Showing posts with label Y2000. Show all posts
Showing posts with label Y2000. Show all posts

Thursday, May 29, 2025

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kuliyapitiya depot


This photo was taken on June 29, 2017, in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 1510/52 bus (KP 43 / 63-4875) at the Kuliyapitiya bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2000. This photo was taken in June 2017 while it was allocated on a local route between Galpola and Kupiyapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කුලියාපිටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්පොල හා කුලියාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. 

Wednesday, May 21, 2025

Latec TATA LP 1510/52 bus from SLTB Kalawana depot

This photo was taken on December 31, 2013, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot Latec TATA LP 1510/52 bus (KLW 24 / GD-8026) at Kataragama. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the SBCL fleet in 2000. Here after a rehabilitation done by the depot workers under the 2013 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කතරගම දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2013 වසරේ දෙසැම්බර් මස මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය හා බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වූ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. 

Sunday, January 19, 2025

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Kataragama depot

This photo was taken on March 15, 2024, in Katharagama, Southern, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot Irzar TVS bodied Ashok Leyland Viking 193 bus (63-3746) at Kataragama. The bus acquired to the depot fleet in 2000.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ Irzar TVS සමාගම විසිනි. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2024 මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාර අවසන් කර ඩිපෝව බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, July 21, 2024

Colombo Rider Ashok Leyland Viking 193 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Colombo Rider Ashok Leyland Viking 193 (PL 73 / 63-4571) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the RRBC fleet in 2000.  This photo was taken in June 2013 while Allocated for the services between Nawa Nagaraya and Kaduruwela on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේදී රජරට බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. 2013 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නවනගරය හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on June 22, 2013, in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, July 6, 2024

Latec TATA LP 1510/52 bus from SLTB Kurunegala South depot

This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Latec TATA LP 1510/52 bus (KGS 92 / GD-8168) at the Kurunegala bus stand. Body built by Latec (Pvt) Ltd in collaboration with Duple Metsec (UK) Ltd. The bus acquired to the WBC Kurunegala South fleet in 2000. This photo was taken in July 2012 while it was playing to the depot at the end of its turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා LPO 1510/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. එක්සත් රාජධානිය පදනම් කරගත් ඩියුපල් මෙට්සෙක් සමාගමේ තාක්‍ෂණයෙන් ලටෙක් සමාගම  මගින් බඳ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය නිමවා ඩිපෝව බලා ගමන් කරමින් තිබුණි.
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, January 28, 2024

Re-bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on March 30, 2012, in Mahamodara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, re-bodied Ashok Leyland Comet Minor bus (GE-0155) at Mahamodara. The bus acquired to the fleet in 2000. Due to the damage caused by the Tsunami disaster in 2004, a body procured from an old bus has been grafted and repaired. This photo was taken in March 2012 while it was allocated  for the services on a local route between between Delkada and Galle.  Currently, this is used as a service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහමෝදර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතු කොට ගෙන රථයේ මුල් බඳ අබලන් වීම නිසා මෙලෙස පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කොට ධාවනයට සපයා තිබුණි. 2012 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි. 2020 වසරේ කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති මෙම රථය වර්තමානයේද ධාවනයේ පවතී.

Wednesday, July 5, 2023

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Akuressa depot

This photo was taken on March 03, 2014, in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ruby bodied TATA LP 1510/52 bus (AK 26 / 63-3817) in the depot peremises. The bus acquired to Ruhunu bus company the fleet in 2000. This photo was taken in March 2014 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2014 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Sunday, January 22, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Welisara depot

This photo was taken on January 11, 2018, in Welisara, Western, LK, using a  Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot Lanka Ashok Leyland Viking 193 bus (WS 23 / 63-3605) in the depot premises. The bus acquired to the GBC fleet in 2000. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs. This photo was taken in January 2018 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පිරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Sunday, September 11, 2022

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Mattakkuliya depot

This photo was taken on December 24, 2016, in Mattakkuliya, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Ruby bodied TATA LP 1510/52 bus (MK 20 / 63-3952) in the depot peremises. The bus acquired to Colombo Metro bus company the fleet in 2000. This photo was taken in December 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2016 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණු අතර අදාළ අවධියේ ඩිපෝව සතුව පොදු සේවා යටතේ තිබුණු පැරණිම බස් රථයයි.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/52
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Normal
Seating Capacity :- 42
Year of Manufacturing :- 2000
No of Buses :- 500
SLTB type :- B
Status :- No sufficient data

Information as at 11.09.2022

Wednesday, January 5, 2022

Latec TATA LP 1510/52 bus from SLTB Monaragala depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot Latec TATA LP 1510/52 bus (MON 18 / 63-4404) in the depot premises. Acquired to the NEBC fleet in 2000. This photo was taken in March 2019 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2000 වසරේදී, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා නුවරඑළිය බස් සමාගමේ හැටන් ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ අංගනයේ ගාල් කර තිබුණි.

Wednesday, August 4, 2021

Latec TATA LP 1510/52 bus from SLTB Panadura depot

This photo was taken on September 15, 2014, in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Latec TATA LP 1510/52 bus (PN 59 / GD-6904) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) and acquired to the depot fleet in 2000. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ,  (පුද්ගලීකරණය කල) ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර, එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. 2014 වසරේ සැප්තැම්බර් මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතයට ගැනුණි. 

Friday, April 9, 2021

AZAD bodied Ashok Leyland Viking 193 bus from SLTB Talents Amelioration center, Kalutara

This photo was taken on June 17, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school (Talents Amelioration center) owned, AZAD bodied Ashok Leyland Viking 193 bus (63-3600) at the driver training school premises. This bus was given to the CMBC Meethotamulla depot in the year 2000 and later handed over to the Central Training College shortly after. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යටතේ රියදුරු පුහුණුව සඳහා යොදා ගැනෙන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ රියදුරු පුහුණු පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් බිල්ඩර්ස් පුද්ගලික සමාගම මගිනි. 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව හා එක් වී ඇති රථය ඉතා කෙටි කාලයකින්ම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය වෙත පවරා ඇත.

Tuesday, March 23, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Gampaha depot

This photo was taken on April 22, 2018, in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-3265) in the depot premises. Acquired to the GBC fleet in 2000. This photo was taken in April 2018 while it was allocated to the additional bus fleet of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2018 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබගාන්නා අවස්ථාවේ ඩිපෝවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතයේ තිබුණි. 

Monday, February 15, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Wattegama depot

This photo was taken on May 04, 2017 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Brij bodied Ashok Leyland Viking 193 bus (WG 30 / 63-3346) in the depot premises. Acquired to the KBC fleet in 2000. Currently allocated for local services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට මහනුවර බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. රථය වර්තමානයේ කෙටි දුර සේවා සඳහා යොදා ගැනේ.

Sunday, February 7, 2021

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot IRZAR TVS bodied Ashok Leyland Viking 193 bus (KL 132 / 63-3670) in the depot premises. The bus acquired to the depot fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ  දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි.

Friday, January 8, 2021

Latec TATA LP 1510/52 bus from SLTB Puttalam depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot Latec TATA LP 1510/52 bus (PT 08 / GE-7691) at the Galle face green. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the WBC fleet in 2001. Here after a rehabilitation done by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2000 වසරේ එවකට වයඹ බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2020 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.

Saturday, January 2, 2021

Ruby bodied TATA LP 1510/52 bus from SBC Embilipitiya depot

This photo was taken in 2004, in Colombo, Western, LK.
Click for the full-size picture.
Sabaragamuwa Bus Compay Ltd. (SBC/ Now SLTB) Embiliptiya depot, Ruby bodied TATA LP 1510/52 bus (EMB 69 / 63-4083) in the Colombo central bus stand in 2004. The bus acquired to the fleet in 2000. Allocated for the services between Embilipitiya and Colombo under the route number 03. Photo courtesy: Ceylon Bus Circle. -- සබරගමුව බස් සමාගමේ (ස.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක්, වර්ෂ 2004 දී කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ සකසා 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 03 යටතේ ඇඹිලිපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Sunday, November 15, 2020

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot IRZAR TVS bodied Ashok Leyland Viking 193 bus (NT 63 / 63-3409) near the SLTB rest house, Kataragama. The bus acquired to the depot fleet in 2000. Rehabilitated by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම ශ්‍රී ලංගම විශ්‍රාම ශාලාව ඉදිරිපිට දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2014 වසරේ ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදු කර ධාවනයට සපයා ඇති අතර අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් ආරක්‍ෂා කරගෙන ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, September 27, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Ruby bodied TATA LP 1510/52 bus (CL 41 / 63-4040) at the Chilaw old bus stand. The bus acquired to the WBC fleet in 2000. Allocated for the services between Dummalasuriya and Chilaw. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හලාවත පැරණි බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ නිමවා ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දුම්මලසූරිය හා හලාවත අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, August 3, 2020

SLTB supply division - Ampara tyre workshop

This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara Tyre workshop, Ashok Leyland Viking 193 supply division vehicle (63-4584) near the SLTB head-office, Narahenpita. Ceymo bodied Colombo Rider bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ටයර් වැඩපොළට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය අසල දී. සිමෝ ලංකා සමාගම මගින් බඳ නිමවා 2000 වසරේ ධාවනයට එක් වූ කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලීය ගබඩාවට පැමිණි අවස්ථාවකි.

This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.