Showing posts with label Y1968. Show all posts
Showing posts with label Y1968. Show all posts

Friday, April 2, 2021

CTB bodied Leyland Comet bus from SRILANGAMA Galle depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
Srilangama (now SLTB) Galle depot, CTB bodied Leyland Comet bus (GL 115 / 23ශ්‍රී2964) at Galle. The bus allocated to the CTB fleet in 1968. This photo was taken in 1987 while it was allocated for the services between Galle and Yakkalamulla under route number 382. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1987 වසරේ ගාල්ලේ දී. රථය 1968 වසරේ ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා යක්කලමුල්ල අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 382 යටතේය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, February 14, 2015

SLTB supply division - Udahamulla depot

This photo was taken on December 03, 2014 in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී3037) at Meethotamulla. CTB bodied Leyland comet bus converted as the service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් මීතොටමුල්ලේ දී. 1968 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත.

Sunday, July 27, 2014

Leyland RTL double decker bus from CTB Maharagama depot

This photo was taken in 1973 in Colombo Fort, Western LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී3102) in Colombo. This photo was taken in 1973 while it was running under the route number 112 between Mharagama and Kaduwela. Photo courtesy: Wiltsguy on flickr. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹදී. මෙම බස් රථය 1968 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. ශ්‍රී ලංකාවට ලැබෙන විට මෙම රථ බොහොමයක් වසර 15 ක සේවා කාළය සම්පූර්ණ කොට තිබී ඇත. එනම් මෙම බස් රථ 1950 දශකයේ මුල භාගයේ ධාවනයට එක් වූ ඒවාය. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වර්තමාන ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එකදු බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 112 යටතේ මහරගම හා කඩුවෙල අතර ධාවනය වෙමින් තිබී ඇත. එවකට මාර්ග අංක 112 බස් සේවය මහරගම, ඩික්මන් පාර, කොල්ලුපිටිය, කොටුව, කොටහේන, වැල්ලම්පිටිය හරහා කඩුවෙල දක්වා ක්‍රියාත්මක වී ඇත. අනාගත පරපුරට දැකගනීම් පිණිස එක් බස් රථයක් හෝ සංරක්ෂණය විය යුතුව තිබුනද අද අපට මෙම බස් රථ දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ලබාගත් මෙවැනි ඡායාරූප වලින් පමණි. ඡායාරූපය: Wiltsguy on flickr