Showing posts with label G*-. Show all posts
Showing posts with label G*-. Show all posts

Saturday, March 14, 2026

SLTB breakdown service - Kattankudy depot

This photo was taken on February 27, 2026, in Kattankudy, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy Depot – Ashok Leyland Comet Minor breakdown service vehicle (GE-0491) parked at the depot premises. This vehicle is a converted Comet Minor bus used for breakdown and recovery operations. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස සකසා ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.  

Wednesday, May 21, 2025

Latec TATA LP 1510/52 bus from SLTB Kalawana depot

This photo was taken on December 31, 2013, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot Latec TATA LP 1510/52 bus (KLW 24 / GD-8026) at Kataragama. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the SBCL fleet in 2000. Here after a rehabilitation done by the depot workers under the 2013 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කතරගම දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2013 වසරේ දෙසැම්බර් මස මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය හා බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වූ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. 

Thursday, April 17, 2025

Bharat bodied Ashok Leyland Comet Minor bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Bharat bodied Ashok Leyland Comet Minior bus (EMB 85 / GD-9895) at the Embilipitiya bus stand. The bus, fully made in India, was added to the depot fleet in 2001 and, at the time the photo was taken, it used to operate on the 'Urubokka- Embilipitiya' route under route number 168. This photo was taken in January 2014 while it was parked in Embilipitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටිය බස් නැවතුමේ දී. 2001 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. මාර්ග අංක 168 යටතේ ඌරුබොක්ක හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණු බස් රථය 2014 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඇඹිලිපිටිය බස් නැවතුමේ ගාල් කොට තිබුණි.

Sunday, January 12, 2025

Latec TATA LP 1510/52 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Latec TATA LP 1510/52 bus (AW 30 / GK-3625) in the depot premises. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the WBC fleet in 2001. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ ලටෙක් සමාගම මගින් (පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී) බඳ එකලස් කර ධාවනයට එක් කර ඇති රථයේ පැති ජනෙල්, මුහුණත පියන ඇතුළු කොටස් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Saturday, July 6, 2024

Latec TATA LP 1510/52 bus from SLTB Kurunegala South depot

This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Latec TATA LP 1510/52 bus (KGS 92 / GD-8168) at the Kurunegala bus stand. Body built by Latec (Pvt) Ltd in collaboration with Duple Metsec (UK) Ltd. The bus acquired to the WBC Kurunegala South fleet in 2000. This photo was taken in July 2012 while it was playing to the depot at the end of its turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා LPO 1510/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. එක්සත් රාජධානිය පදනම් කරගත් ඩියුපල් මෙට්සෙක් සමාගමේ තාක්‍ෂණයෙන් ලටෙක් සමාගම  මගින් බඳ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය නිමවා ඩිපෝව බලා ගමන් කරමින් තිබුණි.
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, April 17, 2024

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019, in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ruby bodied TATA LP 1510/36 bus (PT 27 / GE-1494) at the Puttalam bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2001. This photo was taken in June 2019 while it was allocated for the services between Puttalam and Kaladiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් පුත්තලම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2001 වසරේ එවකට වයඹ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2019 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පුත්තලම හා කල්අඩිය  අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, April 12, 2024

Ashok Leyland Commet Minor modified bus from SLTB Bandarawela depot

This photo was taken on April 06, 2024, in Dambethanna, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Comet Minor modified bus (GD-9921) near the lake Richmond on the Haputhale Dambethanna road. The bus acquired to Ruhnu bus company's Tangalle depot fleet in 2001. Recently transfferd to the Bandarawela depot due to timetable requiremnets. This photo was taken in April 2024 while it was allocated for the service between Bandarawela and Dambethanna under the route number 326. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හපුතලේ දඹේතැන්න මාර්ගයේ ලේක් රිච්මන්ඩ් අසල දී. 2001 වසරේ ධාවනයට එක් වී ඇති රථය රුහුණු බස් සමාගමේ තංගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන ධාවන අවශ්‍යතා මත මෙලෙස බණ්ඩාරවෙල ඩිපෝව වෙත ලබා දී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 326 යටතේ බණ්ඩාරවෙල සිට දඹේතැන්න බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, January 28, 2024

Re-bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on March 30, 2012, in Mahamodara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, re-bodied Ashok Leyland Comet Minor bus (GE-0155) at Mahamodara. The bus acquired to the fleet in 2000. Due to the damage caused by the Tsunami disaster in 2004, a body procured from an old bus has been grafted and repaired. This photo was taken in March 2012 while it was allocated  for the services on a local route between between Delkada and Galle.  Currently, this is used as a service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහමෝදර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතු කොට ගෙන රථයේ මුල් බඳ අබලන් වීම නිසා මෙලෙස පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කොට ධාවනයට සපයා තිබුණි. 2012 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි. 2020 වසරේ කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති මෙම රථය වර්තමානයේද ධාවනයේ පවතී.

Saturday, February 4, 2023

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on July 18, 2018, in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ruby bodied Ashok Leyland Comet Minior bus (GL 08 / GD-9869) in the depot premises.  The bus acquired to the RBC fleet in 2001.This photo was taken in July 2018 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් නිපදවා ඇත. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. 2018 වසරේ ජුලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පැදින්නොරුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, October 8, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Central Training School

This photo was taken on June 17, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ruby bodied TATA LP 1510/36 bus (GI-0482) at the Basic training premises of the school of driving training. The bus, which came into service in 2001, is made entirely in India. This photo was taken in June 2020 while it was resting in the DTS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යලය යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ මූලික රියදුරු පුහුණු ඉගැන්වීම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2001 වසරේ ධාවනයට එක්වී ඇත. 2020 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මධ්‍යම අභ්‍යාස විද්‍යල පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Friday, June 4, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Rambukkana depot

This photo was taken on December 16, 2017, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Ruby bodied TATA LP 1510/36 bus (RB 13 / GE-1476) at the Rambukkana bus stand. The bus acquired to Sbaragamuwa bus company the fleet in 2001. This photo was taken in December 2017 while it was allocated for the services between Rambukkana and Siyambalangamuwa under route umber 509/2. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2001 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 509/2 ඔස්සේ රඹුක්කන හා සියඹලන්ගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, March 31, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Kalawana depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ruby bodied TATA LP 1510/36 bus (KLW 40 / GE-1378) at Ratnapura. The bus acquired to Sbaragamuwa bus company the fleet in 2001. This photo was taken in January 2021 while it was allocated for the services between Ratnapura and Idamgoda on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් රත්නපුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2001 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ රත්නපුර හා ඉඩම්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, March 25, 2021

Modified Ashok Leyland comet Minor open-top bus from SLTB Badulla depot

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, modified Ashok Leyland comet Minor open-top bus (GE-3869) in the depot premises. This vehicle operating under the Kalutara depot of the Kalutara Bus Company in 2000 was later taken away by the SLTB Badulla depot in 2019 and repaired and modified as a special tour bus in March 2021. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. 2000 වසරේ එවකට කළුතර බස් සමාගමේ කළුතර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයන් සීමාකර තිබියෙදී 2019 වසරේ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව විසින් රැගෙනවිත් මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස අලුත්වැඩියා කර 2021 වසරේ මාර්තු මස මෙලෙස ධාවනයට එක් කර ඇත. ඉදිරියේ දී ඇල්ල ඇතුළු සංචාරක කළාප ඉලක්ක කර විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඩිපෝ ආරංචිමාර්ග පවසයි.

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
රථයේ ඇතුලත -- Intirior of the bus
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Wednesday, March 3, 2021

Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Karatagama depot

This photo was taken on December 31, 2013, in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Brij bodied Ashok Leyland Comet Minor bus (KTG 86 / GD-9933) at the Kataragama bus stand. Body built by Brij and Associates in India and acquired to the fleet in 2001.This photo was taken in 2013 while it was allocated for the services between Buttala and Kataragama via Gonaganara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත එහි මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2013 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම හා බුත්තල අතර ධාවනයට යොදවා තිබුනේ ගෝනගංආර හරහාය. 

Tuesday, January 19, 2021

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (GE-0530) at the Galle face green. Body built by Utkal coach builders in India and acquired to the fleet in 2001. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ Utkal සමාගම මගින් බඳ සකසා 2001 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 

Friday, January 8, 2021

Latec TATA LP 1510/52 bus from SLTB Puttalam depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot Latec TATA LP 1510/52 bus (PT 08 / GE-7691) at the Galle face green. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the WBC fleet in 2001. Here after a rehabilitation done by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2000 වසරේ එවකට වයඹ බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2020 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.

Thursday, January 7, 2021

SLTB breakdown service - Maharagama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (GD-9910) at the Galle face green. An Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle and the conversion done by the Ekala Lakdiwa workshop. Allocated for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් ඒකල ලක්දිව වැඩපොළේ දී බඳ නිමවා කාර්මික සේවා රථය සකසා ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Sunday, July 19, 2020

Colombo Rider Ashok Leyland Viking 193 bus from G. B. C. Welisara depot

This photo was taken on November 06, 2000, in Ragama, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC / Now Sri Lanka Transport Board) Welisara depot, Colombo Rider Ashok Leyland Viking 193 (GA-6390) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the GBC fleet in 2000. Allocated for the services between Bopitiya and Colombo under route number 275. Photo by: Dilum Fernando. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. /වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ) වැලිසර ඩිපෝව යටතේ ධාවනය වූ කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් 2000 වසරේදී ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේදී ගම්පහ බස් සමාගමේ වැලිසර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 275 යටතේ බෝපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: දිළුම් ප්‍රනාන්දු.

Sunday, July 5, 2020

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Welisara depot

This photo was taken on May 04, 2012, in Ragama, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, Ruby bodied TATA LP 1510/36 bus (GE-0843) near the Ragama railway station. The bus acquired to the GBC fleet in 2000. Allocated for the services on a local route Gampaha and Ragama under the route number 979. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් රාගම දුම්රිය ස්ථානය අසල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 979 යටතේ රාගම හා ගම්පහ අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 8, 2020

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on June 07, 2020 in Anhettigama, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/36 bus (DR 03 / GG-0662) at Anhettigama. The bus acquired to the fleet in 2000 under the Galle depot. Allocated for the services on a local route between Hingurana and Deraniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් අංහෙට්ටිගම ප්‍රදේශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගමේ ගාල්ල ඩිපෝව හා එක්වී ඇත. ධාවන අවශ්‍යතා මත පසුකාලීනව දැරණියගල ඩිපෝව වෙත ලැබී ඇති බස් රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හිඟුරණ හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි.