Friday, October 31, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Latec TATA LP 1510/52 bus (GD-7471) in the depot premises. Body built by Latec with Duple Metsec UK. Acquired to the fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර මධ්‍ය වැඩපොළේ දී බඳ නිමවා 2000 වසරේ ධාවනයට එක් කරන ලද බස් රථයකි.

Thursday, October 30, 2014

SLTB breakdown service - Homagama depot

This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Cheetah breakdown service vehicle (30ශ්‍රී5744) in the depot premises. Lanka Ashok Leyland bodied Ashok Leyland Cheetah bus converted as the breakdown service vehicle.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් චීටා වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ සකසා 1984 වසරේ ධාවනයට එක් කල බස් රථයක් පසුකාලීනව මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Wednesday, October 29, 2014

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Kilinochchi depot

This photo was taken on October 26, 2014 in Kilinochchi, Northern, LK using a NIKON D5000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Ashok Leyalnd Viking 193 Turbo bus (KC 07 / NB-8673) at Kilinochchi. The bus acquired to the fleet in 2014. Plying on a local route between Kilinochchi and Mullaitivu. Photo by: Isuru Lasan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කිලිනොච්චි ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් කිලිනොච්චියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ඩිපෝවට ලැබී ඇත්තේ බස් රථ 2200 වැඩපිළිවෙල යටතේය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිලිනොච්චි හා මුලතිව් අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉසුරු ලසන්

Monday, October 27, 2014

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Wariyapola depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Lanka Ashok Leyland Viking 193 bus (61-8787) at the Kurunegala bus stand. The bus acquired to the fleet in 1994. Allocated for the services on a local route between Hanhamunuwa and Kunenegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිමවා 1994 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හංහමුනුව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, October 26, 2014

CTB bodied TATA 1210/52 bus from CTB Negombo depot

This photo was taken on 1974 in Bolawatta, wayamba, LK.
Click full the size picture.
Ceylon Transport Board (CTB / now SLTB) Negombo depot, CTB bodied TATA 1210/52 bus (23ශ්‍රී5623) at Bolawatta in 1974. The bus acquired to the CTB fleet in 1972. Playing on a local route between Wennappuwa and Negombo under the route number 903. Photo by: Robert Höbel -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති ලංගම බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් 1974 වසරේ බෝලවත්ත ප්‍රදේශයේ දී. 1972 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 903 යටතේ මීගමුවේ සිට වෙන්නප්පුව බලා ධාවනය වී ඇත. ඡායාරූපය: Robert Höbel

Saturday, October 25, 2014

Ashok Leyland Lynx 3900 bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Ashok Leyland Lynx 3900 bus (NB-6719) in the depot premises. Acquired to the SLTB fleet in 20013. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයට අයත් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක් කොට ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ එරත්න හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, October 24, 2014

Hino U-HT2MLAAKAI luxury bus from SLTB Negombo depot

This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Hino U-HT2MLAAKAI luxury bus (NB 30 / NA-0573) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated and modified by the Negombo depot workers and allocated for the luxury services between Negombo and Colombo under the route number 240. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට යටතේ ධාවනය වන Hino U-HT2MLAAKAI වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. කඩවත ඩිපෝව යටතේ ධාවනයට එක්වී, පසුව ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය යටතේ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට කටුනායක බස් නැවතුම දක්වා සේවයේ යොදවා තිබී ඇති මෙම බස් රථය 2010 වසරේ සිට ධාවනයෙන් ඉවත්ව තිබී ඇත. මීගමුව ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස වායුසමන පද්ධතිය ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කටුනායක අධිවේගී මාර්ගය (E 03) ඔස්සේ මීගමුව හා කොළඹ අතර මාර්ග අංක 240 යටතේ සුඛෝපබෝගී ධාවනයට එක් කිරීමට සූදානමින් සිටී. රථයේ වායුසමන පද්ධතියේ සුළු අලුත්වැඩියාවන් කීපයක් හැරුණු කල අන් සියලු අලුත්වැඩියාවන් ඩිපෝ පරිශ්‍රයේ දීම සිදුකර තිබේ. ඉලෙක්ට්‍රොනික පරිපථයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන ගියර් පද්ධතිය, එන්ජිම ඇතුළු සියලු අලුත්වැඩියාවන් සඳහා පිරිවැය ලෙස වැය වූයේ රු. 200 000 ක මුදලක් බව ඩිපෝ සේවක මහතුන් පවසයි.

This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. මෙහි නාගරික සේවාවන්ට ගැලපෙන පරිදි සකසා තිබුණු ආසන 29 සැකැස්ම, පසුපස දොරටුව ස්ථීරව වසා දමා අධිවේගී ධාවනයට යෝග්‍ය වන පරිදි ආසන 42ක් වන ලෙස ඩිපෝව මගින් සකසා ඇත.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the bus -- රියදුරු කුටිය.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Engine of the bus -- රථයේ එන්ජිම (අලුත්වැඩියාවෙන් පසු)
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, October 23, 2014

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Maho depot

This photo was taken on September 14, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, TVS bodied Ashok Leyland Viking 193 bus (MHO 46 / 63-3680) at the Mho bus stand. Body built by TVS (Sundaram Industries) in India. Acquired to the SLTB fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත්, TVS බඳ සහිත  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ (body) IRIZAR TVS (Sundaram Industries) සමාගමේ නිෂ්පාදිතය. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

Wednesday, October 22, 2014

SLTB supply division - Mawanella depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, TATA LP1210/36 supply service vehicle (23ශ්‍රී5953) in the Maharagama depot premises. CTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 23ශ්‍රී5953 වේ. 1973 වසරේ දැරණියගල ඩිපෝව යටතේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථය කර සකසා ඇත.

Monday, October 20, 2014

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Kataragama depot

This photo was taken on September 13, 2013  in Dippitigala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus (KTG 97 / NA-7037) at Dippitigala. The bus acquired to the SLTB fleet in 2008. Allocted for the services between Colombo and Kataragama under the route number 03. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දිප්පිටිගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව රුබී සමාගම මගින් සැකසූ බඳකින් සමන්විතය. ශ්‍රී ලංගම හා එක් වූ පළමු අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 132 ක් ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 03 ඔස්සේ කොළඹ හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, October 19, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Udahamulla depot

This photo was taken on August 31, 2014 in Narahenpita , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Latec TATA LP 1510/52 bus (UM 19 / 63-4345) at Narahenpita. Body built by Latec (pvt) Ltd. with Duple Metsec UK. Acquired to the fleet in 2000. Allocated for the services between Wellawatta and Narahenpita under the route number 141 .-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් නාරාහේන්පිට දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 2000 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 141 ඔස්සේ නාරාහේන්පිට හා වැල්ලවත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, October 18, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Nawalapitiya depot

This photos was taken on September 08, 2014 in Kitulgala, Sabaragmuwa LK, using a SONY DSC-W630.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Ruby bodied TATA LP 909/36 bus (NW 52 / 63-2439) playing on a postal service between Ginigathhena and Nawalapitiya. The bus acquired to the fleet in 1999. Photo by : Bhasuru Prabashwara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් කිතුල්ගලදී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වන අතර ඒවා සපයාගෙන ඇත්තේ ග්‍රේට්වෝල් වර්ගයේ බස් රථයකින් බවද පෙනී යයි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාවලපිටිය හා ගිනිගත්හේන අතර තැපැල් සේවයේ ධාවනය වෙමින්. ඡායාරූපය: භාසුරු ප්‍රභාෂ්වර.

Friday, October 17, 2014

ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශීකයේ හොඳම ඩිපෝව අහිමි වෙයි ද?

වර්තමානයේ ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශිකයේ හොඳම ඩිපෝව යැයි කියූ සැනින් ඔබ දෙවරක් සිතිය යුතු නැත. ඒ ශ්‍රී ලංගම මහරගම ඩිපෝවයි. 2004 වසර වන විට මෙට්‍රොබස් සමාගම යටතේ කණගාටුදායක තත්වයකට පත්ව තිබුණු මහරගම ඩිපෝව අතිගරු ජනාධිපතිතුමා ගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2005 වසරේ සිට මේ දක්වා පැමිණි ගමන්මග ඉතා ප්‍රශංසනීයය. ඩිපෝ කළමණාකාරතුමන්ලා මෙන්ම සේවක මහතුන්ගේද දැඩි කැපවීම මත මේ වන විට ඩිපෝව කොළඹ ප්‍රදෙශිකයේ ආර්ථික ස්ථාවරත්වය අතින් හොඳම ඩිපෝව මෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම ඩිපෝවක් බවට පත්ව ඇත.

මේ වන විට මහරගම ඩිපෝව අත් කරගෙන ඇති ආර්ථික ස්ථාවර භාවය නිසාම ඩිපෝවේ සේවක සුභසාධන කටයුතු පැසසිය යුතු මට්ටමක පවතී. ඩිපෝවේ සේවක මහත්වරුන් 458 ක් පමණ සේවයෙහි යෙදෙන අතර ඔවුන්ගේ සේවක සුභ සාධක සමිතිය සතුව රු 10000000ක මුදලක් පවතින බව ඔවුන් පැවසුවේ ආඩම්බරයෙනි. ඩිපෝවේ දෛනික අදායම ලක්ෂ 13 ක් පමණ වන අතර දුර සේවා සඳහා තදබදයක් පවතින සති අන්තයේ එය ලක්ෂ 15 දක්වා ඉහල යන බව අපට දැනගන්නට ලැබුණි. සේවක සුභසාධනයෙන් නොනැවතී ආර්ථික අපහසුතා පවතින අවට ඩිපෝවන් වෙත මහරගම ඩිපෝව දක්වන ඉන්ධනමය, මූල්‍යමය පහසුකම් සුළුපටු නොවේ.

තත්වය එසේ තිබියෙදී ඩිපෝ කලමාණාකාරිත්වය සහ සේවක පිරිස දැඩි කනස්සල්ලට මෙන්ම කම්පනයට ලක් කරමින් ඩිපෝ භූමිය බස් නැවතුමක් සඳහා පළාත්සභාවට පවරා ගැනීමේ සූදානමක් පවතී. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් දැනටමත් සකසා අවසන් බව ඩිපෝ සේවක මහත්වරුන් පවසයි.

බස් නැවතුමක් සෑදීමේ ව්‍යාපෘතිය විවේචනය කිරීමට ප්‍රථම, දැනට ඩිපෝව මගින් ප්‍රදේශයේ ජනතාවට සිදුවන සේවාවන් පිළිබඳව විමසා බැලීමට කැමැත්තෙමු. මහරගම ඩිපෝව සතුව දැනට බස් රථ 100 ක පමණ රථ ඇණියක් පවතී. මේ ලිපිය පල කරන අවස්ථාව වන විට ඉන් බස් රථ 85ක් ධාවනයේ තිබුණි. ඩිපෝව මගින් මාර්ග 34 ක බස් ධාවන කටයුතු සිදු කෙරන අතර ඉන් 15ක් දුර ගමන් සේවාය. ග්‍රාමීය මාර්ග 10 ක පමණ කුඩා ප්‍රමාණයේ බස් රථ ධාවනය කෙරන අතර කොළඹ ප්‍රාදේශිකයේ ප්‍රශන්සනීය ලෙසම ග්‍රාමීය සේවා සපයන ඩිපෝවක් ලෙස මහරගම ඩිපෝව හැඳින්විය හැක.
මහරගම ඩිපෝව යටතේ ග්‍රාමීය මාර්ග වල ධාවනය වන බස් රථ
ඩිපෝව මගින් පාසල් 12ක සිසු සිසුවියන් සඳහා සේවා ක්‍රියාත්මක අතර සබරගමු හා රුහුණු සරසවි වල අධ්‍යාපන කටයුතු සඳහා යන සිසු සිසුවියන් ගේ පහසුව වෙනුවෙන් ද සේවා ක්‍රියාත්මකය. මහරගම ඩිපෝව මගින් ජනතාවගේ පහසුව සඳහා පවත්වාගෙනයන සේවාවන් අතර මහරගම පිළිකායතනයේ සිට ඇරඹෙන බස් සේවාද ප්‍රමුඛතාවක් ගනී. මාර්ග අංක 138 ඔස්සේ පිළිකා රෝහලේ සිට පිටකොටුව දක්වා බස් සේවා ක්‍රියාත්මක අතර මහනුවර, ඇඹිලිපිටිය, කුරුණෑගල, මාතර, පල්ලෙබැද්ද, බලංගොඩ වැනි ප්‍රදේශ සඳහා දුර සේවා ක්‍රියාත්මකය. පිළිකායතනයේ ප්‍රතිකාර සඳහා එන ජනතාවට ඒවායින් ඉටුවන සේවය මෙතකැයි කිව නොහැක. මාර්ග අංක 919 යටතේ පිළිකායතනය, ආයුර්වේද රෝහල හරහා නව රෝහල දක්වා ක්‍රියාත්මක වන සේවාවද කැපී පෙනේ. ආගමික වශයෙන් වැදගත් කැලණිය, බෙල්ලන්විල, කළුතර වැනි පූජනීය ස්ථාන දක්වා ඩිපෝවෙන් විශේෂ සේවා ක්‍රියාත්මය. තවද නගරය ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික අධ්‍යපන ආයතනය, ජල සම්පාදන මණ්ඩලය වැනි රජයේ කාර්යාල වල සේවය කරන සේවක මහත්වරුන් ප්‍රවාහනය සඳහා ද ඩිපෝව මගින් සේවා ක්‍රියාත්මක කර ඇත. යුධ හමුදාව හා ජාතික ශිෂ්‍ය භට බලකාය වෙත බස් රථ සැපයීමද ඩිපෝව මගින් සිදු කරේ. පසුගියදා මහරගම තරුණ සේවා පරිශ්‍රයේ පැවති යොවුන් පාර්ලි‌‌මේන්තුව සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම භාර වූයේ ද මහරගම ඩිපෝවටය.

මහරගම ඩිපෝවේ සේවාවන් අතර තවත් කැපී පෙනෙන සේවාවකි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සේවාව. මේ වනවිට උපයා ගෙවීමේ පදනම මත ලබාගත් සුඛෝපභෝගී බස් රථ 08 ක ඇණියක් ඩිපෝව සතුය. මෙම ලිපිය පල කරන අවස්ථාවේද නවතම සුඛෝපබෝගී බස් රථයක් ඩිපෝවට ගෙනැවිත් තිබුණු අතර තවත් බස් රථයක් සඳහා මුදල් බැඳ තිබුණි.
කටුනායක අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කල අවස්ථාවේ ධාවනය වූ මහරගම ඩිපෝවට අයත් අධි සුඛෝපබෝගී බස් රථයක්.
උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව ලබාගත් නවතම අධි සුඛෝපබෝගී බස් රථය.
තම ඩිපෝවේ සුඛෝපබෝගී සේවාවන්ට අමතරව, මහරගම හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන අනෙකුත් ඩිපෝවන්හි සුඛෝපබෝගී බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන සම්පාදනය, සුළු අලුත්වැඩියා මෙන්ම ඇතැම් බස් රථ වලින් උපයා ගන්නා මුදල් හුවමාරු වන්නේ ද මහරගම ඩිපෝව හරහාය. මේ ලිපිය පලවන අවස්ථාව වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල හා මාතර දක්වා ශ්‍රී ලංගම බස් රථ 30 ක් ධාවනයේ යොදවා තිබුණි.
මහරගම ඩිපෝ භූමියේ ගාල් කර ඇති ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට අයත් බස් රථයක්.
ඉහත සේවා පිලිබඳ සලකා බැලීමේ දී මහරගම ඩිපෝ භූමියේ වටිනාකම ඔබට මැනවින් පසක් වනු ඇත. එය හුදෙක් මහරගම ඩිපෝවට පමණක් නොව ප්‍රදේශයේ සමස්ත මගී ජනතාවට මෙන්ම සමස්ත ලංගමටම වැදගත් වන භූමි කොටසකි.
මහරගම ඩිපෝ භූමිය
ඩිපෝ ප්‍රධාන කාර්යාලයේ අමුත්තන් රැඳී සිටින ස්ථානය
දැනට ඩිපෝ භූමියේ පිහිටා ඇති දෑ මෙසේය.
  • ඩිපෝ ප්‍රධාන කාර්යාලය
  • ගිණුම් කාර්යාලය 
  • ආරක්ෂක කාර්යාලය 
  • ඉංජිනේරු කාර්යලය 
  • ඩිපෝ ප්‍රධාන ගබඩාව (සම්පාදක අංශය)
  • සේවක විවේකාගාර 3ක් 
  • ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය
  • ආපන ශාලාව 
  • රියදුරු පුහුණු හා දේශන ශාලාව
  • ඉන්ධන පිරවුම්හල හා තෙල් ගබඩාව
  • රථ පාලන මැදිරිය
  • සුළු අළුත්වැඩියා අංශය 
  • වඩු/ පින්තාරු/ බොඩි අළුත්වැඩියා/ දුණු/ ටයර් අංශය 
  • කම්මල්/ පොම්ප/ සේවා/ විදුලි/ බැටරි අංශය
  • ගියර් පෙට්ටි හා බරවැඩ අංශය (දෙමහල්)
  • එන්ජින් අළුත්වැඩියා හා නිල වාහන ඒකකය
  • සුළු අළුත්වැඩියා අංශය අසල තඩාග වල 
  • ඉංජිනේරු අංශය ඇතුලත තඩාග වලවල් 8 ක් 
  • පහල බරවැඩ අංශය තුල තඩාග වලවල් 2 ක් 
  • ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන ටැංකි (භූගත) 2 සහ පොම්ප 1 ක්
  • අමතර ඉන්ධන පිරවුම් ටැංකි 2 ක් (භූගත)
  • බස් රථ සේදීමේ අංශය 
  • බස් ගාල් කිරීමේ අංගන 3 යි 
ඩිපෝව ආරම්භ කරන අවධියේ මාර්ගයේ දෙපස අක්කර 4 බැගින් අක්කර 8ක් ව පැවති ඩිපෝ භූමිය, පසුකාලීනව මාර්ගයේ එක් පසක අක්කර 4 ක භූමියට පමණක් සීමා කර ඉතිරි ඉඩම ජල සම්පාදන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ල වැනි ආයතන පිහිටුවීම සඳහා පවරාගෙන තිබුණි. දැන් මේ සූදානම් වන්නේ තම ඩිපෝවේ ඉතිරි ඉඩකඩත් අත්පත් කර ගනීමට යැයි ඩිපෝ සේවකයෝ කනස්සල්ලෙන් පැවසීය.

මහරගම ඩිපෝව පවතින භූමිය බස් නැවතුම්පොළක් සඳහා සුදුසුද යන්න ඉන් පසුව සලකා බැලිය යුතුය. ඩිපෝව පිහිටා තිබෙන්නේ ප්‍රධාන මංසන්ධියේ සිට කි. මි. 1 කට ආසන්න දුරකිනි. මෙලෙස ප්‍රධාන නගරයෙන් ඈතට වන්නට පිහිටවූ බස් නැවතුම් මේ දක්වා කිසිදු සාර්ථක භාවයක් අත්කරගෙන නැත. ආසන්නතම උදාහරණයක් හෝමාගමින් ලැබේ. විශාල මුදලක් වැය කොට නගරයට ඈතින් බස් නැවතුමක් ඉදි කල ද අද එය බස් ගාලකට පමණක් සීමා වී ඇත. සියලු බස් ආරම්භ වන්නේ නගරයේ පිහිටි පැරණි ලංගම බස් නැවතුමෙන් හා තවත් කුඩා බස් නැවතුම් කිහිපයකිනි.

මීලඟට සලකාබැලිය යුත්තේ මහරගම නගරයේ බස් නැවතුම්පොළක් සඳහා වෙනත් සුදුසු භූමියක් නොමැතිද යන්නයි. මේ පිලිබඳව අප විමසා සිටි අවස්ථාවේ ඩිපෝ සේවක මහත්වරුන් පැවතුවේ, නගරයේ ප්‍රධාන පාරට යාබද ඉඩමක මේ වන විට සති පොළක් ඉදි වෙමින් පවතින බවයි. මෙලෙස නගරයේ කාර්ය බහුල මන්සධියක සති පොළක් ඉදි කිරීම කොතරම් දුරට යෝග්‍ය දැයි ඩිපෝ සේවකයින් ප්‍රශ්න කරයි. තවද සති පොළ පැවැත්වෙන්නේ සතියකට දින 3ක් පමණක් බව ඔවුන් කියා සිටී. පොළට යාබදව අවුරුදු 33 ක් පැරණි සුපිරි වෙළඳ සංකීරණයක් පවතී. එම ගොඩනැගිල්ල හා පොළ භූමය ඒකාබද්ධ කොට එම ඉඩමෙහි බස් නැවතුම ඉදිකොට එහි ඉහළ මාලයේ සුපිරි වෙළඳ සංකීර්ණය සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ඉතා පහසුවෙන් ලබා ගත හැකි බව ඔවුන් පෙන්වා දේ. තව මේ සඳහා සුදුසු වෙනත් ඉඩම් ඕනෑ තරම් පවතින බවට ඔවුන් උදාහරණ ඕනෑතරම් පෙන්වා දේ.

මහරගම ඩිපෝ සේවක මහත්වරුන්ගේ එකම ආයචයනය තම ඩිපෝව හා එහි භූමිය ආරක්ෂා කර දෙන්න, යන්නයි. ඒ වෙනුවෙන් ඔවුන් අද දින උදෑසන අධිෂ්ඨානය බෝධි පූජා පිංකමක් පවා සංවිධානය කර තිබුණි. ලංගම බස් අඩවිය වශයෙන් අප ඔබට මේ විශේෂ ලිපිය ගෙන ඒමේ අරමුණ වූයේ, මේ පිලිබඳ නිසි බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම පිණිස හා අහිංසක සේවයන් ගේ ඉල්ලීම මතය. මන්ද මෙය හුදෙක් ශ්‍රී ලංගම මහරගම ඩිපෝවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොව ප්‍රදේශයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයටම බලපාන ගැටළුවක් වන හෙයිනි. මේ පිලිබඳ බලධාරීන් ගේ නිසි අවධානය යොමු වී මහරගම ඩිපෝවට තව දිගු කලක් තම ජනතා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සහය හා ශක්තිය ලැබේවායි පතමු.

Thursday, October 16, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagma depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-9359) at Kottawa. The bus acquired to the SLTB fleet in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොට්ටාවේ දී. රථය ධාවනයට එක් කිරීමට පෙර සැරසිලි කටයුතු කිරීම සඳහා මෙම ස්ථානයට ගෙනැවිත් ඇත. 2014 වසරේ දී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා අනියුක්ත කිරීමට නියමිතය.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, October 14, 2014

Azad bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on August 06, 2012  in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Azad bodied Ashok Leyland Viking 193 Hinopower bus (TL 24 / NA-1230) at the Kollupiya bus stand. The bus acquired to the SLTB fleet in 2005. Allocated for the services between Avissawella and Kollupitiya under the route number 177/3. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොල්ලුපිටිය බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 177/3 යටතේ අවිස්සාවේල්ල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, October 13, 2014

SLTB breakdown service - Panadura depot

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී0978) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

යාල්දේවිය යාපා පටුනට

ලාංකේය පොදු ප්‍රවාහනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ද, උතුරු දකුණු සහෝදරත්වය සනිටුහන් කරමින්ද, මව්බිමේ ඒකීය භාවය සනිටුහන් කරමින්ද වසර 24 කට පසු යලි යාපා පටුනට පිවිසෙන යාල්දේවියට ලංගම බස් අඩවියේ සුභ පැතුම්! (ඡායාරූපය: Sundayobserver.lk)

Sunday, October 12, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on September 13, 2014 in Nuwara Eliya, central, LK, using a SAMSUNG SHW-M110S.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Viking 210 Turbo bus (NE 70 / NB-1190) at Nuwara-Eliya. The bus acquired to the depot fleet in 2011 under a special leasing scheme. Allocated for the services between Badulla and Nuwara-Eliya. photo by: Naveen Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළිය නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2011 වසරේදී, උපයා ගවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා නුවරඑළිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නවීන් දර්ශන

Saturday, October 11, 2014

Ruby bodied TATA KP 1510/42 bus from SLTB Jaffna depot

This photo was taken on May 02, 2014 in Jaffna, Northern, LK using a NIKON D7100
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ruby bodied TATA LP 1510/42 bus (JF 104 / NA-2547) at Jaffna. The bus acquired to the SLTB fleet in 2006. Playing on a local route between Kayts and Jaffna. Photo by: Kasun Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් යාපනයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය ගා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කයිට්ස් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: කසුන් දර්ශන

Friday, October 10, 2014

Wesco ISUZU MT 111 L bus from SLTB Kalutara depot

This photo was taken on October 10, 2014  in Kaluthara, Western, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Wesco ISUZU MT 111L bus (KT 47 / 62-4477) at the Kalutara SLTB bus stand. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK. acquired to the fleet in 1996. Photo by: Tharindu Wickramaratne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයක් කළුතර ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ MT 111 L තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec UK ) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ සකසා නිමවා ඇති රථය 1996 වසරේ ධාවනයට එක් වී ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී රථයක් ලෙස ධාවනයට එක්වූවද පසුකාලීනව සාමන්‍ය ගාස්තු යටතේ කෙටි දුර සේවා සඳහා යෙදවී ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න.

Thursday, October 9, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Dambulla depot

This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Ruby bodied TATA LP 1510/52 bus (DB 12 / NA-2653) at Seegiriya. The bus acquired to the SLTB fleet in 2006. Allocated for the services between Seegiriya and Dambulla. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපොව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දඹුල්ල හා සීගිරිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික

This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture.

Wednesday, October 8, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Rambukkana depot

This photo was taken on October 20, 2013 in Rambukkana, Sabaragamuwa, LK, using a using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, BRIJ bodied Ashok Leyland Viking 193 bus (63-1322) at Rambukkana. The bus acquired to the fleet in 1999 under the Avissawella depot. Rehabilitated and modified by the Rambukkana depot workers in 2012 to celebrate the President's induction. Allocated for the services between Rambukkana and Kegalle under the route number 681. Photo by: Ishara Chathuranga -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් වටිකින්ග් 193 වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථය 1999 වසරේ අවිස්සාවේල්ල ඩිපෝව යටතේ සේවයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති රථය, රඹුක්කන ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේදී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 681 යටතේ රඹුක්කන හා කෑගල්ල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉෂාර චතුරංග

2012 වසරේ දෙසැම්බර් මස 31 දින කතරගම කිරිවෙහෙර අසල දී.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, October 6, 2014

SLCTB bodied Mercedes-Benz OF 1113/44 special bus from SLCTB Badulla depot

This photo was taken on 1981 in Ella, Uva, LK.
Click for the full size picture.
This photo was taken on 1981 in Ella, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Badulla depot  SLCTB bodied Mercedes-Benz OF 1113/44 special bus (29ශ්‍රී7479) near the Rawana water falls, Ella in 1981. This bus specially added for the Badulla Colombo Laksiri service under the route number 99. Photo by: K. P. Siripala. Special thank goes to Kavissara Sanjeewa. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) බදුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ ශ්‍රී ලං. ම. ග. ම. විසින් බඳ සැකසූ විශේෂ බස් රථයක් 1981 වසරේ රාවණා ඇල්ල අසළ දී. රථය තම මංගල ගමන ඩිපෝව බලා පිටත්වන අතර ලබාගත් ඡායාරූප වේ. මෙම බස් රථයේ ඇති විශේෂත්වය වන්නේ මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර "ලක්සිරි සේවය" වෙනුවෙන් විශේෂයෙන් සකසා තිබීමයි. බඳ එකලස් කොට ඇත්තේ ශ්‍රී ලං.ම.ග.ම. එකළ මධ්‍යම වැඩපොළ මගිනි.  ඡායාරූප: කේ. පී. සිරිපාල මයා. විශේෂ ස්තූතිය: කවිස්සර සංජීව මයා.

Sunday, October 5, 2014

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (KTG 24 / 29ශ්‍රී8692) at Kataragama bus stand. The bus acquired to the fleet in 1982. Photo by: Ishara Koralage -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් ශ්‍රී ලං. ම. ග. ම. විසින් බඳ සකසා 1982 වසරේ ධාවනයට එක් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුම්පොළේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම හා සෙල්ල කතරගම අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉෂාර චතුරංග

Saturday, October 4, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (HG 25 / NB-3644) in the depot premises. The bus acquired to the fleet in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2012 වසරේ මෙම මාදිල්යේ බස් රථ 120 ක් ලංගමට ලැබී ඇත. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම පිරිවිතර අනුව ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුත් රථය 2x3 සැකස්මෙන් යුත් ආසන 54 කින් සමන්විතය. සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා යම් යම් වෙනස් කම් මෙහි දක්නට ලැබෙන අතර ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම වැනි වෙනස්කම් බාහිරින් නිරීක්‍ෂණය කළ හැකිය.

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, October 3, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Negombo depot

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot BRIJ bodied Ashok Leyland Viking 193 bus (NB 76 / 62-6528) at the Minuwangoda town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මිනුවන්ගොඩ නගරයේ දී. 1997 වසරේ කටාන විවිධ සේවා සමූපාකාර සමිතිය යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. කටාන විවිධසේවා සමූපාකාර සමිතිය පොදු ප්‍රවාහන සේවා වලින් ඉවත් වීමට සමගාමීව ශ්‍රී ලංගම වෙත ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේයන්ගොඩ බලා ධාවනය වෙමින් තිබුණි.

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, October 2, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Aluthgama depot

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot, SLCTB bodied Ashok Leyalnd Viking bus (AL 43 / 29ශ්‍රී1695) at the Aluthgama bus stand. This bus acquired to the SLCTB fleet in 1980. Allocated for the services between Miriswatta and Aluthgama on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලංමගම බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් අළුත්ගම බස් නැවතුමේ දී. 1980 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය කළුතර ඩිපෝව සතුව පැවතී ඇති අතර මෑත කාලීනව අළුත්ගම ඩිපෝවට ලැබී ඇත. තවමත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකිව ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මිරිස්වත්ත හා අළුත්ගම අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.