Thursday, September 27, 2018

Ruby bodied TATA LPO 1313/47 special bus from SRILANGAMA Badulla depot

This photo was taken in 1987 in Wewessa Ella, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SRILANGAMA) Badulla depot, Ruby bodied TATA LPO 1313/47 special bus (60ශ්‍රී5417) near the Wewessa Ella waterfall in 1987. The bus having a specially built body according to the requirements of the  Badulla - Colombo "Laksiri" service.  Photo taken form a SLTB 30th anniversary pocket calendar.  Special Thank goes to Mr. Kavissara Sanjeewa for the valuable photo and the information. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LPO 1313/47 වර්ගයේ විශේෂ බස් රථයක් (60ශ්‍රී5417) 1987 වසරේ දී  වේවැස්ස දිය ඇල්ල අසල දී. 1987 වසරේ මෙම වර්ගයේ විශේෂ බස් රථ දෙකක් බදුල්ල - කොළඹ "ලක්සිරි" සේවය වෙනුවෙන් විශේෂයෙන්ම ආනයනය කර ඇත. අනෙක් බසය වන්නේ 60ශ්‍රී5411 බස් රථයයි. ඩිපෝව මගින් රුබී සමාගමට ලබාදුන් අවශ්‍යතා අනුව මෙම විශේෂ බස් රථ ද්විත්වය නිමවා එවා ඇත. මෙම බස් රථ 2 x 3 ආසන සැකැස්මට සකසා ඇති අතර ඉදිරිපස තනි දොරටුවකින් යුක්තව තිබී ඇත. උස් ඇන්ද සහිත ආසන 52කින් සමන්විතව තිබී ඇති රථයේ සෑම ආසන දෙකක් අතරම විදුලි පංකා සවි කර තිබී ඇත. කම්පන උරා ගැනීමට සමත් දැවමුවා පොළවක් රථය සතුව තිබී ඇති අතර රථයේ ජනේල තිර රෙදි මෙන්ම ලක්සිරි වර්ණ රටාවද ඉන්දියාවෙන්ම නිමවා එවා ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ 1988 වසරේ ශ්‍රීලංගම ට 30 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නිකුත් කරන ලද සාක්කු දින දර්ශණයකිනි. ඡයාරූපය සහ වටිනා තොරතුරු සමූහය වෙනුවෙන් කවිස්සර සංජීව මහතාට විශේෂ ස්තූතිය.

4 comments:

  1. ඇයි දැන් ලක්සිරි සේවාවේ මේ වර්ණ රටාව නැත්තේ

    ReplyDelete
    Replies
    1. දැන් ලක්සිරි සේවාව වෙනුවෙන් විශේෂ බස් නොමැත. සාමාන්‍ය බස් රථම ඒ සඳහාද යොදා ගැනේ එහෙයින් වෙනස් වර්ණ රටාවක් යෙදීම අවශ්‍ය නොවේ.

      Delete
  2. අනාගතයට දකින්න ඉතිරි කරගන්න ඕන බස් දෙකක් නැතිවුනා මන් හිතන්නේ .

    ReplyDelete
    Replies
    1. මෙය පමණක් නොව එසේ රැක ගත යුතුව තිබුණු බස් රථ රැසක් මේ වන ටික යකඩ වලට කැපී අවසන්ය..

      Delete