Friday, October 17, 2014

ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශීකයේ හොඳම ඩිපෝව අහිමි වෙයි ද?

වර්තමානයේ ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශිකයේ හොඳම ඩිපෝව යැයි කියූ සැනින් ඔබ දෙවරක් සිතිය යුතු නැත. ඒ ශ්‍රී ලංගම මහරගම ඩිපෝවයි. 2004 වසර වන විට මෙට්‍රොබස් සමාගම යටතේ කණගාටුදායක තත්වයකට පත්ව තිබුණු මහරගම ඩිපෝව අතිගරු ජනාධිපතිතුමා ගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2005 වසරේ සිට මේ දක්වා පැමිණි ගමන්මග ඉතා ප්‍රශංසනීයය. ඩිපෝ කළමණාකාරතුමන්ලා මෙන්ම සේවක මහතුන්ගේද දැඩි කැපවීම මත මේ වන විට ඩිපෝව කොළඹ ප්‍රදෙශිකයේ ආර්ථික ස්ථාවරත්වය අතින් හොඳම ඩිපෝව මෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම ඩිපෝවක් බවට පත්ව ඇත.

මේ වන විට මහරගම ඩිපෝව අත් කරගෙන ඇති ආර්ථික ස්ථාවර භාවය නිසාම ඩිපෝවේ සේවක සුභසාධන කටයුතු පැසසිය යුතු මට්ටමක පවතී. ඩිපෝවේ සේවක මහත්වරුන් 458 ක් පමණ සේවයෙහි යෙදෙන අතර ඔවුන්ගේ සේවක සුභ සාධක සමිතිය සතුව රු 10000000ක මුදලක් පවතින බව ඔවුන් පැවසුවේ ආඩම්බරයෙනි. ඩිපෝවේ දෛනික අදායම ලක්ෂ 13 ක් පමණ වන අතර දුර සේවා සඳහා තදබදයක් පවතින සති අන්තයේ එය ලක්ෂ 15 දක්වා ඉහල යන බව අපට දැනගන්නට ලැබුණි. සේවක සුභසාධනයෙන් නොනැවතී ආර්ථික අපහසුතා පවතින අවට ඩිපෝවන් වෙත මහරගම ඩිපෝව දක්වන ඉන්ධනමය, මූල්‍යමය පහසුකම් සුළුපටු නොවේ.

තත්වය එසේ තිබියෙදී ඩිපෝ කලමාණාකාරිත්වය සහ සේවක පිරිස දැඩි කනස්සල්ලට මෙන්ම කම්පනයට ලක් කරමින් ඩිපෝ භූමිය බස් නැවතුමක් සඳහා පළාත්සභාවට පවරා ගැනීමේ සූදානමක් පවතී. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් දැනටමත් සකසා අවසන් බව ඩිපෝ සේවක මහත්වරුන් පවසයි.

බස් නැවතුමක් සෑදීමේ ව්‍යාපෘතිය විවේචනය කිරීමට ප්‍රථම, දැනට ඩිපෝව මගින් ප්‍රදේශයේ ජනතාවට සිදුවන සේවාවන් පිළිබඳව විමසා බැලීමට කැමැත්තෙමු. මහරගම ඩිපෝව සතුව දැනට බස් රථ 100 ක පමණ රථ ඇණියක් පවතී. මේ ලිපිය පල කරන අවස්ථාව වන විට ඉන් බස් රථ 85ක් ධාවනයේ තිබුණි. ඩිපෝව මගින් මාර්ග 34 ක බස් ධාවන කටයුතු සිදු කෙරන අතර ඉන් 15ක් දුර ගමන් සේවාය. ග්‍රාමීය මාර්ග 10 ක පමණ කුඩා ප්‍රමාණයේ බස් රථ ධාවනය කෙරන අතර කොළඹ ප්‍රාදේශිකයේ ප්‍රශන්සනීය ලෙසම ග්‍රාමීය සේවා සපයන ඩිපෝවක් ලෙස මහරගම ඩිපෝව හැඳින්විය හැක.
මහරගම ඩිපෝව යටතේ ග්‍රාමීය මාර්ග වල ධාවනය වන බස් රථ
ඩිපෝව මගින් පාසල් 12ක සිසු සිසුවියන් සඳහා සේවා ක්‍රියාත්මක අතර සබරගමු හා රුහුණු සරසවි වල අධ්‍යාපන කටයුතු සඳහා යන සිසු සිසුවියන් ගේ පහසුව වෙනුවෙන් ද සේවා ක්‍රියාත්මකය. මහරගම ඩිපෝව මගින් ජනතාවගේ පහසුව සඳහා පවත්වාගෙනයන සේවාවන් අතර මහරගම පිළිකායතනයේ සිට ඇරඹෙන බස් සේවාද ප්‍රමුඛතාවක් ගනී. මාර්ග අංක 138 ඔස්සේ පිළිකා රෝහලේ සිට පිටකොටුව දක්වා බස් සේවා ක්‍රියාත්මක අතර මහනුවර, ඇඹිලිපිටිය, කුරුණෑගල, මාතර, පල්ලෙබැද්ද, බලංගොඩ වැනි ප්‍රදේශ සඳහා දුර සේවා ක්‍රියාත්මකය. පිළිකායතනයේ ප්‍රතිකාර සඳහා එන ජනතාවට ඒවායින් ඉටුවන සේවය මෙතකැයි කිව නොහැක. මාර්ග අංක 919 යටතේ පිළිකායතනය, ආයුර්වේද රෝහල හරහා නව රෝහල දක්වා ක්‍රියාත්මක වන සේවාවද කැපී පෙනේ. ආගමික වශයෙන් වැදගත් කැලණිය, බෙල්ලන්විල, කළුතර වැනි පූජනීය ස්ථාන දක්වා ඩිපෝවෙන් විශේෂ සේවා ක්‍රියාත්මය. තවද නගරය ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික අධ්‍යපන ආයතනය, ජල සම්පාදන මණ්ඩලය වැනි රජයේ කාර්යාල වල සේවය කරන සේවක මහත්වරුන් ප්‍රවාහනය සඳහා ද ඩිපෝව මගින් සේවා ක්‍රියාත්මක කර ඇත. යුධ හමුදාව හා ජාතික ශිෂ්‍ය භට බලකාය වෙත බස් රථ සැපයීමද ඩිපෝව මගින් සිදු කරේ. පසුගියදා මහරගම තරුණ සේවා පරිශ්‍රයේ පැවති යොවුන් පාර්ලි‌‌මේන්තුව සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම භාර වූයේ ද මහරගම ඩිපෝවටය.

මහරගම ඩිපෝවේ සේවාවන් අතර තවත් කැපී පෙනෙන සේවාවකි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සේවාව. මේ වනවිට උපයා ගෙවීමේ පදනම මත ලබාගත් සුඛෝපභෝගී බස් රථ 08 ක ඇණියක් ඩිපෝව සතුය. මෙම ලිපිය පල කරන අවස්ථාවේද නවතම සුඛෝපබෝගී බස් රථයක් ඩිපෝවට ගෙනැවිත් තිබුණු අතර තවත් බස් රථයක් සඳහා මුදල් බැඳ තිබුණි.
කටුනායක අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කල අවස්ථාවේ ධාවනය වූ මහරගම ඩිපෝවට අයත් අධි සුඛෝපබෝගී බස් රථයක්.
උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව ලබාගත් නවතම අධි සුඛෝපබෝගී බස් රථය.
තම ඩිපෝවේ සුඛෝපබෝගී සේවාවන්ට අමතරව, මහරගම හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන අනෙකුත් ඩිපෝවන්හි සුඛෝපබෝගී බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන සම්පාදනය, සුළු අලුත්වැඩියා මෙන්ම ඇතැම් බස් රථ වලින් උපයා ගන්නා මුදල් හුවමාරු වන්නේ ද මහරගම ඩිපෝව හරහාය. මේ ලිපිය පලවන අවස්ථාව වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල හා මාතර දක්වා ශ්‍රී ලංගම බස් රථ 30 ක් ධාවනයේ යොදවා තිබුණි.
මහරගම ඩිපෝ භූමියේ ගාල් කර ඇති ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට අයත් බස් රථයක්.
ඉහත සේවා පිලිබඳ සලකා බැලීමේ දී මහරගම ඩිපෝ භූමියේ වටිනාකම ඔබට මැනවින් පසක් වනු ඇත. එය හුදෙක් මහරගම ඩිපෝවට පමණක් නොව ප්‍රදේශයේ සමස්ත මගී ජනතාවට මෙන්ම සමස්ත ලංගමටම වැදගත් වන භූමි කොටසකි.
මහරගම ඩිපෝ භූමිය
ඩිපෝ ප්‍රධාන කාර්යාලයේ අමුත්තන් රැඳී සිටින ස්ථානය
දැනට ඩිපෝ භූමියේ පිහිටා ඇති දෑ මෙසේය.
  • ඩිපෝ ප්‍රධාන කාර්යාලය
  • ගිණුම් කාර්යාලය 
  • ආරක්ෂක කාර්යාලය 
  • ඉංජිනේරු කාර්යලය 
  • ඩිපෝ ප්‍රධාන ගබඩාව (සම්පාදක අංශය)
  • සේවක විවේකාගාර 3ක් 
  • ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය
  • ආපන ශාලාව 
  • රියදුරු පුහුණු හා දේශන ශාලාව
  • ඉන්ධන පිරවුම්හල හා තෙල් ගබඩාව
  • රථ පාලන මැදිරිය
  • සුළු අළුත්වැඩියා අංශය 
  • වඩු/ පින්තාරු/ බොඩි අළුත්වැඩියා/ දුණු/ ටයර් අංශය 
  • කම්මල්/ පොම්ප/ සේවා/ විදුලි/ බැටරි අංශය
  • ගියර් පෙට්ටි හා බරවැඩ අංශය (දෙමහල්)
  • එන්ජින් අළුත්වැඩියා හා නිල වාහන ඒකකය
  • සුළු අළුත්වැඩියා අංශය අසල තඩාග වල 
  • ඉංජිනේරු අංශය ඇතුලත තඩාග වලවල් 8 ක් 
  • පහල බරවැඩ අංශය තුල තඩාග වලවල් 2 ක් 
  • ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන ටැංකි (භූගත) 2 සහ පොම්ප 1 ක්
  • අමතර ඉන්ධන පිරවුම් ටැංකි 2 ක් (භූගත)
  • බස් රථ සේදීමේ අංශය 
  • බස් ගාල් කිරීමේ අංගන 3 යි 
ඩිපෝව ආරම්භ කරන අවධියේ මාර්ගයේ දෙපස අක්කර 4 බැගින් අක්කර 8ක් ව පැවති ඩිපෝ භූමිය, පසුකාලීනව මාර්ගයේ එක් පසක අක්කර 4 ක භූමියට පමණක් සීමා කර ඉතිරි ඉඩම ජල සම්පාදන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ල වැනි ආයතන පිහිටුවීම සඳහා පවරාගෙන තිබුණි. දැන් මේ සූදානම් වන්නේ තම ඩිපෝවේ ඉතිරි ඉඩකඩත් අත්පත් කර ගනීමට යැයි ඩිපෝ සේවකයෝ කනස්සල්ලෙන් පැවසීය.

මහරගම ඩිපෝව පවතින භූමිය බස් නැවතුම්පොළක් සඳහා සුදුසුද යන්න ඉන් පසුව සලකා බැලිය යුතුය. ඩිපෝව පිහිටා තිබෙන්නේ ප්‍රධාන මංසන්ධියේ සිට කි. මි. 1 කට ආසන්න දුරකිනි. මෙලෙස ප්‍රධාන නගරයෙන් ඈතට වන්නට පිහිටවූ බස් නැවතුම් මේ දක්වා කිසිදු සාර්ථක භාවයක් අත්කරගෙන නැත. ආසන්නතම උදාහරණයක් හෝමාගමින් ලැබේ. විශාල මුදලක් වැය කොට නගරයට ඈතින් බස් නැවතුමක් ඉදි කල ද අද එය බස් ගාලකට පමණක් සීමා වී ඇත. සියලු බස් ආරම්භ වන්නේ නගරයේ පිහිටි පැරණි ලංගම බස් නැවතුමෙන් හා තවත් කුඩා බස් නැවතුම් කිහිපයකිනි.

මීලඟට සලකාබැලිය යුත්තේ මහරගම නගරයේ බස් නැවතුම්පොළක් සඳහා වෙනත් සුදුසු භූමියක් නොමැතිද යන්නයි. මේ පිලිබඳව අප විමසා සිටි අවස්ථාවේ ඩිපෝ සේවක මහත්වරුන් පැවතුවේ, නගරයේ ප්‍රධාන පාරට යාබද ඉඩමක මේ වන විට සති පොළක් ඉදි වෙමින් පවතින බවයි. මෙලෙස නගරයේ කාර්ය බහුල මන්සධියක සති පොළක් ඉදි කිරීම කොතරම් දුරට යෝග්‍ය දැයි ඩිපෝ සේවකයින් ප්‍රශ්න කරයි. තවද සති පොළ පැවැත්වෙන්නේ සතියකට දින 3ක් පමණක් බව ඔවුන් කියා සිටී. පොළට යාබදව අවුරුදු 33 ක් පැරණි සුපිරි වෙළඳ සංකීරණයක් පවතී. එම ගොඩනැගිල්ල හා පොළ භූමය ඒකාබද්ධ කොට එම ඉඩමෙහි බස් නැවතුම ඉදිකොට එහි ඉහළ මාලයේ සුපිරි වෙළඳ සංකීර්ණය සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ඉතා පහසුවෙන් ලබා ගත හැකි බව ඔවුන් පෙන්වා දේ. තව මේ සඳහා සුදුසු වෙනත් ඉඩම් ඕනෑ තරම් පවතින බවට ඔවුන් උදාහරණ ඕනෑතරම් පෙන්වා දේ.

මහරගම ඩිපෝ සේවක මහත්වරුන්ගේ එකම ආයචයනය තම ඩිපෝව හා එහි භූමිය ආරක්ෂා කර දෙන්න, යන්නයි. ඒ වෙනුවෙන් ඔවුන් අද දින උදෑසන අධිෂ්ඨානය බෝධි පූජා පිංකමක් පවා සංවිධානය කර තිබුණි. ලංගම බස් අඩවිය වශයෙන් අප ඔබට මේ විශේෂ ලිපිය ගෙන ඒමේ අරමුණ වූයේ, මේ පිලිබඳ නිසි බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම පිණිස හා අහිංසක සේවයන් ගේ ඉල්ලීම මතය. මන්ද මෙය හුදෙක් ශ්‍රී ලංගම මහරගම ඩිපෝවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොව ප්‍රදේශයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයටම බලපාන ගැටළුවක් වන හෙයිනි. මේ පිලිබඳ බලධාරීන් ගේ නිසි අවධානය යොමු වී මහරගම ඩිපෝවට තව දිගු කලක් තම ජනතා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සහය හා ශක්තිය ලැබේවායි පතමු.

7 comments:

  1. පළාත් සභා වෙන් රු. මිලියන ගණනක් වියදම් කරලා හෝමාගම බස් ස්ටෑන්ඩ් එකක් හැදුවා. ගිලා බැස්සා. ලොකු ගානක් වියදම් කරලා අලුත් වැඩියා කලා. ටවුන් එකේ ඉඳන් මගීන්ට බස් එකක නගින්න රු. 60/-ක් දීල ත්‍රී ව්‍ල් එකක යන්න ඕනේ. එක තියන්නේ ටවුන් එකේ ඉඳන් කි මි 3/4 වීතර දුරින්. අපෝ මහජන මුදල් පළාත් සබාවේ උන් කාබාසිනියා කරන හැටි . මහරගම ඩිපෝව බස් ස්ටෑන්ඩ් එකක් කරනවා කියන්නේ තවත් මීට අන්ත ගොන් වැඩක් ............ ඇත්තටම මේවගේ යෝජනා ගෙන උන් මොලේ උඩද ඉඳ ගන්නේ ..........

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්! ඒ ගැන නම් සැක සහිතයි!

      Delete
  2. මහරගම ඩිපොව කියන්නේ අපේ මේ මාතරට මහරගම - දික්වැල්ල
    මාතර - මහරගම
    වගේ බස් දෙන හොඳම ඩිපොවක් මේ ඩිපොවට එහෙම වෙන්න දෙන්න බැ

    ReplyDelete
    Replies
    1. ඔව්! මේවා මිනිස්සුන්ට වටිනවා උනාට සම හරක්ට වටින්නේ නැහැ! :(

      Delete
  3. මේ වෙන කවුරුත් නෙවෙයි, බස්නාහිර පළාත් සභා ඇමති කෙනෙක් වන උපාලි කොඩිකාර නමැති අපතයාගේ මගඩි වැඩක්.

    මූ බස් ස්ටැන්ඩ් එකක් හදන මුවාවෙන් ඩිපෝ ඉඩම අරගෙන, එතන උගේ යාළු ජාවාරම්කාරයින්ට සුපිරි වෙළඳ සංකීර්ණයක් හදන්න දෙන්නයි උත්සාහ කරන්නේ.

    මූ ඉස්සෙල්ලම බැලුවා මහරගම අවුරුදු 110 ක් පරණ බුවනෙකබා විද්‍යාලය අයින් කරලා ඒ ඉඩම ඔය කියන වෙළඳ සංකීර්ණයට ලබා දෙන්න. ඒ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා ඒ උත්සාහය පරාජය කළා. ඒ අය මූට නොගැහුවා විතරයි. කොහොම හරි ඉස්කෝල ඉඩම බේරුණා. දැන් මූ කෙළින්න හදන්නේ මහරගම බස් ඩිපෝ ඉඩමට.

    කෝටි ගණන් කොමිස් කුට්ටියක් වැටෙයි මුගේ සාක්කුවට.
    මුගේ ගෑණිත් පට්ට හෙරක්.

    ඩිපෝ සේවකයින්ට තියෙන්නේ මූට ගහලා පන්නන්න.

    ReplyDelete
  4. oya waga wad karana awwnta hana gahnna ona.mokada dashapalanaya thama langama kawa.un yanna frado ,BMW wala .ahinsaka ada wala hamba karan jiwath wana ahinsaka minissunta thama langama watinna.MH ta sada jaya waya'

    ReplyDelete
  5. Which is the best SLTB Depot in Sri Lanka?

    ReplyDelete