Showing posts with label KM. Show all posts
Showing posts with label KM. Show all posts

Tuesday, July 28, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kalmunai depot

This photo was taken on March 28, 2013, in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Ruby bodied TATA LP 1510/52 bus (KM 18 / 63-4888) at the Ampara old bus stand. The bus acquired to the NEBC fleet in 2000. Allocated for the Deyata Kirula 2013 special services between Kalmunai and Ampara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුණේ ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අම්පාර පැරණි බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ නිමවා ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2000 වසරේ එවකට නිව් ඊස්ටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ විශේෂ ප්‍රදර්ශනයේ සේවා යටතේ කල්මුණේ හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, April 27, 2020

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Kalmunai depot

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Utkal bodied Ashok Leyland Viking bus (KM 13 / 63-3184) at the Kalmunai bus stand. Acquired to the fleet in 1999 under the NEBC (New Eastern Bus Company) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුනේ ඩිපෝවට අයත්, UTKAL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. 1999 වසරේ එවකට නිව් ඊස්ටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට වසර දාහතරක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබුණි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි.

Wednesday, April 8, 2020

Latec TATA LP 1210/52 bus from SLTB Kalmunai depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Latec TATA LP 1210/52 bus (KM 03 / 61-7360) at Katragama. Body built by Latec with Duple Metsec UK. Rehabilitated in 2012 by the depot workers to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුණේ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ බඳ නිමවා ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත්තේ පස් වන විධායක ජනාධිපතිතුමාගේ දෙවන ප්‍රදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙනි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 15, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kalmunai depot

This photo was taken on December 03, 2014 in Meethotamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-9498) in the Meethotamulla depot premises. Allocated for the service between Kalmunai and Colombo under the route number 48. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුණේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මීතොටමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 48 ඔස්සේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, January 29, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kalmunai depot

This photo was taken on December 20, 2014 in Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, 54 seater Ashok Leyalnd Viking 210 Turbo bus (NB-8878) at the Jaffna central bus stand. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Akkaraipattu and Jaffna under the route number 86. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කල්මුනේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. 2014 වසරේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 86 යටතේ අක්කරපත්තුව හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Wednesday, February 27, 2013

SLTB supply division - Kalmunai depot

This photo was taken on February 20, 2013 in Udadumbara, Central, LK, using a Sony Ericsson J108.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot TATA LP 1210/36 supply division service vesicle (29ශ්‍රී1902) at Udadumbara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුනේ ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් උඩ දුම්බර දී. 29ශ්‍රී1902 දරණ රථය 1980 වසරේ ධාවනයට එක්වූ, ඉන්දියානු බඳ සහිත බස් රථයක් වේ.

This photo was taken on February 20, 2013 in Udadumbara, Central, LK, using a Sony Ericsson J108.
Click for the full size picture.

Wednesday, March 21, 2012

SLTB Supply Division (Kalmunai depot)

This photo was taken on October 27, 2011 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot TATA 1210 Supply Division lorry (29ශ්‍රී0726) at Bambalapitiya. --  ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කල්මුනේ ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් බම්බලපිටියේ දී. මෙහි ලියාපදිංචි අංකය 29ශ්‍රී0726 වේ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත, ටාටා 1210 බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.