Showing posts with label Y1998. Show all posts
Showing posts with label Y1998. Show all posts

Sunday, May 31, 2026

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana Depot Ashok Leyland Viking 193 bus (62-9201) at the Rambukkana Bus Stand. This Latec Kesco-bodied bus, built using Duple Metsec technology, was originally added to the fleet in 1998 and was first allocated to Homagama Depot under the former Colombo Metropolitan Bus Company during the period when the SLTB was divided into several regional bus companies. By the time this photograph was taken on 26 February 2015, the bus had been transferred to Rambukkana Depot and was operating on route 681 between Rambukkana and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ ලටෙක් කෙස්කෝ බඳ සහිත බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. 1998 වසරේ ධාවනයට එකතු වී ඇති මෙම බස් රථය එවකට කලම්බෝ මෙට්‍රොපොලිටන් බස් සමාගමේ හෝමාගම ඩිපෝව යටතේ ධාවනයට එකතු වී ඇත. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් තාක්‍ෂණය යටතේ යටතේ මෙරටදී බඳ නිමවා ධාවනයට එකතුකල බස් රථයකි. ඡායාරූපය ලබාගත් 2015 පෙබරවාරි 26 දින වන විට රඹුක්කන ඩිපෝව වෙත ලැබී ඇති බස් රථය, එම අවස්ථාවේ මාර්ග අංක 681 යටතේ කෑගල්ල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.     

Sunday, January 26, 2025

Wesco TATA LPO 1313/55 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Wesco TATA LPO 1313/55 bus (DP 02 / 62-8179) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1998. This photo was taken in January 2018 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1998 වසරේ එවකට ගම්පහ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගත් 2018 ජනවාරි මස වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Tuesday, February 21, 2023

Ruby bodied TATA LP 909/36 bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014, in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ruby bodied TATA LP 909/36 bus (NT 113 / 63-0827) at the depot Engineering section. The bus acquired to Gampaha bus company the fleet in 1998. This photo was taken in January 2014 while it was parked for repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ  බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2014 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියාව වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

Sunday, December 25, 2022

Wesco TATA LP 1210/52 bus from RBC Akuressa depot

This photo was taken in 2004 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ruhunu Bus Company (RBC) Akuressa depot Wesco bodied TATA LP 1210/52 bus (AK 02 / 62-7677) at Galle bus stand in 2004. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the RBC Akuressa fleet in 1998. Allocated for the services between Galle and Akuressa under the route number 60. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- රුහුණු බස් සමාගමේ (සී/ස රු.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වී ඇති වෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේදී ධාවනයට එක් කර ඇත. 2004 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 60 යටතේ ගාල්ල සිට අකුරැස්ස බලා ධාවනයට සූදානමින් තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Thursday, October 14, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Kilinochchi depot

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (KC 13 / 62-8335) in the depot premises. Acquired to the NRTB fleet in 1998. This photo was taken in September 2017 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චි ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්ව ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, January 12, 2021

Ruby bodied TATA LP 909/36 bus from GBC Gampaha depot

This photo was taken on November 06, 2000, in Yakkala, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC/ now SLTB) Gampaha depot, Ruby bodied TATA LP 909/36 bus (GM 137 / 63-0575) in the depot premises. Body built by Ruby coach builders in India and acquired to the GBC fleet in 1998. Allocated on a local route between Henegama and Gampaha. Photo by: Dilum Fernando -- ගම්පහ බස් සමාගමේ (ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1998 වසරේ දී එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. 2000 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හේනේගම හා ගම්පහ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: දිළුම් ප්‍රනාන්දු. 

Tuesday, January 5, 2021

Ruby bodied TATA LP 909/36 bus from SLTB Balangoda depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 909/36 bus (BG 52 / 62-9884) at the Galle face green. Body built by Ruby coach builders in India and acquired to the fleet in 1998. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1998 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින ධාවනයට එක් කර තිබේ.

Thursday, April 23, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Ja-Ela depot

This photo was taken on November 14, 2013 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Ruby bodied TATA LP 909/36 bus (63-0569) in the depot premises. Allocated for the services between Ja-Ela and Gampaha under the route number 201 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 201 යටතේ ජා-ඇල සහ ගම්පහ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, October 27, 2019

Ruby bodied TATA LP 909/36 staff bus from SLTB Southern (Ruhunu) regional office (SUR)

This photo was taken on December 18, 2018 in Ambalantota, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Southern (Ruhunu) regional office Ruby bodied TATA LP 909/36 staff bus (62-9575) in the Ambalantota depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දකුණු (රුහුණු) ප්‍රාදේශීය කාර්යාලයට අයත් රූබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් අම්බලන්තොට ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ ඉන්දියාවේ රූබී සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. මේ වන විට රථය රුහුණු ප්‍රාදේශිකයේ හදිසි ජංගම පරීක්‍ෂණ ඒකකය යටතේ පරිහරණය කෙරෙන අතර පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනේ.

Monday, September 2, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018 in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ruby bodied TATA LP 909/36 bus (63-0645) at Wariyagoda bus stop. Awaiting to leave for Weragoda under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් අලව්ව වාරියගොඩ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ වේරගොඩ බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

Saturday, August 24, 2019

Wesco TATA LPO 1313/55 semi luxury bus from CMBC Moratuwa depot

This photo was taken on April 20, 2000 in Colombo 06, Western, LK, using a KODAK DC280.
Click for the full size picture.
Colombo Metropolitan Bus company (CMBC / Now SLTB) Moratuwa depot, Wesco TATA LPO 1313/55 semi luxury (MR 88 / 62-7814) at Colombo 06 while playing to Galle under the route number 02. The image is copyright to the respective photographer -- ක. මෙ. බ. ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ වැල්ලවත්තේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 02 යටතේ කොළඹ සිට ගාල්ල බලා ධාවනයට යොදවා ඇති බව පෙනේ. ධාවනය අතරතුර සිදු වූ සුළු අනතුරක් හේතුවෙන් රථය අතර මැද නවතා පරීක්‍ෂාවකට ලක්වෙමින් ඇති බව පෙනේ . ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Tuesday, January 1, 2019

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (MY 64 / 62-8803) in the depot premises. Body built by Latec with Duple Metsec (UK). Recently received from SLTB Kesbewa depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ මම බස් රථ වල බඳ එකලස් කර ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක්ව ඇති රථය කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ කැස්බෑව ඩිපෝවට ලැබී ඇත. මෑතකාලීනව කැස්බෑව ඩිපෝව මගින් ධාවනයන් සීමාකර තිබියෙදී ධාවන අවශ්‍යතා මත මෙලෙස මහියංගණ ඩිපෝව වෙත ලබාගෙන අලුත්වැඩියා කොට ධාවනයට එක් කර ඇත.

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, July 2, 2015

Bharat bodied Ashok Leyland Viking 193 bus from SLTB Karainagar depot

This photo was taken on December 20, 2014, in Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Bharat bodied Ashok Leyland Viking 193 bus (63-0474) at the Jaffna central bus stand. Acquired to the NRTB fleet in 1998. Allocated for the services between Karainagar and Jaffna under the route number 786. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරයිනගර් ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ කාරයිනගර් ඩිපෝව හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 786 යටතේ කාරයිනගර් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මධුසංක.

Thursday, May 7, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014, in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Wesco TATA LPO 1313/55 bus (AB 33 / 62-7490) at the Ambalangoda bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the RBC fleet in 1998. Allocated for the services between Ambalangoda and Galle under the route number 388/1.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ නිමවා 1998 වසරේ, අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකි රථය ඡායාරූප ලබාගත් අවස්ථාවන් වල දී මාර්ග අංක 388/1 යටතේ අම්බලන්ගොඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා ඇත.

Rear view of the bus (near the Galle Fort)  -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ගාලු කොටුව අසල දී)
This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, April 5, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Ratmalana depot

This photo was taken on January 15, 2015, in Dematagoda, Western, LK, using a Canon IXUS 145.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Wesco TATA LPO 1313/55 bus (RL 31 / 62-7562) under the Dematagoda flyover bridge. Body built by Wesco with Duple Metsec UK and acquired to the CMBC fleet in 1998. Alloocated for the services between Dematagoda and Mount Lavinia under the route number 154. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් දෙමටගොඩ ගුවන් පාලම යට දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ නිමවා 1998 වසරේ ධාවනයට එක් කර ඇති බස් රථය මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වී ඇත. වර්තමානයේ කෙටි දුර සාමාන්‍ය සේවා යටතේ ධාවනයේ දැක ගත හැකිය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ හා ගල්කිස්ස අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Friday, March 20, 2015

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Gampaha depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Wesco TATA LPO 1313/55 modified bus (GM 01 / 62-7299) at Kararagama. Body built by Wesco with Dupel Metsec UK and acquired GBC fleet in 1998. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. වෙස්කෝ සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් කල බස් රථයකි. පසු කාලීනව විවිධ හේතුන් මත ධාවනයන් සීමා කර තිබී ඇති රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දෙසැම්බර් මස ගම්පහ ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර ධාවනයට සපයා තිබේ. අළුත්වැඩියා වේ දී රථයේ මුහුණත මුල් පෙනුම මෙන්ම පැති ජනේල ද වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture

Sunday, March 8, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Nawalapitiya depot

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Wesco TATA LPO 1313/55 bus (NW 42 / 62-7305) near the Nawalapitiya bus stand. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the NEBC fleet in 1998. Allocated for the services between Nawalapitiya and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් නාවලපිටිය බස් නැවතුම්පොළ අසල දී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට නුවරඑළිය බස් සමාගම යටතේ ධාවනයට එක් කල බස් රථයකි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වී ඇති මෙම බස් රථය ඡායාරූපය ලබාගන්නා අවසථාවේ සාමාන්‍ය සේවා යටතේ නාවලපිටිය හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. (මුල් ආසන වෙනස් වී ඇත)
This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, February 10, 2015

Wesco TATA LP 1210/52 bus from SLTB Wennappuwa depot

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot, Wesco TATA LP 1210/52 bus (WP 29 / 62-7121) bus at the Nattandiya bus stand. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the WBC fleet in 1998. Allocated for the services between Nattandiya and Marawila. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙන්නප්පුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් නාත්තන්ඩිය බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාරවිල හා නාත්තන්ඩිය අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 8, 2015

Wesco ISUZU MT112 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 23, 2012 in Polonnaruwa, North Central, LK, using a Samsung PL210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Wesco ISUZU MT112 bus (PL 49 / 62-9394) at Polonnaruwa. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1998. Allocated for the services on a local route between Kalahagala and Kaduruwela. Photo by: Rajitha Perera. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් පොළොන්නරුවේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට රජරට බස් සමාගම යටතේ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙලෙස සාමන්‍ය ගාස්තු යටතේ කලහගල හා කදුරුවෙල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

Wednesday, January 14, 2015

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Negombo depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco TATA LPO 1313/55 modified bus (NB 31 / 62-7126) at Kataragama. Body built by Werahera Engineering Services Corporation (Wesco) with Duple Metsec (UK) and acquired to the GBC fleet in 1998. Rehabilitated and modified by the Negombo depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග. ම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. 1998 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර කර තිබී ඇති මෙම බස් රථය, මීගමුව ඩිපෝ සේවක පිරිස විසින් නැවත මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ, හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර (2014) සැමරීම පිණිසයි. අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමට යම් යම් වෙනස් කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මෙම බස් රථය ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින්.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a  Canon IXUS 210.
Click for the full size picture.