Showing posts with label WG. Show all posts
Showing posts with label WG. Show all posts

Friday, August 16, 2024

Antony bodied TATA LP 1510/52 bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Antony bodied TATA LP 1510/52 bus (WG 49 / NA-3267) in the depot premises. The bus acquired to the SLTB fleet in 2006. This photo was taken in August 2013 while it was parked in the depot. It was allocated for the services between Panvila and Kandy on a local route -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ  ධාවනයට එක්වී ඇත. 2013 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මහනුවර හා පන්විල අතර ධාවනයට යෙදවූවකි.

Monday, February 15, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Wattegama depot

This photo was taken on May 04, 2017 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Brij bodied Ashok Leyland Viking 193 bus (WG 30 / 63-3346) in the depot premises. Acquired to the KBC fleet in 2000. Currently allocated for local services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට මහනුවර බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. රථය වර්තමානයේ කෙටි දුර සේවා සඳහා යොදා ගැනේ.

Sunday, February 9, 2020

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Wattegama depot

This photo was taken on May 04, 2017 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Ruby bodied TATA LP 1510/36 bus (WG 43 / GE-9826) in the depot premises. Acquired to the service in year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ඉන්දියාවෙන් ආනයනය කල බස් රථයකි. රථයේ ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

Tuesday, August 8, 2017

Ashok Leyland Lynx C type bus from SLTB Wattegama depot

This photo was taken on May 04, 2017 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Ashok Leyland Lynx C type bus (WG 35/ NC-2972) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2015 වසරේ මුල භාගයේ ලංගම රථ ඇණිය එක්වූ මෙම බස් රථ මුළු ගණන 80කි. වත්තේගම ඩිපෝව මගින් මෙම බස් රථය මාර්ග අංක 623 යටතේ මහනුවර හා බඹරැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, June 21, 2016

SLTB Breakdown Service (Wattegama Depot)

This photo was taken on April 09, 2015 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot breakdown service vehicle (WG 01 / 23ශ්‍රී4268) in the depot premises. Classic Mercedes-Benz LP1113 CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) වත්තේගම ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගම බඳ සැකසු පැරණි මර්සිඩීස් බෙන්ස් LP1113 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Sunday, April 19, 2015

Kitamura bodied ISUZU MT111L (ELR 500) bus from SLTB Wattegama depot

This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka transport board (SLTB) Wattegama depot, Kitamura bodied ISUZU MT 111L (ELR 500) bus (WG 19 / 60ශ්‍රී6922) in the depot premises. Body built by Kitamura coach builders in Japan and acquired to the SLTB fleet in 1988. Recently repowerd with an Ashok Leyland engine and allocated for the services between Kandy and Matale under the route number 636. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, කිතමුරා බඳ සහිත ඉසුසු MT 111L (ELR 500) වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පුර්ණයෙන්ම ජපානයේ නිමවා ඇති මෙම බස් රථය 1988 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ISUZU MT111 වර්ගයේ තට්ටුවක් මත බඳ නිමවා ඇත්තේ ජපානයේ Kitamura සමාගම මගිනි. පසුකාලීනව මුල් ISUZU එන්ජින් පද්ධතිය කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා 2014 වසරේ මුල භාගයේ අශෝක් ලේලන්ඩ් එන්ජින් කට්ටලයක් බද්ධ කර නැවත ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 636 යටතේ මහනුවර හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, November 4, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Dimo TATA LPO 1313/47 bus (WG 11 / 62-2127) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd and Acquired to the fleet in 1995. Allocated for the services between Kbaragala and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු ඇතැම් කොටස් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කබරගල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, September 20, 2013

Trans - Mark I bus from SLTB wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
UAE based Belhasa Motors Co. assembled,  Trans - Mark I bus (WG26 / 63-1973) from Sri Lanka Transport Board (SLTB) wattegama depot.  Originally allocated to the CMBC Udahamulla depot in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝවට අයත් ට්‍රාන්ස් මාර්ක් වන් (Mark I) වර්ගයේ බස් රථයක් වන මෙය චීනයේ නිෂ්පාදිත තට්ටුවකට (chassis) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී බඳ එකලස් කර නිෂ්පාදනය කර ඇත. 1999 වසරේ දී මෙම බස් රථය එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත්තේ පරීක්ෂණ ධාවනයක් සඳහාය. උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අවදියේ දී සිදුව ඇති අනතුරක් නිසා මුහුණත අලුත්වැඩියාවකට ලක් වී ඇත. එම අලුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන වීදුරුව ඇතුළු මුහුණතට වෙනස්කම් සිදු වී ඇත. පසුව ප්‍රධාන කාර්යාලයට අනියුක්තව තිබී ඇති මෙම බස් රථය ප්‍රධාන කාර්යාලය මගින් වත්තේගම ඩිපෝවට සපයා ඇති අතර වත්තේගම ඩිපෝව මගින් අශෝක් ලේලන්ඩ් යුරෝ එන්ජිමක් තබා ධාවනයට එක් කර ඇත්තේ මුල් අමතර කොටස් සපයා ගැනීමේදී ඇතිවූ ගැටළුවක් හේතුවෙනි. එම අලුත්වැඩියාව සිදු කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස 2012 වසරේ දීය.

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 8, 2013

BRIJ bodied Ashok Leyland Viking modified bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, BRIJ bodied Ashok Leyland Viking modified bus (WG 29 / 63-3345) in the depot premises. In service from year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ඉන්දියාවේ BRIJ සමාගම මගින් නිපදවූ මෙම බඳ සහිත බස් රථ 2 ක් පමණක් ශ්‍රී ලංගම රථ ඇණිය සතු වන අතර අනෙක් බස් රථය අයත් වන්නේ කෑගල්ල ඩිපොවටයි.  පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මෙහි මුහුණත පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතත් පැති පෙනුම හා පසුපස පෙනුම තවමත් මුල් ආකාරයෙන්ම දැක ගත හැකිය. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇත. 

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 11, 2012

SLTB supply division - Wattegama depot

This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot TATA 1210 supply division srvice vehicle (30ශ්‍රී9034) at Katubedda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථය කටුබැද්දේ දී. ලියාපදිංචි අංකය 30 ශ්‍රී 9034 වන මෙය ශ්‍රී ලං.ම.ග.ම බඳ සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, July 20, 2012

Ashok Leyland Viking Turbo (Leasing) bus from SLTB Waththegama

This photo was taken on July 7, 2012  in Kilinochchi, North, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Waththegama depot Ashok Leyland Viking Turbo Inter-cooler bus (WG12 / NB-3356) at Kilinochchi. Playing on the route no. 43 Jaffna-Kandy. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයට අයත් බස් රථයක් කිලිනොච්චියේදී. රථය මාර්ග අංක 43 යටතේ යාපනය හා මහනුවර අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.