Showing posts with label 61-. Show all posts
Showing posts with label 61-. Show all posts

Saturday, June 8, 2024

Dimo TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken in 2005 in Wariyapola, Wayamba, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Dimo TATA LP 1210/52 bus (61-8675) at the Wariyapola bus stand in 2005. This photo is copyrighted to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2005 වසරේ වාරියපොළ බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 12 කට පසු මෙලෙස දිස් වී ඇත. 2004 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංගම නැවත පිහිටවූවද, බස් සමාගම් යුගයේ පැවති කහ පැහැය ඡයාරූපය ලබාගන්නා අවස්ථාව තෙක්ම පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, May 19, 2024

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 1210/52 bus (MW 07 / 61-2141) at the Mawanella bus stand. The bus acquired to the PTS fleet in 1992. This photo was taken in October 2013 while it was allocated for the services between Ambadeniya and Mawanella under route number 417.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Ruby  සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. 2013 වසරේ ඔක්තෝබර් මස 03 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 417 යටතේ  අඹදෙනිය හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, October 30, 2022

Jay bodied TATA LP 1210/52 bus from SLTB Kandy South depot

This photo was taken on 14 October 2022 in Kandy, Central LK using a Canon PowerShot SX620 HS
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB)  Kandy South depot, Jay bodied Tata LP 1210/52 bus (61-5053) in the depot premises. The bus, which was launched in 1992 under the then PTS Kalutara (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Jay coach builders. Later, this bus has been used as a staff transport bus at Ekala Lakdiwa workshop and has been given to Kandy South depot in 2022 based on passenger service requirements. At the time of taking the photograph in October 2022, the bus was ready to run from Kandy to Pilimathalawa. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ජායි බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ එවකට කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වී ඇති මෙම බස් රථය 2022 වසරේ මෙලෙස සේවා අවශ්‍යතා මත ශ්‍රී ලංගම මහනුවර දකුණ ඩිපෝව වෙත පවරා දී ඇත. 2022 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර සිට පිළිමතලාව බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක. 

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1210/52
Coach Builder :- Jay Coach Builders Ltd in India
Engine :- NA 692 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Normal
Year of Manufacturing :- 1992
SLTB type :- B
Received from:- SLTB Kalutara depot / Ekala Lakdiwa workshop 
Status :- In service

 Information as at 30.10.2022

Monday, October 17, 2022

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Kandy South

This photo was taken on May 4, 2012, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KS 29 / 61-4882) at the Kandy good shade bus stand. Body built by Azad coach builders in India and acquired to the PTS Kandy South in 1992. Allocated for the services on a local route between Ratemulla and Kandy under the route number 640. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1992 වසරේ එවකට සීමාසහිත මහනුවර දකුණ ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 640 යටතේ ගාල්තැන්න හරහා රටේමුල්ල හා මහනුවර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

Sunday, August 28, 2022

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012, in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, ACCL bodied Ashok Leyland Viking bus (KD 34 / 61-2447) at the Kirindiwela bus stand. Acquired to the PTS fleet in 1991. It is observed that the original appearance of the bus has changed a lot in later times. This photo was taken in December 2012 while it was allocated for the services between Ranwala and Kirindiwela under route number 290.-- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත්,  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කිරිඳිවැල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ACCL (Automotive Coaches & Components Ltd) සමාගම මගින් නිපදවා ඇත. එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ 1991 වසරේ සේවා සඳහා ඒක වී ඇත. 2012 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 290 යටතේ රංවල හා කිරිඳිවැල අතර ධාවනයට යොදවා තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නනිරීක්‍ෂණය වේ.

This photo was taken on December 24, 2012, in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Technical Specifications
Make :- Ashok Leyland
Model :- Viking 222
Coach builder :- Automotive Coaches & Components (ACCL) Ltd in India
Steering type :- Normal
Wheel base :- 5334 mm
Year of manufacturing :- 1991
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 28.08.2022

Saturday, October 2, 2021

Ruby bodied TATA LP 1210/52 bus from RRBC Dambulla depot

This photo was taken in 2002 in Sigiriya, Central, LK.
Click for the full-size picture.
Rajarata Bus Company (RRBC / now SLTB) Dambulla depot, Ruby bodied Tata LP 1210/52 bus (DB 30 / 61-3578) at Sigiriya. The bus, which was launched in 1992 under the then PTS (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Ruby coachbuilders. At the time of taking the photograph in 2002, the bus was ready to run from Sigiriya to Dambulla. This photo is copyright to the respective photographer. Photo Courtesy: Almy -- රජරට බස් සමාගමේ (ර.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2002 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිගිරිය සිට දඹුල්ල බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡයරූපය උපුටා ගැනීම: Almy

Tuesday, April 27, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016, in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (EP 21 / 61-8902) in the depot premises. Acquired to the PTS fleet in 1994. This photo was taken in August 2016 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා ධාවනයට එක්ව ඇත. 2016 වසරේ අගෝස්තු මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Saturday, February 13, 2021

SLTB breakdown service - Kandy South depot

This photo was taken on 11 February 2021 in Kandy, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA LP 1210/36 breakdown service vehicle (61-0536) in the depot premises. Ruby bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1991 වසරේ ධාවනයට එක්වී ඇති රුබී බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Sunday, August 2, 2020

Latec Kesco bodied TATA LP 1210/52 bus from GBC Kirindiwela depot

This photo was taken in 1998, in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC) Kirindiwela depot Latec Kesco bodied TATA LP 1210/52 bus (KD 52 / 61-6889) at Kirindiwela. Body built by Latec Kesco with Duple Metsec (UK) and acquired to the PTS Kirindiwela fleet in 1993. Allocated for the services between Hanwella and Kirindiwela under the route number 182. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- ගම්පහ බස් සමාගමේ (සී/ස ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වී ඇති ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කිරිඳිවැල දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 1998 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 182 යටතේ කිරිඳිවැල සිට හංවැල්ල බලා ධාවනයට සූදානමින්. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Saturday, July 25, 2020

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Kadawatha depot

This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KW 08 / 61-5552) at the Kadawatha bus stand. Body built by Azad coach builders in India and acquired to the PTS Kadawatha in 1993. Allocated for the services on a local route between Delgoda and Kadawatha under the route number 210. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කඩවත බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1993 වසරේ එවකට සීමාසහිත කඩවත ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 210 යටතේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ දෙල්ගොඩ හා කඩවත අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Wednesday, April 8, 2020

Latec TATA LP 1210/52 bus from SLTB Kalmunai depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Latec TATA LP 1210/52 bus (KM 03 / 61-7360) at Katragama. Body built by Latec with Duple Metsec UK. Rehabilitated in 2012 by the depot workers to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුණේ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ බඳ නිමවා ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත්තේ පස් වන විධායක ජනාධිපතිතුමාගේ දෙවන ප්‍රදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙනි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, February 18, 2020

SLTB breakdown service - Kurunegala north depot

This photo was taken on August 01, 2019 in Badagamuwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-8469) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1994 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Sunday, January 12, 2020

Ruby bodied TATA LP 1210/52 bus from PTS Kalutara depot

This photo was taken in 1992 in Kalutara, Western, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Kalutara depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5045) at Kalutara with a special tour in April 1992. Acquired to the service in 1992. Photo taken from a PTS Kalutara calendar. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ / වත්මන් ශ්‍රී ලං.ග.ම. ) කළුතර ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ කළුතර දී. 1992 වසරේ සීමා සහිත කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ ඩිපෝව මගින් පල කල දින දර්ශනයකිනි.

Tuesday, December 24, 2019

Latec TATA LP 1210/52 bus from KBC Kandy south depot

This photo was taken in 2003, in Kandy, Central, LK.
Click for the full size picture.
Kandy bus company (KBC) Kandy south depot, Latec TATA LP 1210/52 bus (KS 172 / 61-7335) at Kandy in 2003. Playing on a local route between Pilimathalawa and Kandy. The image is copyright to the respective photographer. -- මහනුරව බස් සමාගමේ (ම. බ.ස.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් 2003 වසරේ මහනුවර දී. 1993 වසරේ ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එලස් කොට එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. ඉන් වසර 10 කට පසු මෙලෙස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය පිළිමතලාව හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, July 20, 2019

SLTB Supply division - Kirindiwela depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot TATA LP 909/36 supply division vehicle (61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ ධාවනයට එක් වූ ජායි බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. 

මෙම රථය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය.

Saturday, June 29, 2019

Latec TATA LP 909/36 bus from SLTB Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Latec TATA LP 909/36 bus (KGS 61 / 61-9669) in the depot premises. Allocated on a local route between Alawwa and Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථයකි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ අලව්ව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 17, 2019

SLTB breakdown service - Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-8222) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Wednesday, June 5, 2019

Lanka Ashok Leyland Viking bus from CMBC Moratuwa depot

This photo was taken in 1999 in Ratnapura, Sabaragamuwa, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now SLTB, Sri Lanka Transport Board) Moratuwa depot, Lanka Ashok Leyland Viking bus (MR 28 / 61-9061) at Ratnapura with a special hire in 1999. Body built by Lanka Ashok Leyland Ltd. This photo is copyrighted to the respective photographer. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් විශේෂ චාරිකාවක් සමඟ රත්නපුර දී.  රථයේ බඳ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කොට ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Wednesday, December 19, 2018

SLTB breakdown service - Embilipitiya depot

This photo was taken on December 18, 2018 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-5783) coming out from the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන ආකාරය. 1993 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Saturday, October 20, 2018

SLTB breakdown service - CBS depot

This photo was taken on October 20, 2018 in Bambalapitiya, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-9174) at Bambalapitiya junction. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.ක. ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක්,  ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.