Showing posts with label MT112. Show all posts
Showing posts with label MT112. Show all posts

Thursday, February 11, 2016

Wesco ISUZU MT112 bus from SLTB Kataragama depot

This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Wesco ISUZU MT112 bus KTG 74 / 63-3111) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ අංශයේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තනිදොරක් සහිතව දැක ගත හැක.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Tuesday, July 14, 2015

Wesco ISUZU MT 112 L Luxury bus from K B C Panadura depot

This photo was taken in 2003 in Panadura, Western, LK.
Click for the full-size picture.
Kalutara Bus Company (KLBC / Now SLTB) Panadura depot, Wesco ISUZU MT112 L luxury bus (PN 161 / 63-1348) at the Panadura bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1999. Allocated for the luxury services between Panadura and Colombo under route number 100. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- කළුතර බස් සමාගමේ (ක. බ. ස / වත්මන් ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ඉසුසූ MT 112 වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් 2003 වසරේ පානදුර බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1999 වසරේ කළුතර බස් සමාගම යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පානදුර හා කොළඹ අතර සුඛෝපබෝගී සේවා වෙනුවෙන් යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Sunday, February 8, 2015

Wesco ISUZU MT112 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 23, 2012 in Polonnaruwa, North Central, LK, using a Samsung PL210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Wesco ISUZU MT112 bus (PL 49 / 62-9394) at Polonnaruwa. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1998. Allocated for the services on a local route between Kalahagala and Kaduruwela. Photo by: Rajitha Perera. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් පොළොන්නරුවේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට රජරට බස් සමාගම යටතේ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙලෙස සාමන්‍ය ගාස්තු යටතේ කලහගල හා කදුරුවෙල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

Friday, May 30, 2014

Wesco ISUZU MT112 bus from SLTB Chilaw depot

This photo was taken on May 13, 2014 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Wesco ISUZU MT112 bus (CL 29 / 63-0381) at Madampe. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. Photo by Bhanuka Pahan -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් මාදම්පේ දී. 1998 වසරේ දී වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය වී ඇත. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා මෙලෙස යෙදවී ඇත. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා තිබුණද මෙම බස් රථය තවමත් තනි දොරක් සහිතව ධාවනය වේ. ඡායාරූපය භානුක පහන්

Sunday, May 25, 2014

Wesco ISUZU MT112 Luxury bus from CMBC Mattakkuliya depot

This photo was taken in 1997 in Mattakkuliya, Western, LK.
Click for the full size picture.
Colombo Metropolitan Bus company (CMBC / Now SLTB) Mattakkuliya depot, Wesco ISUZU MT112 luxury bus (MK 132 / 62-5642) in the depot premises with the launching ceremony in 1997. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer -- කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් සමාගමේ (ක. මේ. බ. ක. / වත්මන් ශ්‍රී ලං. ග. ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 112 වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී සිය මංගල ගමනට සූදානම්ව. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT112 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසා 1997 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථය වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනයට එක් වී ඇත. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවූ බව සැලයි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, March 9, 2014

Wesco ISUZU MT112 bus from SLTB Kandy South depot

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Wesco ISUZU MT112 bus (KS 53 / 62-8067) at Dodamwala. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. Photo by Chanaka Ratnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් දොඩම්වල දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. මෙම බස් රථයේ බඳ අලුත්වැඩියාවක් පසුකාලීනව, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළ මගින් ද සිදු කර ඇත. කෙසේ වෙතත් මෙම බස් රථය වර්තමානයේ ධාවනයේ නොමැත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප  චානක රත්නායක

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.

Sunday, February 2, 2014

Wesco ISUZU MT 112 bus from SLTB Mattakkuliya depot

This photo was taken on January 01, 2014 in Mount Lavinia, Western, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Wesco ISUZU MT 112 bus (MK 05 / 62-9029) at Mount Lavinia. Allocated for the services between Mount Lavinia and Mattakkuliya under the route number 155. Photo by Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ඉසුසූ MT 112 වර්ගයේ බස් රථයක් ගල්කිස්සේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ MT 112 තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) එක්ව බඳ සකසා මෙම බස් රථය 1999 වසරේ මෙරටදී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 155 යටතේ ගල්කිස්ස හා මට්ටක්කුලිය අතර ධාවනය යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක

Wednesday, January 1, 2014

Wesco ISUZU MT 112 modified bus from SLTB Kirindiwela depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Wesco ISUZU MT 112 modified bus (KD12 / 63-3050) at Kararagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් කතරගම දී. 1999 වසරේ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිමවා ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී මෙලෙස ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. මෙම රථයේ ඇති විශේෂත්වයක් නම් මෙහි වායු සමන පද්දතියදට යලි පණ දිය හැකි අයුරින් නිමවා තිබීමයි. ස්වංක්‍රීය විදුලි සීනු වැනි තවත් අමතර උපාංග රැසක් ද රථය සතුය. රථයේ බාහිර පෙනුම බොහෝ සෙයින් මුල් පෙනුමෙන් වෙනස් වී තිබෙන බව නිරීක්‍ෂණය වන අතරම ධාවනයෙන් ඉවත් කල Hino HT වර්ගයේ සුනාමි බස් රථ වල කොටස් උපයෝගී කර ගනිමින් අලුත්වැඩියා කර ඇති බවද නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝසේවක මහත්වරුන්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
රථය, කතරගම කිරිවෙහෙර අසල පහන් පූජා පිංකම අවස්ථාවේ දී.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 10, 2013

Wesco ISUZU MT112 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Wesco ISUZU MT112 bus (PL 144 / 62-8057) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1998 වසරේ වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝවන් මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තවමත් තනිදොරක් සහිතව ධාවනය වන බව නිරීක්ෂණය වේ.
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 9, 2013

Wesco ISUZU MT112 bus from SLTB Gampaha depot

This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot Wesco ISUZU MT112 bus (GM 06 / 63-0214) at the Gampaha bus Stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT112 වර්ගයේ බස් රථයක් ගම්පහ බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තනිදොරක් සහිතව දැක ගත හැක.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත (වායුසමන උපාංග සහ වහලය මැද ආපදා දොරටු තවමත් දැකගත හැක)
This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, December 16, 2012

Wesco ISUZU MT 112 bus from SLTB Moratuwa depot

This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Wesco ISUZU MT112 bus (62-6584) at Mount Lavnia bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් ගල්කිස්ස බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. පසුකාලීනව ජනපති පදවිපප්තිය වෙනුවෙන් අලුත්වැඩියා කර ඇති මෙම බස් රථයේ පසුපස මගී දොරටුව ඩිපෝව මගින් සකසන ලද්දකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ ගල්කිස්ස හා කොට්ටාව අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, April 20, 2012

Wesco ISUZU MT112 bus from SLTB Thalangama depot

This photo was taken on April 9, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210
click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thanangama depot Wesco Isuzu MT112 bus (TL 135 / 62-6798) at Koswatta, Battaramulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් 'Wesco ISUZU MT112' වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තෙදී. මුල් කාලීනව සුඛෝපබෝගී බස් රථ ලෙස ධාවනයට එක්වූ මෙම බස් රථ, පසුකාලීනව මෙලෙස කෙටිදුර සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි.