Showing posts with label TharinduW. Show all posts
Showing posts with label TharinduW. Show all posts

Tuesday, June 16, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kebithigollewa depot

This photo was taken on June 11, 2020 in Maharagama, Western, LK, using a Samsung SM-J701F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (NB-9203) in the Maharagama National Cancer Institute premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the service between Maharagama and Mullaitivu under the route number 15/182. Photo by: Tharindu Wikramarathne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහරගම අපේක්‍ෂා රෝහල් පරිශ්‍රයේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 15/182 යටතේ මහරගම හා මූලදූව (මුලතිවු) අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

ගමන් මාර්ගය:-
මුලතිව්, කොහොඹගස් හංදිය, ජනකපුර, පරාක්‍රමපුර, පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, අනුරාධපුරය, තලාව, එප්පාවල, කැකිරාව, දඹුල්ල, කුරුණෑගල, වරකාපොල, පස්යාල, අත්තනගල්ල, කිරිඳිවැල, හංවැල්ල, මීපේ, ගොඩගම, පනාගොඩ යුද්ධ හමුදා කඳවුර, හෝමාගම, කොටිටාව, පන්නිපිටිය, මහරගම හරහා අපේක්ෂා රෝහල. (සැලකිය යුතුය - මහරගම අපේක්ෂා රෝහල සිට මුලතිව් දක්වා ධාවනය වන්නේ කැකිරාව සිට මරදන්කඩවල හරහා අනුරාධපුර)

වැඩිදුර තොරතුරු /ආසන වෙන්කර ගැනීමට: 076 0 18 79 00 / 025 2 29 86 81

Friday, January 26, 2018

SLTB breakdown service - Udadumbara depot

This photo was taken on July 22, 2017 in Kandy, Central, LK, using a Sony Xperia M4 Aqua.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot, TATA 1210 breakdown service vehicle (23ශ්‍රී8139) in Kandy. Photo by: Tharindu Wickramaratne-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් මහනුවර දී. රථය ටාටා 1210 වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

Friday, January 5, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kegalle depot

This photo was taken on September 03, 2017 in Polgahawela, North Western, LK, using a Sony Xperia M4 Aqua.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 909/36 bus (KL 31 / 63-1112) at the Polgahawela bus stand. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd, Ekala.  Pic by: Tharindu Wickramaratne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. මෙම බස් රථයේ බඳ, ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

Thursday, November 30, 2017

Ruby bodied TATA LP 1510/42 modified bus from SLTB Balangoda depot

This photo was taken on November 27, 2017 in Ratnapura, Sabaragamuwa, LK, using a Samsung Galaxy J7 Nxt.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1510/42 modified bus (BG 68 / NA-4914) at the Ratnapura bus stand. (Photo by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2007 වසරේ මන්නාරම ඩිපෝව යටතේ ධාවනයට එක් වී ඇති බස් රථය පසුකාලීනව සිදුවූ අනතුරක් හේතුවෙන් ධාවනයෙන් ඉවත් කොට තිබියෙදී 2017 වසරේ දී බලන්ගොඩ ඩිපෝව මගින් පවරා ගනිමින් රථයේ පූර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාව සිදු කර ඇත්තේ රථයට ටාටා 1512 බස් රථයක පෙනුමක් ලැබෙන පරිදිය. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Saturday, March 18, 2017

Volvo 9100 Luxury bus from SLTB Moratuwa depot

This photo was taken on March 09, 2017 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Volvo 9100 luxury bus (NC-5582) at Negombo.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, වොල්වෝ 9100 වර්ගයේ අධි සුඛෝපොබෝගී බස් රථයක් මීගමුවේ දී. රථය මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත්තේ කටුනායක අධිවේගී මාර්ගය (E03) හරහාය.

මෙම බස් රථය පිටකොටුවෙන් මීගමුව බලා පිටත් වූ අවස්ථාවක්
This photo was taken on March 03, 2016 in Patteh, Colombo, Western, LK, using a Xiaomi 2014811.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 09, 2017 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 09, 2017 in Negombo, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
This photo was taken on March 09, 2017 in Negombo, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.

Thursday, January 5, 2017

Ruby bodied TATA 909 bus from SLTB Udahamulla depot

This photo was taken on December 31, 2016 in Dehiwala, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot TATA 909 Ruby bodied bus (UM 21 / 63-2195) at Dehiwala bus stand. (Pics by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයක් දෙහිවල බස් නැවතුමේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1998 වසරේ ශ්‍රී ලංගම ට ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ RUBY සමාගම මගිනි. 2013 වසරේ ඩිමෝ සමාගම හා ශ්‍රී ලංගම එක්ව සිදුකල පරීක්ෂණයක් (බස් රථ සඳහා HYBRID තාක්ෂනය යොදා ගැනීම පිළිබඳව) සඳහා මෙම බස් රථය යොදා ගෙන ඇති අතර එම අවස්ථාවේ රථයට සුදු වර්ණ ගන්වා ඇත. පසුව එම පරීක්ෂණය අසාර්ථක වීමත් සමඟ නැවත මෙය සාමාන්‍ය ධාවනය සඳහා යොදාගෙන ඇත. රථය මාර්ග අංක 176 යටතේ දෙහිවල හා නුගේගොඩ අතර කෙටි ධාවනයකට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූප: තරිඳු වික්‍රමරත්න)

This photo was taken on December 31, 2016 in Dehiwala, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.

Thursday, November 17, 2016

Classic SLTB bodied TATA 1210 E bus from SLTB Kegalle depot

This photo was taken on December 27, 2014 in Kegalle, Sabaragamuwa, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot TATA 1210 E bus (KL 42 / 30ශ්‍රී1707) at Kegalle bus stand. Body built by. (pic by: Tharindu Wikramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා 1210 E වර්ගයේ බස් රථයකි. මෙම බස්රථයේ බඳ ශ්‍රීලංගම මගින් නිපදවා ඇත. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම බස් රථ යොදවනු ලැබේ. 1983 දී පමණ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේරගොඩ හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Sunday, September 25, 2016

Rebodied Ashok Leyland Colombo Rider bus from SLTB Kesbewa depot

This photo was taken on June 16, 2016 in Boralesgamuwa, Western, LK, using a Xiaomi 2014811.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking Colombo Rider Re-bodied bus (KB 39 / GB-5485) at Boralesgamuwa. Re-bodied by (using a Latec Kesco) the depot. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් කෙස්කෝ (Kesco) වර්ගයේ බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඩිපෝව මගිනි. සෙත්ස්රිරිපාය කාර්යාල සේවා යටතේ ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Tuesday, August 16, 2016

Modified Wesco TATA 1313 bus from SLTB Rambukkana depot

This photo was taken on August 14, 2016 in Polgahawela, North Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Wesco TATA 1313 modified bus (RB 69/ 62-6885) at Polgahawela bus stand. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී අත. රථය පොල්ගහවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Wednesday, July 27, 2016

Latec TATA 1510 bus from SLTB Udahamulla depot

This photo was taken on July 05, 2016 in Nugegoda, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Latec TATA 1510 bus (UM 33 / 63-4408) at Nugegoda. Bus running under rout No.117 Nugegoda - Ratmalana  (Pic by: Tharindu Wickramarathne).-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් නුගේගොඩ දී. රථය මාර්ග අංක 117 යටතේ නුගේගොඩ හා රත්මලාන අතර ධාවනය වන අවස්ථාවකි.  (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Wednesday, July 6, 2016

SLTB Breakdown Service (Alutgama Depot)

This photo was taken on January 21, 2016 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Leyland Comet breakdown Service vehicle (28ශ්‍රී8884) at Kalutara bus stand. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් කළුතර බස් නැවතුමේ දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Tuesday, May 31, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Ambalangoda depot

This photo was taken on May 25, 2016 in Colombo, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot Ashok Leyland Viking Turbo bus (AB 45 / NB-9651) playing to Colombo under route 02 Ambalangoda - Colombo near the Galle Face Green.(Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාර්ග අංක 02 ඔස්සේ අම්බලන්ගොඩ හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක කොළඹ ගාළු මුවදොර පිටිය අසල දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Monday, April 11, 2016

Latec TATA 1510 DM bodied bus from SLTB Matugama depot

This photo was taken on March 01, 2016 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Latec TATA 1510 (DM bodied) bus (MG 79 / GE-0299) at Kalutara. The bus awaiting it's turn on the route 418 Yatadola - Kalutara. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම බස් රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇත. රථය මාර්ග අංක 418 යටතේ කළුතර හා යටදොල අතර ධාවනයට යොදවා තිබුණි. කළුතර ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක්ද පසෙකින් දිස් වේ. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Monday, February 15, 2016

Modified Wesco TATA 1313 bus from SLTB Kegalle depot

This photo was taken on October 31, 2015 in Kegalle, Sabaragamuwa, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot,  Wesco TATA 1313 modified bus (KL 25 / 63-0016) at Kegalle bus stand. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් කෑගල්ල බස්  නැවතුමේ දී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී අත. රථය මාර්ග  අංක 682 යටතේ වේරගොඩ හා කෑගල්ල  අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Friday, January 8, 2016

Ashok Leyland Lynx bus from SLTB Kalutara depot

This photo was taken on December 28, 2015 in Gamagoda, Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Ashok Leyalnd Lynx bus (KT 02 / NB-7564) at Gamagoda. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් කළුතර, ගමගොඩ දී. ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කළුතර සිට සේරුපිට දක්වා ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Sunday, December 20, 2015

Lakdiwa Re-bodied Ashok Leyland Viking (Colombo Rider) bus from SLTB Kalutara depot

This photo was taken on December 11, 2015 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Ashok Leyland Viking Re-bodied bus (KT 73 / 63-4290) at Kalutara bus stand. Re-bodied by Lakdiwa Engineering (Pvt) Ltd, Ekala (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලංගම මගින් බඳ එකලස් කල පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2013 වසරේ ඔක්තෝබර් මස පානදුර බස් නැවතුමේ දී
This photo was taken on October 10, 2013 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Tuesday, November 24, 2015

Latec TATA 1510 bus from SLTB Kandy North depot

This photo was taken on November 21, 2015 in Kandy, Central, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, Latec TATA 1510 bus (KN 68 / 63-4835) in Kandy. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 1510 බස් රථයක්, මහනුවර නගරයේ දී. මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක් වී ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Friday, October 9, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Rajarata regional office

This photo was taken on July 23, 2015 in Danowita, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Rajarata regional office, Ashok Leyland Viking Turbo bus (RRO 02 / NB-9892) at Danowita. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) රජරට ප්‍රාදේශීය කාර්යාලය යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් දන්ඕවිට දී. රථය හොරොව්පොතානේ සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Saturday, September 19, 2015

Latec bodied Ashok Leyland Viking bus from SLTB Matugama depot

This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Ashok Leyland Viking bus (MG 67 / 62-4031) at Kalutara. The body built by the Latec (Pvt) Limited with Duple Metsec (UK) Ltd. (Pics by Tharindu Wikramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මතුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කළුතර බස් නැවතුමේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් Duple Metsec තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වැඩපොළ වල දී සකසා ඇත. පසුකාළීන අලුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම වෙනස් වී ඇත. (ඡායාරූප: තරිඳු වික්‍රමරත්න)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 
This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.

Wednesday, August 19, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Horana depot

This photo was taken on July 11, 2015 in Pettah, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Ashok Leyland Viking Turbo bus (HR 12 / NB-9550) at Pettah. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ පිටකොටුවේ දී. රථය මාර්ග අංක 120 යටතේ හොරණ හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)