Showing posts with label 3500. Show all posts
Showing posts with label 3500. Show all posts

Sunday, October 21, 2018

Mercedes-Benz 3500 broadcasting unit vehicle from SLTB Anuradhapura depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Mercedes-Benz 3500 broadcasting unit vehicle (22ශ්‍රී0421) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ  රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ඩිපෝවේ ප්‍රචාරණ රථය ලෙස භාවිතා වන මෙය වත්මන් ශ්‍රී ලංගමය සතු පැරණිම වාහනයකි. 1958 දී මෙම රථය, ලොරි බස් රථයක් ලෙස ලංගම හා එකතු වන්නේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙරද මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ මගී ප්‍රවාහයේ යෙදී ඇත. 1958 න් පසු ලංගම මහනුවර දකුණ ඩිපෝව යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති මෙය පසුකාලීනව ලංගම මගින් කාර්ම්ක සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. පසුව මහනුවර දකුණ ඩිපෝව මගින් කාර්මික සේවා රථයක් ලෙස භාවිතා වන අවධියේ බඳ අලුත්වැඩියාව පිණිස මැදවච්චිය වැඩපොළ වෙත යවා ඇති නමුත් 2016 වසර වන තෙක් අලුත් වැඩියාවට ලක් නොවූ තැන වැඩපොළ මගින් වෙන්දේසියට නිර්දේශ කොට ඇත. වෙන්දේසි කිරීම සඳහා අනුරාධපුර ඩිපෝව වෙත යැවුණු මෙම රථය, අනුරාධපුර ඩිපෝ සේවක පිරිස විසින් වෙන්දේසියෙන් ඉවත්කොට, ඩිපෝවේ ප්‍රචාරක රථය ලෙස මෙලෙස අලුත්වැඩියා කර 2016 වසරේ නැවත ධාවනයට එක් කර ඇත.

මෙම රථය ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය. ඡායාරූපය මත ක්ලික් කරන්න

Tuesday, January 31, 2017

Mercedes-Benz 3500 bus from SLCTB Werahara central workshop staff service

This photo was taken on March, 1981 in Piliyandala, Western, LK
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Werahara Central Workshop, Mercedes-Benz 3500 staff service bus (IC-1733) near the Nawa Piliyandala depot premises in March 1981. Acquired to the Wijaya bus company (Negombo) in 1953. (Photo by: Bruce Harris / Photo courtesy: "Sri Lankan Buses - Past & Present", a publication by buses worldwide.) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) වේරහැර මධ්‍ය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස ධාවනය වූ මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ බස් රථයක් 1981 මාර්තු මස වැඩපොළ පරිශ්‍රය (නව පිළියන්දල ඩිපෝව) අසලදී. මෙම බස් රථය 1953 වසරේ ජුලි මස මීගමුවේ විජය බස් සමාගම හා ධාවනයට එක් වී ඇති අතර 1958 බස් ජනතුවට සමගාමීව ලංගම රථ ඇණිය හා එක්ව ඇත.  (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.)

Friday, November 7, 2014

SLTB breakdown service - Negombo depot

This photo was taken on November 01, 2014 in Negombo , Western LK, using a Nokia Lumia 625.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Mercedes-Benz L 3500 break down service vehicle (IC-1601) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company. Photo by: Indika Prabhath Wickramasinghe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් L 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ශ්‍රී ලංගමය සතු පැරණිම රථ වලින් එකකි. 1958 දී මෙම රථය, ලංගම හා එකතුවී ඇත්තේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙර පුද්ගලික බස් සමාගමක් යටතේ මගී ප්‍රවාහයේ යෙදී ඇත. ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති මෙය පසුකාලීනව ලංගම මගින් කාර්ම්ක සේවා රථයක් ලෙස පරිවර්තය කර ඇත. ඡායාරූප: ඉන්දික ප්‍රභාත් වික්‍රමසිංහ.

Inside of the vehicle -- රථයේ ඇතුලත
This photo was taken on November 01, 2014 in Negombo , Western LK, using a Nokia Lumia 625.
Click for the full size picture.

Wednesday, October 16, 2013

Mercedes-Benz L 3500 breakdown service vehicle from SLTB Ytinuwara depot

This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB)Yatinuwara depot, Mercedes-Benz L 3500 breakdown service vehicle (IC-2696) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company under the bus nationalization . Registerd in Sri Lanka in 1956 under a private bus company. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් L 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ශ්‍රී ලංගමය සතු පැරණිම රථයකි. 1958 දී මෙම රථය, ලංගම හා එකතු වී ඇත්තේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙර මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ ලොරි බස් රථයක් ලෙස මගී ප්‍රවාහනයේ යෙදී ඇත. ජනසතුවෙන් පසු ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති රථය පසුකාලීනව ලංගම මගින් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. ලංගම මගින් සිදු කල අලුත්වැඩියාවන් වලදී රථයේ ලොරි මුහුණත වෙනස් කොට තිබේ.   

Inside of the Breakdown -- රථයේ ඇතුලත
This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a SAMSUNG WB100.
Click for the full-size picture.

A video of the vehicle -- මෙම රථයේ වීඩියෝවක්

Monday, August 19, 2013

Mercedes-Benz 3500 breakdown service vehicle from SLCTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy South depot, classic Mercedes-Benz 3500 breakdown service vehicle (22ශ්‍රී0421) in Kandy in1981. Acquired to the CTB in 1958 from a private bus company. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් පැරණි මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් 1981 වසරේ මහනුවර දී. දැනටත් ශ්‍රී ලංගමය සතු පැරණිම වාහනයකි. 1958 දී මෙම රථය, ලොරි බස් රථයක් ලෙස ලංගම හා එකතු වන්නේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙරද මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ මගී ප්‍රවාහයේ යෙදී ඇත. 1958 න් පසු ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති මෙය පසුකාලීනව ලංගම මගින් කාර්ම්ක සේවා රථයක් ලෙස පරිවර්තය කර ඇත.

පසුකාලීනව බඳ අළුත්වැඩියාව පිණිස ශ්‍රී ලංගම මැදවච්චිය වැඩපොළට යැවුණු මෙම රථය, එහිදී අළුත්වැඩියාවකට ලක් නොවුණු අතර වෙන්දේසියට නිර්දේශ විය.

මැදවච්චිය වැඩපොළ වෙත යැවුණු රථය
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.


This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
වෙන්දේසි කිරීම සඳහා අනුරාධපුර ඩිපෝව වෙත යැවුණු මෙම රථය, ඩිපෝ සේවක පිරිස විසින් වෙන්දේසියෙන් ඉවත්කොට, ඩිපෝවේ ප්‍රචාරක රථය ලෙස අලුත්වැඩියා කර 2016 වසරේ නැවත ධාවනයට එක් කරන ලදී. ඒ පිලිබඳ අප පළ කල සම්පූර්ණ ලිපිය ලබා ගැනීමට ඡායාරූපය මත ක්ලික් කරන්න