Friday, February 27, 2015

Mitsubishi Fuso Aero Star city bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Rambukkana depot Mitsubishi Fuso Aero Star city bus (NA-0590) in the depot premises. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government. Allocated for the services between Kegalle and Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී . 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1992 වසරේ නිමවා ඇත. රථය රඹුක්කන ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් මස සිටය. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය රඹුක්කන ඩිපෝව මගින් මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ රඹුක්කන හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, February 25, 2015

SLTB breakdown service - Hakmana depot

This photo was taken on June 19, 2014 in Hakmana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Comet Minor breakdown service vehicle (62-0212)  in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති අතර ඒකල පිහිටි ලක්දිව වැඩපොළේදී පරිවර්ථනය සිදු කර ඇත.

Tuesday, February 24, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Moratuwa depot

This photo was taken on February 24, 2015 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (MR 96 / NC-1216) at the Milagiriya junction. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Kolonnawa and Moratuwa under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරිය මංසන්ධියේ දී. 2015 වසරේ පෙබරවාරි මස ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කොලොන්නාව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, February 22, 2015

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-8742) in the Maharagama depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the on the southern expressway between Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අසාද් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 21, 2015

Ashok Leyland Lynx 3900 bus from SLTB Alutgama depot

This photo was taken on February 03, 2015 in Aluthgama, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Ashok Leyland Lynx 3900 bus (AL 32 / NB-6187) at Alutgama. The bus acquired to the SLTB fleet in 2013. Allocated for the services between Kalutara and Alutgama. Photo by:Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් අළුත්ගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අළුත්ගම හා කළුතර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Thursday, February 19, 2015

Colombo Rider Ashok Leyland Viking 193 bus from SLTB Wennappuwa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot, Colombo Rider Ashok Leyland 193 bus (WP 27 / GA-6373) in the Kataragama depot premises. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the WBC fleet in 2000. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ දී ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට සපයා තිබේ. අළුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන ලාම්පු වෙනස්කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, February 17, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Panadura depot

This photo was taken on February 16, 2015 in Panadura, Western, LK, using a SAMSUNG SHW-M110S.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, 54 seater Ashok Leyalnd Viking 210 Turbo bus (PN 96 / NB-9440) at Panadura. Acquired to the SLTB fleet in 2014. Photo by: Naveen Darshana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝවට අයත්, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් පානදුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ය. ඡායාරූපය: නවීන් දර්ශන

Monday, February 16, 2015

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1210/32 SLTB edition bus (60ශ්‍රී3590) at the Balangoda bus stand. Built in India according to the SLTB specifications and acquired to the SLTB fleet in 1986. Allocated for the services on a local route between Polwattahena and Balangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, බලන්ගොඩ බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පොල්වත්තහේන හා බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 14, 2015

SLTB supply division - Udahamulla depot

This photo was taken on December 03, 2014 in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී3037) at Meethotamulla. CTB bodied Leyland comet bus converted as the service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් මීතොටමුල්ලේ දී. 1968 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත.

Friday, February 13, 2015

Bharat bodied Ashok Leyland Viking 193 bus from SLTB Thalangma depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Bharat bodied Ashok Leyland Viking bus (TL 20 / 63-2980) at Kataragama. Acquired to the CMBC fleet in 1999. Rehabilitated in 2014 by the Thalangma depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ රථ ඇණිය හා එක්වී ඇති රථයේ බඳ භාරත් (Bharat Coach Builders) සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය, තලංගම ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර 2014 වසරේ දී නැවත ධාවනයට සපයා ඇත්තේ හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, February 12, 2015

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Udugama depot

This photo was taken on January 02, 2015 in Sooriyakanda, Uva, LK, using a NIKON D5000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Ashok Leyalnd Viking 193 Turbo bus (UG 06 / NB-9100) at Sooriyakanda. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Udugama and Embilipitiya. Photo by: Isuru Lasan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) උඩුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් සූරියකන්ද ප්‍රදේශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ධාවනයට එක්වී ඇත්තේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ උඩුගම හා ඇඹිලිපිටිය අතර ධාවනය යොදවා ඇත. ඡායාරූපය: ඉසුරු ලසන්.

Tuesday, February 10, 2015

Wesco TATA LP 1210/52 bus from SLTB Wennappuwa depot

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot, Wesco TATA LP 1210/52 bus (WP 29 / 62-7121) bus at the Nattandiya bus stand. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the WBC fleet in 1998. Allocated for the services between Nattandiya and Marawila. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙන්නප්පුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් නාත්තන්ඩිය බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාරවිල හා නාත්තන්ඩිය අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 8, 2015

Wesco ISUZU MT112 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 23, 2012 in Polonnaruwa, North Central, LK, using a Samsung PL210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Wesco ISUZU MT112 bus (PL 49 / 62-9394) at Polonnaruwa. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1998. Allocated for the services on a local route between Kalahagala and Kaduruwela. Photo by: Rajitha Perera. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් පොළොන්නරුවේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට රජරට බස් සමාගම යටතේ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙලෙස සාමන්‍ය ගාස්තු යටතේ කලහගල හා කදුරුවෙල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

Saturday, February 7, 2015

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Ratmalana depot

This photo was taken on July 24, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Lanka Ashok Leyland Viking 193 bus (RL 12 / 61-9306) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the PTS fleet in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිමවා 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී 2008 වසරේ පුනරුත්ථාපන ව්‍යාපෘතියක් මගින් නැවත ධාවනයට සපයා තිබේ.

This photo was taken on July 24, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, February 4, 2015

SLCTB bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on January 29, 2014 in Bandarawela, Uva, LK, using a NIKON D3100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, SLCTB bodied TATA LP 1210/42 bus (BW 01 / 29ශ්‍රී0015) at Bandarawela. Body built by SLCTB central workshop Ekala and acquired to the depot fleet in 1979. Allocated for the services between the local hospital and Bandarawela. Photo by: Muditha Nakandala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙලදී. ඒකල මධ්‍යම වැඩපොළ මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රෝහල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය: මුදිත නාකන්දල

The bus in the depot premises in May 2017 -- රථය 2017 වසරේ මැයි මස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, February 2, 2015

SLTB supply division - Kataragama depot

This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ashok Leyland Viking 154 supply division vehicle (23ශ්‍රී8517) in the depot premises. SLCTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 154 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලංමගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.