Showing posts with label Peoplized Transport Service. Show all posts
Showing posts with label Peoplized Transport Service. Show all posts

Thursday, April 16, 2020

ලංගම මතක සටහන් - ලිපි අංක 07

This photo was taken in 1992 in Randenigala, Central, LK.
Click for the full size picture.
සත් වන මතක සටහන ලෙස ඔබට ගෙන එන්නේ ජනතා සන්තක ප්‍රවාහන සේවය කිරිඳිවැල ඩිපෝව හා බැඳුණු මතක සටහනකි. 1992 වසරේ සීමාසහිත කිරිඳිවැල ජනතා සන්තක ප්‍රවාහන සේවයේ සේවක පිරිස වසින් මෙම TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයෙන් (KD 35 / 61-4150) සුභසාධක චාරිකාවක් පැමිණි අපූරු මතක සටහනකි. මෙම ඡායාරූපය 1992 වසරේ රන්දෙනිගල ප්‍රදේශයේ චාරිකාව අතරතුර ලබගාන්නා ලද්දකි. මෙම මතක සටහනේ හිමිකරුවා වන්නේ එවකට කිරිඳිවැල ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල එම්. පී. රූපසිංහ මහතාය. සුදු වර්ණ සහිත කමිසයකින් ඔහුද ඡායාරූපයේ පෙනී සිටී. අප වෙත එවන ලද්දේ ලංගම බස් අඩවියේ පාඨක අනුර සෝමරතන මහතා විසිනි.

මෙම බස් රථය පිලිබඳ අමතර යමක් සඳහන් කරන්නේ නම්, මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවූ බස් රථයක් වන අතර TVS සමාගමේ එකලස් කරන ලද බඳකින් යුක්ත වී ඇත. රථය උදාගම් වැඩපිළිවෙළ යටතේ කෑරගල මහාබෝධිගම ගම්මානය ආරම්භක අවස්ථාවේදී, මාර්ග අංක 227 යටතේ යටතේ හේනේගම හා කොළඹ අතර ධාවනය සදහා යෙදවූවකි. එලෙස ධාවනය කරවීම සඳහා 1991 වසරේ දී බස්‍ රථය ඩිපෝව වෙත ලබා දී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් විසිනි. මෙම බඳ සහිත බස් රථ ඉතා සීමිත ගණනක් පමණක් ලංගම යටතේ මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවේම තිබී ඇත.

චාරිකාව අතරතුර ලබාගත් තවත් ඡායාරූපයක්.
This photo was taken in 1992 in Randenigala, Central, LK.
Click for the full size picture.
ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Thursday, December 6, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Negombo depot

This photo was taken in 1992 in Negombo, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Negombo depot, Ruby bodied TATA LP 1210/52 bus (30ශ්‍රී2992) at Negombo in April 1992. Acquired to the service in 1982 under the Sri Lanka Central Transport Board. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ මීගමුවේ දී. 1982 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථය මෙම වර්ගයේ මුල් කාලීනම බස් රථයකි. ඇතැම් විට පරීක්‍ෂණ ධාවනය වෙනුවෙන් මණ්ඩලය වෙත සපයන ලද්දක් විය හැකිය.

Wednesday, August 15, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Badulla depot

This photo was taken in April 1991 in Badulla, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Badulla depot, Ruby bodied TATA LP 1210/52 bus (61-1975) at Badulla with a special tour in April 1991. Acquired to the service in March 1991. Special thank goes to Mr. Kavissara Sanjeewa for the pictures and the valuable information. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1991 වසරේ අප්‍රේල් මස බදුල්ලේ දී. 1991 වසරේ මාර්තු 25 වන දින සීමා සහිත බදුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් රු 975 000.00 ක මුදලක් එකවර ගෙවා මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස 1991 වසරේ අප්‍රේල් මස ධාවනයට එක් කර ඇත. මුල්කාලීනව කොළඹ - බදුල්ල, මහනුවර - බදුල්ල, අම්පාර - බදුල්ල වැනි වෙවාවන් වෙනුවෙන් යොදාගෙන ඇති රථය ඩිපෝවේ සුභසාධක චාරිකා රැසක් සඳහාද සිය දායකත්වය සපයා ඇති බව සැලයි. ඡායාරූප සහ තොරතුරු සඳහා විශේෂ ස්තූතිය: කවිස්සර සංජීව මහතා.

1991 වසරේ මාර්තු මස 25 වන දින බස් රථය මිලදී ගෙන ඩිපෝව වෙත රැගෙන එන අතරතුර හපුතලේ දී. ඩිපෝ පරීක්‍ෂක තුමන් මෙන්ම රියදුරු කොන්දොස්තර මහත්වරුන්ද රථය ඉදිඉයෙන් සිටී. 
This photo was taken in March 25, 1991 in Haputhale, Uva, LK.
Click for the full size picture.
පසුකාලීනව ධාවනයෙන් ඉවත්ව ඇති රථයෙ බඳ, 63-4102 දරණ ටාටා 1510 වර්ගයේ තට්ටුවකට බද්ධ කර මේ දක්වා ධාවනයේ යෙදේ. 

Friday, March 9, 2018

Dimo TATA LPO 1313/47 bus from PTS Anuradhapura depot

This photo was taken in 1995 in Hunnasgiriya, Central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Anuradhapura depot, dimo TATA  LPO 1313/47 bus (62-1184) at Hunnasgiriya with a special tour in 1995. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 බස් රථයක් 1995 වසරේ හුන්නස්ගිරියේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ මෙරටදී එකලස් කර ඇත්තේ ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගිනි. රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවකි.

Saturday, August 1, 2015

Park Royal bodied AEC Routemaster Double-decker bus from PTS Negombo depot

This photo was taken on March 1993 in Negombo, Western, LK.
Click on the image for full size picture.
PTS (Peoplized Transport Service / Now SLTB) Negombo depot Park Royal bodied AEC Routemaster Double-decker bus (60ශ්‍රී6626) at Negombo in March 1993. (Photo by: Sir Perry Como) -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. 1993 වසරේ මාර්තු මස ලබාගත් ඡායාරූපයකි. පසුකාලීනව මෙම බස් රථය කුරුණෑගල දකුණ ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. (ඡායාරූපය: Sir Perry Como)

Sunday, January 26, 2014

AEC Routemaster double-decker bus from PTS Ratmalana depot

This photo was taken in 1993 in Colombo, Western LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Ratmalana depot AEC Routemaster double-decker bus (RL 07 / 60-6612) playing on the Galle road under the route number 133 in 1993. Photo courtesy: perry como1on flickr -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. ජනතා සන්තක ප්‍රවාහන සේවය, මහරගම ඩිපෝවේ ලාංඡනය සහිත පැරණි බස් රථයක්ද පසෙකින් දිස් වේ. 1993 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 133 යටතේ ගල්කිස්ස බලා ධාවනය වී ඇත. ඡායාරූපය: perry como

Monday, September 2, 2013

PTS Welimada bus stand in the 90's

This photo was taken in 1995 in Welimada, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS / now SLTB) buses at the Welimada bus stand in the 90's -- 1995 වසරේ වැලිමඩ බස් නැවතුමේ නවතා ඇති ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් (වත්මන් ශ්‍රී ලං.ග.ම.) බස් රථ. සියල්ලම පාහේ කැප්පෙටිපොල ඩිපෝවට අයත්ය. ඡායාරූපය: එන්. ඩී. එම්. අබේසේකර මයා. අප වෙත ඒවා තිබුණු ප්‍රිමාල් මදුසංක මයාටද විශේෂ ස්තූතිය

Thursday, August 22, 2013

Peoplized Transport Service (PTS) Logos 1991-1997 -- ජනතා සන්තක ප්‍රවාහන සේවය ලාංඡන 1991-1997

1991 වසරේ දී "ශ්‍රී ලංගම" යන නාමය වෙනස් කොට "ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස නම් කර ඇත. ඒ ඒ ඩිපොවන් වල පරිපාලනය වෙන වෙනම සිදු වී ඇති එකල ඒ ඒ ඩිපොවන්ට වෙන වෙනම ලාංඡන තිබී ඇත. ඒවායින් තෝරාගත් කීපයක් පමණක් මෙම ලිපියේ පල කරන්නෙමු. ලැබෙන පරිදි අනෙක් ලාංඡන ද යාවත් කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු. 1997 දකවා ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස පැවතී ඇත.

1) Negumbo depot -- මීගමුව ඩිපෝව

2) Panadura depot -- පානදුර ඩිපෝව

3) Moratuwa depot -- මොරටුව ඩිපෝව

4) Maharagama depot -- මහරගම ඩිපෝව

5) Hanguranketha depot -- හඟුරන්කෙත ඩිපෝව

6) Galle depot -- ගාල්ල ඩිපෝව

7) Angoda depot -- අංගොඩ ඩිපෝව (සීමාසහිත අංගොඩ ජනතා සන්තක ප්‍රවාහන සේවය)

Tuesday, July 2, 2013

Ashok Leyland Chital bus from PTS Negombo depot

This photo was taken in 1991 in Negombo, Western LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Negombo depot Ashok Leyland Chital bus (60-7117) at Negumbo. Few buses imported in 1989 for rural services. -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් චිටාල් වර්ගයේ ග්‍රාමීය සේවා බස් රථයක් මීගමුවේ දී. 1989 වසරේ බස් රථ කීපයක් සී/ස මීගමුව ජනතා සන්තක ප්‍රවාහන සේවය වෙත, මිලදී ගෙන ඇත. වර්තමානයේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය යටතේ ධාවනයේ නොමැත. 1991 වසරේ ලබාගත් ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, April 16, 2013

AEC Routemaster double decker bus from PTS Yatinuwara depot

This photo was taken on 1993 in Kadugannawa, central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Yatinuwara depot x London Transport AEC Routemaster double decker bus (YT 101 / 60ශ්‍රී6640) at the Kadugannawa bus stand. (Photo by: Perry Como)  -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ. ස. ප්‍ර. සේ.) යටිනුවර ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කඩුගන්නාව බස් නැවතුමේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (x London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1980 දශකයේ අග භාගයේ දී  ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර හා කඩුගන්නාව අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: පෙරී කොමෝ)

2009 වසරේ මෙම බස් රථය නගර සංචාර සේවා වෙනුවෙන් ශ්‍රී ලංගම රත්මලාන ඩිපෝව වෙත පවරා දී ඇත. ඒ පිලිබඳ සම්පූර්ණ ලිපිය මෙතනින්