Monday, September 30, 2013

Latec Kesco re-bodied Ashok Leyland Viking bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Latec Kesco re-bodied Ashok Leyland viking bus (60-5744) at Galle. Playing on the route no 530 from Galle to Baddegama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ගාල්ලේ දී. මෙහි මුල් බඳ ශ්‍රීලංගම වේරහැර වැඩපොළේ එකලස් කරන ලද්දක් වන අතර පසුකාලීනව සිදුවූ අනතුරක් හේතුවෙන් එය විනාශ වී ඇත. පසුව ලටෙක් සමාගම වෙත පවරා තිබුණු කැප්පෙටිපොළ, කහගොල්ල වැඩපොළ වෙත යවා ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ මෙම බඳ එම චැසිය මත එකලස් කර ඇත. රථය මාර්ග අංක 530 යටතේ ගාල්ල හා බද්දේගම අතර ධාවනයට යොදවා තිබුණි. පසු කාලීන අලුත්වැඩියාවක දී මුල් පෙනුම මඳක් වෙනස් කර ඇති බවද නිරීක්ෂණය වේ.

Sunday, September 29, 2013

Latec TATA LP 1510/52 bus from CMBC Thalangma depot

This photo was taken in 1999 in Kollupitiya, Colombo, Western, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now Sri Lanka Transport Board) Thalangma depot, Latec TATA LP 1510/52 bus (TL 164 / 63-3059) at kollupitiya in 1999. Allocated for the services on the route No 177 between Kaduwela and Kollupitiya. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය)  තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් 1999 වසරේ කොල්ලුපිටියේ දී. රථය 1999 වසරේ දීම ඩිපෝවට ලැබුණු බස් රථයකි. මාර්ග අංක 177 ඔස්සේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබී ඇත.

Ashok Leyland Comet 4XZ tow truck from SLTB Polonnaruwa

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyland Comet 4XZ tow truck (48-9015) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් 4XZ වර්ගයේ දොඹකර රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 1997 වසරේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, September 28, 2013

Ashok Leyland Turbo buses at Colombo Central Bus Stand.

This photo was taken on May 02, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Two of Ashok Leyland Viking Turbo buses (NB-3329 / NB-3996) from Ampara and Wellawaya depots, parked at the Colombo, central bus stand. -- ශ්‍රී ලං.ග.ම.ය සතු, නව අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ මාදිලි දෙකට අයත් බස් රථ දෙකක් පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. බස් රථ දෙක අම්පාර හා වැල්ලවාය ඩිපෝවන්ට අයත් වේ.

TVS bodied Ashok Leyland Viking modified bus from SLTB Udahamulla depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Udahamulla depot, TVS bodied Ashok Leyland Viking Modified bus (UM 16 / 63-3332) at Kataragama. Rehabilitated and modified by the depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝවට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. පොකුරු බස් සමාගම් යටතේ 1999 වසරේ ධාවනයට එක්ව ඇති රථය ධාවනයන් සීමා කර තිබියෙදී 2012 වසරේ දී උඩහමුල්ල ඩිපෝ සේවක පිරිස විසින් නවීකරණය කර ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම වෙනස් කොට එයට නව බස් රථයක පෙනුමක් ලබා දීමට උත්සහ කර ඇති බව පෙනේ.

මෙම බස් රථයේ පිටුපස පෙනුම, 2013 අගෝස්තු මස 22 වන දින ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on August 22, 2012 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, September 27, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kirindiwela depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Ashok Leyalnd Viking turbo bus (KD 28 / NA-8952) at the Mannar bus stand. Allocated for the services under the route No.04 between Talaimannar and Colombo. Awaiting to leave for Talaimannar. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් අශෝක් ලේලන් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මන්නාරම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 04 යටතේ තලෙයිමන්නාරම හා කොළඹ අතර ධාවනයයට යොදවා තිබුණි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මන්නාරමේ සිට තලෙයිමන්නාරම බලා ධාවනයට සූදානමින් තිබී ඇත. 2011 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Ashok Leyland Comet Minor bus from SLTB Hanguranketha depot

This photo was taken in 2005 in Hanguranketha, Nuwara Eliya, Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, Ashok Leyland Comet Minor bus (HK 21 / 62-3597) at Hanguranketha. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් බස් රථයක 2005 වසරේ ලබාගන්නා ලද ඡායාරූපයකි. රථය 1996 වසරේ ධාවනයට එක්වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කරන ලද්දකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Thursday, September 26, 2013

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on May 30, 2013 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Utkal bodied Ashok Leyland Viking bus (KT 63 / 63-2724) at the Horana bus stand. Recently repaired by the depot. Awaiting to leave for Kalutara. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කළුතර ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති, UTKAL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් හොරණ බස් නැවතුම්පොළේ දී. 1999 වසරේ ධාවනයට එක් වී ඇති රථය මේ වන විට සිසු සැරිය බස් රථයක් ලෙස භාවිතා වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කළුතර බලා ධාවනයට සූදානමින් තිබුණි.

Wednesday, September 25, 2013

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitya depot, Bharat bodied Ashok Leyland Viking bus (61-5251) at Kuliyapitiya. The bus acquired to the PTS Homagama depot in 1993. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Bharat බඳ සහිත බස් රථයක් කුලියාපිටියේ දී.  1993 වසරේ දී එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ හෝමාගම ඩිපෝවට ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. හෝමාගම ඩිපෝවෙන් ධාවනයන් සීමා කර තිබියෙදී කුලියාපිටිය ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ජනතා සේවයට සපයා ඇත. පාසල් ධාවන වාරයක හොරහැපොල බලා ධාවනය වෙමින්.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 24, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on September 23, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyalnd Viking AC luxury bus (NB-5509) at the central bus stand depot. Allocated for the services under the route No 48 between Batticaloa and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනයට එක්කර ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ම. බ. ක. ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 48 ඔස්සේ කොළඹ හා මඩකලපුව අතර ධාවනයට යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.

This photo was taken on September 23, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 23, 2013

SLTB supply division - Kappetipola depot

This photo was taken on September 12, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, TATA LP 1210/36 supply division vehicle (29ශ්‍රී0715) at the central bus stand, Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. රථයේ ලියාපදිංචි අංකය 29ශ්‍රී0715 වේ. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමන් සකසා ඇත.

Sunday, September 22, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kurunegala North depot

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KGN 80 / NB-4403) in the depot premises. Allocated for the services under the route no No.562 between Kalugalla and Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. රථය මාර්ග අංක 562 ඔස්සේ කළුගල්ල හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, September 21, 2013

Ashok Leyland Viking SRILANGAMA edition bus from SLTB Mannar depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking bus (MN 46 / 60ශ්‍රී6471) at Mannar bus stand. Specially assembled for the SRILANGAMA by the Ruby coach builders in India. Acquired to the fleet in 1988.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මන්නාරම බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ, ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව ඉන්දියාවේ රුබී සමාගම මගින් නිපදවන ලද්දකි. 1988 වසරේ ධාවනයට එක්වී ඇති රථය, එයින් වසර 25කට පසු මෙලෙස රුක්කලම්පිටිය සහ මන්නාරම අතර ධාවනයේ දී.

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Wesco TATA LPO 1313/55 bus from SLTB Anuradhapura depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Wesco TATA LPO 1313/55 bus (62-8187) at the Medawachchiya. Awaiting to leave for Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත්, වෙස්කෝ ටාටා  LPO 1313/55 බස් රථයක්  මැදවච්චිය නව බස් නැවතුම්පොළේ දී. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති රථයෙ බඳ එකලස් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මැදවච්චිය හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, September 20, 2013

Trans - Mark I bus from SLTB wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
UAE based Belhasa Motors Co. assembled,  Trans - Mark I bus (WG26 / 63-1973) from Sri Lanka Transport Board (SLTB) wattegama depot.  Originally allocated to the CMBC Udahamulla depot in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝවට අයත් ට්‍රාන්ස් මාර්ක් වන් (Mark I) වර්ගයේ බස් රථයක් වන මෙය චීනයේ නිෂ්පාදිත තට්ටුවකට (chassis) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී බඳ එකලස් කර නිෂ්පාදනය කර ඇත. 1999 වසරේ දී මෙම බස් රථය එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත්තේ පරීක්ෂණ ධාවනයක් සඳහාය. උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අවදියේ දී සිදුව ඇති අනතුරක් නිසා මුහුණත අලුත්වැඩියාවකට ලක් වී ඇත. එම අලුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන වීදුරුව ඇතුළු මුහුණතට වෙනස්කම් සිදු වී ඇත. පසුව ප්‍රධාන කාර්යාලයට අනියුක්තව තිබී ඇති මෙම බස් රථය ප්‍රධාන කාර්යාලය මගින් වත්තේගම ඩිපෝවට සපයා ඇති අතර වත්තේගම ඩිපෝව මගින් අශෝක් ලේලන්ඩ් යුරෝ එන්ජිමක් තබා ධාවනයට එක් කර ඇත්තේ මුල් අමතර කොටස් සපයා ගැනීමේදී ඇතිවූ ගැටළුවක් හේතුවෙනි. එම අලුත්වැඩියාව සිදු කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස 2012 වසරේ දීය.

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, September 19, 2013

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Balangoda depot

This photo was taken on September 15, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ashok Leyland Viking Turbo 42 seater SLTB edition bus (BG121 / NA-6990) at Anuradhapura. Allocated for a temporary service under the route No.57/69  between Anuradhapura and Balangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් අනුරාධපුර දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථ ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයයි. ශ්‍රී ලංගම විසින් ලබාදුන් පිරිවිතරයන්ට අනුකූලව ඉන්දියාවේ රූබී සමාගම මගින් බඳ එකලස් කර ඇති මෙම බස් රථ සතුව උස් ඇන්ද රහිත ආසන 42ක් ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය මාර්ග අංක 57/69 ඔස්සේ බලන්ගොඩ හා අනුරාධපුර අතර තාවකාලික ධාවන වාරයක් වෙනුවන් යොදවා ඇත.

This photo was taken on September 15, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Wednesday, September 18, 2013

SLTB supply division - Madawachchiya provincial workshop

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Madawachchiya provincial workshop, Leyland Comet supply division vehicle (26ශ්‍රී7192) in the workshop premises. A converted CTB bodied Leyland Comet bus. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය ප්‍රාදේශීය වැඩපොළට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයකි. 1962 වසරේ ලං.ග.ම. බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක්, සම්පාදක රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. වැඩපොළ පරිශ්‍රයේ දී ලබාගත් ඡායාරූපයකි.

රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 17, 2013

Latec TATA LP 909/36 bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Latec TATA LP 909/36 bus (BG 68 / 62-3198) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් යොදාගෙන ලටෙක් සමාගම විසින්, පුද්ගලීකරණය කරන ලද කහගොල්ල ලංගම වැඩපොළේ දී ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ එකලස් කර ඇති මෙම බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 16, 2013

SLTB Ashok Leyland Hinopower Vikings on the Kandy 01 Colombo route

This photo was taken on August 29, 2013  in Danowita, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Kandy 01 Colombo buses (YT 14 / NA-0797 , MK 100 / NA-5217) having a break at Danowita. Both of these are Ashok Leyland Viking Hinopower buses belongs to Yatinuwara and Mattakkuliya depots. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) යටිනුවර හා මට්ටක්කුලිය ඩිපෝවන්ට අයත්, මාර්ග අංක 01 ඔස්සේ මහනුවර හා කොළඹ අතර ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථ දෙකක් දංඕවිට දී, කෙටි විවේකයක් ලද මොහොතක්.

Sunday, September 15, 2013

Dimo TATA LPO 1313/47 modified bus from SLTB Kandy south depot

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Dimo TATA LPO 1313/47 Modified bus (KS 150 / 62-2286) in Kandy. Rehabilitated and modified by the depot workers (2011) to celebrate the President's induction.  Photos by: Chanaka Rathnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මහනුවර දී. රථයේ බඳ ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. ධාවනය සීමාකර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර (2011) සැමරීම නිමිත්තෙන් මහනුවර දකුණ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියා වේ දී මුහුණත යම් කොටස්, ධාවනයෙන් ඉවත් කල සුනාමි බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්‍ෂණය වේ. රථයේ ආසන ද වෙස්කො අර්ධ සුඛෝපභෝගී බස් රථ වලින් සපයා ගත් ඒවාය. ඡායාරූප: චානක රත්නායක

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 21, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Pettah - Gas work Street (Bodhiraja Mawatha) bus stand in 1960's

Click for the full size picture.
Ceylon Transport Board - CTB (now SLTB) buses at the Pettah - Gas work Street (Bodhiraja Mawatha) bus stand in 1960's. Special thank: Mr. Sampath Nalinda Gunasekera -- 1960 දශකයේ මුල බාගයේ,  පිටකොටුව බෝධිරාජ මාවත බස් නැවතුමේ නවතා ඇති ලංකා ගමනාගමන මණ්ඩලයට (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අයත්  බස් රථ. Leyland RT, Bedford OB වැනි බස් වර්ග රූපයේ දක්නට ඇත. ඡායාරූපය අප වෙත ඒවා තිබුණු සම්පත් නලින්ද මහතාට විශේෂ ස්තූතිය.

Saturday, September 14, 2013

ACGL bodied TATA LP 1210/36 bus from SLTB Godakawela depot

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, ACGL (Automobile Corporation of Goa Limited) bodied TATA LP 1210/36 bus (61-2381) at the depot premises. Acquired to the service in 1991 under the Peoplized Transport Service -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ACGL බඳ සහිත ටාටා LP 1210/36 බස් රථයකි. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතුවී ඇති මෙම බස් රථය ගෙවීමේ පදනම මත ලබා ගත්තකි. මෙම ACGL බඳ සහිත ටාටා LP 1210/52 බස් රථ සහ ටාටා LP 909/36 බස් රථ ද එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවා හා එක්වී ඇත. කෙසේ වෙතත් මෙම බස් රථ වර්තමානයේ ධාවනයේ දැක ගත හැක්කේ ඉතා අල්ප වශයෙනි.

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, September 13, 2013

Ashok Leyland Lynx bus from SLTB Ratnapura depot

This photo was taken on September 13, 2013  in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Ratnapura depot, Ashok Leyland Lynx bus (NB-5650) at the Ratnapura bus stand. Awaiting to leave for Ketawala on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයට අයත් බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ  කැටවල බලා ධාවනය වීමට සූදානමින් තිබුණි. 2013 වසරේ ඩිපෝවල ලැබුණු බස් රථයකි.

This photo was taken on September 13, 2013  in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, September 11, 2013

SLTB supply division - Udubaddawa workshop

This photo was taken on June 13, 2013  in Wennappuwa , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udubaddawa provincial workshop, Mercedes Benz LP 322 supply division lorry (23ශ්‍රී0672) in the Wennappuwa depot garage. A classic CTB bodied bus converted as the lorry.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළට අයත් මර්සිඩීස්-බෙන්ස් LP 322 වර්ගයේ සම්පාදන සේවා ලොරි රථයක් වෙන්නප්පුව ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලංගම බඳ සැකසු පැරණි බස් රථයක්, ලොරි රථයක් ලෙස පරිවර්ථනය කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් ඩිපෝවට පැමිණි අවස්ථාවකි.

This photo was taken on June 13, 2013  in Wennappuwa , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 13, 2013  in Wennappuwa , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 10, 2013

Srilangama bodied TATA LP 1210/36 bus from SLTB Wayamba regional office

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wayamba Regional office, Srilangama bodied TATA LP 1210/36 Staff bus (30ශ්‍රී2092) at Kararagama. Rehabilitated by the SLTB Wayamba Regional office to celebrate the President's induction. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වයඹ ප්‍රාදේශීය කාර්යාලයට අයත්, ශ්‍රීලංගම මගින් බඳ එකලස් කල ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් කතරගම කිරිවෙහෙර අසල දී. ධාවනය සීමා කර තිබුණු මෙම බස් රථය, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස වයඹ ප්‍රාදේශීය කාර්යාලය මගින් අළුත්වැඩියා කර ධාවනයට එකතු කර තිබේ. වර්තමානයේ ප්‍රාදේශීය කාර්යාලයේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා යොදා ගනී.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus (Photos by: Indika Prabhath) -- බස් රථයේ ඇතුලත. (ඡායාරූප: ඉන්දික ප්‍රභාත්)
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Sony Xperia J ST26i
Click for the full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Sony Xperia J ST26i 
Click for the full size picture.

Monday, September 9, 2013

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Hakmana depot

This photo was taken on August 09, 2013 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (HM 51 / NB-3798) at Bambalapitiya. Playing to Hakmana under the route No. 26 from Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම මැනුම් අනුව ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුත් රථය 2x3 සැකස්මෙන් යුත් ආසන 54 කින් සමන්විතය. මාර්ග අංක 26 ඔස්සේ කොළඹ සිට හක්මණ බලා ධාවනය වන අවස්ථාවකි. 2012 වසරේ මෙම මාදිලියේ බස් රථ 120ක් ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත.