Showing posts with label NB. Show all posts
Showing posts with label NB. Show all posts

Thursday, October 20, 2022

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Negombo depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Ruby bodied TATA LP 1510/52 bus (NB 11 / NA-5088) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. This is after a rehabilitation done by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2020 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/52
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 5195 mm
Steering type :- Power
Seating Capacity :- 42
Year of Manufacturing :- 2007
No of Buses :- 727
SLTB type :- B
Status :- In Service

Information as at 20.10.2022

Saturday, April 18, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Negombo depot

This photo was taken on May 28, 2012 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Ruby bodied TATA LP 1510/52 bus (NB 67 / 63-3909) at the Negombo bus stand. Allocated on a local route between Madampella and Negombo under the route number 250. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ නිමවා ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 250 යටතේ මඩම්පැල්ල හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, February 2, 2019

Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from PTS Negombo depot

This photo was taken on 1991 in Negombo, Western, LK.
Click for the full size picture.
Peoplised Transport Service (PTS) Negombo depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus (60-7673) at Negombo. Body built by Latec with Duple Metsec. Allocated for the services under the route number 240 between Negombo and Colombo -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් OF 1113 බස් රථයක් මීගමුවේ දී. මෙම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණ කරන ලද ශ්‍රී ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ නිමවා ඇත. තට්ටුව නොහොත් චැසිය මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයට අයත් ය. රථය 1991 වසරේ ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇති අවස්ථාවකි

Thursday, December 6, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Negombo depot

This photo was taken in 1992 in Negombo, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Negombo depot, Ruby bodied TATA LP 1210/52 bus (30ශ්‍රී2992) at Negombo in April 1992. Acquired to the service in 1982 under the Sri Lanka Central Transport Board. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ මීගමුවේ දී. 1982 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථය මෙම වර්ගයේ මුල් කාලීනම බස් රථයකි. ඇතැම් විට පරීක්‍ෂණ ධාවනය වෙනුවෙන් මණ්ඩලය වෙත සපයන ලද්දක් විය හැකිය.

Saturday, March 17, 2018

Hino KC-HU2MLCA luxury bus from SLTB Negombo depot

This photo was taken on February 01, 2018 in Colombo central bus stand, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Hino KC-HU2MLCA luxury bus (NB 89 / NA-1717) at the central bus stand, Pettah. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government. This bus rehabilitated by the Negombo depot workers. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් "හිනෝ KC-HU2MLCA" වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. පසුකාලීනව මීගමුව ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස වායුසමන පද්ධතිය ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කටුනායක අධිවේගී මාර්ගය (E 03) ඔස්සේ මීගමුව හා කොළඹ අතර මාර්ග අංක 240 යටතේ සුඛෝපබෝගී ධාවනයට එක් කර ඇත.

Sunday, January 21, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Negombo depot

This photo was taken on Januray 20, 2018 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB 59 / NC-1122) in front of the Negombo bus stand. This bus is allocated to the Negombo 03 Kataragama (via Katunayake, Gampaha, Kaduwela, Avissawella, Ratnapura, Embilipitiya and Tissamaharama) service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුම ඉදිරිපිට දී. රථය මාර්ග අංක 03 ඔස්සේ මීගමුව හා කතරගම අතර (කටුනායක, ගම්පහ, කඩුවෙල, අවිස්සාවේල්ල, රත්නපුර, ඇඹිලිපිටිය හා තිස්සමහාරාමය හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Sunday, September 24, 2017

Ruby bodied TATA 909 bus from GBC Negombo depot

This photo was taken on 2001 in Negombo, Western, LK.
Click for the full size picture.
Gampaha bus company (GBC), Negombo depot, Ruby bodied TATA LP 909/36 bus (NB 103 / 63-0610) playing on a locale route in 2001. -- ගම්පහ බස් සමාගමේ (ග.බ.ස) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන රූබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් 2001 වසරේ මීගමුවේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කොච්චිකඩේ හා මීගමුව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 1998 වසරේ දී, ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය වෙනුවෙන් එවකට පිහිටුවා තිබුණු පොකුරු බස් සමාගම් වෙනුවෙන්, ඉන්දියාවෙන් මෙම බස් රථ ආනයනය කර ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Monday, February 27, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Negombo depot

This photo was taken on January 20, 2017 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB 75 / NB-9799) at Borella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් බොරැල්ලේ දී. රථය පාර්ලිමේන්තුව හා මීගමුව අතර දිනපතා ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Friday, February 17, 2017

Classic SLCTB bodied TATA LPO 1210/55 from GBC Negombo depot

This photo was taken in 1998 in Negombo, Western, LK.
Click for the full size picture.
G.B.C. (Gampaha Bus Company, Now S.L.T.B.) Negombo depot, TATA LPO 1210/55 SLCTB bodied bus (23ශ්‍රී9993) at Negombo in 1998. (The photo is copyright to the respective photographer)  -- ග.බ.ස. (ගම්පහ බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ TATA LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1998 වසරෙදී මීගමුවේ දී. 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Saturday, August 1, 2015

Park Royal bodied AEC Routemaster Double-decker bus from PTS Negombo depot

This photo was taken on March 1993 in Negombo, Western, LK.
Click on the image for full size picture.
PTS (Peoplized Transport Service / Now SLTB) Negombo depot Park Royal bodied AEC Routemaster Double-decker bus (60ශ්‍රී6626) at Negombo in March 1993. (Photo by: Sir Perry Como) -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. 1993 වසරේ මාර්තු මස ලබාගත් ඡායාරූපයකි. පසුකාලීනව මෙම බස් රථය කුරුණෑගල දකුණ ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. (ඡායාරූපය: Sir Perry Como)

Wednesday, May 13, 2015

AEC Routemaster double-decker bus from Srilangama Negombo depot

This photo was taken in 1990 in Negombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (Srilangama) Negombo depot, AEC Routemaster Double-decker bus (NB 30 / 60ශ්‍රී6625) at Negombo in 1990. Acquired to the Srilangama fleet in 1988 as an aid by the United Kingdom. Photo courtesy: facebook.com/oldeceylon. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. බ්‍රිතාන්‍ය ආධාරයක් වශයෙන් 1988 වසරේදී ශ්‍රීලංගමට ලැබී ඇත. එලෙස ලැබුණු මුළු බස් රථ ගණන 40 කි. 1990 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම facebook.com/oldeceylon පිටුවෙනි.

Tuesday, March 31, 2015

Latec TATA LP 1510/52 bus from SLTB Negombo depot

This photo was taken on October 23, 2014, in Negombo, Western LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Latec TATA LP 1510/52 bus (NB 51 / GE-0795) in the depot premises. Body built by Latec with Duple Metsec UK and aquired to the GBC fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 244 යටතේ ගම්පහ සහ මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, January 14, 2015

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Negombo depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco TATA LPO 1313/55 modified bus (NB 31 / 62-7126) at Kataragama. Body built by Werahera Engineering Services Corporation (Wesco) with Duple Metsec (UK) and acquired to the GBC fleet in 1998. Rehabilitated and modified by the Negombo depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග. ම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. 1998 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර කර තිබී ඇති මෙම බස් රථය, මීගමුව ඩිපෝ සේවක පිරිස විසින් නැවත මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ, හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර (2014) සැමරීම පිණිසයි. අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමට යම් යම් වෙනස් කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මෙම බස් රථය ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින්.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a  Canon IXUS 210.
Click for the full size picture.

Saturday, December 6, 2014

Wesco ISUZU MT 111L bus from SLTB Negombo depot

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco ISUZU MT 111L bus (NB 12 / 62-4307) in the Ja-Ela depot premises. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK and acquired to the fleet in 1996. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111L වර්ගයේ බස් රථයක් ජා-ඇල ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ ISUZU MT 111L මාදිලියේ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්‍ෂණය යටතේ වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම මගින් බඳ සකසා මෙම බස් රථය 1996 වසරේ ධාවනයට සපයා ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව සාමාන්‍ය සේවා සඳහා යෙදවී ඇත.

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, November 7, 2014

SLTB breakdown service - Negombo depot

This photo was taken on November 01, 2014 in Negombo , Western LK, using a Nokia Lumia 625.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Mercedes-Benz L 3500 break down service vehicle (IC-1601) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company. Photo by: Indika Prabhath Wickramasinghe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් L 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ශ්‍රී ලංගමය සතු පැරණිම රථ වලින් එකකි. 1958 දී මෙම රථය, ලංගම හා එකතුවී ඇත්තේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙර පුද්ගලික බස් සමාගමක් යටතේ මගී ප්‍රවාහයේ යෙදී ඇත. ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති මෙය පසුකාලීනව ලංගම මගින් කාර්ම්ක සේවා රථයක් ලෙස පරිවර්තය කර ඇත. ඡායාරූප: ඉන්දික ප්‍රභාත් වික්‍රමසිංහ.

Inside of the vehicle -- රථයේ ඇතුලත
This photo was taken on November 01, 2014 in Negombo , Western LK, using a Nokia Lumia 625.
Click for the full size picture.

Sunday, October 26, 2014

CTB bodied TATA 1210/52 bus from CTB Negombo depot

This photo was taken on 1974 in Bolawatta, wayamba, LK.
Click full the size picture.
Ceylon Transport Board (CTB / now SLTB) Negombo depot, CTB bodied TATA 1210/52 bus (23ශ්‍රී5623) at Bolawatta in 1974. The bus acquired to the CTB fleet in 1972. Playing on a local route between Wennappuwa and Negombo under the route number 903. Photo by: Robert Höbel -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති ලංගම බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් 1974 වසරේ බෝලවත්ත ප්‍රදේශයේ දී. 1972 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 903 යටතේ මීගමුවේ සිට වෙන්නප්පුව බලා ධාවනය වී ඇත. ඡායාරූපය: Robert Höbel

Friday, October 24, 2014

Hino U-HT2MLAAKAI luxury bus from SLTB Negombo depot

This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Hino U-HT2MLAAKAI luxury bus (NB 30 / NA-0573) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated and modified by the Negombo depot workers and allocated for the luxury services between Negombo and Colombo under the route number 240. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට යටතේ ධාවනය වන Hino U-HT2MLAAKAI වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. කඩවත ඩිපෝව යටතේ ධාවනයට එක්වී, පසුව ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය යටතේ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට කටුනායක බස් නැවතුම දක්වා සේවයේ යොදවා තිබී ඇති මෙම බස් රථය 2010 වසරේ සිට ධාවනයෙන් ඉවත්ව තිබී ඇත. මීගමුව ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස වායුසමන පද්ධතිය ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කටුනායක අධිවේගී මාර්ගය (E 03) ඔස්සේ මීගමුව හා කොළඹ අතර මාර්ග අංක 240 යටතේ සුඛෝපබෝගී ධාවනයට එක් කිරීමට සූදානමින් සිටී. රථයේ වායුසමන පද්ධතියේ සුළු අලුත්වැඩියාවන් කීපයක් හැරුණු කල අන් සියලු අලුත්වැඩියාවන් ඩිපෝ පරිශ්‍රයේ දීම සිදුකර තිබේ. ඉලෙක්ට්‍රොනික පරිපථයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන ගියර් පද්ධතිය, එන්ජිම ඇතුළු සියලු අලුත්වැඩියාවන් සඳහා පිරිවැය ලෙස වැය වූයේ රු. 200 000 ක මුදලක් බව ඩිපෝ සේවක මහතුන් පවසයි.

This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. මෙහි නාගරික සේවාවන්ට ගැලපෙන පරිදි සකසා තිබුණු ආසන 29 සැකැස්ම, පසුපස දොරටුව ස්ථීරව වසා දමා අධිවේගී ධාවනයට යෝග්‍ය වන පරිදි ආසන 42ක් වන ලෙස ඩිපෝව මගින් සකසා ඇත.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the bus -- රියදුරු කුටිය.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Engine of the bus -- රථයේ එන්ජිම (අලුත්වැඩියාවෙන් පසු)
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, October 3, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Negombo depot

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot BRIJ bodied Ashok Leyland Viking 193 bus (NB 76 / 62-6528) at the Minuwangoda town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මිනුවන්ගොඩ නගරයේ දී. 1997 වසරේ කටාන විවිධ සේවා සමූපාකාර සමිතිය යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. කටාන විවිධසේවා සමූපාකාර සමිතිය පොදු ප්‍රවාහන සේවා වලින් ඉවත් වීමට සමගාමීව ශ්‍රී ලංගම වෙත ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේයන්ගොඩ බලා ධාවනය වෙමින් තිබුණි.

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, March 28, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Negombo depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Latec TATA LP 1510/52 bus (NB 18 / GD-7143) at Katharagama. Body built by Latec (pvt) ltd. with Duple Metsec (UK) ltd. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේදී එකලස් කර ඇත. එලෙස එකලස් කරන ලද අවසාන බස් රථ වර්ගය වන්නේ මේවාය. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් මීගමුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර මෙලෙස නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනෙල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

Sunday, December 8, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from SRILANGAMA Negombo depot

This photo was taken on 1987 in Negumbo, Western LK.
Click for the full size picture.
SRILANGAMA Negombo depot, SLCTB bodied TATA LP 1210/36  bus (NB 102 / 23ශ්‍රී9113) at Negombo in 1987. Photo by: Ole Holbech -- ශ්‍රීලංගම මීගමුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ ටාටා LP 1210/36 බස් රථයක් 1987 වසරේ මීගමුවේ දී. ඡායාරූපය: Ole Holbech

පසුකාලීනව වැලිසර ඩිපෝවට ලබා දී ඇති මෙම බස් රථය වැලිසර ඩිපෝව මගින් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇති අතර ඒ පිළිබඳ අප පළ කල ලිපිය මෙතැනින්