Showing posts with label TM. Show all posts
Showing posts with label TM. Show all posts

Thursday, September 21, 2023

SLTB Supply division - Trincomalee depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot Ashok Leyland Viking 193 supply division service vehicle (60ශ්‍රී5603) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රීකුණාමලය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී5603 වේ.  1988 වසරේ ධාවනයට එක්වූ සුන්දරම් බඳක් සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සේවා රථය  සකසාගෙන ඇත.

මෙය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය. 


Friday, February 5, 2021

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLCTB Trincomalee depot

This photo was taken in 1981 in Trincomalee, Eastern, LK.
Click for the full size
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Trincomalee depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (TM 51 / 23ශ්‍රී9327) playing to Anuradhapura on route number 835 at Trincomalee in 1981. Body built by SLCTB and acquired to the depot fleet in 1979. Photo courtesy: Ape Langama -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ත්‍රිකුණාමලයේ දී. මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 835 යටතේ ත්‍රිකුණාමලයේ සිට අනුරධපුර බලා (තාවකාලික ධාවන වාරයක) ධාවනය වී ඇත. ඡයාරූපයේ අයිතිය මුල් ඡායාරූප ශිල්පියා සතුය. උපුටා ගැනීම: අපේ ලංගම

Monday, January 4, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Trincomalee depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, Ashok Leyland Viking 222 Hinopower bus (TM 04 / NA-3647) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2006. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Saturday, November 9, 2019

Re-bodied Ashok Leyland Viking bus from SLTB Trincomalee depot

This photo was taken on April 25, 2013 in Trincomalee, Eastern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, re-bodied Ahsok Leyand Viking bus (TM 01 / 60-5603) in the depot premises. Re-bodied by the Ekala Lakdiwa engineering (pvt) Ltd. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ශ්‍රීලංගම මගින් බඳ එකලස් කොට 1988 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථයේ, මුල් බඳ පසුකාලීනව අබලන් වීම නිසා, රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු බස් රථයකින් සපයාගත් බඳක් බද්ධ කර මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කොට තිබේ. අදාළ අලුත්වැඩියාව 2010 වසරේ සිදුකර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි. කෙසේ වූවද 2014 වසරේ මෙම රථය ධාවනයෙන් ඉවත්කොට ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. අප වෙත එවූ උපුල් සේනාධීර මහතාට විශේෂ ස්තූතිය.

Friday, May 10, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Trincomalee depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, 54 seater Ashok Leyland Viking Tubro bus (TM 38 / NC-1020) in the Tangalle depot premises. Allocated for the service between Trincomalee and Tangalle under the route number 49/32. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් තංගල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 49/32 ඔස්සේ  ත්‍රිකුණාමලය හා තංගල්ල අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගම මහනුවර දකුණ ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය ධාවන අවශ්‍යතා මත අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ NB-5457 සහ NB-5859 යන D කාණ්ඩයේ බස් රථ ද්විත්වය වෙනුවට ත්‍රිකුණාමලය ඩිපෝව හා හුවමාරු කරගෙන ඇත.

Friday, November 3, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Trincomalee depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, 54 seater Ashok Leyland Viking Tubro bus (TM 37 / NC-0802) at the Jaffna central bus stand. The bus allocated to the Trincomalee 88 Jaffna service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 88 යටතේ යාපනය හා ත්‍රිකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, December 25, 2014

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Trincomalee depot

This photo was taken on November 19, 2014 in Walapane, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, 42 seater Ashok Leyalnd Viking 193 Turbo bus (TM 51 / NB-8599) at the Walapane SLTB bus stand. Acquired to the SLTB fleet in 2014. Allocated for the service between Walapane and Trincomalee. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් වලපනේ ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වලපනේ හා ත්‍රිකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, July 10, 2013

Ashok Leyland Viking HinoPower bus from SLTB Trincomalee depot

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot,  Ashok Leyland Viking HinoPower bus (TM 30 / NA-4015) at the Kalminai bus stand. Allocated for the services between Trincomalee and Kalmunai. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. රථය 2006 වසරේ ධාවනයට එකතු වී ඇත.  ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ත්‍රිකුණාමලය බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.