Showing posts with label Y1996. Show all posts
Showing posts with label Y1996. Show all posts

Sunday, August 2, 2026

SLTB breakdown service - Vavniya depot

This photo was taken on July 28, 2026, in Vavniya, Nortern, LK, using a Xiaomi 17T.
Click for the full-size picture
.
Sri Lanka Transport Board (SLTB) Vavuniya Depot Ashok Leyland Comet Minor breakdown service vehicle (62-4561) parked within the depot premises. Originally built as an Ashok Leyland Comet Minor bus, this vehicle was later converted into a breakdown and recovery unit to provide roadside assistance and towing services for the depot fleet. This photograph was taken on 28 July 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියා ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1996 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස සකසා ඇත. 2026 වසරේ ජූලි මස 28 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Saturday, December 2, 2023

Wesco ISUZU MT111 L bus from SLTB Maharagama depot

This photo was taken on April 26, 2013, in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Wesco ISUZU MT111L bus (62-4293) at Homagama. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the PTS fleet in 1996. This photo was taken in April 2013 while it was allocated for the services between Maharagama and Avissawella under route bumber 122.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් හෝමාගම දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට, බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ, වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය  1996 වසරේ  අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. 2013 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ මහරගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබුණි.

Wednesday, March 1, 2023

Wesco ISUZU MT111 L bus from SLTB Kandy North depot

This photo was taken on April 28, 2016, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot Wesco ISUZU MT111 L bus (KN 52 / 62-4604) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. This photo was taken in April 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ඉසුසූ MT111 L බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයේ නිමවූ තට්ටුවකට බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් සර්විසස් කෝපරේෂන් හෙවත් පුදගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) මගින් බඳ නිමවා 1996 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වූවකි. 2016 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Friday, September 3, 2021

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Udadumbara depot

This photo was taken on February 22, 2018, in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, Lanka Ashok Leyland Comet Minor bus (UD 01 / 62-3591) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the fleet in 1996.This photo was taken in 2018 while it was parked in the depot premises as an extra bus. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1996 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට ඒක වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් නිමවා ඇත. 2018 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Saturday, September 3, 2016

Wesco ISUZU MT111L bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Wesco ISUZU MT111L bus (62-4564) at Galle. Body built by Wesco with Duple Metsec. Playing on a local route, between Galle and Katudampe under the route number 528. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L බස් රථයක් ගාල්ලේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 528 යටතේ ගාල්ල හා කටුදම්පේ අතර ධාවනයට යෙදවා ඇත.

Saturday, December 6, 2014

Wesco ISUZU MT 111L bus from SLTB Negombo depot

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco ISUZU MT 111L bus (NB 12 / 62-4307) in the Ja-Ela depot premises. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK and acquired to the fleet in 1996. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111L වර්ගයේ බස් රථයක් ජා-ඇල ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ ISUZU MT 111L මාදිලියේ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්‍ෂණය යටතේ වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම මගින් බඳ සකසා මෙම බස් රථය 1996 වසරේ ධාවනයට සපයා ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව සාමාන්‍ය සේවා සඳහා යෙදවී ඇත.

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, October 10, 2014

Wesco ISUZU MT 111 L bus from SLTB Kalutara depot

This photo was taken on October 10, 2014  in Kaluthara, Western, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Wesco ISUZU MT 111L bus (KT 47 / 62-4477) at the Kalutara SLTB bus stand. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK. acquired to the fleet in 1996. Photo by: Tharindu Wickramaratne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයක් කළුතර ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ MT 111 L තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec UK ) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ සකසා නිමවා ඇති රථය 1996 වසරේ ධාවනයට එක් වී ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී රථයක් ලෙස ධාවනයට එක්වූවද පසුකාලීනව සාමන්‍ය ගාස්තු යටතේ කෙටි දුර සේවා සඳහා යෙදවී ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න.

Monday, September 29, 2014

Wesco ISUZU MT111L bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Wesco ISUZU MT 111L bus (GP 47 / 62-3767) at the Gampola SLTB bus stand. The bus acquired to the fleet in 1996. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK. Allocated for the services between Gampola and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111L වර්ගයේ බස් රථයක් ගම්පොල ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ ISUZU MT111L තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම මගින් බඳ සකසා මෙම බස් රථය 1996 වසරේ ධාවනයට එක් කර ඇත. මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී රථයක් ලෙස ධාවනයට එක්වී පසුකාලීනව මෙලෙස සාමාන්‍ය ගාස්තු යටතේ කෙටිදුර සේවා සඳහා යෙදවී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර හා ගම්පොල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 25, 2014

Wesco ISUZU MT111L bus from SLTB Kadawatha depot

This photo was taken on April 24, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Wesco ISUZU MT111L bus (KW 28 / 62-4238) at the Bambalapitiya bus stand. Body built by Wesco with Duple Metsec (UK) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් බම්බලපිටිය බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය මුල් කාලීනව අර්ධ සුඛෝපබගී බස් රථයක් ලෙස ධාවනයවී ඇති අතර පසුකාලීනව සාමන්‍ය ගාස්තු යටතේ කෙටි දුර සේවා සඳහා යෙදවිණි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 10, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 15, 2014

Wesco ISUZU MT111L bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Wesco ISUZU MT 111 L bus (62-4437) at the Hatton bus stand. Ready to leave for Kandy. Rehabilitated and modified by the depot workers in 2011 to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී, මහනුවර බලා ධාවනය වීමට සූදාමින්. ජපානයෙන් ආනයනය කරන ලද තට්ටුවකට, බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇති මෙම බස් රථය කලක් ධාවනයන් සීමා කර තිබී ඇති අතර 2011 වසරේ හැටන් ඩිපෝ සේවක පිරිස විසින් ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම පිණිස නැවත අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත. අලුත්වැඩියාවේ දී රථයේ පැති වීදුරු වෙනස්කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, January 23, 2014

Wesco ISUZU MT111 L bus from SLTB Homagama depot

This photo was taken on November 26, 2013 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot Wesco ISUZU MT111 L bus (HG 99 / 62-4233) at Milagiriya as a school bus of St. Paul's girls' school, Milagiriya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111 L වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ (ISUZU MT 111) තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. 1996 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එකතු වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මිලාගිරිය, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පාසල් බස් රථයක් ලෙස යොදවා තිබුණි.

This photo was taken on November 20, 2013 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 30, 2013

Wesco ISUZU MT111 L bus from SLTB Negombo depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco ISUZU MT 111 L bus (NB 84 / 62-4251) at the central bus stand, Pettah. Allocated for the services on the route no. 240 between Negombo and Colombo. Rehabilitated in 2012 by the Negombo depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ඉසුසු MT111 වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. 1996 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය, ජපානයෙන් ආනයනය කල ISUZU MT 111 L තට්ටුවක් මත වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී නිමවා ඇත. මීගමුව ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ දෙසැම්බර් මස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කර ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්.

31/12/2012 at Kataragama -- 2012 වසරේ දෙසැම්බර් මස 31 වන දින කතරගම දී.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.

Friday, September 27, 2013

Ashok Leyland Comet Minor bus from SLTB Hanguranketha depot

This photo was taken in 2005 in Hanguranketha, Nuwara Eliya, Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, Ashok Leyland Comet Minor bus (HK 21 / 62-3597) at Hanguranketha. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් බස් රථයක 2005 වසරේ ලබාගන්නා ලද ඡායාරූපයකි. රථය 1996 වසරේ ධාවනයට එක්වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කරන ලද්දකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, October 9, 2012

Wesco ISUZU MT111 L bus from SLTB Katubedda depot.

This photo was taken on October 08, 2012, in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot Wesco ISUZU MT111 L bus (KTB 38 / 62-4287) at the central bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the CMBC fleet in 1996. Allocated for the services between Morawaka and Colombo via Matugama and Pelawatta. The bus rehabilitated in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT111 වර්ගයේ බස් රථයකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 L වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව මෙරටදී බඳ බඳ නිමවා, අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස 1996 වසරේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනය සීමා කර තිබී ඇති මෙම බස් රථය ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර 2011 වසරේ දෙසැම්බර් මස ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම පිණිසයි. 2012 වසරේ ඔක්තෝබර්ඡා මස ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ කොළඹ  සිට මොරවක බලා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on October 08, 2012, in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, May 18, 2012

Wesco ISUZU MT 111 L bus from SLTB Ratmalana depot

This photo was taken on December 07, 2012, in Mount LaviniaWestern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot Wesco ISUZU MT111 L bus (RL 24 / 62-4271) in the depot premises. Acquired to the PTS Ratmalana fleet in 1996. A rehabilitation done by the depot workers under the 2011 year-end special rehabilitation project. This photo was taken in December 2012 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ඉසුසු MT 111 L වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ, වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 1996 වසරේදී, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා එවකට සීමාසහිත රත්මලාන ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. 2012 වසරේ දෙසැම්බර් මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ අංගනයේ ගාල් කර තිබුණි.
This photo was taken on May 06, 2012, in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතලත.
This photo was taken on May 06, 2012, in Bambalapitiya, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.

Sunday, April 29, 2012

Wesco bodied ISUZU MT111 L bus from SLTB Maharagama depot

This photo was taken on December 4, 2011, in Dehiwala, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Wesco ISUZU MT111L bus (MH 07 / 62-4290) at Dehiwala. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the PTS fleet in 1996. This photo was taken in December 2011 while it was allocated for the services between Dehiwala and Kurunegala under the route number 17. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT111 L වර්ගයේ බස් රථයක් දෙහිවල දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1996 වසරේ ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගත් අවස්ථාවේ දී, මාර්ග අංක 17 යටතේ කුරුණෑගල සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබුණි. ජනාධිපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් පුනරුත්ථාපනය කර ධාවනයට එක් කල බස් රථයකි.

Friday, April 27, 2012

Wesco ISUZU MT 111L bus from SLTB Meethotamulla depot

This photo was taken on April 26, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
 Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot Wesco ISUZU MT 111 L bus (MM 44 / 62-4288) at Bambalapitiya SLTB bus stand. The bus acquired to the CMBC fleet in 1996. This photo was taken in Apirl 2012 while it was parked at the  Bambalapitiya SLTB bus stand. Allocated for the services between Bambalapitiya and Dematagoda under the route number 154. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT 111L  වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. ජපානයේ නිෂ්පාදීත තට්ටුවක් මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. වේරහැර වැඩපොළේ දී බඳ එකලස් කර, 1996 වසරේ දී අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත්තේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේය. පසුකාලීනව මෙම බස් රථය වර්ෂ අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය වෙනුවෙන් ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවන් වලදී මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 23, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, March 16, 2012

Wesco ISUZU MT111L bus from SLTB Angoda depot

This photo was taken on November 20, 2011, in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Wesco ISUZU MT111L bus (AG 09 / 62-4358) at the Kollupitiya junction. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. Allocated for the services between Kohilawatta and Kollupitiya under route number 175. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් කොල්ලුපිටිය මංසන්ධියේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ වෙස්කෝ සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1996 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 175 යටතේ කොහිලවත්ත සිට කොල්ලුපිටිය බලා ධාවනයය වෙමින් තිබුණි.