Showing posts with label MW. Show all posts
Showing posts with label MW. Show all posts

Sunday, May 19, 2024

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 1210/52 bus (MW 07 / 61-2141) at the Mawanella bus stand. The bus acquired to the PTS fleet in 1992. This photo was taken in October 2013 while it was allocated for the services between Ambadeniya and Mawanella under route number 417.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Ruby  සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. 2013 වසරේ ඔක්තෝබර් මස 03 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 417 යටතේ  අඹදෙනිය හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, February 1, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Mawanella depot

This photo was taken on December 08, 2016, in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (MW 84  / NB-8583) at the Mawanella bus stand. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Kegalle and Mawanella under the route number 662/2. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 662/2 යටතේ කෑගල්ල හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, December 1, 2019

SLTB bus stand - Mawanella

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Mawanella SLTB bus stand in October 2013. --  මාවනැල්ල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මාවනැල්ල ඩිපෝවට අයත් බස් රථ 2013 වසරේ ඔක්තෝබර් මස 03 වන දින.

This photo was taken on December 08, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
බස් නැවතුම්පොලේ දකුණු පසට වන්නට පිහිටි වේදිකාවන් හි නවතා ඇති මාවනැල්ල ඩිපෝවට අයත් ISUZU MT 111L වර්ගයට අයත් බස් රථයක් 2016 වසරේ දෙසැම්බර් මස 08 වන දින. 

Thursday, August 8, 2019

King Long XMQ6127CY luxury bus from SLTB Mawanella depot

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mwanella depot, King Long XMQ6127CY luxury bus (ND-8709) at the Multi-Model Transport Hub, Makumbura. Allocated for the services on the southern expressway between Makumbura and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2019 වසරේ ජුනි මස ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි.

Wednesday, January 9, 2019

CTB bodied Mercedes-Benz LP 1113 bus from SLCTB Mawanella depot

This photo was taken on 1980 in Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Mawanella depot, CTB bodied Mercedes-Benz LP 1113 bus (MW 20 / 23ශ්‍රී3764) playing to Kandy under the route number 01. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 01 යටතේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවක කොළඹ දී. 1960 දශකයේ අග භාගයේ ජර්මනියෙන් ගෙන්වූ මර්සිඩීස්-බෙන්ස් LP 1113 තට්ටුවක් (chassis) මත ලංගම වැඩපොළ මගින් බඳ එකලස් කොට නිමවූ බස් රථයකි. වසර 10ක සේවා කාලය ඉක්මවා තිබුණද මෙලෙස දුර සේවා යටතේ ධාවනය වී ඇත. ඡායාරූපය: Dave Spencer

Friday, July 13, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Mawanella depot

This photo was taken on December 08, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 909/36 bus (MW 11 / 63-2401) at the Mawanella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී . ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. රථය මාවනැල්ල සහ දිප්පිටිය අතර සේවා සඳහා යොදවා තිබුණි.

Monday, March 6, 2017

Wesco TATA 1210 bus from SLTB Mawanella depot

This photo was taken on November 17, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot Wesco TATA 1210 bus (MW 23 / 62-3282) in the depot premises. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. වෙස්කෝ සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ පමණය.

Thursday, January 19, 2017

SLTB Breakdown Service (Mawanella Depot)

This photo was taken on November 17, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, breakdown Service vehicle (23ශ්‍රී7824) in the depot premises. Classic TATA 1210 SLCTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාවනැල්ල ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ යේ දී. ලං.ම.ග.ම. බඳ සැකසු පැරණි ටාටා 1210 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Saturday, October 8, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Mawanella depot

This photo was taken on May 06, 2016 in Kadugannawa, Central, LK, using a  NIKON D7000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot,  54 seater Ashok Leyland Viking Tubro bus ( NB-9152) at Kadugannawa. (pic by: Daminda Prasangka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කඩුගන්නාව කඩුගන්නාව බිම්ගෙය අසල දී. රථය මහනුවර බලා ධාවනය වන්නකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Saturday, September 17, 2016

Ruby bodied TATA LP 1210/32 bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella Ruby bodied TATA LP 1210/32 bus (MW 51 / 60ශ්‍රී3636) at the Mawanella bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, මාවනැල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කන්දේවත්ත බලා ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 22, 2014

SLTB supply division - Mawanella depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, TATA LP1210/36 supply service vehicle (23ශ්‍රී5953) in the Maharagama depot premises. CTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 23ශ්‍රී5953 වේ. 1973 වසරේ දැරණියගල ඩිපෝව යටතේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථය කර සකසා ඇත.

Wednesday, August 20, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot,Ruby bodied TATA LP 909/36 bus (MW 07 / 63-2402) at the Kegalle bus stand. The bus acquired to the fleet in 1999. Allocated for the services between Mawanella and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 බස් රථයක් කෑගල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 1999 වසරේ ධාවනයට එකවී ඇත. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1998/1999 කාල සීමාවේ මෙම වර්ගයේ බස් රථ 850 ක් එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් කොට ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය කෑගල්ල හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, May 3, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Mawanella depot

This photo was taken on October 10, 2013  in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-3357) at the Panadura bus stand. Acquired to the depot in 2012 under a leasing scheme. Allocated for the services between Panadura and Kandy under the route number 255/17 via Kaduwela, Malabe, Kottawa, Piliyandala and Katubedda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් පානදුර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථයක 2012 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇත්තේ උපයා ගෙවීමේ පදනම මතය. රථය මාර්ග අංක 255/17 යටතේ පානදුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණේ කටුබැද්ද, පිළියන්දල, කොට්ටාව, මාලඹේ, හා කඩුවෙල හරහාය.

This photo was taken on October 10, 2013  in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, December 1, 2013

Lanka Ashok Leyland Commet Minor bus from SLTB Mawanella depot

This photo was taken on November 24, 2013 in Ambuluwawa, Kandy, Central, LK, using a Sony Cybershot DSE W310
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Lanka Ashok Leyland Commet Minor bus (MW 12 / 62-5737) at Ambuliwawa. Photo by : Yashmal Néranja  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් අම්බුළුවාවේ දී. 1997 වසරේ ධාවනයට ඒක වී ඇති රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගම්පොල හා හෙම්මාතගම අතර ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: යෂ්මාල්

Saturday, November 2, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, SLCTB bodied TATA LP 1210/36 bus (MW 19 / 23ශ්‍රී8741) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයකි. ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ඇති මෙය ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවධිය වන විටත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව දක්නට ලැබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මහන්තේගම සහ මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus (at Mawanella bus stand) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම මාවනැල්ල බස් නැවතුමේ දී.
This photo was taken on October 03, 2013 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, October 4, 2013

Kitamura bodied ISUZU MT111L (ELR 500) bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella depot, Kitamura bodied ISUZU MT 111 L (ELR 500) bus (MW 05 / 60ශ්‍රී6761) in the depot premises. Body built by Kitamura, Japan. Acquired in 1989 in SLTB service.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් කිතමුරා බඳ සහිත ඉසුසු MT 111 L (ELR 500) වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදනය කර ඇත්තේ ISUZU MT 111L තට්ටුවකට ය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ කෑගල්ල - මාවනැල්ල , අරණායක - මාවනැල්ල වැනි මාර්ග වල ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථයේ පිටුපස පෙනුම මාවනැල්ල බස් නැවතුමේ දී.
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, May 15, 2013

SLTB breakdown service - Mawanella depot

This photo was taken on November 09, 2012  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී9120) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත පැරණි ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Sunday, November 11, 2012

Ruby bodied TATA LP 1210/42 bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 1210/42 bus (MW 63 / 61-3924) at the Mawanella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/42  වර්ගයේ බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. 2011 වසරේ ජනපති පදවිප්‍රාප්තිය නිමිතිකොටගෙන නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත.

This photo was taken on November 09, 2012  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, August 21, 2012

Ashok Leyland Viking AC luxury bus from SLTB Mawanella depot

This photo was taken on Auguast 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot Ashok Leyland Viking AC Luxury bus (NB-1948) at Maharagma.  The bus is playing on the route no E01, Galle - Maharagama via southern expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මහරගම දී.  රථය මාර්ග අංක E01 යටතේ මහරගම ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහාය.

This photo was taken on Auguast 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 02, 2012 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 8, 2012

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Mawanella depot

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Commet Minor bus (MW 53 / 62-8720) at the Rambukkana bus satand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුම්පොලේදී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රඹුක්කන හා මාවනැල්ල අතර ධාවනයට එක් කර තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.