Showing posts with label KE. Show all posts
Showing posts with label KE. Show all posts

Sunday, February 26, 2023

Ashok Leyland Lynx 3900 bus from SLTB Kelaniya depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ashok Leyalnd Lynx 3900 bus (KE 20 / NB-5627) in front of the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in August 2014 while it was parked in front of the depot. It's allocated for the services between Dekatana and Pettah under route number 226. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2014 වසරේ අගෝස්තු මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝව ඉදිරිපිට ගාල් කොට තිබුණි. මාර්ග අංක 226 යටතේ දෙකටන හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, December 16, 2020

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Kelaniya depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo bus (KE 69 / NA-6898) at the Colombo central bus stand. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2008. Allocated for the services between Dekatana and Colombo under the route number 226. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2008 වසරේ ඩිපෝවට ලබා දී ඇති රථය ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයට අයත්ය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 226 යටතේ දෙකටන හා කොළඹ අතර ධාවනයට යොදවා තුබුණි.

Tuesday, August 20, 2019

TVS bodied Ashok Leyland Viking bus from SLTB Kelaniya depot

This photo was taken on October 01, 2012 in Colombo 01, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) kelaniya depot IRZAR TVS bodied Ashok Leyland Viking bus (KE 26 / 63-3221) near the Lake House, Colombo. Rehabilitated by the depot workers in 2011to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝව යටතේ ධාවනය වූ, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ඉදිරිපිට දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. 2009 වසරේ ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අලුත්වැඩියා කර ඇති අතර අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම ආරක්‍ෂා කරගෙන ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 224/2 යටතේ දොම්පේ බලා ධාවනය වෙමින් තිබුණි.

Saturday, September 8, 2018

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Kelaniya depot

This photo was taken on October 08, 2012 in Colombo Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Wesco TATA LPO 1313/55, modified bus (KE 15 / 62-9327) at the Colombo central bus stand. Awaiting to leave for Dekatana on the route number 224/3. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කැලණිය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණතට වෙනස්කම් සිදු කොට තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 224/3 යටතේ දෙකටන බලා ධාවනයට යොදවා තිබුණි.

in the depot premises in August 2014 -- 2014 වසරේ අගෝස්තු මස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 29, 2014

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Kelaniya depot

This photo was taken on August 07, 2014 in Kelaniya Depot, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Wesco TATA LPO 1313/55 modified bus (KE 11 / 62-5395) in front of the depot. The bus acquired to the fleet in 1997 under the Gampaha bus compay. Allocated for the services between Kirindiwela and Colombo under the route number 225/2 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට දී. වෙස්කෝ සමාගම මගින් එංගලන්ත ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මාධ්‍ය වැඩපොළේ දී රථයේ බඳ නිමවා 1997 වසරේ ධාවනයට එක් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ ප්‍රධාන වීදුරු ඇතුළු මුහුණත මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 225/2 යටතේ කිරිඳිවැල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, September 2, 2014

SLTB breakdown service - Kelaniya depot

This photo was taken on August 07, 2014 in Kelaniya Depot, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Leyland Comet breakdown service vehicle (KE 01 / 23ශ්‍රී5330) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1972 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසාගෙන ඇත.

Monday, June 16, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kelaniya depot

This photo was taken on April 15, 2014, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ashok Leyland Viking Turbo 54 seater bus (KE 07 / NA-8858) at Kadugannawa. Playing to Colombo from Kandy under the route number 01. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කඩුගන්නාවේ දී. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 01 යටතේ මහනුවර හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

The bus at Danowita while it was running to Dehiwala from Kandy under route number 17. The photo was taken on February 11, 2022 -- මෙම බස් රථය 2021 වසරේ පෙබරවාරි මස 11 වන දින මාර්ග අංක 17 යටතේ මහනුවර සිට දෙහිවල බලා ධාවනය වන අවස්ථාවක දංඕවිට දී. 
This photo was taken on 11 February 2022, in Danowita, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture

Sunday, March 23, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kelaniya depot

This photo was taken on June 22, 2013 in Minneriya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ashok Leyland Viking Turbo 54 seater bus (KE 10 / NB-3198) in Minneriya. Allocated for the services between Colombo and Lihiniyagama via Dehiattakandiya under the route number 48 . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් මින්නේරියේ දී. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 48 යටතේ ලිහිනියාගම හා කොළඹ අතර (දෙහිඅත්තකණ්ඩිය හරහා) ධාවනයට යොදවා ඇත.

This photo was taken on June 22, 2013 in Minneriya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Tuesday, February 19, 2013

Ruby bodied TATA 909 bus from SLTB Kelaniya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ruby bodied TATA 909 bus (63-0581) at Katharagama. This bus rehabilitated (2012) by the Kelaniya depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝවට අයත්, ටාටා 909 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් බඳ (body) සැකසූ මෙම බස් රථ එවකට ග්‍රාමීය සේවා වෙනුවෙන් පොකුරු බස් සමාගම් හා එක්වන්නේ 1998 වසරේ දීය. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කැලණිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2017 ඔක්තෝබර් මස 03 වන දින යාවත්කාලීනය

පසුකාලීනව බණ්ඩාරවෙල ඩිපෝවට ලබාදුන් මෙම බස් රථය බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වෙමින් තිබියෙදී 2017 ඔක්තෝබර් මස 01 වන දින උඩවිහාරය ප්‍රදේශයේ දී, රියදුරු මහත්මා ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක්විය. බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට එය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇත. කෙසේ වූවද තම ජීවිතය පරදුවට තබා රියදුරු මහත්මා විසින් බසය ගල් කුලක් වෙත හරවා, අඩි දහස් ගණනක ප්‍රපාතයකට රථය පෙරලීමෙන් සිදුවීමට ගිය විශාල ජීවිත හානි ගණනක් වළක්වාගෙන ඇති බව සැලයි. රියදුරු වෘත්තියේ වගකීම මැනවින් වටහාගෙන තම ජීවිතය පරදුවට තබා, මගී ජීවිත වෙනුවෙන් තම ජීවිතය කැප කල රියදුරු කීර්ති බණ්ඩාර මහතාට අපගේ උපහාරය! රියදුරු මහතා ඇතුළු අනතුරින් මිය ගිය තිදෙනාටම අමා මහ නිවනින් සැනසීම ලැබේවායි පතමු!
2017 ඔක්තෝබර් මස 01 වන දින මෙම බස් රථය අනතුරට ලක්වීමට දින කීපයකට පෙර, රථයේ රියදුරු කීර්ති බණ්ඩාර මහතා සමඟ මරංගහවෙල බලා ධාවනය වන ආකාරය හෙෂාන් ශානක මහතාගේ කැමරා කාචයේ සටහන්ව තිබුණු අයුරු

Saturday, August 18, 2012

New Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Kelaniya depot

This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot Ashok Leyland viking Turbo Intercooler SLTB edition bus (NB-4147) at the Central Bus Stand (CBS), Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම.) කැළණිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ දී. රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ලංගමට ලැබුණු  මෙම බස් රථ 120 ක් ලංගමට ලැබීමට නියමිතය. මෙම බස් රථ ලංගම සැලසුම් නිර්මාණයන්ට අනුව ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. මෙහි ආපදා දොරටුව බසයේ පසුපස වීදුරුවෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ඉදිරි දොරටුව ස්වයංක්‍රීයව ක්‍රියා කිරීම, ආසන වල ප්ලාස්ටික් අල්ලු සහිත වීම,  ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම මෙහි ඇති ප්‍රධාන වෙනස්කම් වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.