Showing posts with label KL. Show all posts
Showing posts with label KL. Show all posts

Saturday, July 15, 2023

SLTB supply division - Kegalle depot

This photo was taken on July 01, 2023, in Kadawatha, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Mercedes-Benz LP 322/36 supply service vehicle (22ශ්‍රී9991) at Kadawatha. Ex Nuwaraeliya depot, CTB bodied bus converted as the supply service vehicle. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත්, මර්සිඩීස් බෙන්ස් LP 322/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් කඩවත දී. නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනයට එක්වූ ලං.ග.ම. බඳ සැකසු පැරණි බස් රථයක්, සම්පාදන සේවා ලෙස පරිවර්ථනය කර තිබේ.   ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Sunday, February 7, 2021

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot IRZAR TVS bodied Ashok Leyland Viking 193 bus (KL 132 / 63-3670) in the depot premises. The bus acquired to the depot fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ  දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි.

Wednesday, February 5, 2020

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Kegalle depot

This photo was taken on February 04, 2020 in Kegalle, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus (KL 07 / 60ශ්‍රී3634) at the Kegalle bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, කෑගල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෑගල්ල හා සමඟිපුර අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය ලබාගත් දිනට ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සැමරුම යෙදී ඇති හෙයින් බස් රථයේ ද ජාතික ධජයක් ප්‍රදර්ශනය කර ඇත.

Saturday, August 31, 2019

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Kegalle depot

This photo was taken on August 15, 2018 in Polgahawela, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4865) at the Polgahawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ධාවනයට එක් වී ඇත. රථය කෑගල්ල හා පොල්ගහවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, March 7, 2018

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kegalle depot

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1510/52 bus (KL 52 / 63-4516) in the depot premises. The bus is allocated for the services between Weragoda and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇති මෙම බස් රථ, සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය. රථය වේරගොඩ හා කෑගල්ල අතර (ගලිගමුව, බල්ලපාන හා යට්ටෝගොඩ හරහා) ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 5, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kegalle depot

This photo was taken on September 03, 2017 in Polgahawela, North Western, LK, using a Sony Xperia M4 Aqua.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 909/36 bus (KL 31 / 63-1112) at the Polgahawela bus stand. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd, Ekala.  Pic by: Tharindu Wickramaratne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. මෙම බස් රථයේ බඳ, ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

Thursday, December 22, 2016

SLTB bus stand - Kegalle

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Kegalle SLTB bus stand in December 2016. -- කෑගල්ල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති කෑගල්ල, කුරුණෑගල දකුණ හා මාවනැල්ල ඩිපෝවන්ට අයත් බස් රථ. 2016 වසරේ දෙසැම්බර් මස 08 වන දින.

Thursday, November 17, 2016

Classic SLTB bodied TATA 1210 E bus from SLTB Kegalle depot

This photo was taken on December 27, 2014 in Kegalle, Sabaragamuwa, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot TATA 1210 E bus (KL 42 / 30ශ්‍රී1707) at Kegalle bus stand. Body built by. (pic by: Tharindu Wikramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා 1210 E වර්ගයේ බස් රථයකි. මෙම බස්රථයේ බඳ ශ්‍රීලංගම මගින් නිපදවා ඇත. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම බස් රථ යොදවනු ලැබේ. 1983 දී පමණ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේරගොඩ හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Monday, February 15, 2016

Modified Wesco TATA 1313 bus from SLTB Kegalle depot

This photo was taken on October 31, 2015 in Kegalle, Sabaragamuwa, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot,  Wesco TATA 1313 modified bus (KL 25 / 63-0016) at Kegalle bus stand. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් කෑගල්ල බස්  නැවතුමේ දී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී අත. රථය මාර්ග  අංක 682 යටතේ වේරගොඩ හා කෑගල්ල  අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Sunday, July 5, 2015

Latec TATA LP 1210/52 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Latec TATA LP 1210/52 bus (KL 76 / 61-6732) at Kegalle town on October 2013. Body built by Latec with Duple Metsec (UK) and aquired to the SLTB fleet in 1993. Allocated for the services between Udagama and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කෑගල්ල නගරයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කල බස් රථයකි. 2013 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ උඩගම හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, November 3, 2014

SLCTB bodied TATA LP 1210/32 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012 in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, SLCTB bodied TATA LP 1210/32 bus (KL 37 / 30ශ්‍රී1483) in the depot premises. The bus acquired to the fleet in 1983. Allocated for the services on a local route between Imbuldeniya and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/32 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථයේ බඳ ශ්‍රී ලං.ම.ග.ම. මගින් ඒකල මධ්‍යම වැඩපොළේ දී නිමවා 1983 වසරේ ධාවනයට එක් කොට ඇත. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම ලංගම සම්මතයන්ට අනුව දිගින් අඩුම E කාණ්ඩයේ බස් රථ යොදාගනු ලැබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ඉඹුල්දෙනිය හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 09, 2012 in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, July 22, 2014

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ashok Leyland Viking 222 Hinopower bus (NA-3990) in the depot premises. Acquired to the SLTB fleet in 2007. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2007 වසරේ ජනවාරි මස ශ්‍රී ලංගම හා එකතු වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කෑගල්ල හා පොල්ගහවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, March 25, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 909/36 bus (KL 20 / 62-9562) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අත්තනගොඩ හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, October 21, 2013

CTB bodied Mercedes-Benz LP322 bus from SLTB Kegalle depot - 50 Years in Passenger Service

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, CTB bodied Mercedes-Benz LP322 bus (23ශ්‍රී0694) in the depot premises. Acquired to the CTB Negombo depot in 1963. currently comleted it's 50th years in Passenger service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ලංගම බඳ සැකසූ මර්සිඩීස් බෙන්ස්  LP322 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගමය යටතේ පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන පැරණිම බස් රථ වලින් එකකි. 1963 වසරේ ශ්‍රී ලංගම මීගමුව ඩිපෝවෙන් ජනතා සේවය අරඹා ඇති මෙම බස් රථය මේ වනවිට වසර 50 ක් පුරා ඩිපෝවන් 5 ක් යටතේ ජනතා සේවය සපයා ඇත. ඒවා මෙසේය.
                                     01). 1963/10/20 ශ්‍රී ලංගම මීගමුව ඩිපෝව
                                     02). 1974  බිබිල ඩිපෝව (බදුල්ල ඩිපෝවේ උප ඩිපෝවක් ලෙසින්)
                                     03). 1976  බිබිල ඩිපෝව (ප්‍රධාන ඩිපෝවක් ලෙස)
                                     04). 1981  බලන්ගොඩ ඩිපෝව
                                     05). 1988  බිබිල ඩිපෝව
                                     06)  2012  කෑගල්ල ඩිපෝව
පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුමට වෙනස් කම් සිදුවී තිබුනද තවමත් ලංගම විසින් වේරහැර වැඩපොළේ නිපදවා ඇති බඳ සහිතව සාර්ථකව ධාවනය වන්නේ ලංගම විසින් මෙරටදී නිපදවන ලද බස් රථ වල කල් පැවැත්ම, ඉන්ධන පිරිමැස්ම, සවිශක්තිය ආදියට උදාහරණ සපයමිනි. වර්තමානයේ බසයට ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගින් වුවද, එහි මර්සිඩීස්-බෙන්ස් තට්ටුවට කිසිදු වෙනසක් සිදු කර නැත.

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Same model bus (23ශ්‍රී0648) from CTB Kandy South depot. --  මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ සමකාලීන 23ශ්‍රී0648 බස් රථය 1971 වසරේ මහනුවර දී. 

Tuesday, October 15, 2013

Lakdiwa re-bodied TATA LP 1210/42 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Lakdiwa re-bodied TATA LP 1210/42 bus (KL 36 / 30ශ්‍රී9557) in the depot premises. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා  LP 1210/42 වර්ගයේ බස් රථයකි. ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ පුනරුත්ථාපනය කර ඇති මෙම බස් රථයේ විශේෂත්වය වන්නේ එක් බස් රථයකින් ලබාගත් තට්ටුවකට වෙනත් බස් රථයකින් ලබාගත් බඳක් බද්ධ කර තිබීමයි. අලුත්වැඩියාව පිණිස වැඩපොළට යවා ඇති බස් රථයේ මුල් තට්ටුව අබලන්ව කැඩී යාම නිසා කෑගල්ල ඩිපොවේම ධාවනයෙන් ඉවත් කර තිබුණු 30ශ්‍රී9557 බස් රථයේ තට්ටුව ඒ වෙනුවට යොදවා අලුත්වැඩියාව සිදු කර ඇත.

This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, February 15, 2013

SRILANGAMA bodied TATA LP 1210E/42 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot classic SRILANGAMA bodied TATA LP 1210E/42 bus (KL 58 / 30ශ්‍රී8935) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා TATA LP 1210E/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1985 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි ප්‍රධාන ලාම්පු, පැති වීදුරු මෙන්ම පසුපස පෙනුමද පසුකාලීනව වෙනස් වී ඇත. නමුත් මෙම රථය විශේෂ වන්නේ ඡායාරූප ලබාගන්නා අවස්ථාව වන විටත් එහි පැරණි ෆයිබර්ග්ලාස් ආසන දැකගත හැකි වීම නිසයි. 

This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Fiberglass seats of the bus -- රථයේ පැරණි ෆයිබර්ග්ලාස් ආසන.
This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2017 දෙසැම්බර් 16 යාවත්කාලීනය: 
මේ වන විට මෙම බස් රථය පොදු සේවා යටතේ ධාවනය නොවන අතර සබරගමුව ප්‍රාදේශීය කාර්යාලය යටතේ සම්පාදක සේවා රථයක් ලෙස පරිහරණය වේ.

Tuesday, November 20, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot Dimo TATA LPO 1313/47 bus (62-1564) playing on a local route to Polgahawela from Kegalle. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired in 1995. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කෑගල්ල ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කෑගල්ල නගරයේ දී. ටාටා 1313/47 වර්ගයේ තට්ටුවට ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ එකලස් ඇති මෙම බස් රථය එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. රථයේ ප්‍රධාන ලාම්පු හැරෙන්නට අනෙකුත් කොටස් වල මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකිව තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පොල්ගහවෙල බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, November 10, 2012

CTB bodied Mercedes-Benz LP312 bus from SLTB Kegalle DTS

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle driver training school, CTB bodied Mercedes-Benz LP312, bus (KL 04 / 23ශ්‍රී5855) in the depot premises. Chassis made by TATA under license of Mercedes-Benz. Body built by the CTB. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කෑගල්ල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් Mercedes-Benz LP312 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයෙහි තට්ටුව ඉන්දියාවේ ටාටා සමාගම මගින් මර්සිඩීස් බෙන්ස් තාක්ෂනය යටතේ නිමවා ඇති අතර බඳ  ලං.ග.ම. මගින් එකලස් කර ඇත.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Last update: 2017  December  28  -- අවසන් යාවත්කාලීනය: 2017 දෙසැම්බර් 28

Wednesday, July 25, 2012

SLTB Breakdown Service (Kegalle depot)

This photo was taken on February 24, 2012 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 
Sri Lanka Transport Board (SLTB) Kegalle depot TATA 1210 Breakdown service vehicle (KL 07 / 23ශ්‍රී7826) in the Kadawatha depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ කාර්මික සේවා රථයක් කඩවත ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලං.ම.ග.ම බඳ සහිත ටාටා 1210 බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

This photo was taken on February 24, 2012 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.