Saturday, July 19, 2014

සුනාමි බස් ගැන නොදන්නා ඔබට

2005 වසරේ සුනාමි ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු  සුනාමි බස් රථ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයන් විවිධාකාරයෙන් ශ්‍රී ලංගම ට චෝදනා එල්ල කරමින් සිටී. එම අනවබෝධය නැති කිරීම පිණිස මෙම පසු සටහන තැබීමට තීරණය කළෙමු. 

2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතියට ද දැඩි අලාභ හානි සිදු විනි. එය සැලකිල්ලට ගෙන රටවල් ද්විත්වයක් මගින් ආධාර වශයෙන් අප රටට බස් රථ ලබා දෙන ලදී.  එම බස් රථ ශ්‍රී ලංකා මගී ජනතාව අතර මෙන්ම ශ්‍රී ලංගම ඩිපෝ සේවක ප්‍රජාව අතර සුනාමි බස් වශයෙන් ව්‍යවහාර වේ. එලෙස බස් රථ ලබාදුන් රටවල් ද්විත්වය වන්නේ ජපානය සහ එංගලන්තයයි

ජපාන සුනාමි බස් 
Mitsubishi Aero Star City Bus
Click on the image for more posts
ISUZU U-LV324K City Bus
Click on the image for more posts
Hino HT City Bus
Click on the image for more posts
ISUZU Cubic City Bus
Click on the image for more posts
Nissan Diesel City bus
Click on the image for more posts

ජපන් සුනාමි බස් රථ වර්ග කීපයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. Hino, ISUZU, MITSUBISHI, NISSAN එම වර්ගයන් වේ. එම වර්ගයන් වලද උප මාදිලි දැකිය හැක. එලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුළු ජපන් සුනාමි බස් ගණන 170 කි.

ජපානයේ භාවිතා කර ඉවත් කිරීමේ සීමාවට ආසන්නව තිබුණු මෙම සුනාමි බස් රථ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ පොදු ප්‍රවාහන පද්ධතිය යතා තත්වයට පත් වන තෙක් තාවකාලික විසඳුමක් වශයෙනි. ශ්‍රී ලංකාවට ලබාදෙන විටත් බොහොමයක් බස් රථ ජපානයේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණි. එනම් මෙම බස් රථ 1993 හා 1994 කාලසීමාවේ නිෂ්පාදිතය. බොහොමයක් බස් රථ කි. මි. 500000 කට වඩා ධාවනය කරවා ඇත.

ටෝකියෝ නාගරික ප්‍රවාහන කාර්යංශය (TOEI -Transportation Bureau of the Tokyo Metropolitan Government) යටතේ ධාවනය වූ මිට්සුබිෂි එයිරෝස්ටාර් (Mitsubishi Fuso Aero Star) වර්ගයේ බස් රථයක් 2001 වසරේ ආර්. ජේ. ෂින්ජුකු බස් නැවතුමේ දී.
Mitsubishi Fuso Aero Star Bus at JR Shinjuku station, Tokyo, Japan in 2001
click on the image for full size
මෙම සුනාමි බස් රථ ලංගමට ලබා දෙන විට ඒවායේ වායු සමන පද්ධති බොහොමයක් අක්‍රීයය. වායු සමන අක්‍රිය වුවද මෙම රථයක සාමාන්‍ය ඩීසල් පරිභෝජනය ලීටරයට කි. මි. 1.5 ක තරම් අගයක් විය (සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක එය ලීටරයට කි. මි. 4.7 තරම් වේ). එහෙයින් මේවා සාමන්‍ය ගාස්තු යටතේ ධාවනය කරවීම අතිශය ගැටළුකාරී විය. අමතර කොටස් ද මිලෙන් ඉතා අධික වන අතර මාදිලි පැරණි වීම නිසා ඇතැම් අමතර කොටස් හිඟය. මෙම ගැටළු නිසා මේවා ඉතා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත් කිරීමට ලංගමට සිදුවිය.

විවිධ විශේෂ ව්‍යාපෘති මගින් හැකි උපරිමයෙන් සුනාමි බස් රථ ධාවනයට ලබා දීමට ශ්‍රී ලංගම ඩිපෝවන් උත්සහ කරන්නේ මෙම බස් රථ වල ඇති ගුණාංගයන් නිසාමය. වායු අවලම්බන පද්ධතියකින් (Air suspension), අර්ධ සවය්න්ක්‍රීය ගියර් පද්ධතියකින් හා පසුපස එන්ජිමකින් යුක්ත වන තට්ටුව පහලින් පිහිටි (Low-floor bus) මෙම බස් රථ අදටත් මගීන්ට මෙන්ම රියදුරන්ටද ඉතා පහසුය. මෙම විශේෂතා නිසාම විවිධ විශේෂ සේවාවන්ට සුනාමි බස් රථ වල දායකත්වය ලබාගෙන ඇත. ඇතැම් බස් වල වායු සමන පද්ධතිද පසුකාලීනව අලුත්වැඩියා කර සුඛෝපබෝගී සේවා සඳහා යොදාගත් අවස්ථා ඇත. ඇතැම් බස් තවමත් සුඛෝපබෝගී සේවා යටතේ ධාවනය වේ.

හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපල අතර ධාවනය වූ සුඛෝපබෝගී බස් රථ
Tsunami buses of Mattala Hambanthota Special service
Click on the image for the full post

කටුනායක ඇවරිවත්ත බස් නැවතුමේ සිට ගුවන් තොටුපොළ පරිශ්‍රය දක්වා විශේෂ සේවාව සඳහා යොදාගත් Hino HT වර්ගයේ බස් රථ. මෙම සේවාව ශ්‍රී ලංගම ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය (GRMU) මගින් පාළනය සිදු කෙරිණි.

A Hino HT City bus with Airport & Aviation Services
click on the image for full size
A Hino HT City bus with Airport & Aviation Services
click on the image for full size
සුනාමි බස් රථ අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීමේදී කුරුණෑගල දකුණ ඩිපෝව විශේෂයෙන් කැපී පෙනේ. වෙනත් ඩිපෝ මහින් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථ රැසකට කුරුණෑගල දකුණ ඉංජිනේරු අංශය විසින් යලි පණ ලබා දී තිබේ. වායුසමනය කල සුඛෝපබෝගී බස් රථ මෙන්ම වෙනත් එන්ජින් පද්ධති බද්ධ කොට යලි ජවය ලබා දුන් බස් රථ ද ඒ අතර වේ.

කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන අලුත්වැඩියා කල Hino HT බස් රථයක්. මෙම රථය වර්තමානයේ අධිවේගී මාර්ගයන් හි සුඛෝපබෝගී සේවා සඳහා යොදා ගැනේ.

Hino HT2MMAA (Akashi) Luxury Bus form SLTB Kurunegala South Depot
Click on the image for the full post

කුරුණෑගල දකුණ ඩිපෝව යටත් ධාවනය වන Hino HT බස් රථයක්.
Hino KC-HU2MLCA (Akashi) Bus form SLTB Kurunegala South Depot
Click on the image for the full post

කුරුණෑගල දකුණ ඩිපෝව මගින්, අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කොට යලි ජවය සැපයූ Hino HT වරගයේ බස් රථයක්.
Hino KC-HU2MLCA Bus repowered with an Ashok Leyland Engine
Click on the image for the full post

කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ISUZU MT111 එන්ජිමක් බද්ධ කොට යලි ජවය සැපයූ ISUZU U-LV324K වර්ගයේ බස් රථයක්.
ISUZU U-LV324K city bus repowered with ISUZU MT111 Engine
Click on the image for the full post

එංගලන්ත සුනාමි බස් 

MCW Metro double decker Bus
Click on the image for the full post
Alexander bodied Leyland Atlantean double-decker bus
Click on the image for the full post
ECW bodied Leyland Fleetline double decker bus
Click on the image for the full post
සුනාමි ආධාර වශයෙන් එංගලන්තයෙන් ලංගමට ලැබුණු බස් රථ ගණන 16කි. ඒවා සියල්ලම දෙමහල් බස් රථ වීම විශේෂය. වර්ග වශයෙන් ගත් කල ඒවා MCW Metro බස් රථ 14 ක්, Leyland Atlantean බස් රථ 1ක් සහ Leyland Fleetline බස් රථ 1ක් වශයෙනි. MCW රථ මාදිලි දෙකකින් ලැබී ඇති අතර Northern Counties bodied MCW MKII මාදිලියෙන් ලැබී ඇත්තේ බස් රථ දෙකක් පමණි.

Northern Counties bodied MCW MKII Metrobus
Click on the image for the full post
එංගලන්ත සුනාමි බස් රථ ද එංගලන්තයේ ධාවනය කරවීම පිණිස නිම වූ බස් රථය. ඒවා විවිධ කාලසීමාවන් හි නිපදව ඇති අතර වැඩිම බස් ගණනක් ලෙස බස් රථ 14ක් ලැබුණු MCW Metrobus මාදිලිය 1987 වසරේ ධාවනයට එක් වී ඇත. ජපාන සුනාමි බස් රථ අයුරින්ම අමතර කොටස් මිලෙන් ඉතා අධික වීම, මාදිලි පැරණි වීම නිසා ඇතැම් අමතර කොටස් හිඟ වීම යන ගැටළු මේවාටද එක සේ බලපා ඇත. තවද මීට පෙර ලංගමට ලැබුණු රූට්මස්ටර් රථ වලට වඩා මෙම රථ තාක්‍ෂණය අතින් යාවත්කාලීන වී ඇති අතර රථ සියල්ලගේම එන්ජින් පිහිටුවා ඇත්තේ රථ වල පසු පසය. අර්ධ ස්වයංක්‍රීය ගියර් පද්ධතිද රථ සතුය. රථ සියල්ලම පාහේ වායු අවලම්බක පද්ධති වලින් යුක්ත වන අතර ඒවා හුලං පිරී තට්ටුව ඉහලට එසවෙන්නේ රථය පණ ගැන්වීම සමඟය. එංගලන්තයේ සීත කාලගුණ කාල වලදී භාවිත කිරීමට සැකසූ ඇතුලත උණුසුම් කිරීමේ පද්ධතියක් ද රථ සතුය. එය ශ්‍රී ලංකාවේ දී භාවිත කිරීම ප්‍රයෝගික නොවේ. කෙසේ නමුත් වායුසමන පද්ධති මෙම රථ වලට අන්තර්ගත වී නොමැත.

මෙම රථ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වීමත් සමඟ සමඟ බොහොමයක් අනියුක්ත වූයේ ශ්‍රී ලංගම රත්මලාන ඩිපෝවට වන අතර බස් රථ කිහිපය බැගින් මහරගම හා මීගමුව ඩිපෝවට අනියුක්ත විය. කෙසේ නමුත් පසු කාලීනව ධාවන අවශ්‍යතා මත මෙම රථ විවිධ ඩිපෝවන් හා හුවමාරු වූ අවස්ථා ඇත. කෙසේ නමුදු මේ දක්වා වැඩිම බස් රථ ගණනක් ධාවනයේ ඇත්තේ රත්මලාන ඩිපෝව සතුවය.

සටහන: උත්පල දිල්හාන්

17 comments:

  1. Thanks for sharing these valuble info
    :)

    ReplyDelete
  2. thawa ma waga daka thunakma hadana thiyanawa.mr,sumith niyama wada karaya.habai a waga katiyata thama private bus karayo case aka dana.wayabinama wadiyan duwana sunami thiyan kgs aka.aluthin ma lagadi paint karapu sunamiya kandy wada karana.jaya waya.

    ReplyDelete
    Replies
    1. ow ow! depot ekata giya welawe kiwwa. :)

      Delete
    2. CTB ekata stretegy ekak thibiya yuthui kgs depot ekata ithuru sunami tika deela ewa goda ganna oni prathipadana wena karana ekata. ehema unoth ewa eka thanka maintain karanna lesi wei

      Delete
  3. දැනට මේ වගේ බස් කීයක් දුවනවද?
    මේවයේ කල්පැවැත්ම ගොඩක් හොඳයිද ?
    හොඳ ලිපියක්..

    ReplyDelete
    Replies
    1. මේවා දැනට 20 ක් 30ක් විතර ධාවන තත්වයේ ඇති! කල්පැවැත්මත් වරදක් කියන්න බැහැ.

      Delete
  4. mamath me langdi katubedda depot ekta giyama dakka thawath me bus kaleta dala paththakaa thiynawa.. anith ewata mkda une kiyla hitha hitha htye.. me lipiya kiyewwama thama pahdili une.. :)

    ReplyDelete
  5. මේ බස් වලට united motors ලා ගෙන් අවශය කොටස් ගේන්න බැරිද.ලංකාවේ fuso මාදිලියේ වාහන ගෙන්වන්නේ ඒ අය නේද

    ReplyDelete
  6. Proud to travel in a tsunami bus in the route Kurunegala - Newmalkaduwawa which belong to kurunegala soth depot.
    KGS 101

    ReplyDelete
  7. Podi Prashnayak.ai me eka bus ekakawath original badges naththe?Isusu,hino,Nissan,Mitsubishi.Genakotama mewa galawalada?

    ReplyDelete
    Replies
    1. නැහැ! මේවා කෙලින්ම ජපන් රජයේ ඉල්ලීමට ඒ ඩිසයින් එකට හදපුව මිසක් නැවත විකිණීමට හදපුව නෙමෙයි. ඒ නිසා මොන වර්ගයේ උනත් එකම විදිහට එකම පාටෙන් එකම ආසන සැකැස්මකින් එන්නේ. ඒ නිසා මේවයේ වෙළඳ නාම ගහලත් නෑ.

      Delete
    2. e unath lankawe wesco , kesco bus wala TATA , leyland , isusu kiyala gahala thiyenawane ?

      Delete
  8. ඇත්තටම මම මේ විස්තරේ දකිනකං බොහොම ලොකු වැරදි වැටහීමකිනුයි හිටියේ..
    ඔය තියෙන ජපන් බස් NA- XXXX Number වලින් තියෙන නිසා මම හිතාගෙන හිටියේ අලුත්ම ඒව කියල..
    කොටින්ම කියනවනං සුනාමි දවස් වල ගෙනාපුව කියලත් දැනගෙන හිටියේ නෑ..

    මම ඇත්තටම හිතාගෙන හිටියේ හොඳට ඒ/සී එහෙම වැඩ කරන අලුතෙන්ම ගෙන්නපු බස් සුලු සුලු හේතු මත විනාස වෙන්න ඇරල කියල...

    ඉතින් සමහර ඩිපෝවල අත ඇර දාල තියෙන හැටි දකිනකොට හිතට ලොකු තරහක්,කලකිරීමක් වගේම මහ දුකකුත් දැනුනා CTB එක ගැන..

    ඒත් ඔබ තුමාගෙ බ්ලොග් එක හරහා දැන ගත්තු විස්තර වලට අනුව, මේ බස්වල නිෂ්පාදිත වර්ෂය, සේවා කාලය (කී.මී.500000), වගේම ඒසී වල ප්‍රශ්න, අධික ඩීසල් පරිභෝජන ගැටලුත් එක්ක මගේ වැරදි වැටහීම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා...

    මොනව උනත් මේ බ්ලෝග් එකේ වටිනාකම ගැන කියන්න නං මේ වගේ එක කමෙන්ට් එකකින් බැරි වෙයි...

    ලංගම වෙනුවෙන් කරන මේ කැප කිරීමට, ලංගමත් එක්ක නිතර ගමන් යන සාමාන්‍ය මගියෙක් හැටියට බොහොම ගෞරවණීය විදිහට ඔබතුමාට මම ස්තූති කරනවා...
    ඒ වගේම ගොඩාක් පිං...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගයකිරීම ගැන! :)

      Delete
  9. Sthuuthi
    Godak watinawa.

    -Don indika-

    ReplyDelete
  10. හදිසි සම්බන්ධතාවය ගැන කණගාටුයි. මම ජපානයේ ජීවත් වන ශිෂ්‍යයෙක් වන අතර, ශ්‍රී ලංකාවට ගිය මුල් ජපන් බස් රථය ගැන මම උනන්දු වෙමි. මම විශේෂයෙන්ම Mitsubishi Aerostar සෝපානය සහිත බස් රථය ගැන උනන්දු වෙමි. මෙම මෝටර් රථය දැනටමත් ජපානයේ අතුරුදහන් වී ඇති අතර, ඉතිරිව ඇති එකම උදාහරණය ශ්‍රී ලංකාවේ බව මම විශ්වාස කරමි. ඔබ කැමති නම්, ඉවත දැමූ මෝටර් රථයක් භාවිතා කිරීමට මම සතුටු වන බැවින්, ඔබට තවමත් ඉතිරිව තිබේදැයි දැන ගැනීමට මම කැමතියි. වාහනයේ පෙනුම ගැන කිව්වොත්, එය NA-1869 අංකය සහිත ලංගම වාහනයකි.
    මම Google Translate භාවිතා කරන නිසා ප්‍රකාශන වැරදි විය හැක.
    කරුණාකර සමාවෙන්න. .

    ReplyDelete