Thursday, February 28, 2013

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Elpitiya depot

This photo was taken on January 26, 2013, in Diyathalawa, Uva, LK, using an OLYMPUS VG120, D705.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Ashok Leyland Viking 210 Turbo bus (EP 4 / NB-3488) at Diyathalawa. Acquired to the depot fleet in 2012 under a special leasing scheme. This photo was taken in January 2013 while it was allocated for the services between Elpitiya and Badulla under route number 99/6. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් දියතලාවේ දී. 2012 වසරේ ධාවනයට එක්වී ඇති රථය උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. 2013 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 99/6 යටතේ ඇල්පිටිය හා බදුල්ල අතර ධාවනයට යොදවා ඇත.

Wednesday, February 27, 2013

SLTB supply division - Kalmunai depot

This photo was taken on February 20, 2013 in Udadumbara, Central, LK, using a Sony Ericsson J108.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot TATA LP 1210/36 supply division service vesicle (29ශ්‍රී1902) at Udadumbara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුනේ ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් උඩ දුම්බර දී. 29ශ්‍රී1902 දරණ රථය 1980 වසරේ ධාවනයට එක්වූ, ඉන්දියානු බඳ සහිත බස් රථයක් වේ.

This photo was taken on February 20, 2013 in Udadumbara, Central, LK, using a Sony Ericsson J108.
Click for the full size picture.

Monday, February 25, 2013

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Dehattkandiya sub depot

This photo was taken on December 31, 2012, in Buttala, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya sub depot Ashok Leyland Viking 210 Turbo bus (NB-3299) at the Buttala bus stand. Acquired to the depot in 2012 under a leasing scheme. This photo was taken in 2012 while it was allocated for the services between Dehattakandiya and Galle via Buttala and Beliatta under route Number. 27.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය උප ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් බුත්තල බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. 2012 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 27 යටතේ දෙහිඅත්තකණ්ඩිය හා ගාල්ල අතර (බුත්තල හා බෙලිඅත්ත හරහා) ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 24, 2013

Park Royal bodied AEC Routemaster Double-decker bus from SLTB Maharagama depot

This photo was taken on February 20, 2013, in Maharagama depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot ex London Transport Routemaster double-decker bus (MH 48 / 60ශ්‍රී6605) in the depot premises. Body built by Park Royal Vehicles. Acquired to the Srilangama fleet in 1988 as an aid by the United Kingdom. At the time of taking the photo in February 2013, the bus was parked in the engineering section of the depot for repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (ex London Transport) සේවය සපයා පසුව ආධාරයක් වශයෙන් 1988 වසරේ ශ්‍රීලංගම හා එක්වී ඇත.  ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 50 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථයක මගීන් 64 දෙනෙකුට ගමන් පහසුව සලසාගත හැක. 2013 වසරේ පෙබරවාරි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයට ගෙනැවිත් තිබුණු අතර ඉතා ඉක්මනින් ධාවනයට සැපයීමට නියමිත බව ඩිපෝ ඉංජිනේරුතුමන් අප සමඟ පැවසීය.

20 January 2021 update -- 2021 ජනවාරි 20 යාවත්කාලීනය
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Later, this bus was repaired and under the year-end repair project of 2020, it has been repaired and made operational. The photo was taken while it was parked near the Galle face green in Colombo under the year-end repair project. After the relevant repairs, the bus was used for temporary coverage of the Route No. 122.-- පසුකාලීනව මෙම බස් රථය අලුත්වැඩියා කර ධාවනයට සැපයූ අතර 2020 වසරේ දී වර්ෂ අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ද අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. 2020 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියාවෙන් පසු කොළඹ ගාළුමුවදොර පිටිය අසල ප්‍රදර්ශනය වෙනුවෙන් නවතා තිබුණි. අදාළ අළුත්වැඩියාවන්ගෙන් පසු බස් රථය මාර්ග අංක 122 යටතේ අවිස්සාවේල්ල හා මහරගම අතර තාවකාලික ගමන්වාර ආවරණය වෙනුවෙන් යොදවා තිබුණි.  

Thursday, February 21, 2013

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from SLTB Homagama depot

This photo was taken on June 11, 2012  in Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (HG 28 / NA-7046) in Colombo. Running under the route No.122 from Hatton to Colombo via Avissawella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට  අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයකි. ලංගමට ලැබුණු මුල්ම ටර්බෝ බස් කාණ්ඩය වන මෙම බස් රථ, රුබී සමාගම මගින් ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් කරන ලද බඳකින් යුක්ත විය. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ හැටන් සිට කොළඹ බලා ධාවනය විය.

Wednesday, February 20, 2013

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-1900) in the Maharagama depot premises. This bus Running under rout No. E01 Maharagama - Galle via Southern Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයකි. මෙම බස් රථය මාර්ග අංක E01 යටතේ ගාල්ල හා මහරගම අතර ධාවනය වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහාය.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම.
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
2017 ජුනි මස 24 දින සජීව යාවත්කාලීනය:
අද දින අධික වැසි මධ්‍යයේ ශ්‍රී ලංගම මහරගම ඩිපෝ පරිශ්‍රයට පිවිසි අප හට, ශ්‍රී ලංගම සුඛෝපබෝගී අධිවේගී සේවා පවුලේ පැරණිම සාමාජිකයෙකු වූ, ශ්‍රී ලංගම පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන මෙම NB-1900 දරණ Viking AC බස් රථය, නව මුහුණුවරකින් දක්නට ලැබීම සතුටට කරුණකි.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, February 19, 2013

Ruby bodied TATA 909 bus from SLTB Kelaniya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ruby bodied TATA 909 bus (63-0581) at Katharagama. This bus rehabilitated (2012) by the Kelaniya depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝවට අයත්, ටාටා 909 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් බඳ (body) සැකසූ මෙම බස් රථ එවකට ග්‍රාමීය සේවා වෙනුවෙන් පොකුරු බස් සමාගම් හා එක්වන්නේ 1998 වසරේ දීය. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කැලණිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2017 ඔක්තෝබර් මස 03 වන දින යාවත්කාලීනය

පසුකාලීනව බණ්ඩාරවෙල ඩිපෝවට ලබාදුන් මෙම බස් රථය බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වෙමින් තිබියෙදී 2017 ඔක්තෝබර් මස 01 වන දින උඩවිහාරය ප්‍රදේශයේ දී, රියදුරු මහත්මා ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක්විය. බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට එය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇත. කෙසේ වූවද තම ජීවිතය පරදුවට තබා රියදුරු මහත්මා විසින් බසය ගල් කුලක් වෙත හරවා, අඩි දහස් ගණනක ප්‍රපාතයකට රථය පෙරලීමෙන් සිදුවීමට ගිය විශාල ජීවිත හානි ගණනක් වළක්වාගෙන ඇති බව සැලයි. රියදුරු වෘත්තියේ වගකීම මැනවින් වටහාගෙන තම ජීවිතය පරදුවට තබා, මගී ජීවිත වෙනුවෙන් තම ජීවිතය කැප කල රියදුරු කීර්ති බණ්ඩාර මහතාට අපගේ උපහාරය! රියදුරු මහතා ඇතුළු අනතුරින් මිය ගිය තිදෙනාටම අමා මහ නිවනින් සැනසීම ලැබේවායි පතමු!
2017 ඔක්තෝබර් මස 01 වන දින මෙම බස් රථය අනතුරට ලක්වීමට දින කීපයකට පෙර, රථයේ රියදුරු කීර්ති බණ්ඩාර මහතා සමඟ මරංගහවෙල බලා ධාවනය වන ආකාරය හෙෂාන් ශානක මහතාගේ කැමරා කාචයේ සටහන්ව තිබුණු අයුරු

Friday, February 15, 2013

SRILANGAMA bodied TATA LP 1210E/42 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot classic SRILANGAMA bodied TATA LP 1210E/42 bus (KL 58 / 30ශ්‍රී8935) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා TATA LP 1210E/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1985 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි ප්‍රධාන ලාම්පු, පැති වීදුරු මෙන්ම පසුපස පෙනුමද පසුකාලීනව වෙනස් වී ඇත. නමුත් මෙම රථය විශේෂ වන්නේ ඡායාරූප ලබාගන්නා අවස්ථාව වන විටත් එහි පැරණි ෆයිබර්ග්ලාස් ආසන දැකගත හැකි වීම නිසයි. 

This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Fiberglass seats of the bus -- රථයේ පැරණි ෆයිබර්ග්ලාස් ආසන.
This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2017 දෙසැම්බර් 16 යාවත්කාලීනය: 
මේ වන විට මෙම බස් රථය පොදු සේවා යටතේ ධාවනය නොවන අතර සබරගමුව ප්‍රාදේශීය කාර්යාලය යටතේ සම්පාදක සේවා රථයක් ලෙස පරිහරණය වේ.

Thursday, February 14, 2013

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012  in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (KB 108 / NA-4178) playing on the route No 120 from Kesbewa to Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයට අයත් බස් රථයක් කැස්බෑවේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස රථයේ බඳ භාරත් කෝච් බිල්ඩර්ස් සමාගමේ නිෂ්පාදිතය. රථය මාර්ග අංක 120 යටතේ කැස්බෑව සහ පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, February 13, 2013

SLTB breakdown service - Gampaha depot

This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Leyland Comet breakdown service vehicle (22ශ්‍රී9659) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලංගම බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Monday, February 11, 2013

SLCTB bodied Ashok Leyland Viking modified bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, SLCTB bodied Ashok Leyland Viking modified bus (KTG 14 / 23ශ්‍රී9309) at Kataragama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ග.ම. විසින් බඳ  සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයෙහි මුල් පෙනුම තරමක් වෙනස් වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 10, 2013

Ruby bodied TATA LP 1510/52 buses from SLTB Badulla and Bandarawela depots

This photo was taken on December 31, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the
 full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot Ruby bodied TATA LP 1510/52 bus (63-4087) at Bandarawela town. The bus is ready to leave for Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා  LP 1510/52 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල නගරයේ දී. මෙම බස් රථය මාර්ග අංක 296 යටතේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on February 23, 2012 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot Ruby bodied TATA LP 1510/52 bus (63-4611) at Badulla town. The bus is ready to leave for Bandarawela. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා  LP 1510/52 වර්ගයේ බස් රථයක් බදුල්ල නගරයේ දී. මෙම බස් රථයද මාර්ග අංක 296 යටතේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, February 8, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kilinochchi depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, dimo TATA LPO 1313/47 bus (KC 19 / 62-3353) at Kataragama. Body built by Dimo Lanka auto assembly Ltd. This bus rehabilitated (2012) by Kilinochchi depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කිලිනොච්චි ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ දීය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී කිලිනොච්චි ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, February 7, 2013

SLTB supply division - Polonnaruwa depot

This photo was taken on May 29, 2017 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Leyland Comet supply division vehicle (42ශ්‍රී1291) at Borella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් බොරැල්ලේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාල ගබඩාව වෙත පැමිණි අවස්ථාවකි.

In February 2013 at the Colombo central bus stand -- මෙම රථය 2013 වසරේ පෙබරවාරි මස 01 වන දින කොළඹ ම.බ.ක. පරිශ්‍රයේ දී.
This photo was taken on February 01, 2013 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

අවසන් යාවත්කාලීනය: 2017 මැයි 29

Wednesday, February 6, 2013

Ruby bodied Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Katubedda depot

This photo was taken on November 09, 2012  in Danowita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot Ruby bodied Ashok Leyland Viking Turbo SLTB edition bus (NB-4471) at Danovita. Bus is allocated to the services between Kandy and Panadura under the route No. 255/17 via Katubadda, Piliyandala, Kottawa, Athurugiriya, Malabe, Kaduwela, Delgoda, Waliweriya and Balummahara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කටුබැද්ද ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයකි.  2012 වසරේ අග භාගයේ ලංගම හා එක් වී ඇති මෙම බස් රථය ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයකි. රථය මාර්ග අංක 255/17 යටතේ මහනුවර හා පානදුර අතර ධාවනයට යොදවා ඇත්තේ කටුබැද්ද, පිළියන්දල, කොට්ටාව, අතුරුගිරිය, මාලබේ, කඩුවෙල, දෙල්ගොඩ, වැලිවේරිය හා බැලුම්මහර හරහාය.

This photo was taken on November 09, 2012  in Danowita, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

Tuesday, February 5, 2013

SLCTB bodied Ashok Leyland Tiger modified bus from SLTB Alutgama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Alutgama depot, SLCTB bodied Ashok Leyland Tiger bus (AL 13 / 30ශ්‍රී155) at Katharagama. This bus rehabilitated and modified by Alutgama depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ටයිගර් වර්ගයේ බස් රථයක්  කතරගම දී. ආසන 51 කින් යුතු මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණියේ දිගම බස් රථ වර්ගයකි. එවකට ශ්‍රී ලං.ම.ග.ම රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1982 වසරේ දීය. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් අළුත්ගම ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී බසයේ මුහුණත මුල් පෙනුම වෙනස් කොට ඇති බව දක්නට ලැබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම අළුත්ගම ඩිපෝ පරිශ්‍රයෙන් පිටවන අවස්තාවක දී.
This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 01, 2013  in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 3, 2013

Kitamura bodied ISUZU BF30 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, Kitamura bodied ISUZU BF 30 bus (29ශ්‍රී4632) in Kandy. Aquired in 1981 in SLCTB service. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. Photographer: Bruce Harris) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ ආසන 31කින් සමන්විතව තිබී ඇත. (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. ඡායාරූප ශිල්පියා: Bruce Harris)

Saturday, February 2, 2013

SLTB breakdown service - Valaichchenai depot

This photo was taken on February 01, 2013  in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichchenai depot, TATA 1210 breakdown service vehicle (29ශ්‍රී0729) at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාලච්චේන ඩිපෝවට අයත්, ටාටා 1210 වර්ගයේ කාර්මික සේවා රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී.