Tuesday, February 19, 2013

Ruby bodied TATA 909 bus from SLTB Kelaniya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ruby bodied TATA 909 bus (63-0581) at Katharagama. This bus rehabilitated (2012) by the Kelaniya depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝවට අයත්, ටාටා 909 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් බඳ (body) සැකසූ මෙම බස් රථ එවකට ග්‍රාමීය සේවා වෙනුවෙන් පොකුරු බස් සමාගම් හා එක්වන්නේ 1998 වසරේ දීය. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කැලණිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2017 ඔක්තෝබර් මස 03 වන දින යාවත්කාලීනය

පසුකාලීනව බණ්ඩාරවෙල ඩිපෝවට ලබාදුන් මෙම බස් රථය බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වෙමින් තිබියෙදී 2017 ඔක්තෝබර් මස 01 වන දින උඩවිහාරය ප්‍රදේශයේ දී, රියදුරු මහත්මා ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක්විය. බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට එය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇත. කෙසේ වූවද තම ජීවිතය පරදුවට තබා රියදුරු මහත්මා විසින් බසය ගල් කුලක් වෙත හරවා, අඩි දහස් ගණනක ප්‍රපාතයකට රථය පෙරලීමෙන් සිදුවීමට ගිය විශාල ජීවිත හානි ගණනක් වළක්වාගෙන ඇති බව සැලයි. රියදුරු වෘත්තියේ වගකීම මැනවින් වටහාගෙන තම ජීවිතය පරදුවට තබා, මගී ජීවිත වෙනුවෙන් තම ජීවිතය කැප කල රියදුරු කීර්ති බණ්ඩාර මහතාට අපගේ උපහාරය! රියදුරු මහතා ඇතුළු අනතුරින් මිය ගිය තිදෙනාටම අමා මහ නිවනින් සැනසීම ලැබේවායි පතමු!
2017 ඔක්තෝබර් මස 01 වන දින මෙම බස් රථය අනතුරට ලක්වීමට දින කීපයකට පෙර, රථයේ රියදුරු කීර්ති බණ්ඩාර මහතා සමඟ මරංගහවෙල බලා ධාවනය වන ආකාරය හෙෂාන් ශානක මහතාගේ කැමරා කාචයේ සටහන්ව තිබුණු අයුරු

7 comments:

  1. Dan me bus eke driver maha kalakanniyek. Bus ekata kisima adarayak naha. Meka bohoma ikmanata hack vena bus ekaka. Davanaya karanne RN 235/1, Kiribatgoda, Polhena, Kelani viharaya haraha Pitakotuva.

    ReplyDelete
  2. KE mepara padaviprapthi1 63-4736(KE22) ekak eka wenadepoekakin genapu 1kda pls reply

    ReplyDelete