Showing posts with label EP. Show all posts
Showing posts with label EP. Show all posts

Sunday, September 7, 2025

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016, in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Ashok Leyland Viking 193 Hinopower, bus (EP 51 / NA-4583) at the  Elpitiya bus stand. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Mapalagama and Elpitiya under the route number 406. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් ඇල්පිටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 406 යටතේ මාපලගම හා ඇල්පිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, April 27, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016, in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (EP 21 / 61-8902) in the depot premises. Acquired to the PTS fleet in 1994. This photo was taken in August 2016 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා ධාවනයට එක්ව ඇත. 2016 වසරේ අගෝස්තු මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Sunday, April 21, 2019

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Colombo Rider Ashok Leyland Viking modified bus (EP 09 / GA-6357) at the Elpitiya bus stand. Awaiting to leave for Bulugahahandiya on a local route. Body built by Ceymo Lanka (Ltd.) in year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඇල්පිටිය බස් නැවතුමේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත. බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය බුළුගහහංදිය හා ඇල්පිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, April 15, 2018

Antony bodied TATA LP 1510/52 bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Antony bodied TATA LP 1510/52 bus (EP 10 / NA-3323) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ අංගනයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇත.

Friday, February 3, 2017

Ashok Leyland Lynx D type bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot Ashok Leyland Lynx D type bus (EP 20 / NB-6738) at the Elpitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් ඇල්පිටිය බස් නැවතුමේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ (යක්කටුව, ඇත්කඳුර, තණබද්දේගම, අගලිය, අකුරැටිකන්ද හරහා) බද්දේගම හා ඇල්පිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, August 24, 2016

SLTB Breakdown Service (Elpitiya Depot)

This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot (EP) breakdown service vehicle (23ශ්‍රී9579) in the depot premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇල්පිටිය ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

Rear view of the breakdown service vehicle -- මෙම රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 21, 2016

TATA 1510 Ruby bodied bus from SLTB Elpitiya depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya Depot TATA 1510 Ruby bodied bus (EP 44 / 63-4491) at Ambalangoda bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇල්පිටිය ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2000 වසරේ පමණය. සවි ශක්තියෙන් යුක්ත බස් මාදිලියක් ලෙස ප්‍රචලිත මෙම  බස්  රථ, මගීන් දෙදෙනෙකුට පහසුවෙන් අසුන් ගත හැකි  ආසන, සවිශක්තියෙන් යුතු මහත ආධාරක පොළු, කල් ගතවූවද නොසෙල්වෙන පැති ජනේල, වැඩි මගීන් ප්‍රමාණයකට පහසුවෙන් සිටගෙන යා හැකි ආසන අතර පුළුල් ඉඩ වැනි ගුණාංගයන් ගෙන් යුතුය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 390/1 යටතේ ඇල්පිටිය හා අම්බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, June 27, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Elpitiya depot

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-7727) at the Matara bus stand. Recived to the SLTB Fleet in june 2014. Allocated for the services between Maharagama and Matara via the southern expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අසාද් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ජුනි මස ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හා මහරගම අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, February 28, 2013

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Elpitiya depot

This photo was taken on January 26, 2013, in Diyathalawa, Uva, LK, using an OLYMPUS VG120, D705.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Ashok Leyland Viking 210 Turbo bus (EP 4 / NB-3488) at Diyathalawa. Acquired to the depot fleet in 2012 under a special leasing scheme. This photo was taken in January 2013 while it was allocated for the services between Elpitiya and Badulla under route number 99/6. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් දියතලාවේ දී. 2012 වසරේ ධාවනයට එක්වී ඇති රථය උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. 2013 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 99/6 යටතේ ඇල්පිටිය හා බදුල්ල අතර ධාවනයට යොදවා ඇත.