Showing posts with label Routemaster. Show all posts
Showing posts with label Routemaster. Show all posts

Saturday, June 9, 2018

AEC Routemaster double decker buses

AEC Routemaster බස් රථ මෙරටට ලබාදීමට පෙර, මෙරටට ඒවායේ යෝග්‍යතාවය පරීක්‍ෂා කිරීම සඳහා මුලින් එවූ RL 155 / 60ශ්‍රී2542 දරන බස් රථය 1991 වසරේ රත්මලාන ඩිපෝ අංගනයේ දී.  මේ වන විට මෙම බස් රථය ධාවනය නොවන අතර නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය මධ්‍යයේ අලංකරණය පිණිස ගාල් කර ඇත.
50 of ex London Transport, AEC  Routemaster double decker buses donated by the United Kingdom in 1989. Buses are attached to the Ratmalana, Negombo and Yatinuwara depots under the SRILANGAMA. -- 1989 වසරේ ජනවාරි මස බ්‍රිතාන්‍ය ආධාර ලෙස මෙරටට ලැබී ඇති මෙම AEC  (ඒ.ඊ.සී. /Associated Equipment Company) Routemaster (රූට්මාස්ටර්) වර්ගයේ දෙමහල් බස් රථ එදා මෙදා තුර ලංගම රථ ඇණියේ ආකර්ශනයක් දිනා ගත් තවත් බස් රථ වර්ගයකි. ඒ යටතේ ශ්‍රීලංගම ට ලැබුණු මුළු බස් ගණන 50කි. ඊට අමතරව එම බස් රථ මෙරටට ලබා දීමට පෙර ඒවායේ යෝග්‍යතාව පරීක්‍ෂා කිරීම සඳහා මුලින් 1 බස් රථයක් මෙරටට එවා ඇත. ඉහත ඡායාරූපයෙ දැක්වෙන එයට 60ශ්‍රී2542 දරණ ලියාපදිංචි අංකය ලැබී ඇති අතර එය රත්මලාන ඩිපෝවට අනියුක්ත කර ඇත. එහි පරීක්‍ෂණ ධාවනය සාර්ථක වූ තැන මෙම වර්ගයේ බස් රථ 50 ක් ලබා දී ඇත. ඒවාට 60ශ්‍රී66XX කාණ්ඩයේ ලියාපදිංචි අංක ලැබී ඇත.

AEC Routemaster රථ ශ්‍රී ලංගමට ලැබීමට සමගාමීව ඒවා ඩිපෝවන් 3ක් වෙත අනියුක්ත කර ඇති අතර එම ඩිපෝවන් වන්නේ රත්මලාන, මීගමුව සහ යටිනුවරයි. කෙසේ වූවද ධාවනය අවශ්‍යතා මත පසුකාලීනව ඒවා තවත් ඩිපෝවන් අතර හුවමාරු වී ඇත.
AEC Routemaster බස් රථ උත්සවාකාරයෙන් බෙදා දීම. 1989 ජනවාරි කොළඹ ගාලු මුවදොර පිටිය අසල.

Saturday, August 1, 2015

Park Royal bodied AEC Routemaster Double-decker bus from PTS Negombo depot

This photo was taken on March 1993 in Negombo, Western, LK.
Click on the image for full size picture.
PTS (Peoplized Transport Service / Now SLTB) Negombo depot Park Royal bodied AEC Routemaster Double-decker bus (60ශ්‍රී6626) at Negombo in March 1993. (Photo by: Sir Perry Como) -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. 1993 වසරේ මාර්තු මස ලබාගත් ඡායාරූපයකි. පසුකාලීනව මෙම බස් රථය කුරුණෑගල දකුණ ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. (ඡායාරූපය: Sir Perry Como)

Wednesday, May 13, 2015

AEC Routemaster double-decker bus from Srilangama Negombo depot

This photo was taken in 1990 in Negombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (Srilangama) Negombo depot, AEC Routemaster Double-decker bus (NB 30 / 60ශ්‍රී6625) at Negombo in 1990. Acquired to the Srilangama fleet in 1988 as an aid by the United Kingdom. Photo courtesy: facebook.com/oldeceylon. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. බ්‍රිතාන්‍ය ආධාරයක් වශයෙන් 1988 වසරේදී ශ්‍රීලංගමට ලැබී ඇත. එලෙස ලැබුණු මුළු බස් රථ ගණන 40 කි. 1990 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම facebook.com/oldeceylon පිටුවෙනි.

Sunday, January 26, 2014

AEC Routemaster double-decker bus from PTS Ratmalana depot

This photo was taken in 1993 in Colombo, Western LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Ratmalana depot AEC Routemaster double-decker bus (RL 07 / 60-6612) playing on the Galle road under the route number 133 in 1993. Photo courtesy: perry como1on flickr -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. ජනතා සන්තක ප්‍රවාහන සේවය, මහරගම ඩිපෝවේ ලාංඡනය සහිත පැරණි බස් රථයක්ද පසෙකින් දිස් වේ. 1993 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 133 යටතේ ගල්කිස්ස බලා ධාවනය වී ඇත. ඡායාරූපය: perry como

Sunday, July 14, 2013

AEC Routemaster double decker bus from SLTB Kandy south depot


This photo was taken on June 30, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
This photo was taken on May 04, 2017 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board  (SLTB) Kandy south depot, AEC Routemaster double-decker bus (KS 79 / 60ශ්‍රී6615) in Kandy.  50 of ex London Transport, AEC  Routemaster double decker buses donated by the United Kingdom in 1989. Photos by Chanaka Rathnayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, AEC රූට්මාස්ටර් වර්ගයේ දෙමහල් බස් රථයක් මහනුවර දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (ex London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1989 වසරේ ශ්‍රීලංගම හා එක්වී ඇත.  ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 50 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථයක මගීන් 64 දෙනෙකුට ගමන් පහසුව සලසාගත හැක. ඡායාරූප චානක රත්නායක මහතා

Rear view of the bus (Pic by Wasantha Premarathna) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී (ඡායාරූපය වසන්ත ප්‍රේමරත්න මයා)
This photo was taken on June 09, 2013 in Kandy, Central, LK.
Click for the full size picture.

Interior of the Bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතුලත (පහල තට්ටුව).
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Last update: 04 May 2017 -- අවසන් යාවත්කාලීනය: 2017 මැයි මස 04 දින

Saturday, May 11, 2013

AEC Routemaster double-decker bus from SLTB Wennappuwa depot

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Wennappuwa depot, AEC Routemaster double-decker bus (WP 14 / 60ශ්‍රී6639) at Naththandiya. 50 of ex London Transport, AEC  Routemaster double decker buses donated by the United Kingdom in 1989. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝවට අයත්, AEC රූට්මාස්ටර් වර්ගයේ දෙමහල් බස් රථයක් නාත්තන්න්ඩියේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (x London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1989 වසරේ ශ්‍රීලංගම හා එක්වී ඇත. පසුකාලීනව උඩහමුල්ල ඩිපොවෙදී අලුත්වැඩියා කර නැවත ධාවනයට එකතු කර ඇත.

This photo was taken on May 10, 2013  in Naththandiya ,  North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතුලත (පහල තට්ටුව).
This photo was taken on May 10, 2013  in Naththandiya ,  North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on May 10, 2013  in Naththandiya ,  North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඉහල තට්ටුවට ඇති තරප්පුව හා ඉහල මාලයේ සිට තරප්පුව දිස්වන කන්නාඩිය. ඊට අමතරව සීනු බොත්තම ද රූපයේ දැක්වේ.
This photos was taken on May 10, 2013  in Naththandiya ,  North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 16, 2013

AEC Routemaster double decker bus from PTS Yatinuwara depot

This photo was taken on 1993 in Kadugannawa, central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Yatinuwara depot x London Transport AEC Routemaster double decker bus (YT 101 / 60ශ්‍රී6640) at the Kadugannawa bus stand. (Photo by: Perry Como)  -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ. ස. ප්‍ර. සේ.) යටිනුවර ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කඩුගන්නාව බස් නැවතුමේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (x London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1980 දශකයේ අග භාගයේ දී  ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර හා කඩුගන්නාව අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: පෙරී කොමෝ)

2009 වසරේ මෙම බස් රථය නගර සංචාර සේවා වෙනුවෙන් ශ්‍රී ලංගම රත්මලාන ඩිපෝව වෙත පවරා දී ඇත. ඒ පිලිබඳ සම්පූර්ණ ලිපිය මෙතනින්

Sunday, February 24, 2013

Park Royal bodied AEC Routemaster Double-decker bus from SLTB Maharagama depot

This photo was taken on February 20, 2013, in Maharagama depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot ex London Transport Routemaster double-decker bus (MH 48 / 60ශ්‍රී6605) in the depot premises. Body built by Park Royal Vehicles. Acquired to the Srilangama fleet in 1988 as an aid by the United Kingdom. At the time of taking the photo in February 2013, the bus was parked in the engineering section of the depot for repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (ex London Transport) සේවය සපයා පසුව ආධාරයක් වශයෙන් 1988 වසරේ ශ්‍රීලංගම හා එක්වී ඇත.  ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 50 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථයක මගීන් 64 දෙනෙකුට ගමන් පහසුව සලසාගත හැක. 2013 වසරේ පෙබරවාරි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයට ගෙනැවිත් තිබුණු අතර ඉතා ඉක්මනින් ධාවනයට සැපයීමට නියමිත බව ඩිපෝ ඉංජිනේරුතුමන් අප සමඟ පැවසීය.

20 January 2021 update -- 2021 ජනවාරි 20 යාවත්කාලීනය
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Later, this bus was repaired and under the year-end repair project of 2020, it has been repaired and made operational. The photo was taken while it was parked near the Galle face green in Colombo under the year-end repair project. After the relevant repairs, the bus was used for temporary coverage of the Route No. 122.-- පසුකාලීනව මෙම බස් රථය අලුත්වැඩියා කර ධාවනයට සැපයූ අතර 2020 වසරේ දී වර්ෂ අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ද අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. 2020 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියාවෙන් පසු කොළඹ ගාළුමුවදොර පිටිය අසල ප්‍රදර්ශනය වෙනුවෙන් නවතා තිබුණි. අදාළ අළුත්වැඩියාවන්ගෙන් පසු බස් රථය මාර්ග අංක 122 යටතේ අවිස්සාවේල්ල හා මහරගම අතර තාවකාලික ගමන්වාර ආවරණය වෙනුවෙන් යොදවා තිබුණි.  

Wednesday, March 7, 2012

City tour Routemaster bus from SLTB Ratmalana depot

This photo was taken on February 16, 2017 in Mount Lavinia, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Leyland Routemaster City tour double-decker bus (RL 03 / 60ශ්‍රී6640) in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන රූට් මාස්ටර් වර්ගයට අයත් තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2009 වසරේ එවකට යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු මෙම බස් රථය රත්මලාන ඩිපෝව වෙත පවරාගෙන, ඒකල පිහිටි ලක්දිව වැඩපොළ වෙත යවා නගර සංචාරයන්ට ගැලපෙන පරිදි බඳ සකසා විශේෂ සංචාර වෙනුවෙන් මෙලෙස ධාවනයට එක් කර ඇත.

City Tour Routemaster bus with St.peter's college walk 2012. -- මෙම බස් රථය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 2012 පාගමන සමඟ.
This photo was taken on March 6, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on March 6, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ යටිනුවර ඩිපොව යටතේ.

Sunday, February 12, 2012

City Tour Routemaster bus from SLTB Negombo depot

This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot City Tour Routmaster double decker bus (60ශ්‍රී6635)  in the depot premises. Acquired to the SLTB service in 1989 as a British aid. Modified as a city tour bus by Ekala Lakdiwa Workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1989 වසරේ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මෙම බස් රථය 2013 වසරේ මුල භාගයේ දී ශ්‍රී ලංගම ඒකල ලක්දිව වැඩපොළේ දී නගර සංචාර බසයක් ලෙස පරිවර්තනය කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතුලත (පහල තට්ටුව).
This photo was taken on June 13, 2013  in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This bus before convert as a City Tour bus -- මෙම බස් රථය නාගරික සේවා බස් රථයක් ලෙස පරිවර්තනය කිරීමට පෙර 2012 ඔයාමඩුව, දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ දී.
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.