Showing posts with label KD. Show all posts
Showing posts with label KD. Show all posts

Sunday, August 28, 2022

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012, in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, ACCL bodied Ashok Leyland Viking bus (KD 34 / 61-2447) at the Kirindiwela bus stand. Acquired to the PTS fleet in 1991. It is observed that the original appearance of the bus has changed a lot in later times. This photo was taken in December 2012 while it was allocated for the services between Ranwala and Kirindiwela under route number 290.-- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත්,  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කිරිඳිවැල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ACCL (Automotive Coaches & Components Ltd) සමාගම මගින් නිපදවා ඇත. එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ 1991 වසරේ සේවා සඳහා ඒක වී ඇත. 2012 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 290 යටතේ රංවල හා කිරිඳිවැල අතර ධාවනයට යොදවා තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නනිරීක්‍ෂණය වේ.

This photo was taken on December 24, 2012, in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Technical Specifications
Make :- Ashok Leyland
Model :- Viking 222
Coach builder :- Automotive Coaches & Components (ACCL) Ltd in India
Steering type :- Normal
Wheel base :- 5334 mm
Year of manufacturing :- 1991
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 28.08.2022

Sunday, August 2, 2020

Latec Kesco bodied TATA LP 1210/52 bus from GBC Kirindiwela depot

This photo was taken in 1998, in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC) Kirindiwela depot Latec Kesco bodied TATA LP 1210/52 bus (KD 52 / 61-6889) at Kirindiwela. Body built by Latec Kesco with Duple Metsec (UK) and acquired to the PTS Kirindiwela fleet in 1993. Allocated for the services between Hanwella and Kirindiwela under the route number 182. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- ගම්පහ බස් සමාගමේ (සී/ස ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වී ඇති ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කිරිඳිවැල දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 1998 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 182 යටතේ කිරිඳිවැල සිට හංවැල්ල බලා ධාවනයට සූදානමින්. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Thursday, April 16, 2020

ලංගම මතක සටහන් - ලිපි අංක 07

This photo was taken in 1992 in Randenigala, Central, LK.
Click for the full size picture.
සත් වන මතක සටහන ලෙස ඔබට ගෙන එන්නේ ජනතා සන්තක ප්‍රවාහන සේවය කිරිඳිවැල ඩිපෝව හා බැඳුණු මතක සටහනකි. 1992 වසරේ සීමාසහිත කිරිඳිවැල ජනතා සන්තක ප්‍රවාහන සේවයේ සේවක පිරිස වසින් මෙම TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයෙන් (KD 35 / 61-4150) සුභසාධක චාරිකාවක් පැමිණි අපූරු මතක සටහනකි. මෙම ඡායාරූපය 1992 වසරේ රන්දෙනිගල ප්‍රදේශයේ චාරිකාව අතරතුර ලබගාන්නා ලද්දකි. මෙම මතක සටහනේ හිමිකරුවා වන්නේ එවකට කිරිඳිවැල ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල එම්. පී. රූපසිංහ මහතාය. සුදු වර්ණ සහිත කමිසයකින් ඔහුද ඡායාරූපයේ පෙනී සිටී. අප වෙත එවන ලද්දේ ලංගම බස් අඩවියේ පාඨක අනුර සෝමරතන මහතා විසිනි.

මෙම බස් රථය පිලිබඳ අමතර යමක් සඳහන් කරන්නේ නම්, මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවූ බස් රථයක් වන අතර TVS සමාගමේ එකලස් කරන ලද බඳකින් යුක්ත වී ඇත. රථය උදාගම් වැඩපිළිවෙළ යටතේ කෑරගල මහාබෝධිගම ගම්මානය ආරම්භක අවස්ථාවේදී, මාර්ග අංක 227 යටතේ යටතේ හේනේගම හා කොළඹ අතර ධාවනය සදහා යෙදවූවකි. එලෙස ධාවනය කරවීම සඳහා 1991 වසරේ දී බස්‍ රථය ඩිපෝව වෙත ලබා දී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් විසිනි. මෙම බඳ සහිත බස් රථ ඉතා සීමිත ගණනක් පමණක් ලංගම යටතේ මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවේම තිබී ඇත.

චාරිකාව අතරතුර ලබාගත් තවත් ඡායාරූපයක්.
This photo was taken in 1992 in Randenigala, Central, LK.
Click for the full size picture.
ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Saturday, July 20, 2019

SLTB Supply division - Kirindiwela depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot TATA LP 909/36 supply division vehicle (61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ ධාවනයට එක් වූ ජායි බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. 

මෙම රථය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය.

Thursday, September 3, 2015

Jay bodied TATA LP 909/36 modified bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012 in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Jay bodied TATA LP 909/36 modified bus (KD 71 / 61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ ජායි (Jay) බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථය 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට  එක්වී ඇති අතර සම්පූර්ණයන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. සම්පාදක සේවා රථයක් ලෙස ශ්‍රී ලංගම බණ්ඩාරවෙල වැඩපොළ යටතේ තිබී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස කිරිඳිවැල ඩිපෝව යටතේ මගී ප්‍රවාහනයට එක් කර තිබීම විශේෂය.
This photo was taken on December 24, 2012 in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, March 3, 2015

Ashok Leyland Viking 193 Hinopwer modified bus from SLTB Kirindiwela depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Ashok Leyland Viking 193 Hinopower modified bus (KD 40 / NA-5239) at Kararagama. Acquired to the SLTB fleet in 2007. Repaired and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග..ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනොපවර් වර්ගයේ බස් රථයක් කතරගම දී. 2007 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසු කාලීනව විවිධ හේතුන් මත ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ දෙසැම්බර් මස අලුත්වැඩියා කර ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවේ දී රථය මුල් පෙනුමෙන් වෙනස් කොට එයට නව මුහුණුවරක් ලබාදීමට උත්සහ කර ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 16, 2014

SLTB supply division - Kirindiwela depot

This photo was taken on December 24, 2012 in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Ashok Leyland Viking 154 supply division vehicle (KD 78 / 23ශ්‍රී9616) at Kirindiwela. SLCTB bodied bus converted as the service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 154 වර්ගයේ සම්පාදන සේවා රථයක් කිරිඳිවැල දී. 1979 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථය ඩිපෝවේ ඉන්ධන සම්පාදන සේවාවක් සඳහා යොදාගත් අවස්ථාවකි.

Wednesday, January 1, 2014

Wesco ISUZU MT 112 modified bus from SLTB Kirindiwela depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Wesco ISUZU MT 112 modified bus (KD12 / 63-3050) at Kararagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් කතරගම දී. 1999 වසරේ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිමවා ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී මෙලෙස ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. මෙම රථයේ ඇති විශේෂත්වයක් නම් මෙහි වායු සමන පද්දතියදට යලි පණ දිය හැකි අයුරින් නිමවා තිබීමයි. ස්වංක්‍රීය විදුලි සීනු වැනි තවත් අමතර උපාංග රැසක් ද රථය සතුය. රථයේ බාහිර පෙනුම බොහෝ සෙයින් මුල් පෙනුමෙන් වෙනස් වී තිබෙන බව නිරීක්‍ෂණය වන අතරම ධාවනයෙන් ඉවත් කල Hino HT වර්ගයේ සුනාමි බස් රථ වල කොටස් උපයෝගී කර ගනිමින් අලුත්වැඩියා කර ඇති බවද නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝසේවක මහත්වරුන්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
රථය, කතරගම කිරිවෙහෙර අසල පහන් පූජා පිංකම අවස්ථාවේ දී.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, September 27, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kirindiwela depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Ashok Leyalnd Viking turbo bus (KD 28 / NA-8952) at the Mannar bus stand. Allocated for the services under the route No.04 between Talaimannar and Colombo. Awaiting to leave for Talaimannar. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් අශෝක් ලේලන් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මන්නාරම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 04 යටතේ තලෙයිමන්නාරම හා කොළඹ අතර ධාවනයයට යොදවා තිබුණි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මන්නාරමේ සිට තලෙයිමන්නාරම බලා ධාවනයට සූදානමින් තිබී ඇත. 2011 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Tuesday, June 25, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, SLCTB bodied Ashok Leyland Viking bus (KD 77 / 23ශ්‍රී9379) in the dept premises. Acquired to the SLCTB fleet in 1979. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ආසන 36 කින් යුතු මෙම රථය 1979 වසරේ ජනවාරි මස ඩිපෝවට ලැබී ඇත.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, June 15, 2013

TVS bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on June 13, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, TVS bodied Ashok Leyland Viking bus (KD 59 /62-6455) in the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටී.වී.එස්. (IRIZAR TVS) සමාගම මගින් නිපදවා ඇත. කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ ධාවනය වූ මෙම බස් රථ 05ක් පසුව මෙලෙස ලංගම හා එක් වී ඇත. මෙම බස් රථයේ පිටුපස පෙනුම කිරිඳිවැල බස් නැවතුම්පොළේ දී ලබාගත් ඡායාරූපයක් පහතින් ඇත.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, May 6, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kirindiwela depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela deopt, Ashok Leyland Viking Turbo 54 seater bus (KD 22 / NB-2549) at the Embilipitiya bus stand. Allocated for the services between Katunayake and Embilipitiya via Nittambuwa, and Avissawella under the route No.182/3.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 කින් යුත් බස් රථයක් ඇඹිලිපිටිය බස් නැවතුමේ දී. 2011 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 182/3 ඔස්සේ කටුනායක හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus (Photo by: Thilina Subhashana) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ඡායාරූපය: තිලින සුභාෂන)
This photo was taken on July 21, 2013 in Avissawella, Sabaragamuwa, LK, using a Nokia C3.
Click for the full size picture.

Last Update: 2014-Feb-05 -- අවසන් යාවත්කාලීනය: 2014 පෙබරවාරි 05

Tuesday, March 26, 2013

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kirindiwela depot

This photo was taken on January 18, 2012  in Kirindiwela , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Ruby bodied TATA LP 909/36 bus (KD 01 / 63-1983) at the Kirindiwela bus stand. Body built by Ruby bus pvt. ltd. This bus rehabilitated (2010) by the Kirindiwela depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් කිරිඳිවැල බස් නැවතුම්පොළේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර (2010) සැමරීම නිමිත්තෙන් කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූප ලබාගනන්නා අවස්ථාවේ වේයන්ගොඩ හා කිරිඳිවැල අතර ධාවනයට යොදවා තබුණි.

This photo was taken on January 18, 2012  in Kirindiwela , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on January 18, 2012  in Kirindiwela , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, January 1, 2013

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Kirindiwela depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Modified Wesco TATA  TATA LPO 1313/55 bus (KD 06 / 62-7607) at Katharagama. Rehabilitated and modified by the depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කිරිඳිවැල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල මුල් බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුදගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොලේ දී එකලස් කර ඇත. වසර ගණනක් ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. භාවිතයට නොගන්නා, ආයතනය සතු සම්පත් මෙලෙස ඵලදායී ලෙස යොදාගෙන ජනතා සේවාවන්ට යෙදවීම සැබවින්ම පැසසිය යුතු කරුණකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 18, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on January 18, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This Bus before the rehabilitation -- මෙම බස් රථය අලුත්වැඩියාවට පෙර.
Click for the full size picture.
බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝ ඉංජිනේරුතුමා ඇතුලු සේවක පිරිස.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 25, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Kirindiwela depot, Dimo TATA LPO 1313/47 bus (KD 02 / 62-1791) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired in 1994. Rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. මම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම මගින් ශ්‍රී ලංකාවේ දී එකලස් කර ඇත. විවිධ හේතුන් නිසා මෙම බස් රථ බොහොමයක් ධාවනයෙන් ඉවත්ව තිබුනත් ඇතැම් ඩිපෝවල තවමත් මෙලෙස ධාවන මට්ටමේ පවතී. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන්  කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී ධාවනයෙන් ඉවත් කල සුනාමි බස් රථ කොටස් උපයෝගී කොට ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, July 28, 2012

SLTB Breakdown Service (Kirindiwela Depot)

This photo was taken on July 27, 2012  in Borella, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Ashok Leyland Viking, breakdown Service vehicle (KD 84 / 23ශ්‍රී7484) at Borella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් බොරැල්ලේදී.