Showing posts with label PL. Show all posts
Showing posts with label PL. Show all posts

Sunday, July 21, 2024

Colombo Rider Ashok Leyland Viking 193 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Colombo Rider Ashok Leyland Viking 193 (PL 73 / 63-4571) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the RRBC fleet in 2000.  This photo was taken in June 2013 while Allocated for the services between Nawa Nagaraya and Kaduruwela on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේදී රජරට බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. 2013 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නවනගරය හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, December 4, 2022

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Lanka Ashok Leyland Viking bus (63-2783) in the depot premises. The bus was acquired to the Rajarata bus company (NRTB) fleet in 1999. This photo was taken in June 2013 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් ශ්‍රී ලංකාවේ දී බඳ නිමවා ඇති රථය 1999 වසරේ එවකට රජරට බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2013 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය හිඟුරක්ගොඩ හා අඹගස්වැව අතර ධාවනයට යොදවා ඇත. 

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :-Viking 193
Coach Builder :- Lanka Ashok Leyland Ltd in Sri Lanka
Wheel Base :- 4902 mm
Steering type :- Normal
Seating Capacity :- 42
Year of Manufacturing :- 1999
SLTB type :- B
Status :- In service

Information as at 10.12.2022

Thursday, May 28, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Ruby bodied TATA LP 1510/52 bus (PL 65 / 63-3981) in the depot premises. The bus acquired to the fleet in 2000. Rehabilitated in 2012 by the Polonnaruwa depot workers to celebrate the President's induction. Allocated for the services between Kaduruwela and Kandegama under the route number 1/756. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රුබී සමාගම මගින් බඳ සකසා 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී 2012 වසරේ අග භාගයේ මෙලෙස පොලොන්නරුව ඩිපෝවේ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර ඇත්තේ පස්වන ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 1/756 යටතේ කන්දේගම හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, January 28, 2020

King Long XMQ6127CY luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on July 02, 2019 in Colombo, Western, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, King Long XMQ6127CY luxury bus (ND-8523) at the Colombo central bus stand. Awaiting to leave for the depot for the first time. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝවට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. 2019 වසරේ ජුනි මස ඩිපෝව මගින් සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගත් බස් රථයකි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 9ක් ම.බ.කා., මහරගම, පොලොන්නරුව, අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය, මාවනැල්ල හා මාතලේ යන ඩිපෝවන් මගින් මිලදී ගන්නා ලදී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිය මංගල ගමන ඩිපෝව බලා පිටත් වීමට සූදානමින්.

Thursday, August 22, 2019

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-5507) parked in the Maharagama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති අවස්ථාවකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ එකලස් කොට ඇත්තේ අසාඩ් කොච් බිල්ඩර්ස් සමාගම මගිනි. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, August 17, 2017

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Polonnaruwa depot

This photo was taken on March 25, 2016 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Polonnaruwa depot, Kitamura bodied ISUZU ELR 500 bus (60ශ්‍රී6950) at Kaduruwela. Playing on a local route to Hingurakgoda via Minneriya and Girithale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් කදුරුවෙල දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිතය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මින්නේරිය, ගිරිතලේ හරහා හිඟුරක්ගොඩ හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූවකි.

රථය ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Builder's plate of the bus -- නිෂ්පාදක විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, July 28, 2017

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-5508) parked in the Maharagama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති අවස්ථාවකි. මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා සඳහා යොදා ගැනෙන අතර එදිනෙදා සේවා, ඉන්ධන සපයා ගැනීම, ගාල් කිරීම, මුදල් බැඳීම ආදිය සිදු කරන්නේ මහරගම ඩිපෝව හරහාය. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Sunday, June 25, 2017

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Polonnaruwa depot

This photo was taken in 1980's in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Polonnaruwa depot, Ashok Leyland Viking SLCTB bodied bus (PL 46 / 23ශ්‍රී8886) in Kandy. Photo by: Dave Spencer.  -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) පොලොන්නරුව ඩිපෝවට අයත්, ශ්‍රී ලං. ම. ග. ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මහනුවර නගරයේ දී.  රථය මහනුවර සිට පොලොන්නරුව බලා ධාවනය වන අවස්ථාවකි. මහනුවර ප්‍රාදෙශිකය අවට ටාටා, ඉසූසූ, බෙන්ස්, ෆියට් වැනි බස් වර්ග බහුලව ගැවසී ඇති එකල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දැක ගැනීමට ලැබී ඇත්තේ සීමිතවය.  ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Tuesday, December 6, 2016

Ashok Leyland Viking Hinopower bus SLTB Polonnaruwa depot

This photo was taken on December 02, 2016 in Giritale, North Central, LK, using a NIKON D5000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyland Viking Hinopower bus (NA-1197) at Giritale. Playing on a local route from Elahara. (Pic by: Isuru Lasan) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ගිරිතලේ වැව් බැම්ම මත දී. රථය ඇලහැර හා කදුරුවෙල අතර ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: ඉසුරු ලසන්)

Rear view of the bus (June 2013) --  මෙම බස් රථයේ පිටුපස පෙනුම (2013 වසරේ ජුනි මස 22 වන දින ඩිපෝ පරිශ්‍රයේ දී. එවකට කදුරුවෙල හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත)
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 21, 2016

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Polonnaruwa

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyland Comet Minor bus (PL 10 / 61-5607) in the depot premises. Body built by Azad coach builders in India. Acquired in 1993 for the service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ අසාඩ් කෝච් සමාගම මගිනි.

Saturday, May 2, 2015

Ashok Leyland 12M FE luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on October 16, 2014, in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-8746) in the Maharagama depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the on the southern expressway between Maharagama and Galle.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන, අසාද් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on October 16, 2014, in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, February 8, 2015

Wesco ISUZU MT112 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 23, 2012 in Polonnaruwa, North Central, LK, using a Samsung PL210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Wesco ISUZU MT112 bus (PL 49 / 62-9394) at Polonnaruwa. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1998. Allocated for the services on a local route between Kalahagala and Kaduruwela. Photo by: Rajitha Perera. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් පොළොන්නරුවේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට රජරට බස් සමාගම යටතේ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙලෙස සාමන්‍ය ගාස්තු යටතේ කලහගල හා කදුරුවෙල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

Thursday, August 21, 2014

Latec TATA LP1510/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on August 10, 2014 in Polonnaruwa, North Central, LK, using a Nikon D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Latec TATA LP 1510/52 bus (PL 107 / GE-8860) at Polonnaruwa. The bus acquired to the fleet in 2000. Playing on a local route between Buddhayaya and Polonnaruwa under the route number 850. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් පොළොන්නරුවේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 850 යටතේ කදුරුවෙල හා බුද්ධයාය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික.

This photo was taken on August 10, 2014 in Polonnaruwa, North Central, LK, using a Nikon D7100.
Click for the full size picture.

Monday, May 19, 2014

MCW Metro double decker bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, MCW (Metro Cammell Weymann) Metro double decker bus (PL 130 / NA- 0773) in the depot premises. Built by Metro Cammell Weymann in 1988. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පොළොන්නරුව ඩිපෝවට අයත් MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1988 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථය 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මුලින් මහරගම ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස පොලොන්නරුව ඩිපෝවට ලබා දී ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය නව නගරය හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, April 27, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 22, 2014 in Lahugala, Polonnaruwa, North Central, LK, using a Nikon D5200.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Latec TATA LP 1210/52 bus (PL 25 / 62-0372) on the Parakrama Samudrya bund near Kalahagala. Body built by Latec with Duple Metsec. Playing on a local route between Kaduruwela and Abanganga under the route number 847. Photo by Rajitha Perera -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කලහගල ආසන්නයේ පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත දී. ලටෙක් සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත්තේ 1994 වසරේය. චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 847 යටතේ කදුරුවෙල හා අඹන්ගඟ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

Tuesday, January 28, 2014

Ashok Leyland Viking modified bus from SLTB Polonnaruwa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyland Viking modified bus (PL 70 / 63-2634) at Kataragama. Rehabilitated and modified by depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස 2013 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කර ඇත. අලුත්වැඩියාවේ දී රථයට නව බස් රථයක පෙනුමක් ලබා දීමට උත්සහ කර ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝසේවක මහත්වරුන්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 10, 2013

Wesco ISUZU MT112 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Wesco ISUZU MT112 bus (PL 144 / 62-8057) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1998 වසරේ වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝවන් මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තවමත් තනිදොරක් සහිතව ධාවනය වන බව නිරීක්ෂණය වේ.
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 29, 2013

Ashok Leyland Comet 4XZ tow truck from SLTB Polonnaruwa

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyland Comet 4XZ tow truck (48-9015) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් 4XZ වර්ගයේ දොඹකර රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 1997 වසරේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 24, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on September 23, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyalnd Viking AC luxury bus (NB-5509) at the central bus stand depot. Allocated for the services under the route No 48 between Batticaloa and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනයට එක්කර ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ම. බ. ක. ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 48 ඔස්සේ කොළඹ හා මඩකලපුව අතර ධාවනයට යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.

This photo was taken on September 23, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 22, 2013

Mitsubishi Fuso Aero Star city bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Mitsubishi Fuso Aero Star city bus (PL 117 / NA-1736) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට හේතුවෙන් ලබාදෙන ජපන් ආධාරයක් වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. අදටත් මෙම බස් රථ ගමන් ගන්නා මගීන්ට මෙන්ම රියදුරුටද බොහොමත් සුවපහසුය. දුනු වෙනුවට බැලුන අවලම්බක පද්දතියක් ඇති නිසා (air suspension) ගැස්සීම් ද ඉතා අවමය. කෙසේ වෙතත් මෙම බස් රථ නිසා ලංගමට ආරථිකමය වශයෙන් පාඩු වී ඇත. මෙම බස් රථ වල ඉන්ධන පරිබෝජනය අනෙක් බස් වලට සාපේක්‍ෂව වැඩි වීම එයට හේතුවයි. තවද අමතර කොටස් මිල අධික වීම හා ඒවායේ හිඟයද ගැටළුවක් බවට පත්වී ඇත. කෙසේ වෙතත් මගී තදබදය වැඩි නගර ආශ්‍රිත මාර්ග සඳහා යොදවමින් එම පාඩුව අවම කරගනිමින් පොලොන්නරුව ඩිපෝව තවමත් සාර්ථකව මෙම බස් රථ ජනතා සේවා සඳහා යොදවයි. පොලොන්නරුව ඩිපෝව සතුව මෙම වර්ගයේ බස් රථ 2 ක් පවතින අතර ඒවා  තවමත් සාර්ථකව ධාවනය වේ.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a SAMSUNG WB101.
Click for the full size picture.