Showing posts with label primalM. Show all posts
Showing posts with label primalM. Show all posts

Sunday, November 26, 2023

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kandy North depot

This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North Mercedes-Benz OP 312 bus (22ශ්‍රී4749) in the depot Premises. Body built by Voll, Switzerland. Acquired in 1958 in CTB service. Currently using as the depot Staff bus. Photos by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව කුරුණෑගල ප්‍රදේශීය වැඩපොළ වෙත යවා තිබුණු බස් රථය එහි ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2022 වසරේ මෙලෙස මහනුරව උතුර ඩිපෝව මගින් පවරාගෙන පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ඩිපෝවේ සහකාර කළමනාකාර, ඉංජිනේරු ඉන්දික මහතා ඇතුළු ඩිපෝ සේවක පිරිසට විශේෂ ස්තූතිය. වර්තමානයේ ඩිපෝවේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ. ඡායාරූප: ප්‍රිමාල් මදුසංක.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.

Saturday, July 15, 2023

SLTB supply division - Kegalle depot

This photo was taken on July 01, 2023, in Kadawatha, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Mercedes-Benz LP 322/36 supply service vehicle (22ශ්‍රී9991) at Kadawatha. Ex Nuwaraeliya depot, CTB bodied bus converted as the supply service vehicle. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත්, මර්සිඩීස් බෙන්ස් LP 322/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් කඩවත දී. නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනයට එක්වූ ලං.ග.ම. බඳ සැකසු පැරණි බස් රථයක්, සම්පාදන සේවා ලෙස පරිවර්ථනය කර තිබේ.   ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Sunday, October 30, 2022

Jay bodied TATA LP 1210/52 bus from SLTB Kandy South depot

This photo was taken on 14 October 2022 in Kandy, Central LK using a Canon PowerShot SX620 HS
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB)  Kandy South depot, Jay bodied Tata LP 1210/52 bus (61-5053) in the depot premises. The bus, which was launched in 1992 under the then PTS Kalutara (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Jay coach builders. Later, this bus has been used as a staff transport bus at Ekala Lakdiwa workshop and has been given to Kandy South depot in 2022 based on passenger service requirements. At the time of taking the photograph in October 2022, the bus was ready to run from Kandy to Pilimathalawa. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ජායි බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ එවකට කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වී ඇති මෙම බස් රථය 2022 වසරේ මෙලෙස සේවා අවශ්‍යතා මත ශ්‍රී ලංගම මහනුවර දකුණ ඩිපෝව වෙත පවරා දී ඇත. 2022 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර සිට පිළිමතලාව බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක. 

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1210/52
Coach Builder :- Jay Coach Builders Ltd in India
Engine :- NA 692 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Normal
Year of Manufacturing :- 1992
SLTB type :- B
Received from:- SLTB Kalutara depot / Ekala Lakdiwa workshop 
Status :- In service

 Information as at 30.10.2022

Thursday, March 25, 2021

Modified Ashok Leyland comet Minor open-top bus from SLTB Badulla depot

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, modified Ashok Leyland comet Minor open-top bus (GE-3869) in the depot premises. This vehicle operating under the Kalutara depot of the Kalutara Bus Company in 2000 was later taken away by the SLTB Badulla depot in 2019 and repaired and modified as a special tour bus in March 2021. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. 2000 වසරේ එවකට කළුතර බස් සමාගමේ කළුතර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයන් සීමාකර තිබියෙදී 2019 වසරේ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව විසින් රැගෙනවිත් මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස අලුත්වැඩියා කර 2021 වසරේ මාර්තු මස මෙලෙස ධාවනයට එක් කර ඇත. ඉදිරියේ දී ඇල්ල ඇතුළු සංචාරක කළාප ඉලක්ක කර විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඩිපෝ ආරංචිමාර්ග පවසයි.

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
රථයේ ඇතුලත -- Intirior of the bus
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Tuesday, July 21, 2020

SLTB breakdown service - Dehiattakandiya depot

This photo was taken on June 20, 2020, in Muththettugala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1579) at Muttettugala. Ruby bodied bus converted as the breakdown service vehicle. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මුත්තෙට්ටුගල දී. 1980 වසරේදී බදුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රුබී බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Tuesday, January 28, 2020

King Long XMQ6127CY luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on July 02, 2019 in Colombo, Western, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, King Long XMQ6127CY luxury bus (ND-8523) at the Colombo central bus stand. Awaiting to leave for the depot for the first time. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝවට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. 2019 වසරේ ජුනි මස ඩිපෝව මගින් සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගත් බස් රථයකි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 9ක් ම.බ.කා., මහරගම, පොලොන්නරුව, අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය, මාවනැල්ල හා මාතලේ යන ඩිපෝවන් මගින් මිලදී ගන්නා ලදී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිය මංගල ගමන ඩිපෝව බලා පිටත් වීමට සූදානමින්.

Tuesday, July 30, 2019

Ashok Leyland Viking Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on June 17, 2019 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ashok Leyland Viking Hinopower bus (TL 82 / NA-5291) near the Bambalapitiya railway station. Allocated with the Bambalapitiya 190 Godagama evening office turn. Photo by Primal Madushanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපව්ර් වර්ගයේ බස් රථයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල දී. 2007 වසරේ ධාවනයට එක්වූ බස් රථයකි. බම්බලපිටිය 190 ගොඩගම පස්වරු (පැය 17.00) කාර්යාල සේවාව යටතේ ධාවනයට යෙදවූ අවස්ථාවකි. මෙම ලිපිය ඉදිරිපත් කරන මා ද ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය තුල සිටීම විශේෂය. ඡායාරූපය ප්‍රීමාල් මධුසංක.

Tuesday, May 14, 2019

Ruby bodied TATA LP 1510/36 bus from UBCO Kappetipola depot

This photo was taken on May 12, 2003 in Ambagasdowa, Uva, LK using a Vivitar 35mm 440PZ.
Click for the full size picture.
Uva Bus Company Ltd. (UBCO / Now SLTB) Kappetipola depot, Ruby bodied TATA LP 1510/36 bus (GE-9828) playing on the Udapussallawa Welimada route in May 2003. Photo by: Primal Madusanka --  ඌ. බ. ස. (ඌව බස් සමාගම, වත්මන් ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/36 වර්ගයේ බස් රථයක් 2003 වසරේ මාර්ග අංක 137 යටතේ උඩපුස්සැල්ලාව වැලිමඩ මාර්ගයේ ධාවනය වන අවස්ථාවකි. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථය මුල් කාලීනව උඩපුස්සැල්ලාව හා වැලිමඩ අතර ධාවනය වී ඇති අතර 2006 - 2015 කාලසීමාවේ දී පමණ මස්පන්න හා වැලිමඩ අතර ධාවනය වී ඇති බව සැලයි. මේ දක්වා ධාවනයේ පවතින රථය මේ වන විට ලද්දුම හා වැලිමඩ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක

Friday, September 7, 2018

Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Badulla depot

This photo was taken on February 12, 2017 in Badulla, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Brij bodied Ashok Leyland Comet Minor bus (BD 34 / GD-9932) at the Badulla bus stand. Awaiting to leave for Kandegedara on a local route. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථය පසුකාලීනව ජා-ඇල ඩිපෝව මගින් ධාවනය සීමා කර තිබියෙදී බදුල්ල ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කොට තිබිණි. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක

2018 වසරේ අගෝස්තු මස 27 වන දින අළුගොල්ලේදී වෙනත් රථයකට මාර්ගයේ ඉඩ දීමට ගිය අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාම නිසා රථයට දැඩි හානි සිදුවී ඇති අතර එම අනතුරෙන් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරින් පසුව සිදු කරන ලද ඉංජිනේරු ඇස්තමේන්තුවේ දී, රථයේ තට්ටුවට සිදු වී ඇති දැඩි හානි සලකා රථය ධාවනයෙන් ඉවත් කිරීමට නිර්දේශ වී ඇති අතර රථයේ එන්ජිම ඇතුළු අමතර කොටස් යොදාගෙන වෙනත් බස් රථයක් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීමට ඩිපෝව අපේක්ෂාවෙන් සිටී.

Friday, June 1, 2018

SLTB breakdown service - Anuradhapura depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1394) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Wednesday, January 24, 2018

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on October 05, 2017 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-1375) at the Colombo central bus stand with a new paint work. It's awaiting the turn  to leave for Katunayake via the Katunayake Expressway [E 03]. (Photo by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. බස් රථය නව පින්තාරුවකින් පසු මෙලෙස ධාවනයට එක්ව ඇත. 2011 වසරේ අධිවේගී මාර්ග විවෘත්ත කිරීමට සමගාමීව ධාවනයට එක්වූ මුල්ම බස් රථ දිත්වයෙන් එකකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනාකයක බලා ධාවනය වීමට සූදානමින්. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Thursday, August 31, 2017

SLTB Breakdown Service (Teldeniya depot)

This photo was taken on August 29, 2017 in Narahenpita, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot TATA 1210 breakdown service vehicle (TD 02 / 60ශ්‍රී6339) near the SLTB head-office, Narahenpita. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ කාර්මික සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය අසල දී. ශ්‍රී ලං.ම.ග.ම. මැනුම් අනුව රුබී සමාගම මගින් බඳ සැකසූ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Thursday, August 17, 2017

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Polonnaruwa depot

This photo was taken on March 25, 2016 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Polonnaruwa depot, Kitamura bodied ISUZU ELR 500 bus (60ශ්‍රී6950) at Kaduruwela. Playing on a local route to Hingurakgoda via Minneriya and Girithale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් කදුරුවෙල දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිතය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මින්නේරිය, ගිරිතලේ හරහා හිඟුරක්ගොඩ හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූවකි.

රථය ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Builder's plate of the bus -- නිෂ්පාදක විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 2, 2017

TVS bodied Ashok Leyland Viking bus from SLTB Matale depot

This photo was taken on April 01, 2017 in Matale, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (ML 15 / 63-3489) at Matale. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාතලේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ පෙබරවාරි මස එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. රථය නාඋල හරහා දඹගොල්ල බලා ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Thursday, June 1, 2017

Ruby bodied Classic TATA 1210 C bus from SLTB Bandarawela depot

This photo was taken on July 25, 2016 in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bandarawela depot TATA LP 1210 / 42  Ruby bodied bus (BW 06 / 29ශ්‍රී4066) at Bandarawela bus stand. body built in India by Ruby, according to the SLCTB design. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා TATA LP 1210 / 42 රුබී බඳ සහිත බස් රථයක්, බණ්ඩාරවෙල බස් නැවතුමේ දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම රථ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව නිමවා ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පල්ලෙවෙල බලා ධාවනය වීමට සූදානමින්.

Monday, May 29, 2017

Ruby bodied TATA 1313 bus from SLTB Hatton depot

This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LPO 1313 / 37 bus (HT 02 / 61-1309) at Ginigathhena bus stand. Acquired in 1991 in PTS service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  LPO 1313 / 37 රුබී බඳ සහිත බස් රථයක් ගිනිගත්හේන බස් නැවතුමේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකවී ඇති මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී සමාගම මගිනි. මෙම වර්ගයේ බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ලංගම රථ ඇණිය සතුව පැවතී ඇති අතර ඒවායින්ද බොහොමයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබේ.  රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගිනිගත්හේන හා කලවැල්දෙණිය අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇත)
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Thursday, April 27, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Alawwa depot

This photo was taken on February 04, 2017 in Colombo 14, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, 54 seater Ashok Leyland Viking Tubro bus (AW 53 / NB-9734) at Jethawana Road, Colombo 14. Playing on the route no 06 Kurunegala - Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ 14 ජේතවන පාරේ දී. රථය මාර්ග අංක 06 යටතේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Friday, March 24, 2017

Modified Wesco TATA 1313 bus from SLTB Bandarawela depot

This photo was taken on July 25, 2016 in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot Wesco TATA 1313 modified bus (BW 30 / 62-5133) at Bndarawela town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලං.ග.ම. මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ ප්‍රධාන වීදුරු ඇතුළු මුහුණත මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබී ඇත.

Friday, February 24, 2017

Ruby bodied TATA 909 bus from SLTB Avissawella depot

This photo was taken on November 17, 2016 in Avissawella, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot TATA 909 Ruby bodied bus (AV 40 / 63-1199) in front of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ ශ්‍රී ලංගම ට ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. තම ධාවන වාරය වෙනුවෙන් සීතාවකපුර බස් නැවතුම වෙත පිටත්ව යන අවස්ථාවකි.

Sunday, February 12, 2017

Wesco ISUZU MT 111 L bus from SLTB Yatinuwara depot

This photo was taken on May 25, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Wesco ISUZU MT111L bus (YT 100 / 62-3684) in Kandy. Body built by Wesco with Duple Metsec. Playing on a local route to Pilimathalawa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ බස් රථයක් මහනුවර දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මහනුවර හා පිළිමතලාව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.