Friday, December 4, 2020

SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Dambulla depot

This photo was taken in 1991 in Dambulla, Central, LK.
Click for the full-size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Dambulla depot, SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus (60ශ්‍රී8500) in the depot premises. The brand new bus at the PTS Dambulla opening ceremony in 1991. Photo courtesy: Chandana Wijesinghe. -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ.ස.ප්‍ර.සේ. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ බඳ නිමවූ මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1990 වසරේ ජර්මනියෙන් ගෙන්වන ලද මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ තට්ටු 256 ක තොගයකින් කොටසක්, ඒකල වැඩපොළ වෙත සපයා මෙලෙස බඳ නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථ සීමිත ගණනක් පමණක් ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. ඒකල වැඩපොළ මඟින් ද බඳ මාදිලි කීපයක් යටතේ මේවා එකලස් වී ඇත. ඡායාරූපයේ දැක්වෙන මාදිලියේ එකදු බස් රථයක් හෝ වර්තමාන ශ්‍රී ලංගම රථ ඇණියේ දක්නට නැත. 1991 වසරේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ සීමාසහිත දඹුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය පිහිටවූ දිනයේ වන අතර උත්සවයට සමගාමීව බස් රථය ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය: චන්දන විජේසිංහ. 

4 comments:

  1. Neliya ctb aka akak Mata mathaka hatiyata 2010 /2011wanakam waga ragala neliya wada kara dan aka yakadata danda athiy

    ReplyDelete
  2. ඔබ වැනි කෙනෙක් හමුවීම මට ලොකු සතුටක්. ලංගම ගැන මට තිබෙන හද ගැස්ම තමයි ඔබටත් තියෙන්නෙ. මම වඩා කැමති වේරහැර සහ ඒකල හදන බොඩියටයි. චැසිවලින් වඩා කැමති ටාටා 1210 සහ මෙම බෙන්ස් චැසියටයි.

    ReplyDelete
  3. මේ වර්ගයේ බස් වල වෙන photos නැද්ද. මේ බස් රථ 2ක් කැප්පෙටිපොළ ඩිපෝවේ තිබුනා.

    ReplyDelete