 |
This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
UAE based Belhasa Motors Co. assembled, Trans - Mark I bus (WG26 / 63-1973) from Sri Lanka Transport Board (SLTB) wattegama depot. Originally allocated to the CMBC Udahamulla depot in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝවට අයත් ට්‍රාන්ස් මාර්ක් වන් (Mark I) වර්ගයේ බස් රථයක් වන මෙය චීනයේ නිෂ්පාදිත තට්ටුවකට (chassis) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී බඳ එකලස් කර නිෂ්පාදනය කර ඇත. 1999 වසරේ දී මෙම බස් රථය එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත්තේ පරීක්ෂණ ධාවනයක් සඳහාය. උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අවදියේ දී සිදුව ඇති අනතුරක් නිසා මුහුණත අලුත්වැඩියාවකට ලක් වී ඇත. එම අලුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන වීදුරුව ඇතුළු මුහුණතට වෙනස්කම් සිදු වී ඇත. පසුව ප්‍රධාන කාර්යාලයට අනියුක්තව තිබී ඇති මෙම බස් රථය ප්‍රධාන කාර්යාලය මගින් වත්තේගම ඩිපෝවට සපයා ඇති අතර වත්තේගම ඩිපෝව මගින් අශෝක් ලේලන්ඩ් යුරෝ එන්ජිමක් තබා ධාවනයට එක් කර ඇත්තේ මුල් අමතර කොටස් සපයා ගැනීමේදී ඇතිවූ ගැටළුවක් හේතුවෙනි. එම අලුත්වැඩියාව සිදු කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස 2012 වසරේ දීය.
 |
This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |