් ටිකට් ඕනෙමද කියල බස් හෝල්ට් 3කට රු: 12ක් ඕනෙ කියල වැඩියෙන් සල්ලි අරං හෝල්ට් 5ක දුරට ටිකට් එකක් දෙනව. සමහරු රෑට ලයිට් නිවාගෙන එක ලයිට් එකක් දාගෙන අඩ අඳුරේ බාගෙයක් වටිනාකමට ටිකට් දෙනව.

      Delete
  2. හ්ම්.. හොඳ වැඩක්. ලංගම බස් එකක් ගැන විස්තරයක් දැනගන්න වෙන කිසිම අඩවියක් නෑ නේ. ජය පතමි!

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ අගයකිරීමට.... :)

      Delete
  3. මම ලංගමට ගොඩක් ආදරය කරන කෙනක්, අද උනත් ලංගම බස් එකක් දැක්කොත් මන් අනිවාර්යෙන්ම බස් එකට නගිනවා...
    මොකද මම ඉස්කෝලේ යනකොට හැමදාම වගේ ගියේ ලංගම බස් 1k season එකෙන්.....සල්ලි නැති කලේ ඉස්කෝලේ යන්න season 1k ගොධක ප්‍රයෝජන උනා, ඒකාලේ නිකන් වගේ අපිව ගෙනියපු ලංගමයට මන් කවදත් ආදරය කරනව..........

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදී.. අදටත් මගියෙක් ගැන හිතලා බස් එකක් දානවා නම් ලංගමෙන් තමයි.

      Delete
    2. niyamai ...hoda wadak.. suba pathum....

      Delete
  4. නියමයි... සුභ පැතුම්

    ReplyDelete
  5. well done!!! Mr Bus.....

    keep up the good work... hope to see old forgotten bus types of SLTB!!!!

    KEEP UP THE GOOD WORK...

    ReplyDelete
  6. Macahn wade hondai.. aduwakata wage dakke. me ara dimo bus ,ewwa na ne.airforce ,navi aya gawa ehema thama tiyanne.windscreen eka flat nati curev ewwa.wennappuwa, chilaw depo wala man huthanne thama ati.wennappuwa dipowa nam godak agayakala youthui, oya parana bus ambanak hada hada diwwa.api school yana kale.saththuwaththa bus eka pradanai...samata jaya

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ මචෝ.. එහෙම අමතක වෙනවද ඩිමෝ.. මේ තියෙන්නේ :D
      http://sltbbus.blogspot.com/search/label/dimo

      Delete
    2. Mama ahala tiyanawa tata cummins engine eka km laksha hayahamarak duwanawa kiyala namuth hemadama ganna ashok leyland duwane km laksha thunailu lory walata nam ethha wahe penawaa kohomada bus walata

      Delete
  7. wede niyamai macho.math iskole yana kale idan giye CTB ma thama.eth ada ape pare CTB yannema nethi tharam.api school bus akath oyage photo wala thiyenawa 60 sri 6635.bus aka man hithanne eka thama duwanawa negombo depot ake jaya sri........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතී ඔබේ අදහස් වලට.. ඔබ කියන කතාව ඇත්ත. දැන් බොහොමයක් මාර්ග ප්‍රයිවෙට් බස් මාෆියාව විසින් අල්ලාගෙන තියෙන්නේ. දුවන ලංගම බස් ටිකවත් රක ගන්න වෙනවා අපිට.. නැත්තම් ප්‍රයිවට් බස් මාෆියාවට ඒකාධිකාරයක් ආවොත් මගියාගේ අභාග්‍ය තමයි..

      Delete
  8. neamai.but we wont some citybusses in colombo

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම ලැබෙයි.. නාගරික සේවාව ඉක්මනටම වැඩි කරයි.. දැනටම බුස්‌ සෑහෙන්න ඇවිල්ල තියෙන්නේ.

      Delete
  9. හොද වැඩක්. ලංගම බස් එකක් ගැන විස්තරයක් දැනගන්න වෙන කිසිම අඩවියක් නෑ.බස් වර්ග වල තාක්ශනික විස්තරත් දානව නම් ගොඩක් හොදයි අර කොච්චි ගැන තියෙන web site වගෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ අගය කිරීමට.. මට හැකි අයුරින් හැම විස්තරයක්ම දෙන්න උත්සහ කරමි!!

      Delete
  10. සුබ පැතුම්!, ලංගම ඉතිහාසය හදාරන්නනට හොඳ තෝතැන්නක්. මෙහි ඇති bedford වැනි බස් රථ නමින් පමණක් අසා තිබුනා. මීට අමතරව benze old model. layland tiger. layland rt single deck. හා ඇතැම් විට පැරණි renoulte වර්ග ද තිබී ඇත. මට ලැබුණොත් එවන්නම්.

    ReplyDelete
  11. ඔයාගේ මේ බ්ලොග් එක මම අගය කරනවා. අර අලුතෙන් ආපු බස් එකක් දැක්කොත් මම යන්නේ ඒකෙ. අර වොල්වෝ එකේ යන්න මම කොච්චර පෙරුම් පිරුවද? මම වැඩට එනකොට ඒක හිල්ටන් හරියෙන් මොරටුව පැත්තට යනවා. දුකේ බෑ. දැන් නම් ඇති වෙන්න මේ බස් තියෙනව. මම හිතනවා කොළඹ නගරයම මේ බස් වලින් ආවරණය කලොත් ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හොඳ කලක් යයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. නාගරික බස් සේවාව නම් නියම කාලෝචිත දෙයක්.. බොලොග් අඩවිය ගැන ඔබේ අගයකිරීමට ස්තූතී.. :)

      Delete
  12. Nice effet. Excellent work done. Got a lot knowledge about SLTB. Great work

    ReplyDelete
  13. Dear Uthpala,This is gteat job you are doing.I too is a CTB enthusiasistfrom my small days.I have made two comments so far about buses in Ratmalana Depot in good old days.I new the entire fleet at RL but unfortunately do not have images of them.There were 188 buses at Ratmalana in 1980 when I was going to DSSV at Borella .If you need to get more information of some of the old buses you may got Ceylon German Technical Training Institute at Katubeddha where there are a fleet of old Werahera pass buses still in operation after been restored.They are very old buses such as 23-1 IC2800 Mercedece Benz & Leyland comet.The RL1 you had illustrated has a long history at Ratmalana.It was operated in Route No 198 Mt Lavina Rajagiriya and was rebodied as a Speical Tour bus in 1984 with the fron door.It is the last remaining Viking 193 WB type today at Ratmalana It was RL 171 in good old days

    ReplyDelete
    Replies
    1. Thanks fro the comment and valuable information. :)

      Delete
  14. ada mata me blog eka gana fb ekedi danaganna labuna.

    harima sathutui hondata karagena yanwa. hugak asawen kiyewwa. digatama ohoma karagena yanna

    jaya wewa /// )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔබේ අගය කිරීමෙන් තවත් දිරිමත් වෙනවා.. :)

      Delete
  15. ඉතාමත් අගයකලයුතු වැඩක් . මමත් ඔබට හැකිපමණ තොරතුරු දෙන්නම් .

    ReplyDelete
  16. elama long distance duwanne horowpatana depot eken

    ReplyDelete
  17. Importtant work in this perioud. I wish you and this blog continueu this for long time perioud. But you have mistake there is no first SLTB bus in this blog. please find it. Now it is in Nittambuwa depot and it is BENZ one ans cover page of SLTB site

    ReplyDelete
    Replies
    1. so meny times i tried to capture the bus. but.. :/, anyway, thanks for your appreciation. :)

      Delete
  18. Dear Uthpala

    I have sent a image and some information on Laksiri Buses built in 19080 to your hotmail address sltbbus@hotmail.com Please check & conform receipt RS

    ReplyDelete
  19. 2012-12-31 tawa bus godak titenna ati tawa tikak danna api asai balanna Kandy south great we salute them

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. බස් 110 ක් විතර තියෙනව ඔක්කොම. දවසට එක බැගින් ඉදිරියේදී දෙන්නම්.

      Delete
  20. Great work of you First I thanks to you for this blog.
    Lankawe Orugodawaththe wane sansthawe chasi1ka hadapu bus1k tibunalu eka rathmalana depot1k tamai tibila tiyenne
    name1k: Lanka1 photo1k wat hoyaganna puluwanda balanna thanks dear.

    ReplyDelete
    Replies
    1. I have a small photo of that bus. I'll post it on the blog. thanks for your appreciation. :)

      Delete
    2. plz post it soon. I like to see it

      Delete
  21. machan issara thibuna rivet body fuso bus,ekak thibuna dekka thalangama deport eke,puluwannam lankawe thiyana parana bus gena hoyala danna .

    Great work, thanks

    ReplyDelete
    Replies
    1. කටුබැද්ද සංචාරක ඩිපෝවේ ෆුසෝ බස් රථය ගැන වෙන්න ඕනේ ඔබ කියන්නේ. ඉක්මනින්ම පින්තුරයක් දෙන්නම්. අගයකිරීම ගැන ස්තූතියි. :)

      Delete
    2. Eka fuso bus ekak nemei, isuzu journy K ekak.puluwn unoth photo ekak hoyala dennam.

      Delete
    3. එහෙමනම් මේක වෙන්න ඕනේ.. Transbord Tours Classic ISUZU Journey

      Delete
    4. eka thama isuzu journy K eka, mama gawa e wage ekakui.thawa issara nuwara eliya depot eke thibba benz ekaka image ekak tiyanawa, kohomada oyata ewanne?

      Delete
    5. sltbbus@hotmail.com කියනලිපිනයට ඊයක් එවන්න. ගොඩක් ස්තූතියි!

      Delete
    6. Oya twama decemser 31st bus wadiya damme nahane hama dama eyin 1k danna dear.
      lankawe hadapu 1weni bus1t poddak dannako
      Thank you

      Delete
    7. ow.. thawama okkoma damme naha. api dawasata 1yi ne post daanne.. ekayi. Bandaranayake benz ekath ikmanatama dennam. :)

      Delete
    8. Kohomahari fuso eka hoyagaththane. well done

      Delete
  22. Happy birthday.
    My congradulations!

    ReplyDelete
  23. mama suba pathanawa me site ekata......jaya wewa...

    ReplyDelete
  24. Dear Uthpala,

    Great work I am a great fan of CTB buses eventhough now I live in Australia. Yuor ste brings old memories of our school time, even now I can recite most of the MH/HG/UM bus numbers. Havent seen UM padavi bus this time. Sad to seel SLTB going down again Last two years there was good resurgence most of the buses were repaired bus now again same sad old story.
    Anyway your work is great

    ReplyDelete
  25. Oya padawi prapti bus tikaine danne api godak kamatiy ewata ewa kataragamadi ganipu photos ne but ko Kataragama depot 1k bus1 nadda eka I hope its also valuble too.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එකපාර දැම්මේ නැහැ. ඉක්මනින්ම දෙන්නම්. කතරගම බස් රථයත් තිබෙනවා. :)

      Delete
  26. Nice Work.. Keep it up....
    බ්ලොග් එක ගොඩාක් වටිනවා...

    ReplyDelete
  27. Homagama Charitha

    කියලා නිම කරන්න බෑ ඇත්තටම මේකෙ වටිනකම. මමත් බස් පිස්සෙක්. ලංගම කියල විශේශයක් නෑ. එත් ලංගමට ආසයි. ආදරෙයි.

    මම ඉන්නෙ 128 ගෝනපොල හෝමගම පාරෙ. අපි පුංචි දවස්වල ඉස්කෝලෙ යද්දි අපේ පාරෙ වැඩකලේ හෝමගම ඩිපෝවෙ 60ශ්‍රී5513 බස් එකයි, 29ශ්‍රී8815 බස් එකයි. ඒ දෙකෙන් එකක් හදිස්සියෙ කැඩුනොත් එන්නෙ 23ශ්‍රී9395 දරණ කොට බස් රථයක්.

    මම හැමදාම ඉදගත්තෙ රියදුරු අසුනට පිටිපැස්සෙන් තියෙන අර ගැරිජ් පෙට්ටිය කියලා ඉස්සර තිබුනු ආයුධ දාන ලී පෙට්ටිය උඩින්. එතකොට මට ඉස්සරහ පේනවනෙ ;)

    ඒත් පහුවෙනකොට අපේ පාරට කණකොකා ඇඩුවා. අපේ පාරෙ එක බස් එකක්වත් වැඩකලේ නැහැ. අපි උදේට දවල්ට කිලෝ මීටර් 3ක් 4ක් පයින් ආව ගියා. හෝමගම ඩිපෝවට ලියුම් දුන්න. කිව්වා. ඒත් අපි ගැන එයාලා හිතුවෙ නැ. :( ඉදල හිටල එයාලට ඕනි උනාම බස් එකක් එව්ව.

    අපි අන්තිමට 128 යකහලුව කොට්ටාව ප්‍රයිවට් බස් හිමියන්ට කතාකලා බස් එකක් දාගන්න. එයාල කැමති උනා. දන් අපේ පාරෙ අවුරුඩු 6ක් තිස්සෙ ප්‍රයිවට් බස් දුවනව. ඒත් ලංගම අපි දිහා බලුවෙ නැති එකට දුකයි. ඒත් අපි තාම ලංගමට ආසයි. අපි අදටත් කැමතියි අපේ පාරෙ ලංගම බස් යනවට.

    අවසාන වශයෙන් ඔයාට සුභ පතනව මේ වැඩේට. දිගටම කරගෙන යන්න. මමත් උදව් කරනව.

    තෙරුවන් සරණයි.... ලංගමට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චරිත අයියේ.. ඔබ වැනි ලංගමට ආදරය කරන අය ලංගම බස් අඩවියට මෙන්ම ලංගමටත් ශක්තියක්. ඔබටත් තෙරුවන් සරණයි! :)

      Delete
  28. langamata hitha ethi eka gena sathutui.obage kepaweema gena pudumai.attatama oba kawuda?kemathinam kiyanna.thawa puluwannam siyaluma depot wala TP no's balaganna vidiyak hadanna.e wagema dura sewa bus patanganna welawan saha nima wena welawan pahasuwen balanna kramayak hadanna.

    ReplyDelete
    Replies
    1. නමින් උත්පල. ඇත්තටම මම ලංගම ඇතුලේ කෙනෙක් නෙමෙයි. ලංගමට මම තවත් එක මගියෙක් පමණයි. හැබැයි පොඩි කාලේ ඉඳල ලංගමට කැමැත්තක් තිබුනා. දන්නා තරමින් පුළුවන් විදිහට තමයි මේ සයිට් එක කරගෙන යන්නේ. දැන් නම් අපිට ලංගමෙන් අවසරයකුත් ලැබුන.

      Delete
  29. කියලා නිම කරන්න බෑ ඇත්තටම මේ බ්ලොග් එකේ වටිනකම. ලංගම බස් එකක් ගැන විස්තරයක් දැනගන්න කිසිම වෙබ් අඩවි අඩවියක් නෑ . ගොඩක් හොද වැඩක්. උත්පල ඔබට ස්තූතියි. ලංගමට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගය කිරීමට. :)

      Delete
  30. wijesena@live.com - (from Piliyandala)March 5, 2013 at 9:29 AM

    කැස්බෑව, මොරටුව, රත්මලාන, කටුබැද්ද, මහරගම ඩිපෝවල බස් වල නිතරම යනවා. එම සේවාවන්, රියදුරු, කොන්දොස්තර මහතුන් බස් නඩත්තුව අනිත් ඩිපෝවලට වඩා ගොඩක් හොදයි ඉහත ඩිපෝවල. කලමනාකාරිත්වයටත්, රියදුරු, කොන්දොස්තර මහතුන්ටත්, සැම සේවක මහතුන්ටත් තුති. ලංගමට ජය !!!

    උත්පල ඔබටත් සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අදටත් ලංගම ආරක්ෂා වෙලා තියෙන්නේ ඔය ආයතනය ගැන හිතන කළමනාකාර මහත්වරු හා ඉංජිනේරු මහත්වරු නිසා. ඒ දේපල හරියට හිටියනම් යට පිරිස නිකන්ම හැදෙනවා. ඒ මිනිස්සු ඇත්තටම ඇගයීමට ලක් වෙන්න ඕනේ.. :)

      ස්තූතියි ඔබේ සුභ පැතුමට.! :)

      Delete
  31. CTB bus walata Wathura Aguna da?

    ReplyDelete
  32. ලංගමට වතුර නම් අගුණ නැහැ. ගංවතුර තිබුනත් බස් දුවනවා. මම හිතන්නේ ඔයා උත්සහා කරන්නේ ලංගම බස් හෝදන්නේ නැහැ කියන්න වෙන්න ඇති. නැහැ සහෝ ලංගම බස් හෝදනවා. බොහොමයක් ඩිපෝ වල නිසි කාලසටහනකට බස් සේදීම වෙනවා. ඇතැම් ඩිපෝ නම් එය සාර්ථකව කරන්නේ නැහැ. තව දෙයක් තමයි සමහර බස් හෝදන්න වෙලාවක් නැහැ. මොකද සමහර තැන්වල එක පාරකට දුවන්නේ එක බස් එකයි . රියදුරු කොන්දොස්තර මාරු වෙනවා බසය හැමතිස්සෙම වැඩ. ඔයාල දන්නවා නේ ලංගමට බස් රථ ඇණිය දැන් මදි කියල. කොහොම උනත් තිබෙන සීමිත සම්පත් කලමනාකරනය කරගෙන ලංගම ජනතා සේවා පවත්වාගෙන යනවා. :)

    ReplyDelete
  33. ලංගම බස්වල ගමනාන්ත පුවරුව (Rute Board) මාරු කලහැකි ලෙස පමණක් සකසන්න. පුද්ගලික වගේ නෙමේනෙ, ඕන රූට් එකක ලංගමට යන්න පුළුවන්නේ. "කිරිදීවැල ඩිපෝ බස්" ඉස්සරහා පිටිපස්සේ බෝඩ් වල මහනුවර-කොළඹ කියල බෝඩ් දාගෙන, පුගොඩ - කොළඹ දුවනවා. පුගොඩ කියලා පුංචිම බෝඩ් එකක් FRONT GLASS එකේ ගහගෙන. මගින් නොමග යනවා. ලංගම බැනුම් අහනවා. ගොඩක් ඩිපෝ බස් වල මේ ගැටලුව තියනවා. ලංගම කළමනාකාරිත්වය ඉක්මන් පියවරක් ගන්න.

    ReplyDelete
  34. Kothmale Dipowe Padawi Bus Eka Dala Nahane Mekata...........

    ReplyDelete
    Replies
    1. පින්තූර අරන් තියෙන්නේ.. ඉක්මනටම දාන්නම්.. පදවිප්‍රාප්ති ඔක්කොම එකපාර දැම්මේ නැහැ.

      Delete
  35. මම පොඩි අදහසක් දෙන්නම් සමහර නගරවල sltb බස් හරිම අපිරිසිදුයි.මේවා පිරිසිදුවට තියාගන්න කියලා සේවකයින්ට කියන්න.අනිත් එක sltb බස් වලට audio system සවි කලොත් තවත් හොදයි.මොකද නිකම්ම යනවට වඩා සිංදුවක් අහ අහා යන එක හොදයි.

    ReplyDelete
  36. sltbbus.blogspot.com
    saamaya sathuta sapiri subama suba sinhala hindu aluth awuruddak wewa!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබටත් එසේම වේවා! :)

      Delete
  37. subama suba aluth awuruddak wewa...
    ~charitha~

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබටත් එසේම වේවා!! :)

      Delete
  38. උත්පල
    ලංගමට කාලයක් සම්බන්ධවෙලා හිටපු මට මේ පොටෝ ටික දැක්කහම හරි සතු‍ටුයි.මේ උඩම තියන 23 ශ්‍රී 2696 ඩබල් ඩෙකර් එක මගෙ ජීවිතේට බොහොම සමීප එකක්.අපේ පාසැල් බස් එක .කහතුඩුවෙ ඉඳලා ගාමිනී හෝල් දක්වා ගියේ,ඒ වගේම මේ බස් එක එලවපු ලයනල් අයියා කියල අපි කියපු රියදුරු මහතා මේ බස් එක ඉතාම ආදරයෙන් බලා ගත්තා.එයා නිවාඩු නම් බස් එකටත් නිවාඩු.වෙන ඩ්‍රයිවර් කෙනෙකුට දෙන්නෙ නෑ ඩිපෝ එකෙන්.මම හිතාගෙන හිටියෙ මේ බස් එක තාම මහරගම ඩිපෝවෙ තියනව කියලයි.මේ anciant SLTB British Leyland කියල තියන බස් එකට කිව්වෙ අලියා කොමට් කියල.පරන ලේලන්ඩ් ගොඩක් ඒව මොඩල් එක කොමට්.ටයිගර් කබ් ,ඇල්බියන් ඇරුනහම.අර ඩබල් ඩෙකර් මූන තියන තනි තට්‍ටුවෙ ඒවට කිව්වෙ යකා බස්.

    ReplyDelete
  39. Good work uthpala.ape thaththa weda kaleth ctb eke. weraherayi.ekalayi. ingineru pareekshka hetiyata.aya wedata giyeth me thiyena nittabuwa staff transport bus eke.mamath podi kale oya bus eke iskole giya.

    ReplyDelete
    Replies
    1. ස්තූති ඔබට! ඔබව ලංගම බස් අඩවියේ දැකීම සතුටක්.. :)

      Delete
  40. api itin season walin yana nisa kohomath CTB ekata adareyi.me site ekatah kematiyi

    ReplyDelete
  41. උත්පල
    1970 ගනන්වල ලංගමට ගෙනාවා ඉන්දියන් බොඩි ගහපු අශෝක් ලේලන්ඩ් බස්.ඒවයෙ බොඩිය දැන් එන ඉන්දියන් බොඩි වගෙ නෙමෙයි ටිකක් අමුතුයි. ඔය ලංගම බස්වල තියන ලනුව අදින බෙල් එක ඉස්සෙල්ලම ආවෙ ඒවයෙ.ලඟ්හකදි නම් දැක්කෙ නෑ එකක්.

    ReplyDelete
    Replies
    1. මම එහෙම බස් වර්ගයක් ගැන දැනගෙන හිටියේ නැහැ. ඔබට බස් වර්ගයේ නමක් මතකද? ඒ ගැන සොයා බලන්නම්. ස්තූතියි ඔබේ තොරතුරට. :)

      Delete
    2. Mewa ashok leyland nevei tata indian body bus, samanya CTB pata gala tibune 80 ganan walthamai awe, pitipassseround lite tibune.

      Delete
  42. උත්පල
    1970 ගනන්වල ලංගමට ගෙනාවා ඉන්දියන් බොඩි ගහපු අශෝක් ලේලන්ඩ් බස්.ඒවයෙ බොඩිය දැන් එන ඉන්දියන් බොඩි වගෙ නෙමෙයි ටිකක් අමුතුයි. ඔය ලංගම බස්වල තියන ලනුව අදින බෙල් එක ඉස්සෙල්ලම ආවෙ ඒවයෙ.ලඟ්හකදි නම් දැක්කෙ නෑ එකක්.

    ReplyDelete
    Replies
    1. තොරතුරට ස්තූතියි. හොයල බලන්නම්. ඔබට මොඩල නාමයක් වගේ මතක නම් තොරතුරු හොයන්න උදව වේවි.

      Delete
    2. i think that type buses made by 'STON' COACH builders. most of those buses registered under 23 sri 4... series. 23 sri 4899 operated under kirindiwela depot between colombo to pugoda via dompe. those days driver was 'aubowan uncle' and it was rebuit with normal werahera body and operated as KD-01 till early 1990. 23 sri 4888 was another same type bus,operated under kirindiwela depot.

      Delete
  43. ගොඩක් හොඳ උත්සහයක් මමත් ගමනක් යන්න තෝර ගන්නේ ලංගම බස් රථයක් ම තමයි.මහමග කිසිම රස්තියාදු වීමක් නෑ.ඒ වගේම ආරක්ෂාකාරීයි.පුද්ගලික බස් ගැන නම් කතා කරලා වැඩක් නෑ.බ්ලොග් එක ඉතාමත් අගයකලයුතුයි.පුළුවන් නම් මේ බස් රථ වල තාක්ෂණික පසු බිමත් විස්තරයට ඇතුලත් කරන්න.ජය!

    ReplyDelete
  44. niyamayi oyaalage site eka. godak asawen baluwa. thanks..

    ReplyDelete
  45. Great work Uthpala,

    Like to know some more about ISUZU / TATA Wesco A/C luxury buses, as I know in SLTB they have grades like A, B & C for buses and according to these grades they will assign drivers for buses after considering their experience, so waiting to see an article about that as well.

    And one more, need another article about former bus companies (metro bus)

    Good luck

    ReplyDelete
    Replies
    1. Thanks a lot. We'll give you ASAP. :)

      Delete
    2. Uthpala,

      Any update regarding my above requests?

      Delete
  46. Negombo depot have some long distance routes like, katunayake – kakirawa, katharagama – Negombo, Balangoda - Negombo, wish to see those soon in this blog

    ReplyDelete
  47. කාලෙකට කලින් දිවයින පත්තරේ පල වුනා ශ්‍රි ලං.ග.ම. පානදුර ඩිපෝවෙන් ලංකාවෙ ඌව පලාතෙ බදුල්ලට ආසන්න කැටවත්ත කියන ගමට යන්න බස් එකක් දාපු පරණ කතාවක් සහ ඒ බස් එක නිසා ඇති වුන උප සංස්කෘතියක් ගැන ලස්සන විස්තරයක්, උත්පල, ඔයාට පුලුවන් නම් ඒ ගැන විස්තරයක් ලියල පල කරන්න මේ අඩවියේ, මට මතක විදියට නම් බස් එක ධාවනය වෙන්නෙ මාර්ග අංක 64 යටතේ පානදුර සිට හොරණ, රත්නපුර, බදුල්ල හරහා කැටවත්තට.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ ගැන ලිපියක් නම් පල කල යුතුමයි. තවම බස් එකේ පැහැදිලි ඡායාරූප ටිකක් ගන්න ලැබුනේ නැහැ. පානදුර ඩිපෝවෙන් කරන්නේ ඒ මාර්ගය. අපි අපේ ෆේස්බුක් පිටුවේ නම් පල කළා ඒ බස් එකේ ඡායාරූපයක්. බ්ලොග් අඩවියට දාන්න පැහැදිලි මදි ඒක. :( පුළුවන් ඉක්මනින් ඒ ගැන ලිපියක් දෙන්න උත්සහ කරන්නම්. :)

      Delete
    2. උත්පල,

      ඔබ ඉහතින් මා දැක්වූ පානදුර - කැටවත්ත බස් රථය පිළිබඳව ලිපියක් මෙම අඩවියේ පළකරන තුරු මා බලා සිටිමි.

      Delete
  48. බස් ගැනත් ඔබේ බ්ලොගය ගැනත් ලියූ ලිපියක් කියවන්න.

    සිලෝන් ටකරං බස්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක දැක්කම මට ගොඩක් සතුටු හිතුන. මම අනුරාධපුර චාරිකාවක් ගිය නිසා අද තමයි ඒක කියන්වන්න ලැබුනේ. :)

      Delete
  49. අනර්ග නිර්මාණයක් මිත්‍රයා , මම නම් මේ බස් ලිපි දිගේ යමින් විඳින්නේ “අතීතයේ සුන්දරත්වයමයි“ විශේෂයෙන්ම පාසල කාළේ ජීවිතේට ආයෙත් යනවා ඔබේ මේ ලිපි තුලින් . ඒ වගේම හුඟක් වටින වැඩක් , ස්තුතියි ඔබේ වෙහෙසට .

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුවෙන් දිරි ගැන්වීමක් ලැබෙනවා. ස්තූතියි! :)

      Delete
  50. Excellent work. Its good if you provide a link to http://www.sltb.lk/home.php

    ReplyDelete
  51. pls tell us more information about ELPITIYA DEPOT thank you!

    ReplyDelete
    Replies
    1. we will visit the depot soon and give you the details. :)

      Delete
  52. (කොළඔ සිට හලාවතට 75km තියෙන්නේ) ,උදේ 4.00 කොළඔ සිට පුත්තලමට බස් රථයක් පිතටත් උනතත් 6.30 වෙනවා හලාවතට යද්දී අපරාදේ කාලය අව්රුදු කීපයකට කලින් පැය 2.00යි CTB ආපස්සට , බලවත් කණගාටුව .........!

    (4.30 අනුරාධපුර බලා කොළඔ සිට පිතත් වෙන පුද්ගලික බස් රථය 6.30 ට හලාවතට ලගාවෙනවා ,6.30 හලාවතින් පුතලමට CTB බස් රථයකුත් පිටත් වෙනවා , එකමවෙලවට වෙලාවට 3ක් අය්යෝ සල්ලි )

    ReplyDelete
  53. This comment has been removed by the author.

    ReplyDelete
  54. Uthapala - Great work, really appreciate.

    Thawa bus keepayak mata mathak una.

    ISUZU bus eke thani dore eka(Normal),Thawa ISUZU thani dore ekak awa tikak lassana ratu pata nethi pata karapu ekak.(Me jaathi dekama Yatinuwara depot and Kandy Noth eke tibuna)

    Thawa Layland (Benz da not sure) Kaha paata bus jaathi dekak tibuna ekak moona kelin tibuna, anith eke moona udin newila tibune.

    Thwa thani dore bus ekak tibuna pitipasse LAL kiyala gahala. eka mama dekala tibune Chilaw Depot eke witharai.

    Thawa LATEC kiyala bus ekakuth tibuna

    Palaweniyatama jana sathu (1956) karapu bus eka tiyanawa Nittabuwa Depot eke

    Hoyala balanna. Mewage pinthura hamu unoth mama ewannam.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තොරතුරු වලට! මුල්ම ජනසතු බස් එක දැන් නිට්ටඹුවේ නැහැ. ඒක ඩිමෝ ඒකෙ ලු තියෙන්නේ හදන්න අරගෙන ගිහින්

      Delete
  55. UTHPALA,

    MULU SLTB EKAMA COVER WENNA NAM MAMA HITHANNE BUS GANA DEPOT GANA WAGEMA PRADESHIYA WADAPOLA WAL SAHA PRADANA NAGARA WALA THIBENA BUS STAND GANATH COLUMN EKAK AA WANAM MARU NEEDA.

    MANJULA_GALLE

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්! අපිට තවම තොරතුරු සපයා ගැනීමේ ගැටළු තියෙනවා. මොකද අපි ලංගම ඇතුලේ අය නෙමෙයි නේ. ඔබ කියන දේ අපිත් හිතල තියෙන්නේ. ඉදිරියේදී තව දේවල් වලට යන්න උත්සහ කරනවා. :)

      Delete
  56. උත්පල ....අර සුනාමි වලින් පස්සේ එංග‍ලන්තයෙන්(මම නිවැරදි ද මන්දා) ලැබුණ තට්ටු දෙකේ බස්? අන්න ඒවා ගැනත් පුලුවන්නම් ලි‍යන්න‍‍....

    ReplyDelete
    Replies
    1. දැනටම තියෙනව නේ. අපේ පිටුවේ "Bus Types -- බස් වර්ග" කියන පිටුවට ගිහින් MCW කියන වර්ගය click කරන්න. ඔබට විස්තර ගන්න පුළුවන්. ඒවා බොහොමයක් රත්මලාන ඩිපෝවෙන් තමයි ධාවනය වන්නේ. ඒ නිසා රත්මලාන ඩිපෝවේ බස් ගත්තත් ඔබට ඒවා දකින්න පුළුවන්. :)

      Delete
  57. Godak Hoda Vedak. C.T.B eakata Lankave godak aya Adare.
    Maduranga
    From Horana

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගය කිරීම ගැන. :)

      Delete
  58. Maharagama to Galle (High Way) SLTB Ticket 01ka price eka LKR walin danaganna puluwanda? kochchara welawakin Galle walata langa wenawada kiyalath danaganna oni...
    -S@meera-

    ReplyDelete
  59. machan rail bus ganath dapan mokada rail bus railpare diwuwata ekath bus ekakak ne

    ReplyDelete
    Replies
    1. Rail Buses wala pics thiyenwa. eth mekata danna baha. ewa CGR ekata ne ayithi. meka thanikarama CTB ekata witharayi karanne. mama wenama nam flickr eke pics daala thiyenawa. :D

      Delete
  60. Nuwara eliya depot photos please

    ReplyDelete
    Replies
    1. we already have some. Please go to the Depots page and click on "NE" tag. you can get those. Thanks for the comment. :)

      Delete
  61. I want to post a photo of our school bus, a TATA 1210 taken in 1987, your e mail address doesn't work. I sent one, but returned

    ReplyDelete
    Replies
    1. ooh! Sorry about that. Please resend it to sltbbus@hotmail.com

      thanks!

      Delete
  62. machoo, methana 25-30 year's daily LIHINIYAGAMA-COLOMBO duwana KELANIYA Depot bus eka nehene? @sanka

    ReplyDelete
    Replies
    1. Thama ahu une naha ooka. pics gattoth dannam. oyage langa pics thiyenwa nam apita e-mail karanna. "sltbbus@hotmail.com"
      Thanks! :)

      Delete
  63. Uthpala, It would be great if you could add time table of SLTB buses in long distance routes. Some times it is difficult to track SLTB busses easily.

    ReplyDelete
  64. ඔබේ උත්සාහය මම හුගක් අගය කරනවා.ලංකාවේ බස්ගැන දැන ගන්න වෙන සයිට්ස් නැති තරම්.ඔබට හැකි නම් කුලියාපිටිය,හලාවත,වෙන්නප්පුව යන ඩිපෝ තුනේ බස් වල පොටෝස් හැකි තරම් ඇඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා.(කුලියපිටිය නුවර හරහා ගම්පොල යන බස් එකේ පොටෝ එකකුත් දාන්න)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට! CL KP WP බස් හැකිතරම් දෙන්න උත්සහ කරන්නම්! :)

      Delete
  65. Uthpala,

    Colombo-Katunayake Express Way eke yanna niyamitha bus gana wisthara tikak palakaranna.

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් විස්තරයක් දෙන්න උත්සහ කරන්නම්! :)

      Delete
  66. bus time table danna.....

    ReplyDelete
  67. වැඩේ නියමයි. හුඟක් කැපවීමෙන් කරන බව පෙනෙනවා. පානදුර - කැටවත්ත බස් රථය ආරම්භ වුණ හැටි ගැන සංවේදී කතාවක් පුවත්පතක කියෙව්වා. අන්න ඒ වගේ ලිපිත් පළවෙනවානම් තවත් වටිනාකම වැඩි වෙනවා කියලා මම හිතනවා. ජය!

    ReplyDelete
  68. රුපියල් 12 සිට 27 දක්වා රුපියලකින් වැඩිවෙනව කිව්වට දැරණියගල සිට නක්කාවිට
    කම්බි පාලම දක්වා රුපියල් 12ට තිබුණු බස් ගාස්තුව දැන් 17යි. මේක සියයට 7ද?
    නැත්නම් 41%ද? මේ පාරෙ යන්නේ දැරණියගල ඩිපෝවේ ලංගම බස් විතරයි. මේ පිළිබඳ සොයාබලන්න.

    ReplyDelete
    Replies
    1. 0117 555 555 ට දුරකථන ඇමතුමකින් දන්වන්න. මමත් දැරණියගල ඩිපෝවට දන්වන්නම් මේ ගැන. :)

      Delete
  69. uthpala ..badulla dipot eke laksiri kiyala service ekak tiyenawa ..issara modify karapu loku tata bus ekak divve , puluwannam e wala photos danna ... keep up the good work bro...

    ReplyDelete
    Replies
    1. Thanks a lot! Laksiri eka gana wistharayk dennam ikmanatama. :)

      Delete
    2. ගොඩක් හොද වැඩක් ..මට පොඩිකාලේ ලංගම බස් පිස්සුවක් තිබුනා කොටින්ම මම හොබී එකක් වගේ එක එක බස් වර්ග අදින්නත් පස්සේ පස්සේ කාඩ්බෝඩ් වලින් නිර්මාණය කරන්නත් පෙලබුනා .ඒදවස්වල ඒවා හැදුවේ මතකයෙන් .මේවගේ පොටෝ එටකොට තිබුනේ නෑ .කොහොමත් ලංකාවේ ජනප්‍රිය ප්‍රවහන් සේවය ලංගම තමයි .අදට වුනත් කොහේ හරි යන්න හෝල්ට් එකේ ඉන්න කොට ලංගම බස් එකක් එනවා දැක්කම ඇතිවෙන සතුට විස්තර කරන්න අමාරුයි හිතේ සැනසීමෙන් කරදරයකින් තොරව ඉක්මනින් ගමන යන්න පුළුවන් කියල හිතෙන හැගීම අපි හැමෝටම ඇතිවෙනවා ඇති .ලෝකයේ ලොකුම ප්‍රවාහන සේවය ආපස්සට යමින් පවතින එක ගැන හරිම දුකයි .4500 නෙමේ බස් රථ 10000 වත් ලංගමයට තියෙන්න ඕනේ හරිනම් අදවෙනකොට ..යම් දිනක ඒ ඉලක්කය ජනතා හිතවතා වන ලංගමය පහුකරත්වා කියල සුබ පතනවා

      Delete
    3. ස්තූතියි ඔබේ කමෙන්ටුවට. අපිටත් ඕනේ ලංගම දියුණුවෙන් දියුණුවට පත්වෙනවා දකින්නයි. එකයි අපි පිටතින් ඉඳගෙන උනත් මේ වගේ සහයක් දෙන්නේ! :)

      Delete
  70. Keep up y work, our good work. Really appreciate your hardwork i want to know whether nuwara eliya depot had a bus restored for presidents induction in 2012 as i cant see any on fb or on this site. By the way 2013 Nuwara Eliya Depot bus look fabulous good to see some good effort put in by the depot workers.
    If you can please put more details in english as well on your blogspot then there could more followers of SLTB around the world
    Thank ou

    ReplyDelete
  71. මම ශ්‍රි ලංගම කුරුණැගල දකුණ ඩිපෝවේ ඉංජීනේරු අංශයේ සේවයේ සේයවය කරණ සේවයෙකි.ඔබගේ ලංගම වෙබ් අඩවියට මාගේ සුභ පැතුම් ! අපේ ඩිපෝවේ ඉංජිනේරු මහතා අළුත් නිර්මාණ හැකියාවන් ඇති මහතෙකි. ඔහුගේ නිර්මාණ හැකියාව අනිත් ඩිපෝ වලට ආදර්ශයක් විමට හා ප්‍රයෝජනයක්විමට ඔබගේ වෙබ් ‍සේවයට තොරතුරු හුවමාරුකරගැනිමට මට හැකියාව ඇතිබව මාගේ විශ්වාසයයි.තොරතුරු සපයන ආකාරය පිලිබද පිලිතුරක් අවශ්‍ය කරමි.
    ස්තුතියි. (තේරුවන් සරණයි)

    ReplyDelete
    Replies
    1. ඔබේ තොරතුරු අපිට එවන්න. අපේ ඊ මේල් ලිපිනය : sltbbus@hotmail.com. ඉදිරියේදී ඔබ ඩිපෝවට පැමිණීමට අදහස් කරගෙන සිටිමු. එවිට වැඩිදුර තොරතුරු කතා කර ගත හැකි වේ යයි සිතමි. :)

      Delete
  72. Image එකක් search කරද්දි අහම්බෙන් වගේ මේ බ්ලොග් එක දැක්කේ. ලංකවේ මම දැකපු හොදම බ්ලොග් එක මේක. මොකද මමත් bus වලට ආසයි. ගොඩාක් වෙලවට මමත් try කරන්නේ CTB bus වල යන්න තමයි.

    මේ බ්ලොග් එක නම් නියමයි. ගොඩාක් විස්තර ආස හිතෙන විදියට දාල තියනවා. photoes එහෙමත් ගොඩාක් තියනවා. අපි දැකල නැති ගොඩාක් දේවල අපිට බලන්න දීල තියනවා. නියමයි. ඔබට ජය...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගය කිරීම ගැන! :)

      Delete

  73. hodama hoda wadak.malli mamath ja ela depowa laga veduhalata geya .thama ctb bus gana unandui.ja ela depowata bus akak aluthin labunama apita hari sathutui. jaelin ctb dan nadda highwey aka.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගය කිරීමට. ඔබ ලංගම බස් අඩවියේ දැකීම සතුටක්. ජා-ඇල ඩිපෝව යටතේ ඉදිරියේදී අධිවේගී මාර්ගයේ බස් ධාවනය වීමට ඉඩ තිබේ.

      Delete
  74. මේක ඇත්තටම හොද වැඩක්.මට තියෙන එකම අවුල බස් හෝදන්නෙ නැති එක.බස් එක ඇතුලෙත් හරිම අපිරිසිදුයි.මං අයිති වෙන ගොඩකවෙල ඩිපෝවෙ බස් තමයි ගොඩක් ම අපිරිසිදු.හරියට පිරිසිදුවට තියේ නම් මගේ හැම ගමනකටම ලංගම තමයි.ප්‍රයිවට් ඒවයි යනකොට වගෙ මරණ බය දැනෙන්නෙ නෑනෙ.පුලුවන් නම් මෙතැනට ලංගම බලධාරියෙක් සමිබන්ධ කරවන්න.සමහරවිට එයාල ට මේවයි සැබෑ තත්වය දැනගන්න විදියක් නැතුව ඇති.

    ReplyDelete
  75. උත්පල,
    පානදුර බස් නැවතුමේ සිට දුර පළාත් දක්වා ධාවනය කරන බස් වල කාල සටහන දන්නා පුලුවන්ද ?
    මාතර පානදුර අධිවෙගී මාර්ගයේ කාල සටහනත් දානවනම් හොඳයි.

    ReplyDelete
  76. ඉතා කදිම බ්ලොග් එකක්. අජිත් පැරකුම් සහෝදරයාගේ w3lanka බ්ලොගය හරහා තමයි මෙයට පැමිණියේ. මාත් ශ්‍රී ලංගමයට ඉතාම ආදරේ කෙනෙක්. බස් රථයකින් ගමන් කරනවා නම් ඒ සෑම විටකම වාගේ ලංගම බසයක ගමන් කරන්න තමයි මම උත්සහ දරන්නේ. විශේෂයෙන් දුර ගමන් යන අවස්ථා වලදී නම් පිටකොටුවේ ලංගම බස් නැවතුම් පලට ගොස් ලංගම බසයක තමයි මම යන්නේ. අනික නම් පාරේ ගමන් කරන ලංගම බසයක සෙනග පිරිලා යනවා දැක්කමත් මට සතුටුයි. මොකද එකෙන් අදායම ලැබෙන්නේ ලංගමට නිසා. යාළු හිතමිතුරන්ට,නෑදෑයන්ටත් මම ලංගම බස් වල යාම පුරුදු කරලා තියෙන්නේ. ආරක්ෂාකාරීව, විශ්වාසයක් ඇතිව,අඩු මුදලට,නිවී සැනසිල්ලේ ගමනක් යන්න නම් ලංගම තමයි.

    අනික පානදුර-කැටවත්ත බසය ගැන ඇති ලිපිය නම් ඉතාම කදිමයි.

    ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. මම දැන් වසර කිහිපයකට කලින් ඉරිදා ලක්බිම පුවත්පතේ ලිපියක් කියෙව්වා. එකේ තිබුනේ දෙවුන්දරතුඩුවේ ඉදලා පේදුරුතුඩුවට ගමන් කරන ශ්‍රී ලංගම බසයක් ගැන විස්තරයක්. ඒකත් ඔය පානදුර කැටවත්ත බස් සේවය වගේ කදිම ලිපියක්.
    පේදුරු ඉදලා දෙවුන්දරට ගමන දුර හින්දා රියදුරු මහත්වරුන් දෙදෙනෙකු සහ කොන්දොස්තර මහත්වරුන් දෙදෙනෙක් එම බසයේ ගමන් කරනවා. ඔවුන් මාරුවෙන් මාරුවට බසය රැගෙන යන්නේ. සිංහල-ද්‍රවිඩ සින්දු දාගෙන යන එම ගමන ඉතා අපුරුයි කියලා ලිපියේ තිබුනේ.
    මට මතක හැටියට ලිපියේ මාතෘකාව 'සිංහල දෙමල සින්දු සමෝසමේ අසමින් -----' වගේ තිබුනේ.

    ඔබට පුලුවන්ද එම ලිපිය සහ,මෙම බස් රථය ගැන විස්තරයක් පල කරන්න.

    ස්තුතියි.
    රවිරාජ්

    ReplyDelete
    Replies
    1. ඔය කියන ලිපිය සපයා ගන්න උත්සහ කරන්නම්. ස්තූතියි රවිරාජ්! :)

      Delete
  77. supiryi Uthpala.Me site eka excellent.Thank you sooo much!

    ReplyDelete
  78. ඔබතුමාගේ මේ අපූරු වෙබ් අඩවිය දැකීමෙන් මම පුදුම සතුටක් ලැබුවේ. බොහොම පින්! මොකද මමත් ලංගම බස්වලට ගොඩක් ආදරෙයි. රතු පාටට බැබළෙන සී. ටී. බී. බස් එකක් දකිද්දිත් ඇහැට ප්‍රියයි. අප වැනි ලංගම රසියකයින්ට මේ ලිපි හරිම වටිනවා. අපිට හුරු පුරුදු බස් රථ කීපෙකුත් මේ අතර තියෙනවා දැක්කම ඇති වූ හැඟීම මෙහෙමයි කියල විස්තර කරන්න බෑ. මේ අගනා කාර්යය තව තවත් හොඳින් ඉදිරියට කරගෙන යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා! ජයෙන් ජයම වේවා!
    (ඒ ගමන් පොඩි පැනයකට පිළිතුරු හැකි නම් ලබාදීමට කාරුණික වන්න. පුද්ගලික ගමනක් යෑමට සී. ටී. බී. බස් රථයක් කුලියට ගත හැකි ක්‍රියා පටිපාටියක් තිබේද? එවැනි අවස්ථාවක අයකෙරෙන ගාස්තු සම්බන්ධව තොරතුරු ලබාගැනීමේ ක්‍රමයක් වේද?)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගයකිරීම ගැන. පුද්ගලික ගමනක් යාමට ඔබට බසයක් කුලියට ගත හැකියි. සාමාන්‍ය බස් රථයක් නම් ආසන්නතම ඩිපෝව ඇමතීමෙන් ඔබට ඒ කාර්යය කරගන්න පුළුවන්. සුඛෝපභෝගී බසයක් නම් ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය ඇමතීමෙන් වැඩි දුර විස්තර ගන්න පුළුවන්. 011 2 612 212 තමා අංකය.

      Delete
    2. ඔබතුමාට බොහොම ස්තුතියි! :)

      Delete
  79. Private bus nawath wemata mahe sahayogaya. kochara num salli gasa kanawada? Langama bus aluth supiri wenna dala hodata sadaranayata minisunta dema rajaye waga kemaki.

    ReplyDelete
  80. Dan thamai langameta nawa panak awith thayanne me blog eka nisa. Badulla pathen bus gana thorathuru mata puluwan tharamin kiyannam. Me wage wadak Podu prawahanayata atha hitha denawa nam hamadama CTB bus gana magiya thawa thawath unandu wei. Hadawathinma suba pathum me bolg ekata.

    ReplyDelete
  81. උත්පල,
    මම දැක්කා පානදුර ඩිපෝ එකට තව සුනාමි බස් එකක් ගෙනල්ල තියනවා. මම හිතන්නේ තව සුපිරි වැඩක් කරන්න හදන්නේ, බලලා ලිපියක් දාන්න

    ReplyDelete
    Replies
    1. අපි ගිය වෙලාවේ DS මහත්තයා කිව්වා ඒ ගැන!

      Delete
  82. moratuway german tec eakaith dipowata sambandai neda ea gena sadahan karanawada.

    ReplyDelete
  83. දෙහිවල - ජ-ඇල / ගුවන් තොටුපොල -> 176/187 බස් රථයක් ධාවනය කරන්නේ මම් මහත් තුටුවෙමි

    ReplyDelete
  84. විශි්ෂඨයි ඔබ කරන මෙි කැප කිරිම.

    ReplyDelete
  85. වලපනේ සිට කොළඹ දක්වා රාති් කාලයේ කිසිදු බස් රථයක් ධාවනය නොවන අතර. උඩපුස්සල්ලාව- රූපහ., වලපනේ- මහනුවර හරහා කොළඹ දක්වා බස් රථයක් ධාවනය කිරිමට අදාල අංශ දැනුවත් කල හැකිනමි මෙි දුශ්කර පේදේශයේ සිටින ඡනතාව වෙනුවෙන් කරන මහගු උපකාරයකි.

    ReplyDelete
  86. good work..wish your allthe best...

    ReplyDelete
  87. parana bus aluth widihata Modify karala, akarshaniya penumak dunna nam niyamai..

    ReplyDelete
  88. Nc 1619 bus rathaya gana paminillak thiyanawane godaka wela dipo ekata ayath bus rathaya... Budgamuwa pradeshaye pudgalayekuta pahara dunna driver kondosthara 2

    ReplyDelete
    Replies
    1. කෙලින්ම ඩිපෝවට කියන්න. නැත්නම් 011 7 555 555 ට කතා කරලා කියන්න!

      Delete
  89. Mekata kohomada paminili karanne

    ReplyDelete
  90. රජයේ සේවිකාවන් වන අපි බම්බලපිටිය සිට මිරිස්වත්ත දක්වා එකම බසයකින් ගමන් කිරීම නිසා අපේ ගමන් ගාස්තුව අඩුවුයෙමු. නමුත් මට්ටක්කුලිය ඩිපෝවෙන් යොදවා ඇති මිරිස්වත්ත බසය දැන් ප.ව 4.30 පෙර බම්බලපිටියෙන් පිටත්වේ. එවිට අපට මෙම බසය වෙත කාර්යාලයේ සිට ඒමට ඒමට නොහැකිවේ. මෙම බසය 4.30 වන විට බොරුල්ල ද පසුකර යයි. රජයේ සේවක සුබසාධනය සදහා යොදවා ඇති මෙම ලංගම සේවා පාරේ නිකරුනේ ධාවනයට වඩා තව විනාඩි 05ක් හෝ 10ක් පසුකර ථාවනය ආරම්භ කිරීමෙන් මිරිස්වත්ත හෝ ඒ ආසනන්යට ගමන්ගන්නා අපට මහත් පහසුවක් වනු ඇත. තවද මෙම රියදුරා නිතර නිතර බසයේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම පාරේ ධාවනය කරන වෙනත් වාහන වල රියදුරන්ටද පරුෂ වචනයෙන් පවා බැනවදියි. මොහු බසය පාරේ මැදින් ම ධාවනය කිරීම නිසා බම්බලපිටියේ සිට දෙමටගොඩ දක්වා බසයට නැගීමට සිටින මිරිස්වත්ත ආසනනයට ගමන්ගන්නා මගීන්ට මෙම බස්රථයෙන් ගමන් කළ නොහැකි වනවා සේම බස්රථයේ ආදායමද පහල යයි. මෙම රියදුරුගේ බසය ධාවනය ඉතාමත් නොසැළිකිලිමත් බැවින් රථය නිතර නිතර අනෙක් බස් රථ වලට වඩා නඩත්තු කටයුතු වලට යොමුකරනු ඇතයි ද අපට සිතේ. ලංගමයේ යහපත සදහා මෙන්ම අපගේ යහපත සදහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවෙතැයි බලාපොරොත්තු වෙමු.

    මෙම රියදුරුතැන නොමැති අවස්ථාවල පැමිණෙන තරුණ රියදුරු මහතුන් ඉතාමත් සංයමයෙන් බස් රථය ධාවනය කරන නිසා එවැනි රියදුරු මහතෙක් මෙම රිය ධාවනයට යොදවන ලෙසත් මොහුගේ ධාවන විලාසය කොළඹ සිට දුර පලාත් වලට ධාවනය වන බස් රථ සදහා නම් ගැලපෙන බවද අපේ නිරීක්ෂණයයි.

    ReplyDelete
  91. Good Work....we really appreciate all the hard work you have done to document this. thank you sir!

    ReplyDelete
  92. hamadama api mawathagama idan ctb wala nuwarata hitagena yanna ona. (mawathagama sita nuwara dakwa kisima bus akak nomatha). puluwannan mawathagama sita mahanuwara dakwa langama bus yodawana lesa illa sitimi. neththan mawathagamata wenama depot akak dala deepiyaw.

    ReplyDelete
  93. Balangoda dipowa gana tawa wistara hoyanna poddakata tassagala grameya bus ratsyakata naginna wege kohomada balanna

    ReplyDelete
  94. colombo-nallatanni bus colombo walin patanganna welawa dannawada

    ReplyDelete
  95. ලංකා බස් මගීන්ගේ සංගමය https://www.facebook.com/groups/lankabuspassengers/1489037904760320/?notif_t=group_activity

    ReplyDelete
  96. ලංකා බස් මගීන්ගේ සංගමය https://www.facebook.com/groups/lankabuspassengers/1489037904760320/?notif_t=group_activity

    ReplyDelete
  97. Niyamai... site aka hodatama thiyanawa.. wena thorathuru oonanan mawa contact karanna puluwan deyak thiyanawanan mama hoyala dennan..

    ReplyDelete
  98. Langame inna samaharak kondostharala mageenta kathakaranna danne....me nisa Langame keerthinamayata haani wenna puluwan...

    ReplyDelete
  99. මම ලංගම බ්ලොග් අඩවියට අලුත් පරිශීලකයෙක්... මම ගිනිගත්නෙ... ඒත් ලංගමට ආදරය කරන්නේ මගේ දැනීමේ විදියට අවු 5 සිටයි... බස් රථයක මගේ ප්‍රියතම ආසනය රියදුරු අසුන පිටුපස බැටරි පෙට්ටියයි... රියදුරු මහතා බස් එක පදවන ආකාරය ගෙදර ඇවිත් රංගනය කිරීම මගේ විනෝදාංශයයි... ඒ පොඩි කාලේ... තේරුම් ගන්න වයසෙදි ලංගම බස් තමයි මගේ රාජකීය වාහනය... මහ මග රස්තියාදුවක් නැතිව යන්න පුළුවන් හොදම පොදුවාහනය...

    ReplyDelete
  100. Bus timetable dannath site ekak tibboth hodai. Adumagane duragaman walatawath. Den www.slab.lk site Kathy weda ne.

    ReplyDelete
  101. Mta paata danna kale idan chuti awadiyema rathu bus walata maara asai. Langama kiynne jivithe wage. Magin gena wagema weda karana sewakayo genath yahapathwa balanna kiyanna ihala niladarinta.a athinnm godak durwala bawa aranchi wenawa. Mn Gamnk giyoth rathu bus ekak enthuruma mga bslan inna magiyek.

    ReplyDelete
  102. Wattegama Depot eke NA1307 bus eke innawa wayasaka conductor kenek. Eya kawadawath ithuru denne na. Rs.22.00 ticket ekata Rs.30kma thama ganne. Rs.50.00 deela Rs.22.00 ticket illuwath ithuru denne na. bahinakota dennam kiyanawa. bahiddi illanakota maru na kiyanawa. Api hemadama buswala yana ena aya. Apith godak mahansi wela thamai padiyak ganne. Me wage weda karannepa kiyala eyalata tharaye awawada karanna. Eya loku wanchawak me karanne.

    ReplyDelete
  103. NC 1614 ( YT 41 ) colomba nuwara buss conductoruth oya widihatama karranawa baageta balance beerala mangaarala indala passe elluwama ai ee welawe illagatte natte kiyala apee angata godawenawa mee sambawana dadi piyawarakk ganna oona minissu sahena apahasuthaweyakata path wenawa, meeken wenna yanna inna minissu tikath adu wena eka

    ReplyDelete
  104. bus vala dura sewa vagema gamanata gatavana kaalaya bus vala velaval(time schedule) tiyana davas vage deval me site ekata ekatu karanna puluvannam godak hondavei kiyalahitanava.
    meka tavat hondata karagena yanna subapatahanava

    ReplyDelete
  105. Route No. 374 is the ‘one and only’ bus that operates every 1 hour from Battaramulla to Palawatte via Robert Gunawardena Mawatha. The drivers operate this service as they wish and commuters have to wait for a long time to board the bus to their destinations. Today, (10 September 2016) for example, there was no bus after the crew change at lunch time after 12:00 noon. The driver who was waiting to take up duty informed all commuters who were waiting to board the bus that there will be no bus service as there are no drivers and conductors due to a political rally in the area. Unbelievable!! He too took off, God knows where. Probably he also took day off!! This is not the best practice to the render this type of shoddy service to the public who silently endure all hardships and such upper handed behaviour. This is not the commitment the public expect who commute in this route regularly on a daily basis. It is very disheartening to know that the Management of Thalangama Deport is turning a blind eye to the malpractice of the staff who act as if they own this service. We appreciate if the Talangama Deport or the higher authority in SLTB would look into the inconvenience caused to the public on a daily basis and take strict action to discipline these irresponsible staff. Most of the people are fed up waiting for the bus for a long time and take three wheelers. No wonder there is no revenue to SLTB because of these Morons who are not accountable to the wages they take. We kindly request the authorities to look into this irregular bus service and appreciate if another bus is added, to increase the frequency so that there are two buses operating every half an hour. Thank you.

    ReplyDelete
  106. nikaweratiya horana nawa bus sewawak aramba karanawanam hodai kiyala mn yojana karanawa

    ReplyDelete
  107. HOW TO FIX THE NEW VISTLE SOUND TO MY BUS?

    ReplyDelete
  108. plz start new bus route mawathagama to kandy plzzzz

    ReplyDelete
  109. Badulla depot eke' Laksiri' sewawe ithihasaya rasawath . ekath ekathu karanna.

    ReplyDelete