Thursday, July 30, 2015

Repowered Hino KC-HU2MLCA city bus from SLTB Kurunegala South depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala South depot Hino KC-HU2MLCA Bus (NA-0576) in the depot premises. This bus repowered with an Ashok Leyland engine and synchromesh (Greatwall) gear box. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ KC-HU2MLCA වර්ගයේ බස් රථයකි. මෙම බස්රථයේ විශේෂත්වය වන්නේ මෙය අශෝක් ලේලන්ඩ් එන්ජිමක් සහ ග්‍රේට්වෝල් වර්ගයේ synchromesh ගියර් පෙට්ටියක් ආධාරයෙන් නැවත බලගන්වා තිබීමයි. 2014 වසරේ මාර්තු මස අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කල මෙම බස් රථය, කඩවත ඩිපෝවෙන් රැගෙන ආ බස් රථයකි. රථයේ ඩීසල් පරිභෝජනයද ලීටරයට කි. මි. 3.5 දක්වා අඩු කරගෙන තිබීමද විශේෂත්වයකි. මීට අමතරව තවත් සුනාමි බස් රැසක් කුරුනෑගල දකුණ  ඩිපෝ ඉංජිනේරු අංශය මගින්  වෙනත් එන්ජින් පද්ධති බද්ධ කොට ධාවනයට සපයා ඇත. මෙවැනි ව්‍යාපෘති මගින් ශ්‍රී ලංගම ඉංජිනේරුවන්ගේ මනා දක්ෂතාවය ලොවටම මැනවින් කියා පායි. මේ සඳහා මූලිකත්වය ගත් කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාට සහ ඉංජිනේරු අංශයේ සේවක පිරිසට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

New engine of the bus -- රථයට බද්ධ කල අශෝක් ලේලන්ඩ් වර්ගයේ එන්ජිම (ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින් තිබියෙදී)
This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Monday, July 27, 2015

SLTB Supply Division (Matale Depot)

Sri Lanka Transport Board (SLTB) Matale depot TATA 1210 Supply Division lorry (60ශ්‍රී3664) in Galle depot premises. (The image is copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතලේ ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ගාල්ල ඩිපෝ අංගනයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී3664 වේ. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Friday, July 24, 2015

Azad bodied Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Azad bodied Ashok Leyland Viking 193 bus (TL 151 / 63-1775) in the depot premises. The bus acquired to the CMBC fleet in 1999. Allocated for the services between Koswatta and Pettah under the route number 152 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථයේ බඳ නිමවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Builders Pvt Ltd) මගිනි. 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 152 යටතේ කොස්වත්ත හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, July 20, 2015

Latec TATA LP 1510/52 bus from SLTB Embilipitiya depot

This photo was taken on September 25, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot Latec TATA LP 1510/52 bus (EMB 52 / GD-8037) at Embilipitiya. Body built by Latec with Duple Metsec (UK) and acquired to the SGBC fleet in 2000. Rehabilitated and modified by the depot workers in 2012 to celebrate the President's induction. Allocated for the services between Suriyawewa and Embilipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටිය නගරයේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ ධාවනයට එක් කර ඇත.  පසු කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී ඇඹිලිපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ සූරියවැව හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 25, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, July 18, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Ratnapura depot

This photo was taken on July 11, 2015, in Siripagama, Sabaragamuwa, LK, using a Sony LT22i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Ashok Leyland Viking 210 Turbo bus (RP 75 / NC-1652) at Siripagama. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Siripagama and Ratnapura. Pic by: Lovindu Lakmal Chathuranga -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් සිරිපාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2015 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තතේ 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිරිපාගම හා රත්නපුර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ලොවිඳු ලක්මාල් චතුරංග.

Thursday, July 16, 2015

Central bus stand Batticaloa

This photo was taken in 2012 in Batticaloa, Eastern, LK.
Click on the image for full size picture.
This photo was taken in 2012 in Batticaloa, Eastern, LK.
Click on the image for full size picture.

The Central bus stand, Batticaloa.(Images are copyright to the respective photographers)  --  ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ මඩකලපුව. (ඡායාරූපවල අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පීන් සතුය)

Tuesday, July 14, 2015

Wesco ISUZU MT 112 L Luxury bus from K B C Panadura depot

This photo was taken in 2003 in Panadura, Western, LK.
Click for the full-size picture.
Kalutara Bus Company (KLBC / Now SLTB) Panadura depot, Wesco ISUZU MT112 L luxury bus (PN 161 / 63-1348) at the Panadura bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1999. Allocated for the luxury services between Panadura and Colombo under route number 100. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- කළුතර බස් සමාගමේ (ක. බ. ස / වත්මන් ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ඉසුසූ MT 112 වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් 2003 වසරේ පානදුර බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1999 වසරේ කළුතර බස් සමාගම යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පානදුර හා කොළඹ අතර සුඛෝපබෝගී සේවා වෙනුවෙන් යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Saturday, July 11, 2015

Ruby bodied TATA LP 1510/42 Turbo SLTB edition bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 23, 2013, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 1510/42 Turbo SLTB edition bus (KP 145 / NA-7116) at Anuradhapura with a special tour. Body built by Ruby coach builders according to the SLTB specifcations and aquired to the SLTB fleet in 2008. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 turbo වර්ගයේ බස් රථයක් අනුරාධපුර දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා 2008 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් කර ඇත. ඡායාරූපය ලබාගත්තේ විශේෂ චාරිකාවක් යටතේ ධාවනය වන අවස්ථාවකය.
This photo was taken on June 23, 2013, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.


Thursday, July 9, 2015

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013, in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalatota depot, Lanka Ashok Leyland Viking 193 bus (AT 81 / 61-6313) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the PTS fleet in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී 2013 වසරේ දී අළුත්වැඩියා කර නැවත ධාවනයට සපයා තිබේ.

This photo was taken on December 30, 2013, in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, July 7, 2015

SLTB breakdown service - Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ashok Leyland Comet breakdown service vehicle (23ශ්‍රී8366) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Sunday, July 5, 2015

Latec TATA LP 1210/52 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Latec TATA LP 1210/52 bus (KL 76 / 61-6732) at Kegalle town on October 2013. Body built by Latec with Duple Metsec (UK) and aquired to the SLTB fleet in 1993. Allocated for the services between Udagama and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කෑගල්ල නගරයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කල බස් රථයකි. 2013 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ උඩගම හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, July 2, 2015

Bharat bodied Ashok Leyland Viking 193 bus from SLTB Karainagar depot

This photo was taken on December 20, 2014, in Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Bharat bodied Ashok Leyland Viking 193 bus (63-0474) at the Jaffna central bus stand. Acquired to the NRTB fleet in 1998. Allocated for the services between Karainagar and Jaffna under the route number 786. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරයිනගර් ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ කාරයිනගර් ඩිපෝව හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 786 යටතේ කාරයිනගර් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මධුසංක.