Showing posts with label DaveS. Show all posts
Showing posts with label DaveS. Show all posts

Thursday, January 25, 2024

SLCTB bodied Ashok Leyland Viking 210 bus from SLCTB Panadura depot

This photo was taken in 1981 in Colombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Panadura depot, SLCTB bodied Ashok Leyland Viking 210 bus (23ශ්‍රී8480) in Colombo. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1978. This photo was taken in 1981 while it was playing to panadura from Pettah under route number 100.  Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1978 වසරේ ධාවනයට එක්ල කරන ලද අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ දී. 1981 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 100 යටතේ පිටකොටුව සිට පානදුර බලා ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B+ කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

Tuesday, June 22, 2021

SLCTB breakdown service - Dambulla depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Dambulla depot, Mercedes Benz LP 312/36 breakdown service vehicle (23ශ්‍රී3502) at Kandy. Mercedes Benz LP 321/36 CTB bodied bus converted as the breakdown service vehicle. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 312/36 වර්ගයේ කාර්මික සේවා රථයක් 1981 වසරේ  මහනුවර දී. ලං.ග.ම. බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් LP 312/36 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. ඡායාරූපය: Dave Spencer

Friday, February 19, 2021

SLCTB bodied TATA LPO 1210/55 bus from SLTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, SLCTB bodied TATA LPO 1210/55 bus (KS 20 / 23ශ්‍රී8636) in Kandy. The bus allocated to the SLCTB fleet in 1978. This photo was taken in 1981 while it was allocated for the services between Peradeniya and Akurana via Kandy under route number 652. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේරාදෙණිය, මහනුවර හරහා අකුරණ අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 652 යටතේය. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි ටාටා වර්ගයේ බස් රථ, එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

Friday, September 11, 2020

Ruby bodied TATA 1210/36 SLCTB edition bus from SLCTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport board (SLCTB) Kandy South depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (KS 210 / 29ශ්‍රී1340) in Kandy. Built in India according to the SLCTB specifications and acquired to the SLTB fleet in 1980. Allocated for the services between Deltota and Kandy under the route number 633. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම. ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ටාටා LP 1210/36 රූබී බඳ සහිත බස් රථයක්, මහනුවර දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 633 යටතේ දෙල්තොට හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්. 

Tuesday, June 2, 2020

CTB bodied Mercedes Benz LP 312/32 bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLTB) Kandy North depot, CTB bodied Mercedes Benz LP 312/32 bus (KN 99 / 23ශ්‍රී4261) in Kandy. The bus acquired to the CTB fleet in 1970. Allocated for the services on a rural route between Watagoda and Kandy under the route number 577. Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1970 වසරේ ලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කර ඇති රථයේ තට්ටුව, මර්සිඩීස්-බෙන්ස් සමාගමේ බලපත්‍ර යටතේ ඉන්දියාවේදී ටාටා සමාගම මගින් නිමවා ඇත. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 577 යටතේ වටගොඩ හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: Dave Spencer

Tuesday, May 12, 2020

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Vavniya depot

This photo was taken on September 15, 2014 in Vavniya, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot, TVS bodied Ashok Leyland Viking 193 bus (VV 41 / 63-3536) at the Vavniya old bus stand. The bus acquired to the fleet in 2000. Awaiting to leave for Chidambara puram on a local route. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියාව ඩිපෝව යටතේ ධාවනය වන TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් වව්නියාව පැරණි ශ්‍රී ලංගම බස් නව්තුම් පොළේදී. රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර 2000 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 830 යටතේ සිදම්බරපුරය හා වව්නියාව අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: Dave Spencer

Thursday, September 12, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Gampola depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Gampola depot, SLCTB bodied TATA LP 1210/52 bus (GP 76 / 23ශ්‍රී8861) in Kandy. Playing to Gampola on the route number 718. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1979 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 718 යටතේ මහනුවර හා ගම්පොල අතර ධාවනයට යොදවා තිබී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Wednesday, February 27, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Puttalam depot

This photo was taken in 1981 in Chilaw, Wayamba, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Puttalam depot, SLCTB bodied TATA LP 1210/52 bus (PT 41 / 23ශ්‍රී8137) in Chilaw. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් හලාවත දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 814 යටතේ හලාවත බලා ධාවනය වී ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Wednesday, January 9, 2019

CTB bodied Mercedes-Benz LP 1113 bus from SLCTB Mawanella depot

This photo was taken on 1980 in Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Mawanella depot, CTB bodied Mercedes-Benz LP 1113 bus (MW 20 / 23ශ්‍රී3764) playing to Kandy under the route number 01. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 01 යටතේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවක කොළඹ දී. 1960 දශකයේ අග භාගයේ ජර්මනියෙන් ගෙන්වූ මර්සිඩීස්-බෙන්ස් LP 1113 තට්ටුවක් (chassis) මත ලංගම වැඩපොළ මගින් බඳ එකලස් කොට නිමවූ බස් රථයකි. වසර 10ක සේවා කාලය ඉක්මවා තිබුණද මෙලෙස දුර සේවා යටතේ ධාවනය වී ඇත. ඡායාරූපය: Dave Spencer

Saturday, November 17, 2018

SLCTB bodied ISUZU BF40 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, SLCTB bodied ISUZU BF40 bus (YT 103 / 29ශ්‍රී4037) in Kandy. Acquired to to the SLCTB fleet in 1980. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF40 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ශ්‍රී ලං.ම.ග.ම මගින් බඳ එකලස් කර, 1980 වසරේ ධාවනයට එක් කර ඇත. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති අතර ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 651/2 යටතේ මුරුතලාව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Dave Spencer

Monday, September 10, 2018

Sundaram bodied TATA LPO 1210/55 bus from SLCTB Kandy south depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, Sundaram bodied TATA LPO 1210/55 bus (KS 202 / 29ශ්‍රී1563) playing on the route number 652 between Panideniya and Katugasthota in 1981. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, සුන්දරම් බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. රථය මාර්ග අංක 652 යටතේ පැණිදෙණිය හා කටුගස්තොට අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි බස් රථ එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව සුන්දරම් ඉන්ඩස්ට්‍රීස් සමාගම මගින් නිෂ්පාදිතය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා

Monday, May 14, 2018

Kitamura bodied ISUZU BF30 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, Kitamura bodied ISUZU BF 30 bus (YT 52 / 29ශ්‍රී4414) in Kandy. Aquired in 1981 in SLCTB service. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ ආසන 31කින් සමන්විතව තිබී ඇත. ඡායාරූපය: Dave Spencer

Thursday, February 1, 2018

CTB bodied Isuzu BF 50 bus from SLCTB Thalangama depot

This photo was taken in 1981 in Maradana, Colombo, Western, LK.
Click for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Thalangama depot, CTB bodied ISUZU BF50 bus (TL 89 / 23ශ්‍රී7214) playing on the "Green Circle route no. 1" at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථයක් "කොළ කවය 1" සේවය යටතේ කොටුව බලා ධාවනය වන අවස්ථාවක මරදාන නගරය පසු කරමින්. මෙම කොළ කවය බස් සේවය කොළඹ නගරය වටා කවාකාරයෙන් ධාවනය ධාවනය වී ඇති අතර ඕනෑම ස්ථානයකට අයකර ඇත්තේ එකම ගාස්තුවකි. මෙම කොළ කවය සේවා මහනුවර හා කොළඹ නගර ආශ්‍රිතව එකල ක්‍රියාත්මක වී ඇති අතර එම සේවා කොළ කවය 1, කොළ කවය 2 ආදී වශයෙන් අංක කොට ඇත.   1970 දශකයේ මැද භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ එකලස් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ දීය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්.

Thursday, January 18, 2018

CTB bodied Fiat 650 E bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Kandy North depot, CTB bodied Fiat 650 E bus (KN 56 / 23ශ්‍රී1824) playing on the route number 600 from Kandy to Harankahawa. Photo by Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත ෆියට් 650E වර්ගයට අයත් බස් රථයක් මාර්ග අංක 600 යටතේ මහනුවර සිට හරංකහව බලා ධාවනය වන අවස්ථාවකි. 1965 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථ, මුල් කාලීනව මහනුවර - යාපනය වැනි සීග්‍රගාමී සේවා සඳහා යොදාගෙන ඇත. කෙසේ වූවද වසර 16 කට පසු මෙලෙස අලුත්වැඩියා කොට කෙටිදුර සේවා සඳහා යොදවා ඇති බව පෙනේ. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉතා සුළු වෙනස් කම් සිදුවී තිබුණද එහි මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව පෙනෙන්නට තිබේ. ඡායාරූපය: Dave Spencer

Tuesday, September 5, 2017

Ruby bodied TATA 1210 LP 52 B bus from SLCTB Matale depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Matale depot, Ruby bodied TATA 1210 LP 52 B bus (ML 172 / 29ශ්‍රී1981) playing on the Dambulla - Matale road in 1980's. (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මාතලේ ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා 1210 B වර්ගයේ බස් රථයක් දඹුල්ලේ සිට මාතලේ බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. මෙම බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. මැනුම් අනුව රූබී සමාගම මගින් නිෂ්පාදිතය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්)

Sunday, June 25, 2017

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Polonnaruwa depot

This photo was taken in 1980's in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Polonnaruwa depot, Ashok Leyland Viking SLCTB bodied bus (PL 46 / 23ශ්‍රී8886) in Kandy. Photo by: Dave Spencer.  -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) පොලොන්නරුව ඩිපෝවට අයත්, ශ්‍රී ලං. ම. ග. ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මහනුවර නගරයේ දී.  රථය මහනුවර සිට පොලොන්නරුව බලා ධාවනය වන අවස්ථාවකි. මහනුවර ප්‍රාදෙශිකය අවට ටාටා, ඉසූසූ, බෙන්ස්, ෆියට් වැනි බස් වර්ග බහුලව ගැවසී ඇති එකල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දැක ගැනීමට ලැබී ඇත්තේ සීමිතවය.  ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Saturday, March 25, 2017

SLCTB bodied Ashok Leyland Viking D bus from SLCTB Ja-Ela depot

This photo was taken in 1981 in Colombo, Western, LK.
Click for the full size picture
Sri Lanka Central Transport Board (SLCTB) Ja-Ela depot Ashok Leyland Viking D bus (JL 79 / 23ශ්‍රී9613) playing on the route no 137 in Colombo. (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) ජා-ඇල ඩිපෝව අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ D කාණ්ඩයට අයත් බස් රත්යක් 1981 වසරේ කොළඹ දී මාර්ග අංක 137 යටතේ ධාවනය වන අවස්ථාවකි. මෙම වටිනා ඡායාරූපය අප වෙත ලබාදුන් ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Saturday, January 14, 2017

CTB bodied Mercedes-Benz LP1113 bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (S.L.C.T.B.) Kandy North depot, Mercedes-Benz LP1113 CTB bodied bus (KN 88 / 23ශ්‍රී3748) playing on the Dambulla Matale road in 1980's (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ලං. ග. ම. බඳ සැකසූ මර්සිඩීස් බෙන්ස් LP1113 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 42 යටතේ මහනුවර බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Sunday, October 30, 2016

Isuzu BF50 buses from SLCTB Mattakkuliya depot

This photo was taken in 1980's in Colombo, Western, LK.
Click on the image for full size picture
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Mattakkuliya depot, ISUZU BF50 buses (MK 67 / 23ශ්‍රී8631 & MK 33 / 23ශ්‍රී8231) playing on the route 167 at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථ දෙකක් මාර්ග අංක 167 යටතේ ධාවනයවන අවස්ථාවක මරදානේ දී. 1970 දශකයේ අග භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු (chassis) මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Saturday, June 25, 2016

Leyalnd Comet bus from SLCTB Aluthgama depot

This photo was taken in 1980's in Alutgama, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Alutgama depot, CTB bodied Leyland Comet bus (23ශ්‍රී167) playing on a local route to Alutgama (pic by: Dave Spencer) --   ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වූ ලංගම මගින් බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් අළුත්ගම බලා ධාව්නය වෙමින්.  ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.