Showing posts with label unkownP. Show all posts
Showing posts with label unkownP. Show all posts

Saturday, June 8, 2024

Dimo TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken in 2005 in Wariyapola, Wayamba, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Dimo TATA LP 1210/52 bus (61-8675) at the Wariyapola bus stand in 2005. This photo is copyrighted to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2005 වසරේ වාරියපොළ බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 12 කට පසු මෙලෙස දිස් වී ඇත. 2004 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංගම නැවත පිහිටවූවද, බස් සමාගම් යුගයේ පැවති කහ පැහැය ඡයාරූපය ලබාගන්නා අවස්ථාව තෙක්ම පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, March 24, 2024

Dimo TATA LPO 1313/47 bus from SLTB Udahamulla depot

This photo was taken in 2009 in Pitakotte,Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot, Dimo TATA LPO 1313/47 bus (UM 108 / 62-1475) at Kotte road. The bus acquired to the PTS Udahamulla fleet in 1995. This photo was taken in 2009 while it was allocated for the services between Beddagana and Dehiwala under route number 118. The photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් පිටකෝට්ටේ දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2009 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 118 යටතේ දෙහිවල සිට බැද්දගාන බලා ධාවනය වෙමින් පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, January 17, 2023

SLCTB bodied TATA LP 1210/36 bus from SLCTB Kappetipola depot

This photo was taken in 1983 in Ohiya, Uva, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Keppetipola depot, SLCTB bodied TATA LP 1210/36 bus (23ශ්‍රී9919) at Ohoya. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1981. This photo was taken in 1983 while it was plaing to welimada from Udaweriya (via Boralanda and Ohiya) under route number 990.  This photo is copyrighted to the respective photographer. Courtesy: Chaminda Lakmal Kalubowila. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1981 වසරේ ධාවනයට එක්ල කරන ලද ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් ඔහිය දී. 1983 ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 990 යටතේ උඩවෙරිය සිට වැලිමඩ බලා (බොරලන්ද හා ඔහිය හරහා) ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතු වේ. ඡායාරූපය උපුටා ගැනීම චන්දිම ලක්මාල් කළුබෝවිල මහතා.

Sunday, December 25, 2022

Wesco TATA LP 1210/52 bus from RBC Akuressa depot

This photo was taken in 2004 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ruhunu Bus Company (RBC) Akuressa depot Wesco bodied TATA LP 1210/52 bus (AK 02 / 62-7677) at Galle bus stand in 2004. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the RBC Akuressa fleet in 1998. Allocated for the services between Galle and Akuressa under the route number 60. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- රුහුණු බස් සමාගමේ (සී/ස රු.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වී ඇති වෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේදී ධාවනයට එක් කර ඇත. 2004 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 60 යටතේ ගාල්ල සිට අකුරැස්ස බලා ධාවනයට සූදානමින් තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Saturday, October 22, 2022

CTB bodied Ashok Leyland Viking 210 bus from KLBC Aluthgama depot

This photo was taken in 2004 in Aluthgama, Western LK.
Click for the full-size picture.
Kalutara Bus Company (KLBC / Now SLTB) Aluthgama depot CTB bodied, Ashok Leyland Viking 210 bus (AL 02 / 23ශ්‍රී6891) at Aluthgama. Acquired to the CTB fleet in 1975. This photo was taken in 2004 while it was running to Uragaha from Aluthgama under route number 413. The image is copyright to the respective photographer. -- කළුතර බස් සමාගමේ (වත්මන් ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන, ලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයට අයත් බස් රථයක් 2004 වසරේ අළුත්ගම දී. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ලංගම විසින් බඳ නිමවා 1975 වසරේ ධාවනයට එක් කර ඇත. 2004 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 413 යටතේ අළුත්ගම සිට ඌරගහ බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- CTB Central Work Shop - Ekala, Sri Lanka
Wheel base :- 5334 mm
Steering type :- Manual
Year of Manufacturing :- 1975
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 19.09.2022

Monday, September 26, 2022

SRILANGAMA bodied Ashok Leyland Viking 210 bus from SRILANGAMA Moratuwa depot

This photo was taken on April 1984 in Kandy, Central LK.
Click for the full-size picture.
SRILANGAMA (now SLTB) Moratuwa depot SRILANGAMA bodied, Ashok Leyland Viking 210 bus (MR 139 / 30ශ්‍රී3356) at Colombo Fort. Acquired to the SRILANGAMA fleet in 1983. This photo was taken in 1984 while it was running to Pettah from Moratuwa under route number 100. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයට අයත් බස් රථයක් කොළඹ කොටුවේ දී. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ශ්‍රීලංගම විසින් බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක් කර ඇත. 1984 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ මොරටුව සිට පිටකොටුව බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- SRILANGAMA Central Work Shop - Ekala, Sri Lanka
Wheel base :- 5334 mm
Steering type :- Manual
Year of Manufacturing :- 1983
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 19.09.2022

Monday, March 7, 2022

SLCTB bodied Ashok Leyland Viking 193 bus from KBC Kandy North depot

This photo was taken in 2003, in Kandy, Central, LK.
Click for the full-size picture.
Kandy bus company (KBC) Kandy north depot,SLCTB bodied Ashok Leyland Viking 193 bus (KN 88 / 29ශ්‍රී9088) at Kandy in 2003. The body was built by SLCTB Ekala Workshop and allocated for the services in 1982. This photo was taken in 2003 while it was Playing on a local route. The image is copyright to the respective photographer. -- මහනුරව බස් සමාගමේ (ම. බ.ස.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් 2003 වසරේ මහනුවර දී. 1982 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ධාවනයට එක් වූ බස් රථයකි. ඉන් වසර 21 කට පසු මෙලෙස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර බස් සමාගම යටතේ කෙටි ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Wednesday, December 15, 2021

SRILANGAMA bodied TATA LP 1210/52 bus from SRILANGAMA Matale depot

This photo was taken in 1987 in Galigamuwa, Sabaragamuwa, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Matale depot SRILANGAMA bodied TATA LP 1210/52 bus (ML 08 / 30ශ්‍රී8095) playing to Matale along the Kandy road in 1987. The body was built by SRILANGMA Ekala Workshop and allocated for the services in 1984. This photo is copyrighted to the respective photographer. Courtesy: Mohamed Saheem -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මාතලේ ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සැකසූ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් 1987 වසරේ දී, මාර්ග අංක 08 යටතේ කොළඹ සිට මාතලේ බලා ධාවනය වෙමින්. 1984 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයේ බඳ නිමවා ඇත්තේ ශ්‍රීලංගම ඒකළ වැඩපොළ මගිනි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: මොහොමඩ් ශාහිම්.

Saturday, October 2, 2021

Ruby bodied TATA LP 1210/52 bus from RRBC Dambulla depot

This photo was taken in 2002 in Sigiriya, Central, LK.
Click for the full-size picture.
Rajarata Bus Company (RRBC / now SLTB) Dambulla depot, Ruby bodied Tata LP 1210/52 bus (DB 30 / 61-3578) at Sigiriya. The bus, which was launched in 1992 under the then PTS (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Ruby coachbuilders. At the time of taking the photograph in 2002, the bus was ready to run from Sigiriya to Dambulla. This photo is copyright to the respective photographer. Photo Courtesy: Almy -- රජරට බස් සමාගමේ (ර.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2002 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිගිරිය සිට දඹුල්ල බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡයරූපය උපුටා ගැනීම: Almy

Sunday, June 20, 2021

SRILANGAMA bodied Ashok Leyland Viking 193 special bus from SRILANGAMA Katubedda special tour depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Katubedda special tour depot, Ashok Leyland Viking 193 special tour bus (30ශ්‍රී8831) playing to Kataragama along the Galle road in 1987. Body built by SRILANGMA Ekala Workshop. Several of these were built in 1983-1987 period for the special tour purposes. They were attached to various depots. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් විශේෂ සංචාර වෙනුවෙන් සැකසූ බස් රථයකි. මෙහි බඳ ශ්‍රීලංගම ඒකල වැඩපොළේදී නිපදවා ඇත. 1983-1987 කාලය තුල මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් අවශ්‍යතා අනුව ධාවනයට එක් වී ඇති අතර ඒවා විවිධ ඩිපෝ වලට අනියුක්ත වී ඇත. 3 x 2 ආකාරයට ආසන පිහිටීම හා ඉදිරිපස තනි දොරකින් යුතු වීම මෙම බස් රථයේ ප්‍රමුඛ විශේෂතා වේ. 1987 වසරේ චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම : පැරණි බස් රථ ඡායාරූප එකතු කරන්නන්ගේ සංගමය 

Friday, April 2, 2021

CTB bodied Leyland Comet bus from SRILANGAMA Galle depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
Srilangama (now SLTB) Galle depot, CTB bodied Leyland Comet bus (GL 115 / 23ශ්‍රී2964) at Galle. The bus allocated to the CTB fleet in 1968. This photo was taken in 1987 while it was allocated for the services between Galle and Yakkalamulla under route number 382. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1987 වසරේ ගාල්ලේ දී. රථය 1968 වසරේ ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා යක්කලමුල්ල අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 382 යටතේය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, March 5, 2021

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Thalangama depot

This photo was taken in 1989 in Battamulla, Western, LK.
Click for the full-size picture.
Srilangma (now SLTB) Thalangama depot, Kitamura bodied ISUZU ECR 500 bus (TL 07 / 60ශ්‍රී3351) in the depot premises. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This photo was taken in 1989 while it was allocated for the services between Battaramulla and Fort under route number 160. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිමවා ඇත්තේ කිතමුරා කොච් සමාගම මගිනි. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ බස් රථය මාර්ග අංක 160 යටතේ බත්තරමුල්ල හා කොටුව අතර ධාවනයට යොදවා තිබූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, February 14, 2021

Multimodal Transport Center, Makumbura -- මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයක නවතා ඇති ම.බ.කා. ඩිපෝවට අයත් King Long XMQ6127CY වර්ගයේ බස් රථයක්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයන්හි නවතා ඇති අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සේවා පුද්ගලික සමාගමට (මහාමාර්ග අමාත්‍යංශය අනුබද්ධ) අයත්  YUTONG ZK6930H වර්ගයේ බස් රථ
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයන්හි නවතා ඇති ශ්‍රී ලංගම තංගල්ල ඩිපෝවට සහ අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට අයත් බස් රථ
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය යනු කොළඹ ආශ්‍රිත පොදු ප්‍රවාහන මාධ්‍යන් කීපයක් එක් ස්ථානයකට ගොනු කර සැකසූ ප්‍රවාහන මධ්‍යස්ථානයකි. කොළඹින් බාහිර ප්‍රදේශ වල සිට පැමිණෙන බස් රථ ඇතුළු වාහන කොළඹ නගරයට ඇතුළු කරවීම වෙනුවට ප්‍රවාහන මධ්‍යස්ථාන කීපයකට රැස් කර කොළඹට ඇතුළු වන රථ සංඛ්‍යාව සීමා කරවීමේ රජයේ සැලැස්මේ පළමු පියවර ලෙස මෙය සැලකේ. 2019 වසරේ මාර්තු මස 31 දින විවෘත කරන ලද මධ්‍යස්ථාය මේ වන විට අධිවේගී මාර්ගයේ මහරගම දෙසට පැමිණෙන බස් රථ, හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සාමාන්‍ය සහ සුඛෝපබෝගී බස් රථ, කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය හා ශ්‍රී ලංගම අළුතින් හඳුන්වාදුන් "Park and ride City Bus" යන සේවාවන් සම්බන්ධීකරණය කරයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නවතා ඇති ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාව, තංගල්ල, මහරගම, අම්බලන්තොට, ම.බ.කා. ඩිපෝවන්ට සහ කොළඹ City Bus සේවාවට අයත්  බස් රථ
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අත්දැකීමක් වූ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඒ වෙත පැමිණෙන මගී ජනතාවට පහත සඳහන් පහසුකම් ලබා දේ.
  • සුඛෝපබෝගී බස් රථ සේවාවන් ලබා ගැනීමේ හැකියාව.
  • හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සාමාන්‍ය බස් රථ සේවා ලබා ගැනීම.
  • Park and Ride City Bus සේවාව යටතේ ආරක්ෂිතව වාහන නවතා යෑමේ පහසුකම.
  • කැළණිවැලි මාර්ගයේ දුම්රිය සේවාවන් සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේ හැකියාව.
  • නවීන මගී පර්යන්ත සහ මගීන්ට රැඳී සිටීමට ස්ථාන.
  • ඩිජිටල් කාලසටහන් මගින් බස් රථ හා දුම්රිය තොරතුරු ලබා ගැනීමේ හැතියාව.
  • භාණ්ඩ හැසිරවීම සඳහා විශේෂ පහසුකම්.
  • ව්‍යායාම කි‍රීමේ පහසුකම.
  • ATM පහසුකම්.
  • ශ්‍රවණාගාර පහසුකම්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අනුබද්ධ දුම්රිය ස්ථානය 
 මගීන්ට රැඳී සිටීමට ඇති ස්ථානයක් 
ස්වයන්ක්‍රීය පඩිපෙල්
පඩිපෙල්
ආපන ශාලාව 
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර
ශ්‍රවණාගාරය
මාර්ග තදබදය අවම කරීම පිණිස ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා මෙවැනි නවමු ඉදිකිරීම් මනා පිටිවහලක් වනු නොඅනුමානය. සියළුදෙනා වෙනුවෙන් මෙය රැක ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීම වේ.
ප්‍රධාන පිවිසුම 
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිලිබඳ තවත් තොරතුරු පිරික්සීමේ හැකියාව පවතී. 
නිල වෙබ් අඩවිය: www.mmck.lk

සටහන: උත්පල දිල්හාන්

Friday, February 5, 2021

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLCTB Trincomalee depot

This photo was taken in 1981 in Trincomalee, Eastern, LK.
Click for the full size
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Trincomalee depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (TM 51 / 23ශ්‍රී9327) playing to Anuradhapura on route number 835 at Trincomalee in 1981. Body built by SLCTB and acquired to the depot fleet in 1979. Photo courtesy: Ape Langama -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ත්‍රිකුණාමලයේ දී. මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 835 යටතේ ත්‍රිකුණාමලයේ සිට අනුරධපුර බලා (තාවකාලික ධාවන වාරයක) ධාවනය වී ඇත. ඡයාරූපයේ අයිතිය මුල් ඡායාරූප ශිල්පියා සතුය. උපුටා ගැනීම: අපේ ලංගම

Monday, January 25, 2021

Bedford A3 bus of Ceylon Transport Board

This photo was taken in 1959 in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Bedford A3 bus (22ශ්‍රී0803) at Kirindiwela in 1959. (The photo is copyright to the respective photographer) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ බෙඩ්ෆෝර්ඩ් A3 වර්ගයට අයත් පැරණි බස් රථයක් 1959 වසරේ කිරිඳිවැල දී. පුද්ගලික බස් සමාගමක් සතුව තිබී ජනසතුවට සමගාමීව 1958 වසරේ ලංගම වෙත ලබාගත් බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, January 2, 2021

Ruby bodied TATA LP 1510/52 bus from SBC Embilipitiya depot

This photo was taken in 2004, in Colombo, Western, LK.
Click for the full-size picture.
Sabaragamuwa Bus Compay Ltd. (SBC/ Now SLTB) Embiliptiya depot, Ruby bodied TATA LP 1510/52 bus (EMB 69 / 63-4083) in the Colombo central bus stand in 2004. The bus acquired to the fleet in 2000. Allocated for the services between Embilipitiya and Colombo under the route number 03. Photo courtesy: Ceylon Bus Circle. -- සබරගමුව බස් සමාගමේ (ස.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක්, වර්ෂ 2004 දී කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ සකසා 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 03 යටතේ ඇඹිලිපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Friday, December 4, 2020

SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Dambulla depot

This photo was taken in 1991 in Dambulla, Central, LK.
Click for the full-size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Dambulla depot, SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus (60ශ්‍රී8500) in the depot premises. The brand new bus at the PTS Dambulla opening ceremony in 1991. Photo courtesy: Chandana Wijesinghe. -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ.ස.ප්‍ර.සේ. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ බඳ නිමවූ මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1990 වසරේ ජර්මනියෙන් ගෙන්වන ලද මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ තට්ටු 256 ක තොගයකින් කොටසක්, ඒකල වැඩපොළ වෙත සපයා මෙලෙස බඳ නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථ සීමිත ගණනක් පමණක් ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. ඒකල වැඩපොළ මඟින් ද බඳ මාදිලි කීපයක් යටතේ මේවා එකලස් වී ඇත. ඡායාරූපයේ දැක්වෙන මාදිලියේ එකදු බස් රථයක් හෝ වර්තමාන ශ්‍රී ලංගම රථ ඇණියේ දක්නට නැත. 1991 වසරේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ සීමාසහිත දඹුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය පිහිටවූ දිනයේ වන අතර උත්සවයට සමගාමීව බස් රථය ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය: චන්දන විජේසිංහ. 

Sunday, August 2, 2020

Latec Kesco bodied TATA LP 1210/52 bus from GBC Kirindiwela depot

This photo was taken in 1998, in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC) Kirindiwela depot Latec Kesco bodied TATA LP 1210/52 bus (KD 52 / 61-6889) at Kirindiwela. Body built by Latec Kesco with Duple Metsec (UK) and acquired to the PTS Kirindiwela fleet in 1993. Allocated for the services between Hanwella and Kirindiwela under the route number 182. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- ගම්පහ බස් සමාගමේ (සී/ස ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වී ඇති ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කිරිඳිවැල දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 1998 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 182 යටතේ කිරිඳිවැල සිට හංවැල්ල බලා ධාවනයට සූදානමින්. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Thursday, June 25, 2020

Wesco ISUZU MT 111 L semi luxury bus from NEBC Kattankudy depot

This photo was taken in 2000 in Colombo, Western, LK.
Click for the full size picture.
New Eastern Bus Company Ltd. (N.E.B.C./ Now SLTB) Kattankudy depot, Wesco ISUZU MT111L bus (KKY 05 / 62-4657) at the Colombo central bus stand in 2000. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. Allocated for the services between Kattankudy and Colombo under the route number 46. The photo is copyright to the respective photographer. -- නව නැගෙනහිර බස් සමාගමේ (න.නැ.බ.ස., වත්මන් ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1997 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2000 වසරේ දී, මාර්ග අංක 46 යටතේ කාත්තාන්කුඩි හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, January 12, 2020

Ruby bodied TATA LP 1210/52 bus from PTS Kalutara depot

This photo was taken in 1992 in Kalutara, Western, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Kalutara depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5045) at Kalutara with a special tour in April 1992. Acquired to the service in 1992. Photo taken from a PTS Kalutara calendar. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ / වත්මන් ශ්‍රී ලං.ග.ම. ) කළුතර ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ කළුතර දී. 1992 වසරේ සීමා සහිත කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ ඩිපෝව මගින් පල කල දින දර්ශනයකිනි.