Showing posts with label 60-. Show all posts
Showing posts with label 60-. Show all posts

Thursday, September 21, 2023

SLTB Supply division - Trincomalee depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot Ashok Leyland Viking 193 supply division service vehicle (60ශ්‍රී5603) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රීකුණාමලය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී5603 වේ.  1988 වසරේ ධාවනයට එක්වූ සුන්දරම් බඳක් සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සේවා රථය  සකසාගෙන ඇත.

මෙය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය. 


Friday, March 5, 2021

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Thalangama depot

This photo was taken in 1989 in Battamulla, Western, LK.
Click for the full-size picture.
Srilangma (now SLTB) Thalangama depot, Kitamura bodied ISUZU ECR 500 bus (TL 07 / 60ශ්‍රී3351) in the depot premises. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This photo was taken in 1989 while it was allocated for the services between Battaramulla and Fort under route number 160. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිමවා ඇත්තේ කිතමුරා කොච් සමාගම මගිනි. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ බස් රථය මාර්ග අංක 160 යටතේ බත්තරමුල්ල හා කොටුව අතර ධාවනයට යොදවා තිබූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, December 4, 2020

SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Dambulla depot

This photo was taken in 1991 in Dambulla, Central, LK.
Click for the full-size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Dambulla depot, SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus (60ශ්‍රී8500) in the depot premises. The brand new bus at the PTS Dambulla opening ceremony in 1991. Photo courtesy: Chandana Wijesinghe. -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ.ස.ප්‍ර.සේ. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ බඳ නිමවූ මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1990 වසරේ ජර්මනියෙන් ගෙන්වන ලද මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ තට්ටු 256 ක තොගයකින් කොටසක්, ඒකල වැඩපොළ වෙත සපයා මෙලෙස බඳ නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථ සීමිත ගණනක් පමණක් ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. ඒකල වැඩපොළ මඟින් ද බඳ මාදිලි කීපයක් යටතේ මේවා එකලස් වී ඇත. ඡායාරූපයේ දැක්වෙන මාදිලියේ එකදු බස් රථයක් හෝ වර්තමාන ශ්‍රී ලංගම රථ ඇණියේ දක්නට නැත. 1991 වසරේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ සීමාසහිත දඹුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය පිහිටවූ දිනයේ වන අතර උත්සවයට සමගාමීව බස් රථය ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය: චන්දන විජේසිංහ. 

Sunday, September 6, 2020

ACCL bodied Ashok Leyland Viking 193 modified bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, ACCL bodied Ashok Leyland Viking 193 modified bus (PT 01 / 60ශ්‍රී5748) at the Puttalam bus stand. Body built by Automotive Coaches & Components Ltd (ACCL) according to the SLTB specifications. Acquired to the SLTB fleet in 1988. Allocated for the services between Kiwula and Puttalam. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් පුත්තලම බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව Automotive Coaches & Components Ltd හෙවත් ACCL සමාගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් නිසා මෙම රථයේ මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කිවුල හා පුත්තලම අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, April 27, 2020

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Kadawatha depot

This photo was taken on 1989 in Galle Face Green, Colombo, Western, LK.
Click for the full size picture.
SRILANGAMA (now SLTB) Kadawatha depot, Kitamura bodied ISUZU ECR 500 bus (KW 31 / 60ශ්‍රී3167) at the Galle Face green with a special hire. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. Photo by Chandrarathne Rajapakshe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කඩවත ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටිය අසල දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිෂ්පානය කිතමුරා කොච් සමාගම මගිනි. එකල මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගෙන ඇති අතර කටුබැද්ද ඩිපෝවට මෙම වර්ගයේ බස් 28 ක ඇණියක් තිබී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ විශේෂ චාරිකාවක් සඳහා යෙදවුණු අවස්ථාවක දීය.

ඡයාරූපය: 1989 වසරේ ශ්‍රීලංගම කඩවත ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල, වසර 36 ක ලංගම සේවාව සම්පූර්ණ කර මේ වන විට විශ්‍රාම ලබා සිටින චන්ද්‍රරතන රාජපක්‍ෂ මහතා විසිනි. ඡයාරූපය අප වෙත ලබා දුන්නේ එතුමාගේ පුත් චතුර රාජපක්‍ෂ මහතාය.

Wednesday, February 5, 2020

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Kegalle depot

This photo was taken on February 04, 2020 in Kegalle, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus (KL 07 / 60ශ්‍රී3634) at the Kegalle bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, කෑගල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෑගල්ල හා සමඟිපුර අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය ලබාගත් දිනට ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සැමරුම යෙදී ඇති හෙයින් බස් රථයේ ද ජාතික ධජයක් ප්‍රදර්ශනය කර ඇත.

Saturday, November 9, 2019

Re-bodied Ashok Leyland Viking bus from SLTB Trincomalee depot

This photo was taken on April 25, 2013 in Trincomalee, Eastern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, re-bodied Ahsok Leyand Viking bus (TM 01 / 60-5603) in the depot premises. Re-bodied by the Ekala Lakdiwa engineering (pvt) Ltd. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ශ්‍රීලංගම මගින් බඳ එකලස් කොට 1988 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථයේ, මුල් බඳ පසුකාලීනව අබලන් වීම නිසා, රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු බස් රථයකින් සපයාගත් බඳක් බද්ධ කර මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කොට තිබේ. අදාළ අලුත්වැඩියාව 2010 වසරේ සිදුකර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි. කෙසේ වූවද 2014 වසරේ මෙම රථය ධාවනයෙන් ඉවත්කොට ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. අප වෙත එවූ උපුල් සේනාධීර මහතාට විශේෂ ස්තූතිය.

Saturday, February 2, 2019

Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from PTS Negombo depot

This photo was taken on 1991 in Negombo, Western, LK.
Click for the full size picture.
Peoplised Transport Service (PTS) Negombo depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus (60-7673) at Negombo. Body built by Latec with Duple Metsec. Allocated for the services under the route number 240 between Negombo and Colombo -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් OF 1113 බස් රථයක් මීගමුවේ දී. මෙම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණ කරන ලද ශ්‍රී ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ නිමවා ඇත. තට්ටුව නොහොත් චැසිය මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයට අයත් ය. රථය 1991 වසරේ ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇති අවස්ථාවකි

Thursday, September 27, 2018

Ruby bodied TATA LPO 1313/47 special bus from SRILANGAMA Badulla depot

This photo was taken in 1987 in Wewessa Ella, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SRILANGAMA) Badulla depot, Ruby bodied TATA LPO 1313/47 special bus (60ශ්‍රී5417) near the Wewessa Ella waterfall in 1987. The bus having a specially built body according to the requirements of the  Badulla - Colombo "Laksiri" service.  Photo taken form a SLTB 30th anniversary pocket calendar.  Special Thank goes to Mr. Kavissara Sanjeewa for the valuable photo and the information. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LPO 1313/47 වර්ගයේ විශේෂ බස් රථයක් (60ශ්‍රී5417) 1987 වසරේ දී  වේවැස්ස දිය ඇල්ල අසල දී. 1987 වසරේ මෙම වර්ගයේ විශේෂ බස් රථ දෙකක් බදුල්ල - කොළඹ "ලක්සිරි" සේවය වෙනුවෙන් විශේෂයෙන්ම ආනයනය කර ඇත. අනෙක් බසය වන්නේ 60ශ්‍රී5411 බස් රථයයි. ඩිපෝව මගින් රුබී සමාගමට ලබාදුන් අවශ්‍යතා අනුව මෙම විශේෂ බස් රථ ද්විත්වය නිමවා එවා ඇත. මෙම බස් රථ 2 x 3 ආසන සැකැස්මට සකසා ඇති අතර ඉදිරිපස තනි දොරටුවකින් යුක්තව තිබී ඇත. උස් ඇන්ද සහිත ආසන 52කින් සමන්විතව තිබී ඇති රථයේ සෑම ආසන දෙකක් අතරම විදුලි පංකා සවි කර තිබී ඇත. කම්පන උරා ගැනීමට සමත් දැවමුවා පොළවක් රථය සතුව තිබී ඇති අතර රථයේ ජනේල තිර රෙදි මෙන්ම ලක්සිරි වර්ණ රටාවද ඉන්දියාවෙන්ම නිමවා එවා ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ 1988 වසරේ ශ්‍රීලංගම ට 30 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නිකුත් කරන ලද සාක්කු දින දර්ශණයකිනි. ඡයාරූපය සහ වටිනා තොරතුරු සමූහය වෙනුවෙන් කවිස්සර සංජීව මහතාට විශේෂ ස්තූතිය.

Tuesday, July 10, 2018

SRILANGAMA bodied TAM bus from SRILANGAMA Galle depot

This photo was taken in 1990 in Galle, Southern, LK.
Click for the full size picture.
SRILANGAMA (Sri Lanka Transport Board) Galle depot, SRILANGAMA bodied TAM (Tovarna avtomobilov Maribor, a chassis manufactured in Slovenia) bus (GL 32 / 60ශ්‍රී5590) at Galle in 1990. Allocated for a services on a local route from Galle to Balagoda under the route number 505.  This photo was taken by Mr. Andy Izatt. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide.) -- ශ්‍රීලංගම (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රීලංගම බඳ සහිත ටෑම් වර්ගයේ බස් රථයක් 1990 වසරේ ගාල්ලේ දී. 1988 වසරේ ස්ලෝවේනියාවෙන් ගෙන්වන ලද තට්ටුවක් මත ශ්‍රීලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 505 යටතේ ගාල්ල සහ බලගොඩ අතර (පෝද්දල හරහා) ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Andy Izatt. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Saturday, June 9, 2018

AEC Routemaster double decker buses

AEC Routemaster බස් රථ මෙරටට ලබාදීමට පෙර, මෙරටට ඒවායේ යෝග්‍යතාවය පරීක්‍ෂා කිරීම සඳහා මුලින් එවූ RL 155 / 60ශ්‍රී2542 දරන බස් රථය 1991 වසරේ රත්මලාන ඩිපෝ අංගනයේ දී.  මේ වන විට මෙම බස් රථය ධාවනය නොවන අතර නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය මධ්‍යයේ අලංකරණය පිණිස ගාල් කර ඇත.
50 of ex London Transport, AEC  Routemaster double decker buses donated by the United Kingdom in 1989. Buses are attached to the Ratmalana, Negombo and Yatinuwara depots under the SRILANGAMA. -- 1989 වසරේ ජනවාරි මස බ්‍රිතාන්‍ය ආධාර ලෙස මෙරටට ලැබී ඇති මෙම AEC  (ඒ.ඊ.සී. /Associated Equipment Company) Routemaster (රූට්මාස්ටර්) වර්ගයේ දෙමහල් බස් රථ එදා මෙදා තුර ලංගම රථ ඇණියේ ආකර්ශනයක් දිනා ගත් තවත් බස් රථ වර්ගයකි. ඒ යටතේ ශ්‍රීලංගම ට ලැබුණු මුළු බස් ගණන 50කි. ඊට අමතරව එම බස් රථ මෙරටට ලබා දීමට පෙර ඒවායේ යෝග්‍යතාව පරීක්‍ෂා කිරීම සඳහා මුලින් 1 බස් රථයක් මෙරටට එවා ඇත. ඉහත ඡායාරූපයෙ දැක්වෙන එයට 60ශ්‍රී2542 දරණ ලියාපදිංචි අංකය ලැබී ඇති අතර එය රත්මලාන ඩිපෝවට අනියුක්ත කර ඇත. එහි පරීක්‍ෂණ ධාවනය සාර්ථක වූ තැන මෙම වර්ගයේ බස් රථ 50 ක් ලබා දී ඇත. ඒවාට 60ශ්‍රී66XX කාණ්ඩයේ ලියාපදිංචි අංක ලැබී ඇත.

AEC Routemaster රථ ශ්‍රී ලංගමට ලැබීමට සමගාමීව ඒවා ඩිපෝවන් 3ක් වෙත අනියුක්ත කර ඇති අතර එම ඩිපෝවන් වන්නේ රත්මලාන, මීගමුව සහ යටිනුවරයි. කෙසේ වූවද ධාවනය අවශ්‍යතා මත පසුකාලීනව ඒවා තවත් ඩිපෝවන් අතර හුවමාරු වී ඇත.
AEC Routemaster බස් රථ උත්සවාකාරයෙන් බෙදා දීම. 1989 ජනවාරි කොළඹ ගාලු මුවදොර පිටිය අසල.

Monday, February 12, 2018

SLTB supply division - Divulapitiya depot

This photo was taken on January 20, 2017 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot TATA 1210 supply division lorry (60ශ්‍රී3605) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී3605 වේ. ලං.ම.ග.ම. මැනුම් වලට අනුව ඉන්දියාවේ දී බඳ එකලස් කල බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

Thursday, August 31, 2017

SLTB Breakdown Service (Teldeniya depot)

This photo was taken on August 29, 2017 in Narahenpita, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot TATA 1210 breakdown service vehicle (TD 02 / 60ශ්‍රී6339) near the SLTB head-office, Narahenpita. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ කාර්මික සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය අසල දී. ශ්‍රී ලං.ම.ග.ම. මැනුම් අනුව රුබී සමාගම මගින් බඳ සැකසූ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Thursday, August 17, 2017

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Polonnaruwa depot

This photo was taken on March 25, 2016 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Polonnaruwa depot, Kitamura bodied ISUZU ELR 500 bus (60ශ්‍රී6950) at Kaduruwela. Playing on a local route to Hingurakgoda via Minneriya and Girithale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් කදුරුවෙල දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිතය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මින්නේරිය, ගිරිතලේ හරහා හිඟුරක්ගොඩ හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූවකි.

රථය ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Builder's plate of the bus -- නිෂ්පාදක විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 6, 2017

Re-bodied TATA 1210 E bus from SLTB Nawalapitiya depot

This photos was taken on December 12, 2013 in Nawalapitiya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Re-bodied TATA 1210 E bus (NW 01 / 60ශ්‍රී3582) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ඉන්දියාවේ නිෂ්පාදිත රුබී රශී බඳක් සහිතව 1986 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය, පසු කාලීන අනතුරු අලුත්වැඩියාවකින් පසු මෙම ලංගම බඳ සහිතව ධාවනයට එක් කර ඇත. ලංගම වර්ග කිරීම් අනුව E කාණ්ඩයට අයත් බස් රථයකි.

Friday, December 9, 2016

TATA 1210 ALLWYN bodied bus from SLTB Kandy South Depot

This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA 1210 ALLWYN bodied bus (KS 80 / 60-6247) at Ratemulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර දකුණ ඩිපෝවට අයත් ටාටා 1210 බස් රථයක් රටේමුල්ල බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ ALLWYN සමාගම මගිනි. මෙම බස් 1980 දශකයේ අග භාගයේ ලංගම ට ලැබුණු රථ වේ. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත් විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU AUTO බස් වල මෙන්).

Side view -- පැති පෙනුම
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, September 17, 2016

Ruby bodied TATA LP 1210/32 bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella Ruby bodied TATA LP 1210/32 bus (MW 51 / 60ශ්‍රී3636) at the Mawanella bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, මාවනැල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කන්දේවත්ත බලා ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012 in Mawanella, sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 14, 2016

SLTB Breakdown Service (Hanguranketha Depot)

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot TATA 1210 breakdown service vehicle (60ශ්‍රී3702) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. පැරණි ටාටා 1210 ඉන්දියානු බඳක් බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Saturday, August 1, 2015

Park Royal bodied AEC Routemaster Double-decker bus from PTS Negombo depot

This photo was taken on March 1993 in Negombo, Western, LK.
Click on the image for full size picture.
PTS (Peoplized Transport Service / Now SLTB) Negombo depot Park Royal bodied AEC Routemaster Double-decker bus (60ශ්‍රී6626) at Negombo in March 1993. (Photo by: Sir Perry Como) -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. 1993 වසරේ මාර්තු මස ලබාගත් ඡායාරූපයකි. පසුකාලීනව මෙම බස් රථය කුරුණෑගල දකුණ ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. (ඡායාරූපය: Sir Perry Como)

Monday, July 27, 2015

SLTB Supply Division (Matale Depot)

Sri Lanka Transport Board (SLTB) Matale depot TATA 1210 Supply Division lorry (60ශ්‍රී3664) in Galle depot premises. (The image is copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතලේ ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ගාල්ල ඩිපෝ අංගනයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී3664 වේ. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)