Showing posts with label GBC. Show all posts
Showing posts with label GBC. Show all posts

Tuesday, January 12, 2021

Ruby bodied TATA LP 909/36 bus from GBC Gampaha depot

This photo was taken on November 06, 2000, in Yakkala, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC/ now SLTB) Gampaha depot, Ruby bodied TATA LP 909/36 bus (GM 137 / 63-0575) in the depot premises. Body built by Ruby coach builders in India and acquired to the GBC fleet in 1998. Allocated on a local route between Henegama and Gampaha. Photo by: Dilum Fernando -- ගම්පහ බස් සමාගමේ (ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1998 වසරේ දී එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. 2000 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හේනේගම හා ගම්පහ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: දිළුම් ප්‍රනාන්දු. 

Sunday, August 2, 2020

Latec Kesco bodied TATA LP 1210/52 bus from GBC Kirindiwela depot

This photo was taken in 1998, in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC) Kirindiwela depot Latec Kesco bodied TATA LP 1210/52 bus (KD 52 / 61-6889) at Kirindiwela. Body built by Latec Kesco with Duple Metsec (UK) and acquired to the PTS Kirindiwela fleet in 1993. Allocated for the services between Hanwella and Kirindiwela under the route number 182. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- ගම්පහ බස් සමාගමේ (සී/ස ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වී ඇති ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කිරිඳිවැල දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 1998 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 182 යටතේ කිරිඳිවැල සිට හංවැල්ල බලා ධාවනයට සූදානමින්. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Sunday, July 19, 2020

Colombo Rider Ashok Leyland Viking 193 bus from G. B. C. Welisara depot

This photo was taken on November 06, 2000, in Ragama, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC / Now Sri Lanka Transport Board) Welisara depot, Colombo Rider Ashok Leyland Viking 193 (GA-6390) in the depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the GBC fleet in 2000. Allocated for the services between Bopitiya and Colombo under route number 275. Photo by: Dilum Fernando. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. /වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ) වැලිසර ඩිපෝව යටතේ ධාවනය වූ කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් 2000 වසරේදී ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේදී ගම්පහ බස් සමාගමේ වැලිසර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 275 යටතේ බෝපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: දිළුම් ප්‍රනාන්දු.

Saturday, July 28, 2018

Latec TATA LP 1510/52 bus from GBC Divulapitiya depot

This photo was taken in 2001 in Divulapitiya, Western, LK.
Click for the full size picture.
Gampaha bus company (GBC), Divulapitiya depot, Latec TATA LP 1510/52 bus (DP 89 / GA-6884) in the depot premises. This photo is copyrighted to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථයේ බඳ එකලස් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, November 14, 2017

Wesco TATA LP 1210/52 bus from GBC Nittambuwa depot

This photo was taken in 1997 in Nittambuwa, Western, LK.
Click for the full size picture.
GBC (Gampaha Bus Company. Now Sri Lanka Transport Board) Nittambuwa depot, Wesco TATA LP 1210/52 bus (NT 99 / 62-3714) at the Nittambuwa bus stand with the route 180 Nittambuwa, Colombo. This photo is copyright to the respective photographer -- ග. බ. ස. (ගම්පහ බස් සමාගම. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් 1997 වසරේ නිට්ටඹුව බස් නැවතුමේ දී.  රථය මාර්ග අංක 180 ඔස්සේ නිට්ටඹුව හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.  ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, October 14, 2017

Wesco ISUZU MT111 L semi luxury bus from GBC Ja-Ela depot

This photo was taken in 1997 in Ja-Ela, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company Ltd.  (GBC / Now SLTB) Ja-Ela depot, Wesco ISUZU MT111 semi luxury bus (JL 106 / 62-4470) playing on the Ja-Ela - Moratuwa semi luxury service. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. / වත්මන් ශ්‍රී ලං. ග. ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 111 වර්ගයේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ජා-ඇල හා මොරටුව අතර ධාවනය වන අවස්ථාවකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථ අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. මනා ඉඩප්‍රස්ථාවෙන් යුතු පළල් හා සුව පහසු ආසන, ආසන අතර මනා ඉඩ, කම්පන උරා ගන්නා ලී හා රබර් මිශ්‍ර තට්ටුව හා ගැස්සීම් අවම කරන මනා දුනු පද්ධතිය "අර්ධ සුඛෝපභෝගී" යන වදනට මනා සාධාරණයක් ඉටු කල බව එකල මෙම බස් රථ වලින් ගමන් පහසුව සලසාගත් මගී ජනතාව සාක්ෂි දරයි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Sunday, September 24, 2017

Ruby bodied TATA 909 bus from GBC Negombo depot

This photo was taken on 2001 in Negombo, Western, LK.
Click for the full size picture.
Gampaha bus company (GBC), Negombo depot, Ruby bodied TATA LP 909/36 bus (NB 103 / 63-0610) playing on a locale route in 2001. -- ගම්පහ බස් සමාගමේ (ග.බ.ස) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන රූබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් 2001 වසරේ මීගමුවේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කොච්චිකඩේ හා මීගමුව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 1998 වසරේ දී, ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය වෙනුවෙන් එවකට පිහිටුවා තිබුණු පොකුරු බස් සමාගම් වෙනුවෙන්, ඉන්දියාවෙන් මෙම බස් රථ ආනයනය කර ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Friday, February 17, 2017

Classic SLCTB bodied TATA LPO 1210/55 from GBC Negombo depot

This photo was taken in 1998 in Negombo, Western, LK.
Click for the full size picture.
G.B.C. (Gampaha Bus Company, Now S.L.T.B.) Negombo depot, TATA LPO 1210/55 SLCTB bodied bus (23ශ්‍රී9993) at Negombo in 1998. (The photo is copyright to the respective photographer)  -- ග.බ.ස. (ගම්පහ බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ TATA LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1998 වසරෙදී මීගමුවේ දී. 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)